බළලා
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
බළලා | |
---|---|
![]() | |
විවිධ බළල් වර්ග | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Mammalia |
ගෝත්‍රය: | Carnivora |
කුලය: | Felidae |
ගණය: | 'Felis' |
විශේෂය: | F. catus |
ද්වීපද නාමය | |
Felis catus |
බළලා හෙවත් පූසා ක්ෂීරපායී සිවුපාවෙකි. බළලා මිනිසා විසින් ගෘහස්තව ඇති කරන අතර ඇතැම් බළල් විශේෂ වනචාරීව වෙසෙයි.මිනිසා විසින් ගොවි යුගයේදී හීලෑ කරගත් සතෙකි.මිනිසා විසින් රැස්කරගත් ආහාර විනාශ කිරීම සදහා පැමිණුන මීයන් වැනි කරදරකාරී සතුන් ආහාරයට ගැනීම නිසා බළලා මිනිසා ගේ මිතුරකු විය.එසේම සුරතලයට ඇතිකරහැකි මිනිසාට වඩාත් මිත්‍රශීලී සතෙකි.බළල් විශේෂ 70 පමණ ලොව පුරා වාසය කරති.
බළලා කොටියා සිංහයා ආදිය එකම පවුලකට අයත්ය.තියුණු සැඟවුන නිය,තියුනු රදනක දත්,මෘදු පතුල්,දියුණු ආඝ්‍රහණ ශක්තිය(ඉව) බළල් පවුලට පොදු දෙයකි.මිනිස් කනට නොඇසෙන තරංග සංඛ්‍යාතයකින් යුත් ශබ්ද ඔවුන්ට ඇසිය හැක.කෙසේ වෙතත් බළලුන්ට පෙනීමේ දුර්වලතාවක් ඇත.එනම් ඔවුන් වර්ණ අන්ධයන්ය.වර්ණ නොපෙනුනද දෘෂ්ටිය ඉතා තියුණුය.බළළුන් සන්නිවේදනය සදහා ශබ්දය හා ශරීර භාෂාව හා රසායනික සංයෝග භාවිත කරති.විවිධ හැඟීම් පලකිරීමේදී එකිනෙකට වෙනස් ශබ්ද පිටකරති.ශරීරය ඇතිල්ලීම වලිගය එසවීම ආදී ශරීරික චලනයන් මගින් පණිවුඩ ලබා දෙයි.බළලුන් බළලුන් අතර සන්නිවේදනයේදී ශරීරයෙන් පිටකරන රසායනික සංයෝග විශේෂ තැනක් ගනී.පිරිමි සතුන් තම රාජධානියේ සීමා ලකුණු කිරීමට මුත්‍රා යොදාගනී.මුත්‍රා සහ මළපහ සමග පිට කරන රසායන මගින් ස්ත්‍රී පුරුෂ බව,වයස වැනි තොරතුරු සංනිවේදනය කරති.තවද බළලුන් කුප්පමේනියා(Acalypha indica) කෑමට රුචියක් දක්වතී.ඊට හේතුව එම ශාකයෙන් නිකුත් වන ගන්ධයයි. එම ගන්ධයට හේතුවන්නේ කුප්පමේනියා ශාකයේ ඇති ට්‍රාන්ස් - නෙප්ටාලැක්ටෝන් නම් රසායන ද්‍රව්‍යයයි.