සත්මහල් ප්‍රාසාදය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සත්මහල් ප්‍රාසාදය

සත්මහල් ප්‍රාසාදය ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පෞරාණික නගරය තුල දළදා මළුවෙහි ගල් පොත ආසන්නයේ ඉදි කොට ඇති මීටර 9ක් පමණ උස් වූ පැරණි ඉදිකිරීමක් වේ.[1] සාම්ප්‍රදායිකව සත්මහල් ප්‍රාසාදය ලෙස හැඳින්වූවද මෙහි පැරණි නාමය හෝ අනෙකුත් විස්තර අවිනිශ්චිත වේ. මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1153-1186) විසින් පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදයක් කරවූ බවට මහාවංශයේ සඳහන්ව ඇතත්, මෙම ගොඩනැගිල්ල එය බැව් විශ්වාස කිරීම අපහසු බැව් පැවසෙයි.

ඉහළට නැගෙන විට පියවරෙන් පියවර කුඩාවන සේ චතුරස්‍රාකාර හැඩයෙන් මහල් හතක් වන සේ ඉදිකොට ඇති මෙම ඉදිකිරීම මෙරට විරල ඝණයේ සතූපයක් විය හැකි බව විශ්වාස කෙරේ. සත්මහල් ප්‍රාසාදය හැරුණු විට මෙම විශේෂිත ආකාරයේ ඉදිකිරීම් ත්‍රිත්වයක් අනුරාධපුර අභයගිරි විහාරයේ හා නඛා වෙහෙරහීදී දැකගත හැකිවේ. තායිලන්තයේ ලම්න්හ වාත් කුකුත් විහාරයේ ස්තූපයටද මෙය සමානකමක් දක්වයි. අග්නිදිග ආසියාතික රටවල වාස්තු ලක්ෂණ මෙම ගොඩනැගිල්ලෙහි දැකගත හැකි වේ.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "සත්මහල් ප්‍රාසාදය". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2015. 
"https://si.wikipedia.org/w/index.php?title=සත්මහල්_ප්‍රාසාදය&oldid=399921" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි