ලාහුගල
ලාහුගල Lahugala | |
---|---|
සුළු නගරය | |
රට | ශ්‍රී ලංකාව |
දිස්ත්‍රික්කය | අම්පාර දිස්ත්‍රික්කය |
වේලා කලාප | SLST (UTC+5:30) |
තැපැල් කේතය | 32512[1] |
ලාහුගල යනු ශ්‍රී ලංකාවේ, නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සුළු නගරයකි. එය කොළඹ-මඩකලපුව මහා මාර්ගයේ, පොතුවිල් නගරයේ සිට 14 km (8.7 mi) පමණ දුරින් පිහිටා ඇත.
ඉතිහාසය[සංස්කරණය]
පුරාණ අනුරාධපුර යුගයේ පටන් ලාහුගල ජනාවාසව පැවතෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. එසේම මෙම ප්‍රදේශය රුහුණු රාජධානියේ කොටසක් ලෙස පැවත තිබේ. ප්‍රදේශය පුරා විසිර ඇති පුරාණ නටඹුන් ස්ථාන ලාහුගල ඉතිහාසය කෙරේ සාධක සපයයි. බොහොමයක් හමුව ඇති නටඹුන් මහානාග රජ පරම්පරාවට සබැදෙයි.[2]
අධ්‍යාපනය[සංස්කරණය]
ලාහුගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රජයේ පාසල් ලැයිස්තුව පහත දැක්වෙයි.[3]
- පානම මහා විද්‍යාලය.
- ලාහුගල මහා විද්‍යාලය.
- හුලන්නුගේ විද්‍යාලය.
- පරණ ගොවිපොල විද්‍යාලය.
- රජයේ මිශ්‍ර දෙමළ විද්‍යාලය.
සංචාරක ආකර්ෂණ[සංස්කරණය]
- ලාහුගල කිතුලාන ජාතික උද්‍යානය - 1980 වසරේ ඔක්තෝබර් 1 වන දින ජාතික උද්‍යානයක් ලෙස නම්කරන ලද ලාහුගල කිතුලාන ජාතික උද්‍යානය දිවයිනේ කුඩාම වනෝද්‍යාන අතඅරින් එකකි.
- මඟුල් මහා විහාරය - ලාහුගල පිහිටි පුරාස්ථානයක් වූ මඟුල් මහා විහාරය ක්‍රි.පූ. 2වන සියවසේ කාවන්තිස්ස රජ විසින් ගොඩනංවන ලද්දකි. ඇතා පිට ඇත් ගොව්වා නිරූපිත ප්‍රසිද්ධ සදකඩපහණ පිහිටා ඇත්තේද මෙම විහාරස්ථානයෙහිය.[5]
- නීලගිරිසෑය - නීලගිරිසෑය ලාහුගල පිහිටි පුරාණ ස්ථූපයක් වේ.[6]
- ලාහුගල කොට වෙහෙර - ශ්‍රී ලංකාවේ කොට වෙහෙර සම්ප්‍රදායට ස්ථූප චතුර්තය අතුරින් ලාහුගල පිහිටි ස්ථූපය වේ.[6]
- ලාහුගල කිරි වෙහෙර - ලාහුගල පිහිටි කිරි වෙහෙර වර්ථමානයේදී රජය විසින් පුරාස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "ලාහුගල". sri-lankan.net. සම්ප්‍රවේශය 17 ජනවාරි 2017.
- ↑ "ඕවර්වීව්". ලාහුගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය. 8 අප්‍රේල් 2016. සම්ප්‍රවේශය 17 ජනවාරි 2017.
- ↑ "ස්කූල්ස්". ලාහුගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය. 8 අප්‍රේල් 2016. සම්ප්‍රවේශය 17 ජනවාරි 2017.
- ↑ "කන්සර්වේෂන් නීලගිරි මහා සෑය". කැබිනට් අමාත්‍ය කාර්යාලය. 12 ජනවාරි 2011. සම්ප්‍රවේශය 26 දෙසැම්බර් 2016.
- ↑ විසුම්පෙරුම, D. (2013). රිලිජස් යූස් ඔෆ් එලිෆන්ට් ඉන් ඒන්ශියන්ට් ශ්‍රී ලංකා (ඉංග්‍රීසි බසින්). GAJAH. p. 17.
- ↑ 6.0 6.1 විතානච්චි, C.R. (2013). පෞරාණික ස්ථාන හා ස්මාරක, අම්පාර දිස්ත්‍රික්කය. පුරාවිදයා දෙපාර්තමේන්තුව. pp. 21–23, 27.