ස්කන්ධ–ශක්ති තුල්‍යතාවය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
අයින්ස්ටයින්ගේ 1905 E = mc2 සමීකරණය නිරූපනය කරන මීටර් 3 උසැති මූර්තිය ජර්මනියේ, බර්ලිනයෙහි, 2006 වසරෙහි වෝක් ඔෆ් අයිඩියාස් හිදී

භෞතික විද්‍යාවේ දී ස්කන්ධ-ශක්ති තුල්‍යතාවය ස්කන්ධයක් සහිත ඕනෑ දෙයකට ඊට සමතුල්‍ය ශක්තියක් තිබෙන බව සහ එහි විලෝමය කියා පායි. මෙමඟින් ඇල්බට් අයින්ස්ටයින්ගේ

යන සූත්‍රය පැහැදිලි කරයි .

මෙම සූත්‍රය මඟින් දක්වා තිබෙන්නේ ස්කන්ධය (m) හා ආලෝකයේ වේගයේ (c= ~3×108ms-1) වර්ගයේ ගුණිතයෙන් සමතුල්‍ය ශක්තිය (E) ගණනය කල හැකි බව යි.  ඒ හා සමානව ම ශක්තියක් එහි ශක්තිය (E) ආලෝකයේ වේගයේ වර්ගයෙන් () බෙදූ විට එන ප්‍රමාණයක ස්කන්ධයක් පෙන්වයි. එදිනෙදා ඒකකවලින් ගත් කල ආලෝකයේ වේගය ඉතා විශාල  අගයක් වන බැවින් මෙම සූත්‍රයට අනුව කුඩා බරක් තිබෙන සාමාන්‍ය නිශ්චල වස්තුවකට වුව ද ස්වාභාවයෙන් ම පිහිටි විශාල ශක්තියක් තිබේ. රසායනික, න්‍යෂ්ටික හා අනෙකුත් ශක්ති පරිණාමනයන් නිසා පද්ධතියෙන් එහි ශක්තියෙන් යම් ප්‍රමාණයක් (හා ඊට සමතුල්‍ය ස්කන්ධයක්) නැති වී යන අතර මෙය ආලෝක විකිරණ ශක්තියක් ලෙස හෝ තාපජ ශක්තියක් ලෙස පිටකරනු ලබයි.

ස්කන්ධ-ශක්ති තුල්‍යතාවය හෙන්රි පොයින්කෙයාර් විසින් විස්තර කරන ලද විශේෂ සාපේක්ෂතාවාදයෙන්විරෝධභාශිතයකින් ඉදිරිපත් වූවකි. අයින්ස්ටයින් විසින් මෙය පළමු වරට ඉදිරිපත් කරන ලද්දේ 1905 නොවැම්බර් 05වනදා පල වූ ඇනස් මිරබිලිස් (ප්‍රාතිහාර්යාත්මක වසර) නම් වූ ලිපිවලින් එකක් වූ "වස්තුවක අවස්ථිතිය එහි ශක්ති අන්තර්ගතය මත රඳා පවතින්නේ ද?" යන ලිපියේ ය. ස්කන්ධ-ශක්ති තුල්‍යතාවය සාමාන්‍ය මූලධර්මයක් සහ අවකාශයේ සහ කාලයේ සමමිතීන්ගේ අපරාංගයක් බව කීමට පළමුවැන්නා වූයේ අයින්ස්ටයින් ය.

ස්කන්ධ-ශක්ති තුල්‍යතාවයේ අපරාංගයක් ලෙස වස්තුවක් නිශ්චල ව තිබෙන විට එහි තවමත් එහි නිශ්චල ස්කන්ධයට සමතුල්‍ය නිශ්චල ශක්තිය යනුවෙන් හඳුන්වන ඇතුලාන්ත හෝ නිජ ශක්තියක් තිබේ. එම වස්තුව චලිතයේ තිබිය දී එහි සම්පූර්ණ ශක්තිය එහි නිශ්චල ශක්තියට වඩා වැඩි වන අතර ඊට සමතුල්‍ය ව එහි සම්පූර්ණ ස්කන්ධය එහි නිශ්චල ස්කන්ධයට වඩා වැඩි වේ. මෙම නිශ්චල ස්කන්ධය එහි චලිතය කෙසේ වුව ද, සාමාන්‍ය සහ විශේෂ සාපේක්ෂතාවාදයන්ගේ සලකා බැලෙන අතිවිශාල වේගයන් සහ ගුරුත්වයන් යටතේ වුව ද වෙනස් නොවී පවතින නිසා මෙය අචල්‍ය ස්කන්ධය ලෙස ද හැඳින්වේ.