ලාහුගල කොට වෙහෙර

විකිපීඩියා වෙතින්
ලාහුගල කොට වෙහෙර
මූලික තොරතුරු
පිහිටීමලාහුගල, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක06°52′41.1″N 81°45′10.6″E / 6.878083°N 81.752944°E / 6.878083; 81.752944ඛණ්ඩාංක: 06°52′41.1″N 81°45′10.6″E / 6.878083°N 81.752944°E / 6.878083; 81.752944
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයඅම්පාර
පළාතනැගෙනහිර පළාත
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය
ගෘහනිර්මාණ ශෛලියකොට වෙහෙර

ලාහුගල කොට වෙහෙර ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයේ පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ දැකගත හැකි කොට වෙහෙර සම්ප්‍රදායට අයත් ස්තූප හතර අතුරින් එකක් වන මෙම වෙහෙර සහිත විහාරය පොතුවිල්-මොණරාගල මහා මාර්ගයේ පොතුවිල් සිට කිලෝමීටර 10ක් පමණ දුරින් පිහිටා ඇත.

ඉතිහාසය[සංස්කරණය]

පැරණි පොකුණක සහ ගොඩනැගිලි නටඹුන්

අතීතයේදී මෙම විහාරය, කොට පබ්බත, කොටගල වෙහෙර, ලාහුගල චේතිය යන නම් වලින් හඳුන්වා තිබේ.[1]

කොටවෙහෙර ගිරි ලිපි[සංස්කරණය]

විහාරයේ පිහිටි ගල් පර්වතය මත කොටා ඇති ගිරි ලිපි දැක ගත හැකිවේ.

ගිරි ලිපිය අංක 1[සංස්කරණය]

මෙම ගිරි ලිපිය ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසට අයත් වන අතර, අපර බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් හා පුරාණ සිංහල භාෂාවෙන් නිර්මිත වේ. භාතිකාභය (භාතිකතිස්ස) (ක්‍රි.පූ. 19 - ක්‍රි.ව. 9) රාජ්‍ය කාලයට අයත්ය.

ගිරි ලිපිය අංක 2[සංස්කරණය]

මෙම ගිරි ලිපිය ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් වන අතර, අපර බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් හා පුරාණ සිංහල භාෂාවෙන් නිර්මිත වේ. පළමුවන ගජබාහු රාජ්‍ය කාලයට (ක්‍රි.ව. 112-134) අයත්ය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ලාහුගල කොටවෙහෙර". අමේසිංලංකා. සම්ප්‍රවේශය 13 ජනවාරි 2017.
"https://si.wikipedia.org/w/index.php?title=ලාහුගල_කොට_වෙහෙර&oldid=399871" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි