වාරි කර්මාන්ත

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

වැවේ ප්‍රභවය[සංස්කරණය]

කිසියම්‍ පහත් කදු වෑටියක කපොල්ලක් තූළින් ගංගා,ඈළ,දොළ,පිහිටා තිබු අතර ඵ කපොල්ල වසා වේල්ලක් බෑද ඵ කදුවෑටියෙහි නෙරෑදෙක ඵකට සම්බන්ධ කරමින් පෑරණි සිංහලයෝ වෑව් නිර්මාණය කළහ.

වාරි කර්මාන්තයේ ව්කාශනය[සංස්කරණය]

ක්‍රි.ව 6 වන සියවසේ ඡලාශ්‍රිත ප්‍රදේශවල ආර්ය ජනපද පිහිටා තිබු බව මහාවංශටීකාවේ දෑක්වේ. වාරීමාර්ග මුල් යුගයේ ගම් වෑව් ලෙස නිර්මාණය විය. ක්‍රි.පු 6 වන සියවසේ විජය කුමරෑ සමඟ අනුරාධ ඈමතියා විසින් කුඩා ගම් වෑවක් ඉදිකළ බව මහාවංශයේ දෑක්වේ. වාරිකර්මාන්තයේ වර්ධනය නදී පද්ධතින් 03 ක් මුල්කොට ගෙන විකාශනය විය.

  1. මල්වතු ඹය සහ කලා ඹය නදී පද්ධතිය
  2. වළවේ සහ කිරිඳි ඔය නදී පද්ධතිය
  3. අඹන් ගග සහ මහවෑලි නදී පද්ධතිය රජරට ශිෂ්ටාචාරයේ මල්වතුඔය හා කලා ඹය නදී පද්ධතිය මුල් කොටගෙන වර්ධනය වු වෑව් හා ඈළ මාර්ග වන්නේ යෝධවෑව,මහගල්කඩවලවෑව,නුවරවෑව,මහකණදරා වෑව,පත්තපාසාන වෑව,මහවිලච්ච්ය වෑව,කලා වෑව වෑදගත්ය.

කලා වෑවේ සීට අනුරාධපුරයේ තිසා වෑවට ජලය ගෙන ගියේ සෑතපුම් 54 දිගැති ජය ගග මගිනි. අඹන් ගග හා මහවෑලි ගග මුල් කොට ගෙන වෑව් අමුණු නිර්මාණය ව්ය. 1වන අග්ග‍බෝධ් රඡු මහවෑලි ගග මුල් කොටගෙන මණිමේඛලා අමුණ හා මින්නේරි වෑවේන් ගලා බසින ව්ශාල ඈළක් නිර්මාණය කර ඇත. මහවෑලි ගගේ ශාඛාවක් වු කඵ ගග හරහා හත්තොට අමුණ බෑදීමෙන් ගිරිතලේ හා කන්තලේ වෑව්වලට ජලය සපයා ඇත. පරාක්‍රම සමුද්‍රය ,එරබඳු වෑව, දුබුටුළු වෑව,තෝපා වෑව,යන වැව් 3 ඵක් කොට මහා පරාක්‍රමබාහු රජ විසින් නිර්මාණය කර ඇත.

වැවු වර්ග[සංස්කරණය]

  • ගම් වැව්
  • මහ වැව්
  • කුළු වැව්

වැවක අංග[සංස්කරණය]

ඉහත්තාව[සංස්කරණය]

තාවුල්ල[සංස්කරණය]

පිට වාන[සංස්කරණය]

වැවු (ජල) තලය[සංස්කරණය]

බිසෝ කොටුව[සංස්කරණය]

වැවකින් ජලය බෙදා හැරිමේදි ඇති විය හැකි පීඩනයෙන් වේල්ල ආරක්ෂා කර ගැනීමේදි උපක්‍රමයකි. චුල වංශයට අනුව බිසෝ කොටුව කොටස් 03 කට බෙදන ලදී.

  1. වැවෙන් ළිඳට වතුර බසින බෝක්කුවක්
  2. ළිඳේ සිට බන්ධනයෙහි පිටස්තර බෑවුමෙහි අඩිය දක්වා බඳින ලද ජලය පිට කරන ‍‍බෝක්කුවක්
  3. ගැඹුරට කනින ලද විවෘත ඝෘඡුකෝණාඝ්‍ර ළිඳක් හෝ වළක් බිසෝ කොටුවේ දිය මුදා හරිනු ලබන දොරෙහි විවරය ලොකු කිරීමට හෝ කුඩා කිරීමට ඔසවන හා පහත් කරන උපකරණය"මොහොල,නම්වේ.

පරණවිතාන මහතා දක්වන්නේ සොරොව්ව හරහා බැහැර කරනු ලබන වැව් ජලයේ වේගය බිඳ දැමිම බිසෝ කොටුවේ ප්‍රධාන කාර්යය බවයි

ඇළ[සංස්කරණය]

වැවක ඵක් රැස් කරගත් ජලය කුඹුරැ වලට බෙදා හැරිම සඳහා සකස් කර ගත් ක්‍රමයකි. පැරණි වාරි ශිල්පින් ඇළමාර්ග පද්ධතියේ කාර්යය ප්‍රමාණය අනුව කොටස් 03 වර්ග කර ඇත.

  1. වැවේ ජලය කුඹුරු වලට බෙදා හැරිමේ ඇළ මාර්ගය.
  2. ගගක් හා ඹයක් හරහා අමුණක් බැඳඉන් ලබා ගන්නා ජලය වැවට ගෙන යාම සඳහා තනනු ලැබු ඇළ මාර්ගය
  3. බෙදාහරින ඇළමාර්ගයකින් ලියඳි වලට ජලය ලබා ගැනිමේ අතුරැ මාර්ගය

ලෝකයේ ව්ශිෂ්ඨ ජල තාක්ෂණයක් සැතපුමකට අගල් 1ක බෑවුමක,පළමු සැතපුම්18 තුළ ඇතිවනසේ අනුරාධපුර තිසා වෑව තෙක් සැතපුම්54 දිගට කනින ලද යෝධ ඇළ ධාතුසේන රඡු කල තිබු තාක්ෂණික දියුණුවයි.

වෑ කන්ද (වැව් බැම්ම)[සංස්කරණය]

වැව් බැම්ම තුළින් ජලය සුරක්ෂිතව තබා ගැනිම සිදුවේ.(වැවක ජලය රඳවා ගැනීම) සියළු වැව් වල වැව් බැම්මේ ඇතුල් පැත්ත මෙන්ම පිට පැත්තද බෑවුම් වන ලෙස ඉදි කොට ඇති අතර ඵසේ නිර්මාණය කොට ඇත්තේ ජල ධාරිතාව නිසාවැව් බැම්මට වන හානිය වළක්වා ගැනීමටයි.

වාන් ක්‍රමය[සංස්කරණය]

ඇළ මාර්ගය ජලයෙන් පිරැණු අවස්ථාවලදි අතිරික්ත ජලය ගලායාම සඳහා ගලින් නිර්මාණය කොට අැති වාන් ක්‍රම දැක්වේ. ඇළ මාර්ගයෙහි වේගයෙන් ජලය ගලා යන බෑවුම් සහිත ස්ථානයෙහි වේල්ල ආරක්ෂා කිරිම සඳහා ගල්වාන් යොදා ඇත.

සොරොව්ව / බිසෝ‍‍කොටුව[සංස්කරණය]

වැවේ ජලය මනා පාලනයකින් යුතුව ඇළ මාර්ග වලට මුදා හැරීම සඳහා යොදා ගන්නේ මෙයයි. සොරොව් වර්ග 03ක් දැකිය හැක.

  1. සොරොව්වේ ළිඳ ඇතුළට ජලය ගැනීම සඳහා එක් මගක්ද ජලය පිටට ගෙන යාම සඳහා එක්මගක්ද ජලය පිටට ගෙන යාමට එක් මගක්ද දැක්වේ.


  1. ඇතුළට ජලය ගැනීමට ඇළ මාර්ග 02න්ද ,පිටාරය සඳහා ඇළ මාර්ග 02ක්ද
  2. ඇතුළට ජලය ගන්නා එක් මගක්ද පිටට ජලය ගන්නා මාර්ග 02ක්ද ඇති සොරොව්

සමෝච්චකරණය[සංස්කරණය]

ක්‍රි.ව1 ශත වර්ෂයේ සිටම ලංකාවේ භූමිය මැනීම හා සම කිරිම පිළිඳව පුළුල් ඥනයක් තිබු බව පැහැදිලිවේ.

වාරි මාර්ග නඩත්තුව හා පාලනය[සංස්කරණය]

P025B094.JPG
  1. වැව් බැම්වල ගස් කැපීම
  2. ගවයන් දක්කා ගෙන යාම
  3. පැරණි බ්‍රහ්මීය ලිපි 2ක "අනගත""අවියක"යනු වාරි ඉංජිනේරැවෙකු හා ඇළවල් භාර නිලධාරියෙකි.-සෙනරත් පරණවිතාන.
  4. දොළොස්මහා වෑ තැන-වැව් පාලන සංවිධානය-(ඩබ්ලිව්.නිකලස්)
  5. 11සේන රජුට අයත් ශිලා ලිපිය-"වෑවැඡෑරෑම්" (වාරි කර්මාන්ත සම්බන්ධ විධායක නිළධාරියෙකු)"වෙල් කැව්"නිළධාරියා-දිය පාලනය,නෙලීම්,සී සෑම

වාරිකර්මාන්ත සඳහා අය කළ බඳු[සංස්කරණය]

  1. දිය බද්ද
  2. දිය බදු
  3. ඇළමාර්ග

මුලාශ්‍ර[සංස්කරණය]

  • මහාවංශය ,පුථම භාගය හා ද්වීතිය භාගය,සංස්කරණය හික්කඩුවේ ශ්‍රි සුමංගලාභිධාන නායක ස්ථවිර,ප්‍රකාශනය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව,1996
  • බස්නායක ඵච්.ටී,පුරාණ ශ්‍රි ලංකාවේ ජල ශිෂ්ටාචාරය ,1997,ඇම් ඩි ගුණසේන සහ සමාගම,217,‍කොළඹ11
  • සෙනෙව්රත්න අනුරාධ,පුරාණ සිංහල වාරි සංස්කෘතිය,2001,ප්‍රියසිරි ප්‍රින්ටික් සිස්ටම්,නුගේගොඩ
  • වාරි ශිෂ්ඨාචාරයක අභිමානය

මේ අඩව්ත් බ‍ලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වාරි_කර්මාන්ත&oldid=339466" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි