ශ්‍රී ලංකාවට බලපෑ නිවර්තන වාසුළි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
නිවර්තන වාසිළියක ස්වභාවය(චන්ද්‍රිකා ඡායාරූපයක්)
උතුරු ඇමෙරිකාවේ කැත්‍රිනා ප්‍රදේශයට බලපෑ වාසුළිය

වාසුළි කුණාටු අතුරින් ඉතාමත්ම බලවත් සහ විනාශකාරී කාළගුණ පද්ධතියක් ලෙස නිවර්තන වාසුළි දැක්විය හැකියි. මේවා අත්ලාන්තික් සාගර ප්‍රදේශයේ දී හරිකේන් (Hurricane) ලෙසද, ශාන්තිකර හා ඉන්දියානු සාගර කලාපයේ දී ටයිපූන් (Typhoon) ලෙසද හඳුන්වයි. දූපත් සහ වෙරළාශ්‍රිත ප්‍රදේශ වලට මෙම නිවර්තන වාසුළි තත්වය දැඩි ලෙසම බලපාන කාළගුණික තත්වයකි.

ඒ අනුව වෘත්තාකාර වායු සංසරණයක් පවතින අඩු පීඩන මණ්ඩල වාසුළි වශයෙන් හැඳින්වේ. උප නිවර්තන අධිපීඩන කලාප දෙක ඇතුළත පිහිටි ප්‍රදේශයේ මෙවැනි අඩු පීඩන මණ්ඩල එනම්, වාසුළි හඳුනාගත හැකි අතර ඒවා නිවර්තන කලාපීය වාසුළි වශයෙන් හැඳින්වෙන අතර මෙවැනි අඩු පීඩන සෞම්‍ය කලාපයෙන්ද හඳුනාගත හැකි වේ. එම අඩු වායු පීඩන සෞම්‍ය කලාපීය වාසුළි ලෙස නම් කරයි.


ශ්‍රි ලංකාවට බලපාන ලද වාසුළි තත්වයන්[සංස්කරණය]

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාසුළි ක්‍රියකාරිත්වය ගැන විමසීමේදී මුහුණපැමට සිදුවන ප්‍රධානතම ගැටලුවක් වන්නේ මෙතෙක් ලියවි ඇති ලිපි ලේඛන සහ ග්‍රන්ථ අඩු වීමයි. එහෙත් ශ්‍රී ලංකාවේ දේශගුණය සහ නිවර්තන වාසුළි සම්බන්ධ කොට සාකච්ඡා කිරීමේදී මහාචාර්ය තම්බයියාපිල්ලේගේ අදහස වැදගත් කොට සැළකිය හැක.

තම්බයියාපිල්ලේ විසින් නිවර්තන වාසුළි ශ්‍රී ලංකාවට බලපානු ලබන කාල පරිච්ඡේදයන් පිළිබඳ අදහස් දක්වා තිබේ. ඔහුට අනුව ජුනි සහ අගෝස්තු මාස හැරුණු විට වසරේ ඕනෑම කාලයකදී නිවර්තන වාසුළි ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විය හැකිය. එසේම ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට වාසුළි වල බලපෑම ප්‍රබල බව පෙන්වාදෙන ඔහු 1884 සට 1958 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට බලපෑ මුළු වාසුළි සහ අවපාත ප්‍රමාණය 99 ක් බවත්, මින් 81 ක් ඔක්තෝම්බර් මාසෙය් වාසුළි සහ අවපාත 23 ක්ද, නොවැම්බර් මාසයේ වාසුළි 21 ක්ද, දෙසැම්බර් මාසයේ දී දිවයින හරහා හෝ ආසන්නයෙන් ගමන් කොට ශ්‍රී ලංකාවේ දේශගුණය කෙරෙහි බලපා ඇති බව නිගමනය කර ඇත.

එහෙත් ශ්‍රී ලංකාවට බලපාන ලද වාසුළි පිළිබඳ දත්ත සඳහන්ව ඇත්තේ 1950 - 2000 කාල පරිච්ඡේදයට අදාලවය. 1950 - 2000 කාල පරිච්ඡේදය තුළදී වාසුළි කුණාටු 4 ක් සහ චණ්ඩ වාසුළි කුණාටු 4 ක් ශ්‍රී ලංකාව හරහා ගමන් කර තිබේ. වාසුළි උපත ලද කලාපය සහ වාසුළියේ ස්වභාවය පහත වගුවෙන් දක්වා ඇත.

වගුව : 1950 - 2000 කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාව හරහා ගමන් ගන්නා ලද නිවර්තන වාසුළි උපත ලද කලාපය සහ වාසුළියේ ස්වභාවය

වර්ෂය කලාපය අක්ෂාංශ
(උතුර)
දේශාංශ
(නැගෙනහිර)
වාසුළියේ ස්වභාවය
1964 දෙසැම්බර් 17 - 24 බෙංගාල බොක්ක අංශක 4.9 අංශක 93.0 චණ්ඩ වාසුළි කුණාටු
1966 නොවැම්බර් 08 - 14 බෙංගාල බොක්ක අංශක 8.0 අංශක 84.0 චණ්ඩ වාසුළි කුණාටු
1967 ඔක්තෝම්බර් 20 - 21 අරාබි මුහුද අංශක 7.0 අංශක 78.5 වාසුළි කුණාටු
1967 දෙසැම්බර් 04 - 08 බෙංගාල බොක්ක අංශක 4.0 අංශක 89.0 වාසුළි කුණාටු
1978 නොවැම්බර් 17 - 24 බෙංගාල බොක්ක අංශක 6.5 අංශක 92.5 චණ්ඩ වාසුළි කුණාටු
1980 දෙසැම්බර් 12 - 17 බෙංගාල බොක්ක අංශක 10.5 අංශක 91.5 වාසුළි කුණාටු
1992 නොවැම්බර් 11 - 17 බෙංගාල බොක්ක අංශක 7.5 අංශක 87.2 චණ්ඩ වාසුළි කුණාටු
2000 දෙසැම්බර් 18 - 26 බෙංගාල බොක්ක අංශක 7.5 අංශක 90.0 චණ්ඩ වාසුළි කුණාටු

මුලාශ්‍රය : Department of Meteorology, 2001

ශ්‍රී ලංකාවට බලපෑ වාසුළි උතුරු අක්ෂාංශ අංශක 4.0 - 10.5 සහ නැගෙනහිර දේශාංශ අංශක 78.5 - 93.0 දක්වා කලාපය තුළ උපත ලබා ඇත. ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් බලපා ඇත්තේ ඛෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වු වාසුළි මගිනි. සිතියමෙන් පැහැදිලි වේ. 1950 - 2000 කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාව හරහා ගමන් කළ නිවර්තන වාසුළි ක්‍රියාත්මක වු අවස්ථාවන්හිදී සුළගේ වේගය, වාසුළි ගමන් කළ දීශාව සහ අවම පීඩනය පිළිබඳ අගයන් වගුවෙහි දැක්වේ.

වගුව : වාසුළි ක්‍රියාත්මක වු අවස්ථා වලදී ඇති වු උපරිම සහ අවම තත්වය

වර්ෂය උපරිම සුළගේ වේගය අවම සුළගේ වේගය වාසුළිගමන් කළ දිශාව


1964 දෙසැම්බර් 1961 (ත්‍රිකුණාමලය) 948.0 (ත්‍රිකුණාමලය) බස්නාහිර, වයඹ, වයඹ
1966 නොවැම්බර් 97 (මන්නාරම) 999.5 (මාදම්පේ) බස්නාහිර, වයඹ
1967 ඔක්තෝම්බර් 96 - 110 (මාදම්පේ) - ඊසාණ, නැගෙනහිර
1967 දෙසැම්බර් - 997.8 (යාපනය) බස්නාහිර, බස්නාහිර, වයඹ, වයඹ, උතුර, වයඹ
1978 නොවැම්බර් 222 (මඩකලපුව) 957.0 (මඩකලපුව) බස්නාහිර, නිරිත, වයඹ
1980 දෙසැම්බර් 56 (ත්‍රිකුණාමලය) 1001.0 (ත්‍රිකුණාමලය) බස්නාහිර
1992 නොවැම්බර් 88 (කොළඹ) 998.3 (කොළඹ) බස්නාහිර, නිරිත, වයඹ
2000 දෙසැම්බර් - 993.9 (ත්‍රිකුණාමලය) බස්නාහිර, නිරිත, බස්නාහිර, බස්නාහිර, වයඹ

මේ අනුව ගෙවී ගිය ශතවර්ෂය තුළ ශ්‍රී ලංකාවට හමා ආ වාසුළි, කුණාටු 10 ක් පමණ කිලෝමීටර් 60 - 120 අතර දුරකින් හමාගෙන ආ වාසුළි වේ. බොහෝමයක් කුණාටු සහ සුළං ඇති වුණේ ගොඩබිම ආශ්‍රිතව නැගෙනහිර පලාත, උතුරුමැද හා බටහිර ප්‍රදේශ වලය. ඒ අනුව වාසුළි බලපාන දිස්ත්‍රික්ක ගෙන බැලූවිට,

ශ්‍රී ලංකාවට පැමිණි නිවර්තන වාසුළි
  • අම්පාර
  • මඩකලපුව
  • ත්‍රිකුණාමලය
  • මන්නාරම
  • යාපනය
  • පුත්තලම
  • වව්නියාව
  • අනුරාධපුරය
  • කොළඹ
  • පොළොන්නරුව

එය පැහැදිලිව පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට වත්ම වාසුළි වාසුළි බලපෑම වැඩි බවයි. ඉහත වගුවට අනුව පැහැදිලි වන්නේ දෙසැම්බර් හා නොවැම්බර් මාස වලදී ශ්‍රී ලංකාවට දැඩි ලෙස වාසුළි තත්වයන් බලපාන බවයි. තවද 1901 - 2000 කාලය තුළ ශ්‍රී ලංකාවට බලපාන ලද වාසුළි පිළිබඳ වගුවක් පහත දැක්වේ. එදා මෙදා කාලය තුළ ශ්‍රී ලංකාවට වාසුළි බලපෑම් 14 ක් පමණ මුහුණපෑමට සිදුව පවති. සිතියම ඇසුරෙන් පැහැදලි වේ.

මෙය තවදුරටත් සිතියමට අනුව පැහැදිලි දැක්විමේදී ශ්‍රී ලංකාවට වාසුළි තත්වයන් ඇති වීම කෙරෙහි වගුවක් සහ ප්‍රස්තාරයක් ආශ්‍රයෙන් විශ්ලේෂණයක් සිදුකර ඇත. එනම්,

වගුව : 1901 - 2000 ශ්‍රී ලංකාවට බලපාන ලද වාසුළි තත්වයන්

1901 - 2000 ශ්‍රී ලංකාවට බලපාන ලද වාසුළි තත්වයන්.JPG
මාසය වාසුළි
ගණන
වර්ෂ
ඔක්තෝම්බර් 1 1967
නොවැම්බර් 4 1922, 1966, 1978, 1992
දෙසැම්බර් 8 1908, 1912, 1913, 1919, 1931, 1964, 1967, 2000
ජනවාරි 1 1906
පෙබරවාරි - -
මාර්තු 1 1907
අප්‍රේල් - අගෝස්තු - -

මුලාශ්‍රය : Department of Meteorology, 2001

ඉහත වගුවට අනුව දකින්නට ලැඛෙන්නේ අප්‍රේල් සිට අගෝස්තු කාලය තුළත්, පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවට වාසුළි තත්වයන් බල නොපාන බවයි. වැඩි වශයෙන් වාසුළි තත්වයන් බලපාන මාස ලෙස නොවැම්බර්, දෙසැම්බර් මාසයන් දැක්විය හැක. දරුණු ලෙසම ශ්‍රී ලංකාවට වාසුළි තත්වයන් ඇති වු වර්ෂය ලෙස පෙන්වාදිය හැක්කේ 1978 සහ නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලිදීය. මෙය තවදුරටත් ප්‍රස්තාරයෙන් මගින් පැහැදලි වේ.

1950 - 2000 කාල පර්ච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට බලපාන ලද වාසුළි සමග වර්ෂාපතන ක්ෂේත්‍රය රටාව හඳුනා ගැනීම[සංස්කරණය]

1966, 1967 ඔක්තෝම්බර් සහ 1967 දෙසැම්බර් යන කාල වල ක්‍රියාත්මක වු වාසුළි මගින් ඉහළ වර්ෂාපතනයක් ලැබී තිබේ. එය ප්‍රස්තාරයෙන් පැහැදිලි වේ. 1967 ඔක්තෝම්බර් මාස වාසුළිය ක්‍රියාත්මක වු දින තුළ ලද වර්ෂාපතනය එම මාස අනෙකුත් දිනවල ලද මුළු වර්ෂාපතන ප්‍රමාණය ඉක්මවා ඇත. වාසුළි වලින් ලද වර්ෂාපතනය සමස්තයක් ලෙස ගත්කළ 1978 වාසුළිය ක්‍රියාත්මක වන අවස්ථාවේ දී උපරිම වර්ෂාපතනයක් ලැබී ඇති අතර අවම වර්ෂාපතනයක් 1980 වාසුළිය ක්‍රියාත්මක වන අවස්ථාවේ දී ලැබී ඇත. වාසුළියක් රට තුළ ක්‍රියාත්මක වන දිනයේදී මෙන්ම වාසුළිය රට තුළ ක්‍රියාත්මක වු දිනට පෙර දිනයේදී සහ පසු දිනයේදී එහි ක්‍රියාකාරිත්වය හේතු කොට ගෙන ඉහළ වර්ෂාපතනයක් වාසුළි ක්‍රියාත්මක වු කලාපයේ මධ්‍යස්ථාන්ට ලැබී ඇත.

ප්‍රස්තාරය : 1966, 1967 ඔක්තෝම්බර් සහ 1967 දෙසැම්බර් යන කාල වල ක්‍රියාත්මක වු වාසුළි මගින් ඉහළ වර්ෂාපතනය

වර්ෂාපතන ස්වභාවය.JPG

වාසුළි නිසා ශ්‍රී ලංකාවට ඇති වු බලපෑම[සංස්කරණය]

නිවර්තන වාසුළි යන කාණ්ඩයට අයත් සුළඟේ වේගවත් යුතු වාසුළි, ශ්‍රී ලංකාවට 20 වන සියවස තුළ බලපා ඇත්තේ තුන්වරක් පමණි. එය 1964, 1978 සහ 2000 වර්ෂ වලදීය. 1907දී පමණ ද වාසුළි තත්වයට සමාන වාසුළියක් ක්‍රියාත්මක වී ඇත. මහචාර්යය තම්බයියාපිල්ලේ දක්වන අන්දමට 1978 නොවැම්බර් මස 17 - 24 දක්වා වර්ධනය වු වාසුළිය ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමත් සමගම ශ්‍රී ලාංකිකයන්ගේ දැඩි අවධානයක් නිවර්තන වාසුළි කොරෙහි යොමු වු බවයි. මෙහදි නැති වු දේපල සහ ජීවිත හානි ඉතා විශාල වු අතර ජල ගැලීම් තත්වයන් නිසා සමහර ස්ථානවල හදිසි ගංවතුර තත්වයන් ඇති වුණි. මෙය වගුවෙන් පැහැදිලි වේ.

වගුව : 1978 නොවැම්බර් මස සිදු වු වාසුළිය නිසා ඇති වු හානිය

සිදු වු හානිය මඩකලපුව පොළොන්නරුව අම්පාර වෙනත්දිස්ත්‍රික්ක
මරණ සහ අතුරුදහන් වීම 697 80 125 73
නිවාස විනාශ වීම සහ අලාභානි සිදුවීම 36410 22767 23620 13618
වෙනත් විනාශ වීම් හා සුළු අලාභානි 31325 823374 30806 59797
පොල් ගස් සහ වෙනත් ගස් විනාශවීම (හෙක්.) 11000 500 1000 na

Sourse :ශ්‍රී ලංකා මහ බැංකුව-Central Bank of Ceylon (UNDRO), 1979

මීට අමතරව 1978 ක්‍රියාත්මක වු වාසුළියේ උපරිම වේගය පැයට කිලෝමීටර් 176 - 192 ක් බවත්, මෙතෙක් ශ්‍රී ලංකාවට බලපෑ වාසුළි අතුරින් උපරිම සුළගේ වේගයක් සඳහන් වු අවස්ථාව ලෙස පෙන්වාදිය හැකියි. මෙම වාසුළිය දැඩි ලෙසම බලපාන ලද දිස්ත්‍රික්ක වුයේ පොළොන්නරුව, මඩකලපුව, අම්පාර යන දිස්ත්‍රික්ක වලටය.

People fleeing floods on Sri Lanka.jpg

1978 නොවැම්බර් වාසුළිය මෙන්ම ශ්‍රී ලංකාවට බලපෑමක් ඇත් කළ වාසුළිය වන්නේ 2000 දී ඇත් වු වාසුළි තත්වයයි. 2000 වර්ෂයේ දෙසැම්බර් 26, 27 දිනවල ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශය හරහා මෙම වාසුළිය හමා ගිය අතර එය ශ්‍රී ලංකාවේ නැගෙනහිර, උතුරුමැද, උතුර සහ බස්නාහිර පලාත් වලට මෙහිදි දැඩි ලෙස බලපෑම් ඇතිවිය. ත්‍රිකුනාමලයෙන් ඇතුළු වු වාසුළිය පොළොන්නරැව, අනුරාධපුරය සහ පුත්තලම හරහා මෙම වාසුළිය පිට වී ගියේය. ‍මෙම වාසුළිය නිසා ශ්‍රී ලංකාවේ බොහෝ දිස්ත්‍රික්ක වලට හානි සහ බලපෑම ඇතිවිය. එම විනාශකාරි තත්ව නම්,

  • මිනිස් ජීවිත 8 ක් පමණ විනාශ වී ඇත.
  • 55,000 ක පමණ පිරිස අවතැන් වි ඇත.
  • ධීවර බෝට්ටු 50 ක් පමණ මුහුදබත් වි ඇත.
  • වී, කෙසෙල් ගස්, පොල් ගස් සුළඟට වීනාශ වී ඇත.
  • ත්‍රිකුණාමලය, අනුරාධපුරය, වව්නියාව සහ පුත්තලම දිස්තික්ක වල ජල මාර්ග සහ විදුලිය, දුරකතන පද්ධති විනාශ විය.
  • කලාඔය, පරාක්‍රම සමුද්‍රය පිටාර ගලා ගියේය.
  • ඡේතවනාරාම දාගැබට හානි සිදුවිය.

2000 වාසුළිය විශාල වර්ෂාවක් සමග දෙසැම්බර් මාසයේ බොංගාල බොක්ක ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව හරහා ගමන් කළේය. ඒ හේතු කොටගෙන විශාල විනාශයක් ශ්‍රී ලංකාවට ඇතිවිය. ගෙවීගිය ශත වර්ෂය තුළ ශ්‍රී ලංකාව හරහා වාසුළි 14 ක් පමණ හමා ආවේය. එහිදි දෙසැම්බර්, නොවැම්බර්, ජනවාරි, මාර්තු යන මාසවල වැඩි වශයෙන් මේ තත්වය ඇති විය. වාසුළි බලපාන දිස්ත්‍රික්ක ලෙස අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, වව්නියාව, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව සහ යාපනය පෙන්වාදිය හැක. මෙය පහත වගුවෙන් පැහැදලි වේ.

වගුව : ශ්‍රී ලංකාවට වාසුළි බලපාන ලද දිස්ත්‍රික්ක

දිනය ඇතුළු විම පිටවීම
1907 මාර්තු 07 මඩකලපුව පුත්තලම
1964 දෙසැම්බර් 22 / 23 ත්‍රිකුණාමලය මන්නාරම
1978 නොවැම්බර් 23 / 24 කල්කුඩා සහ ත්‍රිකුණාමලය විල්පත්තු
2000 දෙසැම්බර් 26 / 27 ත්‍රිකුණාමලය පුත්තලම

Source : [Meteorological Department, 2001]

මේ අනුව ශ්‍රී ලංකාව දුපතක් නිසාත්, රට අභ්‍යන්තරයේ ඇති මධ්‍යම කඳුකරය හේතුවෙන් වාසුළි බලපෑම අඩු වී තිබේ. එමහත් රටේ උතුරු ප්‍රදේශයට බොරෝ සෙයින් වාසුළි තත්වයන් බලපා ඇති බව මෙයින් පැහැදිලි වේ.

සාරාංශය[සංස්කරණය]

මෙයින් පැහැදිලි වන්නේ නිවර්තන වාසුළි පිළිබඳවත්, ශ්‍රී ලංකාවට බලපාන නිවර්තන වාසුළි පිළිබඳ කරුණු දක්වා තිබේ. ඒ අනුව නිවර්තන වාසුළි හේතු කොටගෙන ශ්‍රී වර්ෂාපතනය ද වෙනස් වීමකට බඳුන් වී ඇත. ශ්‍රී ලංකාවට ඉතා දරුණු වාසුළි තත්වයන්ට මුහුණපෑමට සිදුව ඇති අතර මෙම තත්වයන් නිසා විනාශකාරි තත්වයන් ද ඇතිව පවති.

බාහිර සබැදි[සංස්කරණය]

ආශ්‍රේය[සංස්කරණය]

  1. ශ්‍රී ලංකා මහ බැංකුව - Central Bank of Ceylon (UNDRO), 1979
  2. Department of Metrology, 2001
  3. 1997 (ජුනි), "භූගෝල විද්‍ය තොරතුරු කලාපය", කොළඹ විශ්ව විද්‍යාලය
  4. Meteorological Department - Sri Lanka