සාකච්ඡාව:බැමිණිතියා සාය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

බැමිණිතියා සාය[සංස්කරණය]

මේ පිටුවේ මාතෘකාව ගැන පොඩි කරුණු පැහැදිලි කිරීමක්. මට වැටහෙන විදිහට මෙය බැමිණිතියා සාය විය යුතු යි. සාය යනු සාගතය යි. සෑය යනු චෛත්‍යය යි. එනිසා මෙය එම පද බෙදීම ද ඇතුළත් ව බැමිණිතියා සාය නමැති නව පිටුවකට ගෙනියමු ද?--Anandawardhana (talk) 03:29, 25 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

ඇයි අහන්නේ? කලින් කරපු ඒවත් කලේ කලින් සංස්කාරකවරුන්ගෙන් අහලද? --- 112.135.197.2 03:33, 25 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

එහෙම කරන්න , කොහොම වුනත් මම බැමිණිතියාසාය කියලත් මාතෘකාවක් හදල මේකට ඈදලා ඇති. --Buddhikadissanayake 08:41, 25 අප්‍රේල් 2011 (යූටීසී) තවද පුළුවන්නම් සිහලවට්ඨු ප්‍රකාරණ කියන වචනෙත් අකුරු නිවැරදිද බලන්න.--Buddhikadissanayake 08:44, 25 අප්‍රේල් 2011 (යූටීසී)

සීහළවත්ථුප්පකරණය පාලි පොතක්. පාලි නිසා සීහළ යන්නත් ළ යන්න සහිත ව තමයි මෙහි දී ලියැවෙන්නෙ. එහි නම සඳහන් වෙන්නේ සීහළවත්ථුප්පකරණං(Sihalavatthu-ppakaraṇaṃ) කියලයි. එය සීහළවත්ථුප්පකරණය, සීහළ වත්ථුප්පකරණය, සීහළ වත්ථු පකරණය, සීහළවත්ථු පකරණය ආදී විවිධ අන්දමිනුත් වෙනත් තැන්වල සඳහන් වෙනවා. ප්‍රකරණය යනු සංස්කෘත පදයක්. එය පසු ව වෙනත් අය එම පොත ගැන කතා කරද්දී ඉබේ භාවිතයට ආවක්. සීහළවත්ථුප්පකරණය යනුවෙන් සඳහන් කිරීම සිංහල වාක්‍ය සහිත ඡේදයකට වඩා උචිත යි කියා හිතෙනවා.
අද මේ ගැන කරුණු හොයන විට තවත් දෙයක් ඉගෙනගන්න ලැබුණා. මේ සාගතයට නම පටබැඳී තියෙන්නෙ බ්‍රාහ්මණටීය නැතහොත් බ්‍රාහ්මණතීය කියන නමින්. ටීය හෙවත් තීය හෙවත් තිස්ස නම් වූ බ්‍රාහ්මණයකුගේ මෙහෙයීමෙන් හට ගත් කැරලිකාරී තත්වයක් ද පවත්නා පසු බිමෙහි ස්වාභාවික විපත් ද හේතුවෙන් මේ සාගතය හටගත් බව බෞද්ධ ශිෂ්ටාචාරය: මූලධර්ම සහ වංශකථාව(වන්දිම විජේබණ්ඩාර සහ එච්. එම්. මොරටුවගම) නමැති කෘතියේ සඳහන් වෙනවා. එනිසා සමහර පොත්වල බැමිණිටියා සාය වශයෙනුත් මේ නම සඳහන් වෙනවා.--Anandawardhana (talk) 11:08, 25 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

නියමයි, ආනන්ද --Buddhikadissanayake 16:16, 25 අප්‍රේල් 2011 (යූටීසී)