කතෝලික සභාවේ සක්‍රමේන්තු

විකිපීඩියා වෙතින්
රොජියර් වොන් ඩ වෙයිඩන් විසින් 1448දී පමණ නිර්මිත සක්‍රමේන්තු හත.

රෝමානු කතෝලික සභාව උගන්වන පරිදී, කතෝලික සභාවේ සක්‍රමේන්තු යනු, "ක්‍රිස්තුන් වහන්සේ විසින් ස්ථාපනය කරනු ලැබ සභාව වෙත බාර කරන ලද, අප වෙත දිව්‍යමය ජීවය ප්‍රදානය කරන්නාවූ, වරප්‍රසාද ලබාදෙන ප්‍රත්‍යක්ෂ සළකුණු වෙති. සක්‍රමේන්තු විදි සිද්ධ කරන්නාවූ පිටස්තර චාරිත්‍රවිධි විසින් දක්වා සිටින්නේ සහ පෙන්වා දෙන්නේ එක් එක් සක්‍රමේන්තුවට උචිත වරප්‍රසාදයන් වෙති. අවශ්‍ය සූදානම සහිතව මේවා ලබාගන්නා අයවළුන් වෙත යහපත් විපාක ලැබෙයි."[1] සෑම අයවළුන් විසින්ම සෑම සක්‍රමේන්තුවක්ම ලබා ගත යුතු නොවෙතත්, සභාව විසින් සමස්තයක් වශයෙන් විශ්වාසකයන් හට තරයේ කියා සිටින්නේ, ක්‍රිස්තුන් වහන්සේ විසින්ම ස්ථාපිත දිව්‍යමය වරප්‍රසාද ලබා දෙන්නාවූ ප්‍රකාරයක් වන්නාවූ සක්‍රමේන්තු, ගැලවීම සඳහා අවශ්‍යම බවයි.[2] මෙලෙසින්ම, ක්‍රිස්තූන් වහන්සේගේ සක්‍රමේන්තු වෙනුවෙන් වන එකම ප්‍රදානකරුවා වන බැවින්, කතෝලික සභාව හැඳින්වෙන්නේ, ප්‍රත්‍යක සක්‍රමේන්තු හත කැටි කොට ගත් "විශ්ව ගැලවීමේ සක්‍රමේන්තුව" ලෙසිනි. සභාව පවසන පරිදී, මෙම එක් එක් සක්‍රමේන්තුව ඔස්සේ, ක්‍රිස්තුන් වහන්සේට හා සභාවට ඇතුලත් කර ගැනීම, පවු කමා කිරීම හෝ, කිසියම් සේවාවකට අභිෂේක කිරීම වැනි, සක්‍රමේන්තුවට අදාල නියමිත වරප්‍රසාදය ක්‍රිස්තුන් වහන්සේ විසින් ප්‍රදානය කරනු ලැබේ.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

  • Catechism of the Catholic Church on the Seven Sacraments
  • "Session VII - Sacraments" . Canons and Decrees of the Council of Trent. Translated by Theodore Alois Buckley. 1851.
  • 7 Sacraments