විකිපීඩියා:තෝරාගත් හොඳ ම ලිපි/ලේඛණ 1

විකිපීඩියා වෙතින්

මෙම ලිපියේ අන්තර්ගතයේ කියවිය යුතු තරම් වැදගත් යැයි සිතමි. අන්තර් සබැඳියන් ඇත. අතීතයේ සිටි වැදගත් රජෙකි. -- බිඟුවා සාකච්ඡාව 09:58, 1 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

සාකච්ඡාව[සංස්කරණය]

  1. Support -- බිඟුවා සාකච්ඡාව 09:59, 1 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
  2. Comment "මෙමලිපිය පාඨකයන්ට ව්‍යාකූල හෝ අපැහැදිලි හෝ විය හැක" වැනි සැකිලි ද ව්‍යාකරණ හා අක්‍ෂර වින්‍යාස දෝෂ ද සම්පූර්ණ නොකළ මාතෘකා ද මෙහි අඩංගු ය. එහෙයින් ඒවා සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සලකා බලනුයේනම් යහපති.--තඹරු විජේසේකර සාකච්ඡාව 10:30, 1 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
  3. Comment තඹරු සමග මෙහිදී එකඟ වෙමි. පරිවර්තිත ලිපි නොව මෙහිදීම ලිවූ ලිපි තොරාගන්නේ නම් යහපත් යයි කල්පනා කරමි. පරිවර්තිත ලිපි වලට වඩා තමන්ම ලිවූ ලිපි වල විශ්වාසනීය භාවය වැඩි නිසා, තහවුරු කර ගැනීමට ඇති හැකියාව en:Wikipedia:Verifiability අපගේ වටිනා ප්‍රතිපත්තිවලින් එකක් නිසා. ජය--Chanaka L (talk) 12:09, 1 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
ඒ අදහස නම් හොඳයි චානක. පරිවර්තන ලිපි වලට වඩා තමන් ලියූ ලිපි තෝරා ගන්න එකට මමත් උදව් කරනවා. -- බිඟුවා සාකච්ඡාව 13:35, 1 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
  • Comment en:Wikipedia:Verifiability නමැත්ත මෙම පරිවර්තිත ලිපියට අදාළ වන්නේ නොමැති බව මගේ අදහසයි. මෙහි ඉංග්‍රීසි ලිපියෙහිදී එම පරාමිතිය සැලකිල්ලට ගෙන ඇත. Chanakal විසින් සැමවිටම පරිවර්තිත ලිපි හෑල්ලුවට ලක් කරමින් කතා කරන්නේ මන්දැයි යන්නද මට නොතේරේ. සිංහල විකිපීඩියාව තුල සිටින විකිපීඩියානුවෝ හසලයෝ හෝ ප්‍රාඥයෝ නොවෙති. අප තරමක් හෝ දන්නා විෂය ක්ෂේත්‍රය ගැන ලිපි ලිවීමට හෝ අපට විශේෂ පරිශ්‍රමයක් යෙදිය යුතුය. බොහෝ ලේඛන ඇසුරු කොට පර්යේෂණ කල යුතුය. තනි පුද්ගලයෙකුට එය සිදු කල නොහැකි අතර අප වැනි තවද අය විසින් ලිපියෙහි නිවැරැදි භාවය විමසමින් එය යාවත්කාල කල යුතුය. සාරවත් ලිපියක් නිමැවෙන්නේ එවිටයි. අප විකිපීඩියාව තුල මෙවැනි විකිපීඩියාවන් සමූහයක් සිටිත්ද? ‍සක්‍රීය විකිපීඩියානුවන් බොහෝ අය කරනුයේ, ප්‍රවර්ග වෙනස්කිරීම/එකතු කිරීම, හිමිකම් ප්‍රශ්න ඉස්මතු කිරීම, මකාදැමිය යුතු ලිපි ලකුණු කිරීමය. සමහරක් දෙනා පරිවර්තනයෙහි යෙදෙන අතර මෑත කාලයේ වඩාත් ජනප්‍රිය වී ඇත්තේ මුලින් මා සඳහන් කල කාර්යයන් තුන වෙයි. මෙයින්ද පළමුවැන්න ඉතාමත් ජනප්‍රිය වී ඇත්තේ යමෙකුගේ සංස්කරණ සංඛ්‍යාව Edit Count ඉතා ඉක්මනින් ඉහළ වැවීමට මෙය ඉවහල් වන නිසාදැයි කුකුසක් හට ගනියි. මෙම කුකුස වඩාත් ත්‍රීව වන්නේ ලිපියට වඩා ප්‍රවර්ග වැඩි වන තරමටම අදාලත්වය කෙසේදැයි සිතෙන තරම් ප්‍රවර්ග බලෙන් ඇතුලු කිරීම නිරික්ෂණය කෙරෙන නිසාය. කෙසේවෙතත්, නව ලිපි නිර්මාණය මෑත කාලයේදී නිරික්ෂණය නොකෙලෙමි. නව ලිපි යැයි මා සිතූ සමහරක් තුච්ඡ ලෙස පිටපත් කල ඒවා බව පෙනී ගොස් ඇත. නව ලිපි ගොන්නක් නැති කලෙක ‍හොඳම ලිපියක් ලෙසින් එයින් එකක් තෝරාගන්නේ කෙසේද? මේ ගැන දොඩන අවවළුන්ම මේ ගැන උනන්දු වී කව ලිපි නිර්මාණය කොට ආදර්ශමත් වන්නේ නම් මැනැවි. විකිපීඩියාවෙහි අරමුණ වන්නේ දැනුම බෙදා ගැනීම බව මා හට වැටහී ඇති ආකාරයයි. දැනුමට පාටක් හෝ භාෂාවක් හෝ රටක් හෝ නොමැත. ඉංග්‍රීසි කාරයෙක් ලියූ ලිපියක් පරිවර්තනය කල විට එය සිංහලයෙන් කියවා දැනුම අපට ලබා ගත හැකි විය යුතුය. ඒවා පහත් ලෙසින් සලකන්නන් සිටී නම් සිංහල විකිපීඩියාව තුල සිංහලෙන්ම ලිවූ ලිපි තනන්නට උත්සුක විය යුතුයි. --- සබර (talk) 04:55, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
කථාව ඇත්ත. එනමුත් අපේ ගොඩක් පරිවර්තිත ලිපිවල කරුණු මඳ භාවයක් පවතී. ඒවා සංවර්ධනය කළයුතු ය. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:04, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
අඳුරට දෙස් තියන්නේ නැතිව එක් පහනක් හෝ දල්වන්න. ඔයගොල්ලෝ විකිපීඩියා ව්‍යාපෘතියක් පටන්ගන්න. ඔය කියන සංවර්ධනය විය යුතු ලිප ලැයිස්තුවක් තනා විකිපීඩියානුවන් කැමති ලිපි තෝරාගෙන ඒවා සංවර්ධනය කරන්න බාර දෙන්න. කාල සීමාවක් නියම කරන්න. ප්‍රගතිය මැන බලන්න. උනන්දු කරන්න. ඒවා හොඳම ලිපි වේවි. -- සබර (talk) 13:39, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
en:Wikipedia:Verifiability අන්තර්ගතයන් සඳහා වූ ප්‍රතිපත්තියක් නිසා සෑම ලිපි නාමාවකාශ පිටුවක් සඳහාම බල පැවැත්වේ. මම මෙම ප්‍රශ්නයම කලින් අවස්ථාවක en:User:Moonriddengirlයොමු කර ඇත්තෙමි. ඇය පැවසූයේ පරිවර්තකයන් ආශ්‍රිත පරික්ෂා කර බැලීම සුදුසු බව සහ en:Wikipedia:Translation සාමාජිකයන් අතර මේ ගැන මතභේදයක් ඇති බවයි. නමුත් සෑම ආශ්‍රිතයක්ම පරික්ෂා කර බැලීමට අපහසුය. ග්‍රන්ථ, ග්‍රාහකමුදල් අවශ්‍ය පර්යේෂණ ලිපිවල සාරාංශ උදාහරණ වේ. මේවායේ තිබෙන වැරදි වලට වග වන්නේ කවුද? සමහර ලිපි කිසිම විමසීමක් නැතිව ඉංග්‍රීසි ලිපියේ තිබෙන වැරදිත් ඉස්පිල්ලක්, පාපිල්ලක් නෑර මෙහි පිටපත් කොට ඇත. මෙම සාකච්ඡාවට මාතෘකා වන පළමුවන පරාක්‍රමබාහු රජ ලිපියෙහිම ඉංග්‍රීසි විකියේ ටැගයක් එලෙසින්ම මෙහි ඇති බව කාටත් පෙනේ. මම "සෑම විටම පරිවර්තන සැහැල්ලුවට ලක් කරනවායි" කීම අභූත චෝදනාවකි. මම එසේ කල එක් අවස්ථාවක් හෝ පෙන්විය යුතුය. ඔබ සංස්කරණය කල 2010 වසරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් ලිපියට මමත් ඉතාම උද්යෝගයෙන් සුළු උදව්වක් කලා මතක ඇතෙයි සිතමි. එය ලිවීම ගැන ඔබට ප්‍රශංසා කිරීමට සිතා ඔබ එය අවසන් කරන තුරු සිටීමට ඉටා ගතිමි. පරිවර්තන ගැන මට ඇත්තේ විශ්වාසනීය භාවය පිලිබඳ ගැටලුවකි. මම සිතුවා ලිපි ලියා ආදර්ශ දීම ගෙන කවුරුන් හෝ අසාවියයි කියා. දහස් ගණනින් ලිපි ලිවීමට මට නොහැකි බව පිළිගත යුතුයි. නමුත් එසේ දහස් ගණනින් අන්ධ ලෙස පරිවර්තනය කරන Felidae කර ඇති හරිය මම කිවිය යුතු නැත. මම සිටින්නේ නැවත Felidae හොල්මනක් දකින තුරු නිගර් නම් රට තියෙන්නේ ලෝක සිතියමේ කොතනදැයි ඇසීමටය. නමුත් මා ලියා ඇති ලිපි සුළු සංඛ්‍යාවේ ඇති කරුණු ගැන වග වීමට මට පුලුවන. උදාහරණයක් කියනවා නම්, යුනෙස්කෝව පවසන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම් හි සිටින්නේ දකුණු පාතරට තෙත් කලාපීය කළු වඳුරු උපවිශේෂය බවයි. නමුත් අයි.යූ.සී.එන්. රතුලැයිස්තුවට අනුව එය වලස් වඳුරා උපවිශේෂය වශයෙන් නිවැරදි කලෙමි. තමුන්ම ආශ්‍රිත සෙවීමේ මෙම වාසිය පරිවර්ථනය කරන විට තිබේද? en:List of mammals of Sri Lanka ලිපියේ ආශ්‍රිත පැහැදිලි නැති නිසා මා සිංහලෙන් මා සොයා ගත් ආශ්‍රිත වලින් ලිපිය ලිවූවෙමි. අනෙක් අතට මා මේ ලිපිය ලිවීමට අදහස ගත්තේ ශ්‍රී ලංකාවට ආවේනික කුරුල්ලෝ යන ලිපියෙනි. නමුත් මම එය පරිවර්තනය කලා නොව මා සොයා ගත් ආශ්‍රිත වලින් දින 4ක් වෙහෙස වී ලිපිය ලිවීමි. සාහිත්‍ය විමර්ශනය ශාස්ත්‍රීය නිබන්ධනකරණයේ අත්‍යාවශ්‍ය අංගයකි. ඒගැන මැසිවිලි නැගීම සුදුසු නැත. විකිපීඩියා:තෝරාගත් හොඳ ම ලිපි හිදී වත් අප තමන්ම ලිපි ලිවීමට පරිශීලකයන් උනන්දු කරන්නේ නැත්නම් එය කරන්නේ කොහෙද?
හිමිකම් උල්ලංඝණය ගැන ඔබ නම් සැහැල්ලු වෙන් කථා කරන බව පෙනේ. ඒවා විමර්ශනය කල යුත්තේ නෛතික ගැටළු නිසයි. ඔබ දන්නවාද FBI ආයතනය ඉතා මෑතකදී ඇමෙරිකානු ව්‍යවස්ථාව උපුටා දක්වමින් ඔවුන්ගේ ලාංඡනය ඉවත් කිරීමට Brittanica විශ්වකෝෂයට සහ විකිපීඩියාවට පැවසූ බව? Wikimedia පදනමේ නීතීඥයන් FBI ආයතනය ඇමෙරිකානු ව්‍යවස්ථාව වැරදි ලෙස උපුටා දක්වා ඇති බව පවසමින් ලාංඡනය ඉවත් කිරීම ප්‍රතික්ශේප කල විට එක් පරිශීලකයෙක් මුල් පිටුවේ පල කිරීමට "ඔබ දන්නවාද ලිපියක්" (WP:DYK) ඉදිරි පත් කල විට Jimmy Walesම ඉදිරි පත් වී FBI ආයතනය ප්‍රකෝප කිරීමෙන් වලකින ලෙස ඉල්ලු බව?
සාරාංශ වශයෙන් පවසතොත්, මම පරිවර්තන පහත් කර නොසලකමි. ඒවා වැඩි දියුණු කිරීමට උදවුවී ඇත්තෙමි. මින් ඉදිරියටද ඉතා කැමැත්තෙන් ඒසඳහා නොපැකිළ ඉදිරිපත් වෙමි. තමන්ම ආශ්‍රිත සොයා ලිපි ලිවීමට පරිශීලකයන් උනන්දු කල යුතුය. කථාවෙන් නොනැවතී ආදර්ශයෙනුත් ඔප්පු කර ඇත්තෙමි. විකිපීඩියා:තෝරාගත් හොඳ ම ලිපි හිදී පරිවර්ථනයේදී වන අඩු පාඩු සලකා බලා තමන්ම ලිවූ ලිපි වලට ප්‍රමුඛතාවය දිය යුතුය. ජය--Chanaka L (talk)
ඔබ ලියා ඇති කරුණු හරි. මම කියන්නේ මෙයයි. ඔයගොල්ලො හතර මං හන්දියක ව්‍යාපාර ස්ථානයක් ගොඩනගල බලං ඉන්නව එතනට මිනිස්සු ඇවිල්ල ව්‍යාපාර පටන් ගන්නකන්. එහෙම නොවෙයි විය යුත්තේ ප්‍රචාරක මාධ්‍යය පාවිච්චි කරන්න. විකිපීඩියාව තුල කියන්න..ඉල්ලා සිටින්න..පරිශීලකයන්ට විකිපීඩියා:තෝරාගත් හොඳ ම ලිපි වල ලිපි තෝර ගෙන එක්කො පරිවර්තනය කරන්න නැත්නම් අළුතින් ලියන්න කියලා ආරාධනය කරන්න.. ඒ වැඩ බෙදා දෙන්න..අධීක්ෂණය කරන්න. -- සබර (talk) 08:14, 3 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
අපි මේ පිටුව පටන්ගත්තේ හොඳම ලිපි තෝරන්න. ඒවුණාට දැන් මේක කෝපිකඩේ වගේ ස්වාධීන සාකච්ඡාත් සිඬ වෙනවානේ. හරි; කමක් නෑ සාකච්ඡා කරල තමයි තීරණ ගන්න ඕන. පටන්ගත්ත විතරනේ. ඉදිරියෙදි මේවාට කෝපි කඩේ භාවිතා කරමු. ජය --තඹරු විජේසේකර සාකච්ඡාව 08:50, 3 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

තීරණය[සංස්කරණය]

       ලිපිය මනා සංවර්ධනයකින් පසු තෝරාගැනීමට නියමිත ය.

--තඹරු විජේසේකර සාකච්ඡාව 03:09, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]


මෙම ලිපිය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගැන බැවින් කියවිය යුත්තක් ඇතැයි සිතමි. -- බිඟුවා සාකච්ඡාව 14:57, 28 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

සාකච්ඡාව[සංස්කරණය]

  1. Support -- බිඟුවා සාකච්ඡාව 08:35, 24 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

තීරණය[සංස්කරණය]

       අවසන් තීරණය ගෙන ඇත. සාර්ථකයි!.

- කිසිදු විරුද්ධත්වයක් නොමැති හෙයින් තෝරා ගැනීමට සුදුසුයැයි සිතමි. -- බිඟුවා සාකච්ඡාව 08:36, 24 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]



සාකච්ඡාව[සංස්කරණය]

  1. Support -- බිඟුවා සාකච්ඡාව 08:33, 24 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
  1. Support --සදීප පල්ලියගුරු | Sadeepa Palliyaguru (talk) 18:03, 20 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

තීරණය[සංස්කරණය]

       අවසන් තීරණය ගෙන ඇත. සාර්ථකයි!.

- කිසිදු විරුද්ධත්වයක් නොමැති හෙයින් තෝරා ගැනීමට සුදුසුයැයි සිතමි.--තඹරු විජේසේකර සාකච්ඡාව 11:27, 10 පෙබරවාරි 2011 (යූටීසී)[reply]


යථොක්ත ගුණාංගයන් (ව්‍යාපෘති බලාපොරොත්තු) සපුරා ඇත. එහෙයින් යෝජනා කරන අතර ඔබ සැමගේ සහයෝගය බලාපොරොත්තු වෙමි.--තඹරු විජේසේකර සාකච්ඡාව 11:33, 24 අගෝස්තු 2011 (යූටීසී)[reply]

සාකච්ඡාව[සංස්කරණය]

  1. Support තඹරු විජේසේකර සාකච්ඡාව 11:37, 24 අගෝස්තු 2011 (යූටීසී)[reply]
  2. Oppose "ව්‍යාපෘති බලාපොරොත්තු" මොනවාද? මම හිතන්නේ නම් තව බොහෝ දියුණු වියයුතුයි කියලා.-- Lee (talk) 12:37, 24 අගෝස්තු 2011 (යූටීසී)[reply]
මෙහි ඉහතින් ම ඇති පරිදි "අන්තර්විකි සබැඳුම් සහිත, අන්තර්ගතය වඩා පැහැදිළි, අර්ථවත්, පින්තූර එක් කර ඇති, කියවීමට සුදුසු ලිපි" යන්න අදහස් කළෙමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 12:51, 24 අගෝස්තු 2011 (යූටීසී)[reply]
  1. Comment නංගයා මතන්න 15:26, 24 අගෝස්තු 2011 (යූටීසී)අක්‍ෂර වින්‍යාසයේ සදොස් තැන් තිබෙනවා. ද යෙදිය යුතු සැම තැන ම ඳ යොදා ඇත​. විශේෂාංග ලිපි හැමෝගෙ මා අවධානයට යොමු වෙන නිසා ඒවායේ යොදා ගන්නා භාෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. නංගයා මතන්න 15:15, 24 අගෝස්තු 2011 (යූටීසී)}}[reply]
  2. Oppose පරිවර්තන දෝෂ බොහෝමයක් පවතියි. ඒවා නිදොස් කල පසු නැවත සලකා බැලිය හැක. වැඩිදුර කියැවීම හි දක්වා ඇති සබැඳි පරිවර්තනය කොකල ඒවා වන අතර ඉංග්‍රීසි විකියෙහි ලිපි වලට බැඳ ඇත. මෙය අසම්පූර්ණ කෘත්‍යයකි. ශ්වෙත (talk) 16:42, 24 අගෝස්තු 2011 (යූටීසී)[reply]
  3. Support සිඳු කාවින්ද  සාකච්ඡාව 06:38, 25 අගෝස්තු 2011 (යූටීසී)[reply]

තීරණය[සංස්කරණය]

       ලිපිය මනා සංවර්ධනයකින් පසු තෝරාගැනීමට නියමිත ය.

--තඹරු විජේසේකර සාකච්ඡාව 15:01, 26 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]


ක්‍රි:පූ 2554 සිට ක්‍රි:පූ 2517 දක්වා ලංකාවේ රාජ්‍යත්වය හෙබවූ රාවණා රජ යනු කවු ද? ඉතිහාසය තුල රාවණා හට ඉතිරි වී ඇති හිඩැස කුමක් ද? ඔහුට සත්ය වශයෙන් ම හිස් දහයක් [ඔලු 10ක්] සහිතව සිටියේද? ඔහුගේ වාහනය ලෙස සැලකෙන දඬුමොණරය යනු කුමක්ද? ඔය ආදී අති විශාල ගැටලු ගණනාවක් ඉතිහාසය තුල අපට විසඳා ගන්නට බැරිව තිබේ. රාවණා යනු අතීත මනු ගති පිළිබඳ අපට ඉතිරි වී ඇති එකම සංකේතය වන්නටත් පුළුවන. ඉන්දියානුවන් රාවණා යනු පරාජිතයෙකු ලෙස ලොවට කියද්දී අපේ රටේ බිහිවූ ශ්‍රේෂ්ඨ නායකයෙකු ගැන අපේ සමාජය දැනුවත් කළ යුතුව ඇත.

--Nelli (talk) 12:43, 13 ජූනි 2011 (යූටීසී)[reply]

සාකච්ඡාව[සංස්කරණය]

  1. Oppose මෙය තාම පුවත් පතක ලිපියක් වාගේ නේද?-- Lee (talk) 12:40, 24 අගෝස්තු 2011 (යූටීසී)[reply]
  2. Oppose සංකරණය කළ යුතුය. අන්තර්ගතයේ වැදගත් කරුණු අඩංගු වූවද පිළිවෙලකට සැකසිය යුතුයි. -- බිඟුවා සාකච්ඡාව 12:47, 24 අගෝස්තු 2011 (යූටීසී)[reply]

තීරණය[සංස්කරණය]