Jump to content

වර්ෂ 2000 ශ්‍රී ලංකා සුළි කුණාටුව

විකිපීඩියා වෙතින්
Extremely Severe Cyclonic Storm BOB 06
Cyclone 04B viewed from Space on December 26, 2000. The storm's eye, visible near the center of the image, is making landfall on Sri Lanka.
04B සුළි කුණාටුව ගොඩබිමට ඇතුළුවීමට ආසන්නව එහි ඉහළම තීව්‍රතාවයේ දී
Meteorological history
FormedDecember 23, 2000 (December 23, 2000)
Remnant lowDecember 28
DissipatedDecember 29, 2000 (2000-12-30)
Extremely severe cyclonic storm
3-minute sustained (IMD)
Highest winds165 km/h (105 mph)
Lowest pressure970 hPa (mbar); 28.64 inHg
Category 1-equivalent tropical cyclone
1-minute sustained (SSHWS/JTWC)
Highest winds120 km/h (75 mph)
Overall effects
Fatalities9 direct
Missing8
Areas affectedශ්‍රී ලංකාව, ඉන්දියාව
සැකිල්ල:String split IBTrACSEdit this at Wikidata

Part of the 2000 උතුරු ඉන්දීය සාගර සුලු කුණාටු වකවානුව

වර්ෂ 2000 ශ්‍රී ලංකා සුළි කුණාටුව, (ඉන්දීය කා.වි.දෙ. නිමිතිකරණය: BOB 06 සබැඳි ටයිපූන් අනතුරු ඇඟවීමේ මධ්‍යස්තානයේ(JTWC) නිමිතිකරණය: 04B), වර්ෂ 1978 න් පසු ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම නිවර්තන සුළි කුණාටුව විය. මෙය වසර 2000 දී උතුරු ඉන්දීය සාගර සුළි කුණාටු වකවානුව තුළ ඇති වූ සිවු වන නිවර්තන කුණාටුව සහ දෙවන දරුණුම වා සුළි කුණාටුවයි. 2000 දෙසැම්බර් 25 වන දින ඇතිවූ, කැළඹුණු කාළගුණික බිම් ප්‍රදේශයකින් මෙය වර්ධනය විය. බටහිර දෙසට ගමන් කරන ලද මෙය හිතකර තත්ව යටතේදී පැයට සැතපුම් 75ක (පැයට කි.මී.120)උපරිමයක් දක්වා ක්ෂණිකව වර්ධනය වී ඇත. මෙම කුණාටුව ශ්‍රී ලංකාව තුළ නැගෙනහිර ප්‍රදේශයට ඉහළ ප්‍රබලතාවයකින් බලපවත්වා, අනතුරුව දෙසැම්බර් 28 වන දින දකුණු ඉන්දියාවට බලපෑම් කර පහව යන්නට පෙර දිවයින හරහා හමා යෑමේදී මද වශයෙන් දුර්වල විය.

මෙය 1978 වකවානුව තුළ ඇතිවූ පැයට සැතපුම් 110ක් වූ වා සුළියට පසුව, චන්ඩ මාරුතයකට සමාන ශක්තියකින් ශ්‍රී ලංකාවට බලපෑ ප්‍රථම සුළි කුණාටුවයි. එමෙන්ම, 1992 වර්ෂයට පසු ශ්‍රී ලංකාවට බලපෑම් කළ ප්‍රථම නිවර්තන කුණාටුවද මෙය වෙයි. තවද මෙය 1996 න් පසු, දෙසැම්බර් මාසයක, චන්ඩ මාරුතයක තීව්‍රතාවයකින් බෙංගාල බොක්ක තුළ ඇති වූ ප්‍රථම වා සුළියද වෙයි. එය දස දහස් ගණනක් නිවාස වලට හානි කරමින් සහ විනාශ කරමින්, 500,000ක් පමණ පුද්ගලයින්ට උන් හිටි තැන් අහිමි කරමින් මහ වැසි සහ තද සුළං ඇති කළේය. මෙම කුණාටුවේ ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් පුද්ගලයන් 09 දෙනෙකුගේ පමණ ජීවිත අහිමි විය. [1]

කාලගුණ විද්‍යාත්මක ඉතිහාසය

[සංස්කරණය]

නිරක්ෂයට යාබදව ක්‍රියාකාරී වායු ගෝලීය අව පීඩන කලාපයක් ඇති කරමින් දෙසැම්බර් 21 වන දින බෙංගාල බොක්ක මධ්‍යයේ, වායුගෝලීය සංවහන ධාරා වර්ධනය වී, පවත්වාගෙන යනු ලැබීය. දුර්වල සිරස් සුළං මාරුව තුළ ස්ථානගත වී මෙය ශක්තිමත් ලෙස සකස් වෙමින්, අනතුරුව ආරම්භක අවස්ථාවේ සම්පූර්නයෙන්ම වාගේ නිශ්චල වී සිට මෙය සෙමෙන් බටහිර දෙසට ගමන් කිරීමට පටන් ගෙන ඇත. ගැඹුරු සංවහන ධාරා ඇතිවීම නොනැවතී සිදු වී, දෙසැම්බර් 23 වනදා වන විට මධ්‍යම ප්‍රමානයේ සංසරණයක් ආරම්භ විය. එදින පසු යාමයේ, සබැඳි ටයිපූන් අනතුරු ඇඟවීමේ මධ්‍යස්තානය(JTWC) විසින් නිවර්තන වාසුලි ඇති වීමේ අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කරන ලදී. පද්ධතිය තුල වර්ධනය වූ පහත මට්ටමේ ස්ංසරණයක්, දෙසැම්බර් 23 දින රාත්‍රී කාලය වන විට, ගැඹුරු සංවහන ධාරා වල දකුණු දෙසට ස්ථාපිත වීමක් සිදු විය. මෙම බලපෑම දිගටම සකස් වී, ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දෙසැම්බර් 24දින උදෑසන එය ගැඹුරු අවපාතනයක් ලෙස වර්ගීකරනය කරන ලදී. ඉන්පසු එදිනම පසු යාමයේ මෙම පද්ධතියේ සකස් වීම තරමක් පසු බෑමට ලක් වුවද නැවත ක්ෂනිකව සකස් වීමක් සිදු විය. මෙය ශ්‍රී ලංකාවට සතපුම් 155ක් (කි.මී.250) නැගෙනහිරින් පවතිද්දී, දෙසැම්බර් 25 වන දින සබැඳි ටයිපූන් අනතුරු ඇඟවීමේ මධ්‍යස්තානය (JTWC) , 04 B නිවර්තන වා සුළිය පිළිබඳ උපදේශන ආරම්භ කරන ලදී. ප්‍රථම උපදේශනයේදී, නිවර්තන වා සුළිය බටහිර - වයඹ හරහා පැයට සැතපුම් 03ක (පැයට කි.මී. 5) වේගයක් සහ උපරිම බලපවත්වන සුළං වේගය පැයට සැතපුම් 45ක (පැයට කි.මී. 70) වේගයකින් ලංකාව දෙසට හමා එමින් තිබුනි. ගැඹුරු අවපාතනයේ මධ්‍යය වටා වර්ධනය වූ මධ්‍ය නිශ්චල ප්‍රදෙශයක් හේතුවෙන් ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉන් සුළු වේලාවකට පසු ගැඹුරු අවපාතනය පිළිබඳ නිවේදනය වා සුළි කුණාටුවක් ලෙසට ඉහල දමන ලදී. වා සුළියට උතුරු දෙසින් වූ අර්ධනිවර්තන අධි පීඩන තීරයේ ප්‍රතිඵලයක් ලෙස එය තව දුරටත් බටහිර දෙසට ගමන් කිරීම සිදු විය. සංසරණ කලාපයේ මධ්‍යය මත ගැඹුරු සංවහන තත්වය තව දුරටත් වර්ධනය විය. තවද, සංසරණය පුරාවටම කුණාටු පද්ධතියේ පිටාර වායු ධාරාව වර්ධනය වූ නිසා කුණාටු තත්වය ක්‍රමයෙන් ශක්තිමත් විය. දෙසැම්බර් 25 දින සවස් යාමය වන විට වැසි වලාකුළු ඝනත්වය අධික ප්‍රදේශය, මධ්‍යයට තදින් බැඳුනි. තවද එය ශ්‍රී ලංකා වෙරළ තීරයට සේන්දු වීමේදී දරුණු වා සුළි කුණාටුවක් බවට වර්ධනය විය. ඊළඟ දිනයේ, සුළි කුණාටුව බටහිර-නිරිත දෙසට ගමන් කරත්ම එය නිශ්චල කලාපයක් ඇති කරන ලදී. මෙම වා සුළිය දෙසැම්බර් 26 දින ශ්‍රී ලංකාවේ ත්‍රීකුණාමලය ප්‍රදෙශයේ ඉහලට නැගෙන දිය සුළියක් ඇති කළේය. සබැඳි ටයිපූන් අනතුරු ඇඟවීමේ මධ්‍යස්තානය(JTWC) එහි උපරිම වේගය පැයට සැතපුම් 75ක්(පැයට කි.මී.120 ක්)බව ගණනය කරන ලදී. කෙසේ නමුත් ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්, මෙය දරුණු සුළි කුණාටුවක් තනමින් එය පැයට සැතපුම් 105ක(පැයට කි.මී.165) උපරිම තීව්‍රතාවයකට ලඟා වූ බව තක්සේරු කරන ලදී. එය ගොඩ බිම හරහා තරමක් දුර්වල වී දෙසැම්බර් 27වන දින නිවර්තන කුණාටුවක් ලෙස මන්නාරම් බොක්ක දෙසට නික්මිණි. මුලදී එය තව දුරටත් සෙමෙන් තීව්‍ර වන බවට අනාවැකි කරුවන් ප්‍රකාශ කළද එහි සංවහනය තීව්‍රතාවය සහ සකස් වීම පහත වැටුනු බවින් සුලි කුණාටුව දුර්වල විය. එය බටහිර සහ වයඹ දෙසට දිශානුගත වීමෙන් පසු දෙසැම්බර් 28 වන දින පැයට සැතපුම් 45 ක(පැයට කි.මී.70) වේගයෙන්, සුළං මාරුව සහ භූමි පිහිටීම නිසා අවම සංවහනයකින්, දකුනු ඉන්දියාවේ කන්‍යකුමාරි ප්‍රදේශයට පහර දෙන ලදී. එය නිවර්තන අව පීඩනයක් තත්වයක් දක්වා, භූමිය තුලදී වේගයෙන් දුර්වල විය. තවද එය දෙසැම්බර් 29 වන දින මුල් භාගයේ නැගෙනහිර අරාබි මුහුද ට මතු වීමෙන් පසු එහි අවශේෂයන් අව පීඩන කලාපයක් බවට දුර්වල විය.

බලපෑම

[සංස්කරණය]
Cyclone 04B near Sri Lanka landfall

ශ්‍රී ලංකා රජය විසින් ඉවත් වීමේ නියෝග නිකුත් කලද එය ලැබී තිබුනේ සුළු පිරිසකට පමණි. සුළි කුණාටුව, නැගෙනහිර වෙරළ තීරයේ ධීවර බෝට්ටු 25ක් විනාශ කරමින් සහ පුත්තලම ආසන්න ප්‍රදෙශයේ ධීවර බෝට්ටු 109ක් ගසා ගෙන යන තත්වයට පත් කරමින් බටහිර මුහුදු තීරයේ ප්‍රබල රළ ඇති කරමින් දරුණු ලෙස බලපැවත්විනි . මෙමගින් පුද්ගලයන් 8 දෙනෙක් අතුරුදහන් වී ඇත. වා සුළි සමග ඇති වූ කුණාටු මුහුදු රළ, අඩි 330ක් දුරට ගං වතුර තත්වයක් ගොඩ බිම තුල ඇති කරන ලදී. වා සුළිය රට තුළින් ගමන් කිරීමේදී එය අඟල් 4-8ක ඝනකමක් සහිත වැසි වලාකුළු ඉතිරි කිරීමෙන්, ප්‍රති විරුද්ධ සුළං ධාරා මගින් පසු මාස වල දරුණු වැසි ඇති විය. වා සුළිය නිසා ඇතිවූ සුළං පහර පැයට සැතපුම් 100ක(පැයට කි.මී. 175) වේගයෙන්, කුණාටුව ගොඩ බිමට පතිත වන ස්ථානයේ ඇති විය.

මෙයින් වැඩිපුරම හානි සිදු වී ඇත්තේ ත්‍රීකුණාමලය සහ අවට ප්‍රදේශ සඳහාය: ගස් සහ සුන් බුන් කඩා වැටීමෙන් 57 දෙනෙකු රෝහල් ගත වී ඇති අතර, ගසක් කඩා වැටීම නිසා එක් අයෙකු මිය ගොස් ඇත. ධීවර ගම්මානයක් සම්පූර්නයෙන්ම වාගේ විනාශ වී ඇති අතර, දරුණු වැසි නිසා ඇතිවූ ගං වතුරින් පාරවල් සහ භෝග වගාවන් යට කරමින් ගංගා, ඇල, විල් උතුරා පිටාර ගැලූහ. ගං වතුරින් වර්ග සැතපුම් 77ක(වර්ග කි.මී. 200) කුඹුරු වගා සහ අතිරේකව වර්ග සැතපුම් 19ක(වර්ග කි.මී.50) අනෙකුත් භෝග විනාශ කරන ලදී. දරුණු සුළං නිසා කින්නියා හි නිවාස 2000ක් සහ ත්‍රීකුණාමලයේ නිවාස 6600ක් ඇතුලුව රට තුළ නිවාස 83,000ක් විනාශ වී හෝ හානි සිදු වී ඇත. සුළි කුණාටුව හමා යාමෙන් පුද්ගලයන් 500,000ක් දක්වා සංඛ්‍යාවකට නිවාස අහී වී ඇත. ඔවුන්ගෙන් වැඩි පිරිසක් පන්සල්, පාසල්, පල්ලි සහ සාප්පු සංකීර්ණ වෙත ගොස් ඇත. සුළං මගින් පොලිස් ස්ථාන, යුධ කඳවුරු කිහිපයක වහලයන් ගැලවී ගොස් ඇති අතර, සරණාගත කඳවුරු කිහිපයකට ගං වතුර තත්වය බලපා ඇත. මෙම සුළං තත්වය විද්‍යුත් පද්ධති සහ, 3000 කට අධික දුරකතන පද්ධති වලට හානි සිදුකර ඇත. එමෙන්ම බොහෝ මාර්ග පිලිසකර කරීමට අපහසු මට්ටමට විනාශ විය. දින කිහිපයක් පුරා විශාල ප්‍රදේශයක විදුලිය ඇන හිටී පැවතියහ. ග්‍රහනයේ පවතින ප්‍රදේශ වලට කුණාටුව බලපැවත්වූ බව හැර, එම ප්‍රදේශ වලට සිදුවූ හානි පිළිබඳව වාර්තා වී නැත. වා සුළියේ ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් දිවයින තුළ පුද්ගලයින් 09 දෙනෙක් පමණ මිය ගොස් ඇති අතර පවුල් 48,000ක් පමණ ව්‍යසනයට පත් වී ඇත.

කුණාටු තත්වය ඉන්දියාවට පැමිණීමට පෙර ඉන්දීය රජය විසින් තූත්තුකුඩි දිස්ත්‍රික්කයට දරුණු කුණාටුවක අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලද අතර ධීවරයින්ට මුහුදු නොයා සිටින ලෙසට අනතුරු අඟවන ලදී. කුණාටුව ලඟා වීමට පෙර, දහස් ගණනක් පිරිස ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යන ලදී. කුණාටුව ඉන්දියාවේ දකුනු වෙරළ තීරය ඔස්සේ රළු සුලං ධාරා ඇති කරන ලදී. තවද පහත් බිම් කිහිපයක ගං වතුර තත්වයන්ට හේතු වෙමින් තූත්තුකුඩි ප්‍රදේශය තුළ සහ අවට තද වැසි ඇති කරන ලදී. වර්ෂාව කෙසෙල් වගාවන්, විශාල වෘක්ෂයන් සහ මාර්ග විනාශ වන තත්වයට පත් කළද, තද නියඟ තත්වය සමනය වීම ඉතා වාසි දායක තත්වයක් විය. වා සුළිය දකුණු ඉන්දියාව හරහා, නිවාස 749කට හානි කර 81 කට අධික ප්‍රමාණයක් විනාශ කළද එරටේ මරණ කිසිවක් වාර්තා නොවීය.


පසු විපරම

[සංස්කරණය]
Map of Sri Lanka

මේ සදහා පළමුව ශ්‍රී ලංකා රජයේ අධාර ප්‍රමාණවත් නොවුණු අතර මාධ්‍යයන් මගින් රජයේ මෙම අරම්භක ප්‍රතිචාර විවේචනයට ලක් කරන ලදී. මෙම හිඟ ආධාර හේතුවෙන් ත්‍රීකුණාමලය ප්‍රදේශයේ වීදි වල විරෝධතාවන් ඇති විය. සහනාධාර වර්ධනය කිරීම යෝජනා කිරීම සඳහා එවකට අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා විසින් රාජ්‍ය මන්ත්‍රණ කැදවීමක් සංවිධානය කරන ලදී. පුද්ගලයන් මියගිය පවුල් සඳහා $183ක(2000 USD, 2000 රු. 15,000) මුදලක් වන්දි වශයෙන් ලැබූ අතර සාමාජිකයින් පස් දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් සමන්විත පවුල් වියළි සලාක සදහා සතියකට $5.50ක (2000  USD, 2000 රු.500)ක මුදලක් ලැබීය. නිවෙස් හානි වූ හෝ විනාශ වූවන් සදහා, රජය විසින් $122ක (2000 USD, 2000 රු.10,000) මුදලක් ලබා දුන් අතර අපහසුතාවට පත් වූවන් සදහා සහල් සලාකායන් බෙදාහරින ලදී. තවද රාජ්‍ය සංවිධානිත ගුවන් විදුලි විකාශයන් පරිත්‍යාග ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීම් කළහ.

සුළි කුණාටුවෙන් දින 2ක් ඇතුලත, අධික ලෙස හානි ඇති වූවන්ට උපකාර කිරීම සදහා ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය මගින් ස්වේච්ඡා සෙවකයින් 4000ක සහභාගිත්වයෙන් මෙහෙයුමක් දියත් කරන ලදී. ආහාර, මුලුතැන්ගෙයි උපකරන, පොරවන, අතිරිලි ආදිය සැපයිම මගින් මිනිසුන් 10,000 කට පමණ ආධාර සැපයිමට අන්තර්ජාතික රතු කුරුස සහ රතු චන්ද්‍රවංක සමාගම් හි අන්තර්ජාතික සමුහාන්ඩුව මගින් $ 323,000 ක් (2000 USD, 2000 CHF $525,000) සදහා ප්‍රාරම්භක අභියාචනයක් නිකුත් කළහ. සුළි කුණාටුව ඇති වී පැය කිහිපයක් ඇතුලත, සමුහාණ්ඩුව විසින් මෙහෙයුම ආරම්භ කිරිම සඳහා $61,000ක (2000 USD, 2000 CHF $100,000) පමණ මුදලක් මුදා හරින ලදී. මසකට පමණ පසු, රතුකුරුස සංවිධානය පවුල් 1720 ක් සදහා සෙවිළි තහඩු 10 බගින්ද, පවුල් 3000ක් සදහා ඇඳ ඇතිරිලි , නිදන පැදුරු, ඉවුම් උපකරණ ආදිය බෙදා දුන්හ. කුණා‍ටුව ඇති වී දළ වශයෙන් සති 40කින් පමණ පසු, 2001 නොවැම්බර් 7 වන දින මුදා ගැනීමේ කටයුතු නිමා විය.

  1. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; wsws නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි