පොළොන්නරුව පෞරාණික නගරයේ පුරාවිද්‍යාත්මක ස්ථාන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
Vatadage.jpg

පොළොන්නරුව පෞරාණික නගරය‎ මූලික වශයෙන් ප්‍රධාන කොටස් කිහිපයකට බෙදී පවතී.

ඇතුල් නගරය[සංස්කරණය]

පොළොන්නරුව පැරණි නගරයේ කේන්ද්‍රස්ථානය ලෙස ඇතුලු නුවර සැළකේ. ගඩොලින් නිර්මිත ප්‍රාකාරයකින් වටවූ, හෙක්ටයාර 8.6 ක පමණ ආයත චතුරස්‍රාකාර භූමියක් මීට අයත් වේ. රාජමාළිගාව, රාජ සභාව, හා තවත් ගොඩනැගිලි රැසක අවශේෂ මෙම කලාපය තුල පිහිටයි.

වෙෙජයන්ත ප්‍රාසාදය[සංස්කරණය]

රාජ සභා මණ්ඩපය[සංස්කරණය]

කුමාර පොකුණ[සංස්කරණය]

පරාක්‍රමබාහු රජුගේ නන්දන උයන නම් වූ මෙම පොකුණ ඇතුළු නුවර නැගෙනහිර ප්‍රාකාරයට පිටත ගිණිකොණ දෙසින් පරාක්‍රම සමුද්‍රයෙන් ජලය ලබා ගත හැකි පහසු ස්ථානයක පිහිටා ඇත. සම හතරැස් හැඩයෙන් යුක්ත මෙම පොකුණ මධ්‍යයෙහි වෘත්තාකාර පද්මයකි.

දළදා මළුව[සංස්කරණය]

උස්වූ චතුරස්‍රාකාර භූමියක් තුල දළදා වහන්සේ වැඩ සිටි මාළිගාව ඉදිකොට තිබීම නිසා මෙම කලාපය දළදා මළුව ලෙස හඳුන්වයි.

අටදාගෙය[සංස්කරණය]

මෙය පළමු විජයබා රජු විසින් ඉදි කරවන ලද දළදා මැදූරයි. දෙමහල් ගොඩනැගිල්ලක් වූ මෙහි ඉහළ මාලයෙහි දන්ත ධාතූන් වහන්සේත් පාත්‍ර ධාතූන් වහන්සේත් තැන්පත් කොට ඇත. මෙම මාලිගාව දිගින් අඩ් 70ක් සහ පළලින් අඩි 45ක් වේ.

හැටදාගෙය[සංස්කරණය]

මෙය නිශ්ශංකමල්ල රජු විසින් ඉදිකරවන ලද මහල් දෙකකින් යුත් දළදා මැදූරයි. පැය හැටකින් සෑදූ හෙයින් හැටදාගෙය වී යැයි කියති. ගොඩනැගිල්ල මෙන්ම වටා ඇති ප්‍රාකාරයද ගලින්ම නිම කොට ඇත. ඉහත මාලය නිම කිරීමේ දී දැව භාවිතා කරන්නට ඇතැයි සිතිය හැකැ. මෙහි පිවිසෙන පියගැට පෙළ අසළ පුන් කලස් තැබීම මෙහි ඇති විශේෂත්වයයි. මෙය දිගින් අඩි 120ක් ද පළලින් අඩි 90ක් ද වේ.

වටදාගෙය[සංස්කරණය]

ගල්පොත ලිපිය[සංස්කරණය]

නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද මෙම සෙල්ලිපිය හැටදා ගෙයට දකුණු දිසාවෙන් පිහිටා ඇත. මෙය පොතක් මෙන් පිටු වෙන් කර ඇති ආකාරය දක්නට පිළිවන. සෙල්ලිපියෙහි ඉදිරිපස හංස පේළියකින්ද ඇත් රූ දෙකකින් ආවරණය කරගත් ලක්ෂ්මී දෙවඟන පෙන්වා ඇත්තේ වාසනාවේ සංකේතය ලෙසිනි. නිශ්ශංකමල්ල රජු විසින් ඉදි කරවන ලද සියළු රාජ්‍යමය කාර්යයන් මෙහි සඳහන් වේ. මෙම ගල සෑගිරියෙහි සිට මෙහි ගෙනා බව සඳහන් වේ. ලංකාවේ හමුවන විශාලම සෙල්ලිපිය වන මෙය දිගින් අඩි 27 අඟල් 10 ක්ද පළලින් අඩි 4 අඟල් 6 ක්ද වේ

සත්මහල් ප්‍රාසාදය[සංස්කරණය]

ගඩොලින් ඉදි කොට ඇති මෙම දූර්ලභගණයේ ස්මාරකය සත්මහල් ප්‍රාසාදය නම් වේ. මෙය ක්‍රමයෙන් ඉහලට යනවිට කුඩා වන සේ නිමවා ඇත. ඉහලට නැගීම සඳහා කළ පියගැට පෙළකි. සතර දිසාවෙහි ආරුක්කු සහිත වූ දොරටු සතරකි. මෙහි එක පැත්තක දිග අඩ් 35ක් පමණ වේ.

ථූපාරාමය පිළිමගෙය[සංස්කරණය]

මෙම පිළිම ගෙය ඉදිකරවන ලද්දේ 1වන විජයබාහු රජු විසින් යැයි මතයක් පවතී. දළදා මළුවෙහි වම් කෙළවරේ මෙම විහාරය පිහිටා ඇත.මෙහි වහලය නිම කොට ඇත්තේ ගඩොලින්මය. විහාරය ඇතුලත හුණුගලින් නිමකළ බුද්ධ ප්‍රතිමා 8ක් දක්නට ඇත. මෙම විහාරයෙහි දිග අඩි 84 අඟල් 6ක්ද පළල අඩි 56 අඟල් 2ක්ද වේ.

නිශ්ශංක ලතා මණ්ඩපය[සංස්කරණය]

දිගින් අඩි 34 අගල් 8ක් ද පළලින් අඩි 28 අගල් 8ක් ද වූ මෙම මන්දිරය නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද්දේ පිරිත් ශ්‍රවණය සඳහා යැයි කියැවේ. ගලින් කළ මණ්ඩපය මැද කුඩා දාගැබකි. මෙහි පිවිසෙන දොරටුව පියස්සකින් යුක්තය.

පිටත නගරය[සංස්කරණය]

ආලාහණ පිරිවෙන[සංස්කරණය]

ආලාහණ පිරිවෙන පොළොන්නරුවේ පිහිටි විශාලතම ආරාම සංකීර්ණය සේ සැළකේ. එය රන්කොත් වෙහෙර සිට ගල් විහාරය දක්වා වූ හෙක්ටයාර 35 ක පමණ භූමි ප්‍රමාණයක විසිර පවතී. පිරිවෙණ මහා පරාක්‍රමබාහු රජු විසින් පිහිටුවනු ලැබූවකි.

රංකොත් වෙහෙර[සංස්කරණය]

ආළාහන පිරිවෙණ නම් වු කොටසෙහි හමුවන විශාලම දා ගැබයි. නිශ්ශංකමල්ල රජුගේ නිර්මාණයක් ලෙස මෙය ප්‍රසිද්ධය. නිශ්ශංකමල්ල රජු මෙයට තැබු නම රුවන්වැලි සෑයයි. හතර දිසාවෙන් වාහල්කඩ සතරක් හා ඒ අතර පිළිම ගෙවල් ඉදිකොට ඇති අයුරු මෙහි දක්නට ඇත. මෙම දාගැබ අඩි 180ක් පමණ උස් වන අතර අඩි 550ක් පමණ වටප්‍රමාණයකින් යුක්ත වේ.

බද්ධසීමා ප්‍රාසාදය[සංස්කරණය]

ලංකාතිලක පිළිමගෙය[සංස්කරණය]

පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද මෙම විහාරය ලක්බිමෙහි තිලකයක් බඳූ වූ හෙයින් ලංකාතිලක වූ බව සඳහන් වේ. පොළොන්නරුවෙහි ඇති විශාලම ගොඩනැගිල්ල මෙය බව කියැවේ. මෙහි බිත්ති අඩි 55ක් පමණ උසකින් යුක්තය. නොයෙක් රූපයන්ගෙන් බිත්ති අලංකාර කොට තිබි ඇත. ඇතුzවන දොරටුව කොරවක් ගලින් හා මුරගල් වලින් සමන්විතය. මෙම විහාරය දිගින් අඩි 124ක් පමණ ද පළලින් අඩි 66ක් පමණද වේ.

කිරි වෙහෙර[සංස්කරණය]

ලංකාතිලක විහාරයට යාබදව ඇති කිරිවෙහෙර පරාක්‍රමබාහු රජුගේ සුබද්‍රා නම් බිසව සිහිවීම පිණිස සාදවන ලද බව සඳහන් වෙි. සතර දිසානුගතව කුඩා වාහල්කඩ හතරක් ද ඒ අතර කුඩා පිළිම ගෙවල් ද දාගැබ වටා දක්නට ලැබේ. මෙම දාගැබ උසින් අඩි 80ක් පමණ ද විශ්කම්භය අඩි 88ක් පමණ ද වේ. සුභද්‍රා බිසව විසින්ම කරවන ලද බවටද මතයක් තිබෙයි.

වෙනත්[සංස්කරණය]

පබළු වෙහෙර[සංස්කරණය]

දළදා මළුව පසුකර ඉදිරියට ගමන් කරන විට මෙය හමුවේ. පරාක්‍රමබාහු රජුගේ රූපවතී බිසව සිහිවීම පිනිස මෙය කරවන ලද බව සඳහන් වෙි. පබළු වලින් දාගැබ සරසා තිඛෙන්නට ඇතැයි සිතිය හැකි නිසාත් පබළු විශාල ප්‍රමාණයක් මෙම පෙදෙසින් සොයා ගැනීමට හැකි වූ නිසාත් ඉහත නාමය සෑදෙන්නට ඇත. දාගැඛෙහි කොත වෙනුවට තිබී ඇත්තේ ඡත්‍රයකි.

තිවංක පිළිමගෙය[සංස්කරණය]

විහාරයෙහි ඇති බුද්ධ ප්‍රතිමා ස්ථාන තුනකින් නැමි ඇති නිසා මෙම නාමය යෙදී ඇත.මෙහි බිත්ති සහ වහලය ගඩොලින්ම සාදා තිබු බව පෙනේ. විහාරයෙහි ඇතුළත බිත්ති සම්පූර්ණයෙන් ච්ත්‍ර ඇඳ ඇත. පිටත බිත්ති දේව විමන් වලින් සරසා ඇත.

පොත්ගුල් වෙහෙර[සංස්කරණය]

පොත්ගුල් වෙහෙර පරාක්‍ර්‍රමබාහු රජු විසින් ඉදි කොට ඇති අතර මහල් හතරකින් යුක්තය. මෙම වෙහෙර හමු වන්නේ පරාක්‍රම සමුද්‍රයෙහි වැව් බැම්ම ඔස්සේ කලහගල දෙසට මද දුරක් ගමන් කළ විටය. මෙම ස්ථානය දහම් පොත්පත් තැන්පත් කළ ස්ථානයක් ලෙසත් සමහරුන් මත පල කරති.

පරාක්‍රම සමුද්‍රය[සංස්කරණය]

ලංකාවේ පැරණි වාරිකර්මාන්ත අතර පරාක්‍රමබාහු රජු විසින් ඉදි කරවන ලද පරාක්‍රම සමුද්‍රයට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. කුඩා වැව් පහක් එක් කොට මේ වැව නිමවා ඇත. මෙහි වර්තමාන වැව් බැමිම දිගින් සැතපුමි අට හමාරක් වන අතර වැව් කණ්ඩ්යෙහි උස අඩ් 40කි. අක්කර අඩ් 80000 ජලය රදා පවතින මෙම ජලාශයට යට වී ඇති බිම් ප්‍රමාණය අක්කර 5350කි.

අනෙකුත් ඉදිකිරීම්[සංස්කරණය]

මුරගල[සංස්කරණය]

මුරගල ලෙස හඳූන්වන්නේ පූජනීය ගොඩනැගිලි දොරටුවල පඩිපෙළ දෙපස කොරවක් ගලෙහි කෙළවර සහ සඳකඩපහණ දෙපස ඇති අංගයයි. අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා වු රාජ සමයන් තුළ විවිධ තේමාවන් ඔස්සේ මුරගල් නිර්මාණය වී ඇත. පොළොන්නරුවෙහි පූජනීය ගොඩනැගිලි දොරටු අසල සහ කෞතුකාගාරයෙහි ඇතුළුව මුරගල් 54ක් පමණ දක්නට ලැඛෙන අතර දැනට ඉතා කලාත්මක නාගරාජ මුරගල පිහිටා අත්තේ වටදාගෙය නම් වූ පූජනීය ගොඩනැගිල්ලෙහි නැගෙනහිර දොරටුව දෙපසය.

සඳකඩපහණ[සංස්කරණය]

සඳකඩපහණ පැරණි ගොඩනැගිලි, දොරටු පාමුල, පියගැටපෙළ පාමුල හමුවන අර්ධ වෘත්තාකාර කලාත්මක අංගයකි. සඳකඩපහණ සඳහා බහුලවම යොදාගෙන ඇති සංකේත වනුයේ ඇතා, අශ්වයා, සිංහයා, ගවයා, හංසයා සහ උද්භිද මෝස්තර අතර පද්මය, බිනරමල,හා ලියවැලයි. ළොන්නරුවෙහි පූජනීය ගොඩනැගිලි ආශි්‍රතව සඳකඩපහණ් 42ක් පමණ හමුවී ඇති අතර මේවායෙහි විවිධ වෙනස්කම් දක්නට ලැබේ. පොළොන්නරු යුගයේදී අතැම් සඳකඩ පහන් වලින් ගවයාගේ සංකේතය ඉවත් කොට ඇත්තේ හින්දූ බලපෑම් නිසාය.

කොරවක්ගල[සංස්කරණය]

පූජනීය හා ඇතැම් පැරණි ගොඩනැගිලි දොරටු පියගැටපෙළ දෙපස කළ බැමි කොරවක්ගල ලෙස හඳූන්වයි. මෙම අංගය මුල් කාලීනව උපයෝගි කරගෙන ඇත්තේ පියගැටපෙළ නැගීම සඳහා වූ අත්වැල ලෙසයි. කොරවක්ගල සඳහා මකර රුවක් යොදා ගැනීම එහි කලාත්මක බව වැඩි කරයි. මෙය එකම ගලකින් නිර්මාණය කර ඇත. පොළොන්නරුවෙහි පැරණි නගරය ආශි්‍රතව විවිධ කලා නිර්මාණයන්ගෙන් යුත් කොරවක්ගල් 47ක් පමණ දැනට සොයාගෙන ඇත.