සිංහල වර්ණ මාලාව
සිංහලයන් උපතින් උරුමකොට ගෙන ආ ධනයක් ඇත.ඒ සිංහල ජාතිය රැක දෙන මහා සිංහල බසයි.
ජානාංච වාක් සුධා සුතීර් මනි සුතිශ්ච රෝහණඃ
නාන්‍යාත්‍ර සිංහලද්විපාන් මුක්තා සුතිශ්ච සාගරං
අමාව සේ සුධවල බස් වහරණ,රුහුණෙන් බිහිවන මැණික් ද, මුතු සපයන මහ මුහුදක් ද ඇත්තේ සිංහල ද්වීපයේ හැර අන් කවර තැනකද?
බාල රාමායනය රචනා කරමින් දඹදිව සංස්කෘත කවියෙකු වූ රාජසේකරයන් මෙසේ පවසා ඇත්තේ සිංහල බසෙහි ඇති පොහොසත් බව ඇගයීමටය.
ව්‍යාකරණ යන වදන වි+ආ+කරණ ලෙසින් සන්ධිව සෑදී ඇත. එහි අරුත වන්නේ විසඳීමය.
අක්ෂරය යනු ක්ෂය නොවන දෙය එසේත් නැත්නම් අවසන් නොවන දෙයයි. අක්ෂරයන් නේක විධ ස්වරූපයෙන් නැවත නැවතත් බසට එක්වේ. වෙනත් බසකින් වහරට එක් වුන වදනක් ලියන්නට අවශ්‍ය වූ විටෙක අළුත් අක්ෂරයක් බිහි වෙයි. අක්ෂරය අකුරු, වර්‍ණ,වණ, ශබ්ද ආදී වදන් වලින් ද හැඳින්වේ. හෝඩිය යනු අක්ෂර මාලාවයි. නැතහොත් අක්ෂර සමූහයයි. හෝඩිය යන වදන වදන ද්‍රවිඩ බසින් බිඳී ආ වදනක් බැව් පඬුවෝ පවසති.
දැනට භාවිතා වන නූතන සිංහල හෝඩිය නිර්‍මානය වන්නට පහත සඳහන් හෝඩි වල ආභාෂය ලැබී ඇති බව දැකිය හැක.
- බ්‍රාහ්මීය හෝඩිය
- පාලි හෝඩිය
- සංස්කෘත හෝඩිය
- වදන් කවි හෝඩිය
- දේව නාගරී හෝඩිය
- මාල දිවයින් හොඩිය
- දෙමල හෝඩිය
සිදත් සඟරාව දැනට ඇති පැරණිම ව්‍යාකරණ ග්‍රන්ථයයි. දහතුන් වන සියවසේ දඹදෙනි යුගයේ පතිරාජ පරිවේනාධිපති හිමියන් මෙම කෘතිය රචනා කර ඇත. එහෙත් මෙම ග්‍රන්ථයට පෙර ව්‍යාකරණ ග්‍රන්ථ භාවිතයේ පැවති බව සිදත් සඟරා පුරාණ සන්නයේ සඳහන් වේ. මෙම පතිරාජ පරිවේනාධිපති හිමියන් නමින් අනෝමදස්සි හිමියන් වන බව හික්කඩුවේ සුමංගල හිමි, බටුවන්තුඩාවේ පඬිතුමා,ඩබ්, එෆ් ගුණවර්‍ධන, කුමාරතුංග මුනිදාස, සී ඊ ගොඩකන්ද යන බස පිළිබඳ මනා දැණුමක් ඇති උගත්හු මත පල කොට ඇත.
සිදත් සඟරාවෙහි සිංහල අක්ෂර මාලාව හඳුන්වා දෙමින් ලියවුන ගීය මෙසේය.
පණකුරු පසෙක් එද – ලුහු ගුරු බෙයින් දස වේ
ගතකුරු ද වේ විස්සක් – වහරට යුහු සිය බසැ
මෙම සිදත් සඟරා ගීයට අනුව ව්‍යවහාරයට යෝග්‍ය ප්‍රාණාක්ෂර පහක් බවත්, ඒවා ලුහු – ගුරු වශයෙන් දහයක් හා ගතකුරු විස්සක් බවද කියවේ. වහරට යුහු බස යනුවෙන්කියැවෙන්නේ ගද්‍ය ව්‍යවහාරය ඇතුළු මිශ්‍ර සිංහලයපිළිබඳ නොව පද්‍යය භාෂාව සම්බන්ධයෙන් පමණි.
ප්‍රාණාක්ෂර – අ, ආ, ඉ,ඊ, උ,ඌ,එ,ඒ, ඔ, ඕ ( දස පණකුරු)
ගාතාක්ෂර – ක‚ග,ජ,ට,ඩ,ණ,ත,ද,න,ප,බ,ම,ය,ර,ල,ව,ස,හ,ළ,අං( විසි ගතකුරු)
සිංහල භාෂාවට නෑකම් දක්වන පාළි සංස්කෘත භාෂාවල අක්ෂර මාලා සර/ස්වර සහ ඛ්‍යඤ්ජන /ව්‍යඤ්ජන වශයෙන් හඳුන්වා ඇත. එහෙත් සිදත් සඟරාවෙහි අක්ෂර ප්‍රාණාක්ෂර සහ ගාත්‍රාක්ෂර ලෙස හඳුන්වා ඇත. හිස්සැල්ලේ ධර්‍මරතන හිමියන්ගේ සිංහලයේ ද්‍රවිඩ බලපෑම් නැමති ග්‍රන්ථයෙහි සඳහන් කර ඇති ආකාරයට මෙම හැඳින්වීම ද්‍රවිඩ අත්ෂර මාලාවේ ආභාසය ගෙනඇති බව පෙනේ. ද්‍රවිඩ අක්ෂර මාලාවේ
*ප්‍රාණාක්ෂර- උයිර් ඵලෙත්තු ( ජීවාක්ෂර)
*ගාත්‍රාක්ෂර – මෙයිර් ඵලෙත්තු ( ශරීරාක්ෂර)
ලෙසින් දක්වා ඇත.
ශුද්ධ සිංහල හෝඩිය
මෙම හෝඩිය එළු හොඩිය/ අමිශ්‍ර සිංහල හෝඩි ලෙසද ඇතැම් තැන්වල හඳුන්වා ඇති බැව් පෙනේ.
*මෙහි ප්‍රාණාක්ෂර 12කි.
*ගාත්‍රාක්ෂර 20 කි.
මිශ්‍ර සිංහල හෝඩිය
ශුද්ධ සිංහල හෝඩිය පාලි සහ සංස්කෘත වචන නිවැරදිව ලියන්නට පොහොසත් වූයේ නැත. එබැවින් ඒබ්‍රහම් මෙන්ඩිස් නැමැති පඬුවාණෝ 1891 ලියා පල කළ A Comprehensive Grammar of the Sinhala Language නම් ව්‍යාකරණ ග්‍රන්ථයෙහි මෙම මිශ්‍ර සිංහල හෝඩිය මුල් වරට ප්‍රසිද්ධකරන ලදී.
මෙහි ස්වර 18ක් සහ ව්‍යඤ්ජන 36 ක් ඇත.
*ස්වර 18
*ව්‍යඤ්ජන 36
ජාතික අධ්‍යාපන ආයතනික හෝඩිය
ජාතික අධ්‍යාපන ආයතනය මගින් 1989 සම්මත කල හෝඩියයි. මෙහි ස්වර 20ක් සහ ව්‍යඤ්ජන 40ක් ඇතුලත්ය.
*ස්වර 20
ව්‍යඤ්ජන 40
*ජාත්‍යන්තර ප්‍රමිති ආයතනික සිංහල හෝඩිය
මෙහි ස්වර 18 සහ ව්‍යඤ්ජන 43 කි.
*ස්වර 18
*ව්‍යඤ්ජන 43
ආශ්‍රිත ග්‍රන්ථ
- ධම්මරතන හිමි, හිස්සැල්ලේ. සිංහලයේ ද්‍රවිඩ බලපෑම්
- සිදත් සඟරාව . ජාතික අධ්‍යාපන ආයතනය,නව සංස්කරණය .සිංහල ලේඛන රීතිය
- ජාතික අධ්‍යාපන ආයතනය, 2001 සංස්කරණය. සිංහල ලේඛන රීතිය
- ගුණසේකර, ඒබ්‍රහම් මැන්දිස්. A Comprehensive Grammar of the Sinhala Language
- වැලිකල ,කේ.එන්. ඩී.හෙළය ජලය මෙනි -1
2. පිලි භාවිතය
ස්වරයක් ලියා දැක්වීමේ දී එයට අදාල අක්ෂරය (සංකේතය) දැක්වෙනුයේ පදයක ආරම්භයේදී පමණි. වඤ්ජනයකින් පරව සවරයක යෙදීමේ දී එම ස්වරය නිරූපණය කිරීම සඳහා යෙදෙන සංකේත (ලකුණු) පිලි නමින් හැඳින් වේ.
ව්‍යඤ්ජනයක් සිවරයකින් තොර බව හැඟවීම සඳහා ව්‍යඤ්ජනයට හල් ලකුණ යෙදේ.එය අක්ෂරය අවසාන වන ආකාර අනුව ස්වරූප දෙකකින් යුක්තය.
අක්ෂර මාලාවෙහි එන අක්ෂර යොදාගෙන ර්අථාන්විත වචනයක තැනීමට නම් එම අක්ෂර සම්මතයට අනුව ගොණු කොට පිල්ලම් යෙදිය යුතුවේ. පිලි නැතහොත් පිල්ලම්භාවිතා වන්නේ ස්වර වෙනුවෙනි. ව්‍යඤ්ජන අක්ෂර (හල් අකුරු බැවින්) තනිව ශබ්ද කල නො හැකි අතර එයට එක් වන ස්වරය පිල්ලමකින් නිරූපනය වේ.
සිදත් සඟරාවේ මෙය දක්වා ඇත්තේ ස්වර විපර්‍යාසය ලෙසිනි.
“වසත් රික් කිසුම් ඉවත් ඈ“
මෙම උදාහරණ බලන්න.
විසල් ›වසල් – ඉ ›අ
රුක් › රික් – උ › ඉ
කුසුම් › කිසුම් – උ› ඉ
උපන්› ඉවැන් › උ ›ඉ
සිංහලයේ නම්‍ය ස්වර සහ අනම්‍ය ස්වර වශයෙන් දෙකොටසකි.
*නම්‍ය ස්වර – අ, උ, ඔ
* අනම්‍ය ස්වර – ඇ, ඉ, එ
සංයුක්ත අක්ෂර වල යෙදෙන ව්‍යඤ්ජන නියෝජක සංකේත තුනකි.
ක්‍ය – යංශය- වාක්‍ය (යංශය විතරක් දාන්න අකුර නැතුව)
ර් – රේඵය – කර්‍මය
ත්‍ර – රකාරාංශය- ක්‍රමය
ද කාරය හා බැඳුණු ඇතැම් අකුරුවල සංඤ්ඤක ලකුණට සමාන සංකේතයක් පරණ පොත් වල යෙදී ඇත.
ට කාරය සමඟ ඨ කාරය බැඳුණු තැන්හිද සඤ්ඤකයට සමාන සංකේතයක් පැරණි පොත් වල දී ඇත.
*සංයුත්ත ව්‍යඤ්ජනාක්ෂර භාවිතය
සංයුක්තාක්ෂර ලිඛිත සිංහලයේ ආකාර දෙකකින් යෙදේ.
- ව්‍යඤ්ජන චෙකක් එකට බැඳ ලිවීම
- එක් ව්‍යඤ්ජනාක්ෂරයක් සම්පූර්ණයෙන්ම හා අනිකෙහි කොටසක් සේ දැක්වීම
- ජ්‍යෙෂ්ඨ සිංහලය
- සිදත් සඟරාව . ජාතික අධ්‍යාපන ආයතනය,නව සංස්කරණය .සිංහල ලේඛන රීතිය
- ප්‍රැන්සිස් ප්‍රනාන්දු කේ, ව්‍යාකරණ ශික්ෂාව ,
- සිදත් සඟරාව
- පඤ්ඤාසාර හිමි ඔක්කම් පිටියේ , සිදත් සඟරා විමසුම
- සිරිසේන .එස් . එස්. වී,(කථිකාචාර්‍ය), සිංහල අක්ෂර මාලාව නවීකරණය විය යුතුද,
සිංහල සඟරාව.
- වැලිකල ,කේ.එන්. ඩී.හෙළය ජලය මෙනි -1