ද්වාරය:කතෝලික සභාව
හැඳින්වීමකතෝලික සභාව හෙවත් රෝමානු කතෝලික සභාව, 2019 වන විට ලොව පුරා බව්තීස්ම වූ කතෝලිකයන් බිලියන 1.3ක් සිටින ලොව විශාලතම ක්‍රිස්තියානි සභාව වේ. ලොව පැරණිතම සහ විශාලතම අවිච්ඡින්නව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ආයතනය වන අතර එය බටහිර ශිෂ්ටාචාරයේ ඉතිහාසය සහ සංවර්ධනයෙහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. කතෝලික සභාව, ලතින් සභාව සහ පෙරදිග කතෝලික සභා 23 ක් ඇතුළුව sui iuris සභා 24 කින් සමන්විත වන අතර ඒවා ලොව පුරා පිහිටි රදගුරු පදවි සහ eparchies 3,500 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත වේ. රෝමයේ බිෂොප්වරයා වන පාප්තුමා සභාව ප්‍රධානියා වේ. ශුද්ධාසනය ලෙස හැඳින්වෙන රෝමයේ රදගුරු පදවිය සභාවේ මධ්‍යම පාලන අධිකාරිය වේ. ශුද්ධාසනයේ පරිපාලන ආයතනය, රෝමානු කියුරියාව ලෙස හදුන්වන අතර, එහි ප්‍රධාන කාර්යාල ඇත්තේ ඉතාලියේ රෝමයේ කුඩා පරිවාර භූමියක් වන වතිකානු නගරයේ වන අතර, එහි රාජ්‍ය නායකයාද පාප්තුමා වේ. කතෝලික ධර්මයේ මූලික විශ්වාසයන් නයිසීයානු විශ්වාස ලක්ශනයේ දක්නට ලැබේ. කතෝලික සභාව ස්ථාපිත කරනු ලැබුවේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ විසිනි. තවද කතෝලික සභාව එහි බිශොප්වරුන් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයන්ගේ අනුප්‍රාප්තිකයින් වන අතර, පාප් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් විසින් ප්‍රමුඛත්වය ලබා දුන් ශුද්ධ වූ පේදුරු තුමන්ගේ අනුප්‍රාප්තිකයා වේ. එය ප්‍රේරිතයන් විසින් ඉගැන්වූ මුල් ක්‍රිස්තියානි ඇදහිල්ල ක්‍රියාවට නංවන අතර, ශුද්ධ ලියවිල්ල සහ පූජනීය සම්ප්‍රදාය(ජීවන සභා සම්ප්‍රදාය) හරහා ඇදහිල්ල නොවරදින ලෙස ආරක්ෂා කරන අතර, සභා ගුරු අධිකාරීත්වය හරහා නොවරදිනසුලු ලෙස අර්ථකථනය කරයි. එහි සක්‍රමේන්තු හතෙන්, දිව්‍ය සත්ප්‍රසාදය ප්‍රධාන එක වන අතර, එය දිව්‍ය පූජාවේදී පවත්වනු ලැබේ. කතෝලික සභාව උගන්වන්නේ පියතුමෙකු විසින් කැප කිරීම තුළින් පූජා කරන පූප සහ වයින් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය හා රුධිරය බවට පත්වන බවයි. කතෝලික සභාව තුළ මරිය තුමිය සදාකාලික කන්‍යාවක්, දෙවියන්ගේ මව සහ ස්වර්ගයේ රැජින ලෙස ගෞරවයට පාත්‍ර වේ. තව ඇය එතෙක් මෙතෙක් හා මතුවටත් පහල වූ ශ්‍රේෂ්ඨතම කාන්තාව ලෙසද ඉහළ ගෞරවයක් ලබා දෙයි.කතෝලික සමාජ ඉගැන්වීම් මගින් දයාවේ ශාරීරික හා අධ්‍යාත්මික ක්‍රියාවන් තුළින් රෝගීන්, දුප්පතුන් සහ පීඩිතයන් සඳහා ස්වේච්ඡා සහයෝගයක් ලබාදීමට ජනතාව මෙහෙයවයි. කතෝලික සභාව ලොව පුරා කතෝලික පාසල්, විශ්ව විද්‍යාල සහ විද්‍යාල, රෝහල් සහ අනාථ නිවාස දහස් ගණනක් ක්‍රියාත්මක කරන අතර ලොව විශාලතම රාජ්‍ය නොවන අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා සපයන්නා වේ. එහි අනෙකුත් සමාජ සේවා අතර බොහෝ පුණ්‍ය සහ මානුෂීය සංවිධාන වේ. කතෝලික සභාව බටහිර දර්ශනය, සංස්කෘතිය, කලාව, සංගීතය සහ විද්‍යාව කෙරෙහි ගැඹුරින් බලපා ඇත. කතෝලිකයන් ලොව පුරා සක්‍රීයව විවිධ කටයුතු වල නිරත වන අතර, 20 වන සියවසේ සිට, බහුතරයක් දකුණු අර්ධගෝලයේ වාසය කරයි. ක්‍රි.ව. 1054දී මහා සභා භේදයෙන් පසුව පෙරදිග ඕතඩොක්ස් සභාව, කතෝලික සභාවෙන් වෙන් වූ අතර, විශේෂයෙන් පාප්තුමාගේ අධිකාරය ප්‍රතික්ශේප කළේය. ක්‍රි.ව. 431 දී එපීසස් කවුන්සිලයට පසුව පෙරදිග සභාවද(Church of the East), ක්‍රි.ව. 451 දී කැල්සිඩෝන් මන්ත්‍රණ සභාවට පසුව ඔරියන්ටල් ඕර්තඩොක්ස් සභාවද කතෝලික සභාවෙන් වෙන් වී ගියේය. ඒ ජේසුස් වහන්සේගේ ස්වභාවයන් සම්බන්ධයෙන් පැන නැගුන මත භේද නිසාය. ආසන්න වශයෙන් මිලියන 18 ක ඒකාබද්ධ සාමාජිකත්වයක් ඇති පෙරදිග කතෝලික සභාව නියෝජනය කරන්නේ, විවිධ ඓතිහාසික තත්වයන් මගින් මෙම භේදයන් අතරතුර හෝ පසුව පාප් වහන්සේගේ අධිකාරීත්වය පිළිගන්නා පෙරදිග කිතුනුවන්ය. 16 වන ශතවර්ෂයේදී, ප්‍රතිසංස්කරණය මගින්ද තවත් කොටසක් කතෝලික සභාවෙන් වෙන්ව ස්වාධීන සභාවන් ආරම්භ කරගත්තේය. (තව දුරටත්...) තෝරාගත් ලිපි
සාමාන්‍ය ජිවිතයේ දි ෆ්‍රැන්සිස් පාප් තුමන් නිහතමානි, සරල, අල්පේච්ඡ ජිවිතයක් ගතකරන පුද්ගලයකු ලෙස බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියක් උසුලයි. එපමණක් නොව දුප්පතුන්ට නිතරම දයාවන්ත පියකු වූ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් දෙවිපියානන්ගේ අසීමිත දයාව පිළිබඳ ජිවමාන් සාක්ෂියක් විය. ශුද්ධ වූ සභාව වඩාත් විවුත හා කාලානුරුපි වී යුතුයි යන්න එතුමන්ගේ මතයයි. අසීමිත හා නොහික්මුණු අන්දමින් ධනය රැස් කිරීම හා මාක්ස්වාදි සංකල්පවලට එතුමන්ගේ විරෝධය ප්‍රකාශ කල අතර ගබ්සාව, අන්‍යාස මරණය, ගැබ්ගැනීම වැලැක්වීමේ උපක්‍රම, සමලිංගිකතාව, කාන්තාවන් සඳහා පුජාත්වරය පිරිනැමීම හා පුජකතුමන්ලාගේ බ්‍රහ්මචාරි ජීවිතය පිලිබඳ වූ ශුද්ධ වූ සභාවේ සම්ප්‍රදායන් ඒ ආකාරයයෙන්ම ආරක්ෂා කරන ලදි. පාරිබෝගික අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් හා වගකීම් සහිත වූ සංවර්ධනයක් වෙනුවෙන් එතුමන් හඬ නැගීය. එතුමන් විසින් ප්‍රකාශයට පත්කරන ලද “වේ ප්‍රසංසා” යන විශ්ව ලේඛනය තුළින් දේශගුණ විපර්යාස පිලිබඳ ප්‍රබල ජාත්‍යන්තර කතිකාවතක් ඇති කිරීමට සමත් විය. පාප් පදවියට පත් වීමෙන් පසු ෆ්‍රැන්සිස් යන නාමය ලබාගත් මෙතුමාගේ පෞද්ගලික නාමය වූයේ ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ (Jorge Mario Bergoglio) යන්නයි. ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ උපත ලැබුවේ 1936 දෙසැම්බර් 17 වැනි දින ආර්ජන්ටිනාවේ බුඑනොස් එයර්ස්හි (Buenos Aires) ෆ්ලොරේස් (Flores) නම් දිස්ත්‍රික්කයෙදි ය. දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා ලෙස ඔහු උපත ලැබුවේය. ඔහුගේ පියා මාරියෝ ජොසේ බර්ගොග්ලියෝ ඉතාලියෙන් අර්ජන්ටිනාවට සංක්‍රමණය වූ පුද්ගලයෙක් විය. පියා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක් විය. ඔහුගේ මව රෙජිනා මාරියා සිවොරිය. ගෘහණියක් වූ ඇය ආර්ජන්ටිනාවේ බුඑනොස් එයර්ස් හි උපත ලබා ඇතත් ඇයට තිබුනෙත් ඉතාලි සම්භවයකි.1929 වර්ෂය වනතුරු මාරියෝ ජොසේලා ජීවත්ව තිබෙන්නේ ඉතාලියේ ය. ඒ වුනත් 1929න් පසුව මෙම පවුලේ උදවිය ආර්ජන්ටිනාවේ පදිංචියට පැමිණ තිබේ. ඔවුන් තමන් ඉපදුන මුල් ගම් බිම් වෙනස් කිරීමට හේතු වි ඇත්තේ අන් කවර හේතුවක් නිසාවත් නොව මොසොලිනිගේ පාලනයට නොකැමැත්තෙන් බව පැවසේ. මේ වග සාක්ෂි සහිතව ප්‍රකාශ කරන්නේ මරියා එලේනා ය. මරියා එලේනා ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ සොහොයුරියයි. මරියා එලේනා හැරුනු විට ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෙසු සහෝදර සහෝදරියන් මේ වනවිට ජිවිතක්ෂයට පත්ව ඇත. පියා ආර්ජන්ටිනාවේ ජිවත් වුවද ඉතාලියට බෙහෙවින් ආදරය කළ පුද්ගලයෙකු බව ඈ පවසන්නීය. (තව දුරටත්...)
තෝරාගත් සේයාරුඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?ඔබට කතෝලික සභාව සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද? සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක. Related portalsමැයි මාසයේ මංගල්‍යයන්Selected quoteඋප මාතෘකාExternal resourcesආශ්‍රිත විකිමීඩියා
|













