ඇල්බට්‍ අයින්ස්ටයින්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඇල්බට්‍ අයින්ස්ටයින්
Head and shoulders photo of Einstein with moustache and graying, curly hair, smiling slightly
ඇල්බට්‍ අයින්ස්ටයින්, 1921
උපත 14 මාර්තු 1879(1879-03-14)
අල්ම්, ‍වර්ටම්බගේ, ජර්මනිය
මරණය 18 අප්‍රේල් 1955 (වයස 76)
ප්‍රින්සිටන්, නිවු පර්සි, ඇමරිකා එක්සත් ජනපදය
අවසන් කටයුතු Grounds of the Institute for Advanced Study, Princeton, New Jersey.
නිවහන ජර්මනිය , ඉතාලිය, ස්ව්‍ස්ටර්ලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය
වාර්ගිකත්වය නැගෙනහිර යුරෝපීය යුදෙවු
පුරවැසිභාවය
උගත් ශාස්ත්‍රාලය
ප්‍රසිද්ධ වන්නේ
කලත්‍රයා(යන්)
තිළිණයන්
අත්සන
Albert Einstein signature.svg

ඇල්බට්‍ අයින්ස්ටයින් ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක් විය. ඔහු සිය සාපේක්ෂතා වාදය හා ස්කන්ධ - ශක්ති තුල්‍යතාව ( E = mc2) සමීකරණය සඳහා වඩාත් ප්‍රසිද්ධ ‍වී ඇත. අයින්ස්ටයින් “ඔහුගේ සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම වල සොයා ගැනීම්‍” නිසා 1921 දී භෞතික විද්‍යාව සදහා වු නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.

යාන්ත්‍ර විද්‍යාව සහ විද්‍යුත් චුම්භකත්වය නැවත සම්බන්ධ කරමින් ඉදිරිපත් කළ විශේෂ සාපේක්ෂතාවාදය සහ නව ගුරුත්වාකර්ෂණ වාදයකට නිර්මාණය කරමින් සාපේකෂතාවාදී මූලධර්ම ඒකාකාරී නොවන චලිතවලට ද අදාල කරමින් ඉදිරිපත් කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ද භෞතික විද්‍යාවට අයින්ස්ටයින් දැක්වු ප්‍රධාන දායකත්වන් වේ. ඔහු දැක්වූ අනෙකුත් දායකත්වයන් අතරට සාපේක්ෂවාදී තාරකා විද්‍යාව, විශ්ව න්‍යාය විද්‍යාව, කේශික ක්‍රියාව, අවධි උපලනය, ස්ථිතිමය යාන්ත්‍ර විද්‍යා‍වේ ගැටළු හා ඒවායේ ක්වොන්ටම්‍විද්‍යාත්මක යෙදීම්‍, අණුක බ්‍රවුනිය චලිතය පිළිබඳ විවරණය, සංක්‍රමණ සම්‍භාවිතාව, ඒක පරමාණුක වායු පිළිබඳ ක්වොන්ටම්‍වාදය, අඩු විකිරණ ඝනත්වයක් සහිත ආලෝකයේ තාප ගුණ (මෙය ෆෝටෝන වාදයයට මුලික පදනම විය) උත්තේජිත විමෝචනය ඇතුලත් විකිරණ වාදය, ඒකීකෘත ක්ෂේත්‍රවාද සංකල්පය, භෞතික විද්‍යා‍වේ ජ්‍යාමිතිකකරණය ආදිය අයත්ය.

ඇල්බට්‍ අයින්ස්ටයින් පල කළ ප්‍රකාශන අතරට විද්‍යාත්මක පත්‍රිකා /නිබන්ධන පනහකට වැඩි ප්‍රමාණයක් ද විද්‍යාත්මක නොවන පොත්පත් අයත් වේ. භෞතික විද්‍යාව සම්බන්ෂධ පිරිස් අයින්ස්ටයින් පුජක තත්වයේ ලා සලකන අතර 1999 දී “ටයිම්‍” සගරාව මගින් ඔහු “ශතවර්ෂයේ මිනිසා” වශයෙන් නම්‍කරන ලදී. ඔහුගේ නම ගැලීලියේ ගැලීලි, අයිසැක් නිවුටන්, චාල්ස් ඩාවින් වැනි විද්‍යාඥයන්ගේ නම් අතර ඔවුන් ද පවා අභිබවා යන තරම් විශිෂ්ඨ විද්‍යාඥයෙක් ලෝක ඉතිහාසයේ සුප්‍රසිද්ධම විද්‍යාඥයා වන්නේ ද ඇල්බර්ට් අයින්ස්ටයින්මය. වර්තමාන සංස්කෘතිය තුල “අයින්ස්ටයින්” යන්න විශිෂ්ට බුද්ධිමතා යන වචනයට සමාන පදයක් වශයෙන්ද භාවිතා වේ.

පටුන

චරිතාපදාන[සංස්කරණය කරන්න]

මුල් අවධිය සහ අධ්‍යාපනය[සංස්කරණය කරන්න]

මෙයද බලන්න : අයින්ස්ටයින් පවුල

1882 දී 3 වන වියේ දී අයින්ස්ටයින්
වයස අවුරුදු 14 දී අයින්ස්ටයින් (1893)
වයස අවුරුදු 17 දී අයින්ස්ටයින්ගේ මැටි්රකියුලේෂන් විභාගයෙන් සහතිකය(6 හොඳම ලකුණ වීම 1-6 පරාසයකට)


ඇල්බට් අයින්ස්ටයින් 1879 මාර්තු 14 වැනිදා, ජර්මානු අධිරාජ්යය තුල වෙටම්බර්ක් රාජධානියේ, Ulmහිදී උපත ලැබීය. ඔහුගේ පියා වන හර්මන් අයින්ස්ටයින් (Hermann Einstein), වෙළෙන්දෙකු සහ ඉංජිනේරුවෙකු විය. ඔහුගේ මව පවුලින් අයින්ස්ටයින් (Pauline Koch) විය. වර්ෂ 1880 දී ඔවුන් Munich වෙත පැමිණි පසු ඔහුගේ පියා සහ මාමා එක්ව Elektrotechnische Fabrik J. Einstein & Cie නමින් විදුලි උපකරණ නිෂ්පාදනය කරන සමාගම ආරම්භ කරන ලදී.

“ලෝකය ගැන දන්නෙ නැති මොඩ කම්මැලි කොල්ලා. ඇල්බට් උඹට නම් කවදාවත් මිනිහෙක් වෙන්න හම්බ වෙන්නෙ නැහැ” ලූයිපෝල් විද්‍යාලයේ ප‍්‍රාථමික පංතිභාර ගුරුවරයා හැම තිස්සේම උඩ බලාගෙන කල්පනා කරන පුංචි කොලු ගැටයෙකුට කේන්තියෙන් සැර කළා.ගුරුවරයාගේ ගෝරණාඩුවෙන් කල්පනා ලෝකයෙන් මිදුණු කොලු පැංචා ආයිමත් පාඩමට හිත යොදවන්න උත්සාහ ගත්තා.කවදාවත් මිනිහෙක් වෙන්නේ නැහැයි කියලා එදා ඒ ගුරුතුමා එහෙම අනාවැකියක් පළ කළාට ඊට වසර ගණනාවකට පස්සේ 20 වැනි සියවසේ පහළ වුණු මහා ප‍්‍රාඥායා බවට පත් වන්නට මොහුට පුළුවන් වුණා. ඒ අන් කවරකුවත් නොව ඇල්බට් අයින්ස්ටයින්ය.

ඉගෙනීමට දස්කම් නොපෙන් වූ ළමා විය ජර්මනියේ මියුනික් නුවරට කිට්ටුව උල්මා නගරයේ යුදෙව් පවුලක් ජීවත් වුණා. ඒ අය බොහෝම අල්පේච්ච ජීවිතයක් ගත කළ ඇත්තන්. ඒ පවුලේ ප‍්‍රධානියාගේ රැකියාව වුණේ විදුලි උපකරණ අලුත් වැඩියා කිරීමයි. 1879 මාර්තු 14 වැනි දා මේ මව්පිය දෙදෙනාට පුංචි පුතෙක් උපන්නා. තාත්තා මේ පුතාට ඇල්බට් කියලා නම තිබ්බා.ඇල්බට් කුඩා කල සිටම දුර්වල ළමයෙක්. අවුරුදු තුනක් පමණ ගතවනතුරු ඔහු කතා කළේ නැහැ. මව්පියන් හිතුවේ තමන්ගේ පුත‍්‍රයා උපන් ගෙයි ගොළුවෙක් කියලයි.ඒත් එහෙම වුණේ නැහැ. අවුරුදු තුනෙන් පස්සේ ඇල්බට් කතා කරන්න පටන් ගත්තා. කල වයස හරියන කොට මව්පියන් ඔහුව ලූයිපෝල් පාසලට ඇතුළත් කළා. ඒ කාලේ ඉගැන්නුවේ කටපාඩම් කරන්නටයි. ළමයින් ගිරව් වගේ කට පාඩම් කළා. මේ ක‍්‍රමය බොහෝ දරුවන්ගේ හිත් ගත්තේ නැහැ. ඇල්බට් අයින්ස්ටයින්ටන් මේ ඉගැන්වීමේ ක‍්‍රමය හිත් ගත්තේ නැහැ. ඒ නිසා ඔහුට ඉස්කෝලේ එපා වුණා. හැමදාම උදේට ඉස්කෝලේ යන්න බැහැ කියලා පෙරළි කරන්න ගත්තා. ඇල්බට්ගේ දෙමව්පියන් මේ ගැන වද වුණා. තමන්ගේ පුතා ඉගෙන ගත්තේ නැත්නම් ඔහුගේ අනාගතය අඳුරු වන බව ඔවුන්ට අවබොධ වුණා. ඒ නිසා මහත් පෙරැත්ත කරමින් ඇල්බට්ව පාසලට රැගෙන යන්න ඔවුන් උත්සාහ ගත්තා.

උපාධිය ලබා ගනියිදවසක් ඇල්බට්ගේ තාත්තා පුතාට කොම්පාසුවක් ගෙනැවිත් දුන්නා. කොයි අතට හැරෙව්වත් එහි කටුව යොමුවුණේ උතුරටයි. ඇල්බට්ට මෙය මහත් ප‍්‍රහේළිකාවක් වුණා. ඔහු මේ ගැන කල්පනා කරන්න ගත්තා. ඇල්බට්ගේ හිස ඉලක්කම් වලින් පිරෙන්න ගත්තා. ඉගෙනීම කෙරෙහි ක‍්‍රමයෙන් ඔහුගේ හිත ඇදී යන්නට වුණා.මේ අතරතුරේ දී ඇල්බට්ගේ පියාගේ ව්‍යාපාර බංකොළොත් වුණා. ව්‍යාපාර ආරම්භ කරන්නට ඔහුට වෙනත් ප‍්‍රදේශයකට යන්න සිද්ධ වුණා. මේ නිසා ලූයිපෝල් පාසලින් අස්වෙන්න ඇල්බට්ට සිද්ධ වුණා. මේ ගැන ඔහු එතරම් දුක් වුණේ නම් නැහැ. ඒ වන විටත් ඒ පාසල ඇල්බට්ට එපා වී තිබීම ඊට හේතුවයි.ඉගෙනීම කෙරෙහි ඇල්මෙන් සිටි ඇල්බට් ස්විට්සර්ලන්තයේ ස්විස් ෆෙඩරල් තාක්‍ෂණික ආයතනයට ඇතුළු වී අධ්‍යාපනය ලබන්නට උත්සාහ දැරුවා. එහෙත් ඇතුළත් වීමේ විභාගයෙන් අසමත් වුණු නිසා ඔහුට ඒ සිහිනය සැබෑ කරගන්නට පුළුවන් වුණේ නැහැ. මින් අධෛර්යමත් නොවුණු අයින්ස්ටයින් වෙනත් විද්‍යාලයකට ඇතුළු වන්නට උත්සාහ ගත්තා. මහන්සි වී ඉගෙන ගත් හෙතෙම එවර ඇතුළත් වීමේ විභාගයෙන් සමත් වුණා. වයස 26 දී භෞතික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් ලබා ගන්නට අයින්ස්ටයින් සමත් වුණා.1909 සිට 1911 දක්වා සූරිච් සරසවියේ ද 1911 සිට 1913 දක්වා පැරගුවේ සරසවියේ ද භෞතික විද්‍යා මහාචාර්යවරයා වශයෙන් කටයුතු කළ ඇල්බට් අයින්ස්ටයින් 1913 දී ජර්මනියේ කයිසර්විල් හෙල්ම් භෞතික විද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂවරයා ලෙසින් ද කටයුතු කළා.

විවාහ හා දරුවන්[සංස්කරණය කරන්න]

පේටන්ට් කාර්යාලය[සංස්කරණය කරන්න]

වයස අවුරුදු 25 දී අයින්ස්ටයින් (1904)

අධ්‍යයන වෘත්තීය[සංස්කරණය කරන්න]

විදේශ රටවල ගමන් 1921-1922[සංස්කරණය කරන්න]

එක්සත් ජනපදය, 1930-1931 දක්වා ගමන්[සංස්කරණය කරන්න]

1933 දී එක්සත් ජනපද විගමන[සංස්කරණය කරන්න]

සරණාගත තත්ත්වය[සංස්කරණය කරන්න]

උසස් අධ්‍යයන සඳහා වූ ආයතනයේ නේවාසික විද්වතෙක්[සංස්කරණය කරන්න]

දෙවන ලෝක යුද්ධය හා මැන්හැටන් ව්‍යාපෘතිය[සංස්කරණය කරන්න]

ඇමරිකානු පුරවැසිභාවය[සංස්කරණය කරන්න]

පෞද්ගලික ජීවිතය[සංස්කරණය කරන්න]

සිවිල් අයිතිවාසිකම් ආධාරකරුවකු[සංස්කරණය කරන්න]

Assisting Zionist හේතූන්[සංස්කරණය කරන්න]

සංගීත ආදරය[සංස්කරණය කරන්න]

දේශපාලන හා ආගමික අදහස්[සංස්කරණය කරන්න]

ඔබ නොදත් කරුණු[සංස්කරණය කරන්න]

මෙන්න එතුමගැන ගොඩක් අය නොදන්නා කරුණු ටිකක්...


1. ඔහුට පොඩි කාලේදී කතාකිරීමේ අපහසුතාවයක් තිබිල තියෙනවා. එක නිසා එයා අනිත් අයත් එක්ක කතා කරලා තියෙන්නේ කැඩි කැඩීලු..

2.අසාමාන්‍ය බුද්ධියක් තිබුනට ඔහුගේ මතකය ඉතාම දුර්වලයිලු. බිරිඳගේ සහ පුතාගේ උපන්දිනවත් ඔහුට මතක තියෙන්නේ නැතිලු. කොටින්ම කිව්වොත් ගෙදරට යන පාරත් බොහොම අමරුවෙන්ලු මතක තියගන්නෙ.

3.විශ්ව විද්‍යාලෙදි ඔහු භූගෝල විද්‍යාව, ඉතිහාසය සහ භාෂා විෂයන්ට දුර්වල කෙනෙක් වෙලා තියෙනවා.

4.ඉංග්‍රීසි වචන ලිවීමට ඔහු අකමැති වූ අතර එමනිසාම ඔහුට ඉංග්‍රීසියෙන් කතා කිරීමට නොහැකි වී තිබෙනවා.

5.ඔහුගේ පාදයේ එක ඇඟිල්ලක් විශාලව වැඩි තිබු අතර ඒ නිසා මේස පළඳින සෑම වෙලාවකදීම ඒවායේ හිල් ඇතිවී තියෙනවා.

6. අයින්ස්ටයින් විද්‍යා ප්‍රබන්ධ හෙලා දැකපු කෙනෙක්.. ජීවත්ව ඉන්න කලේ එයා කාලතරණ යන්ත්‍ර, පියාඹන පිරිසි වැනි දේවල් පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරාලු.

7.අයින්ස්ටයින් මියගියපසු පවුලේ අයටවත් නොදන්ව ඔහුගේ මොලය සිරුරෙන් ඉවත් කර පරීක්ෂණ සඳහා තබා ගැනීමට මරණ පරීක්ෂකයා කටයුතු කරපු බැවින් අන්තිමට ඔහුට තමන්ගේ අසාමාන්‍ය මොලය නොමැතිවයි සමු ගන්න වෙලා තියෙන්නේ..


මරණය[සංස්කරණය කරන්න]

අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් ඇල්බට් අයින්ස්ටයින් මිය ගිය අතර ඔහු ශල්‍යකර්මයක් ප්‍රතික්ෂේප කර ඇත. ඔහු වෛද්‍යවරයා‍ට පවසා ඇත්තේ "මට යෑමට අවශ්‍ය විට යා යුතුයි. කෘතිමව ජිවත් වෙලා ඵලක් නෑ.මම මගේ කොටස අවසන් කරලා තියෙන්නේ. මම ඒක කදිමෙට කරනවා" යනුවෙනුයි. පසුදින එලිවෙත්ම ඔහු ප්‍රින්ස්ටන්හි රෝහලක 76 වියේදි ‍මරණයට පත්විය.

විද්‍යාත්මක වෘත්තීය[සංස්කරණය කරන්න]

1905 - Annus Mirabilis ලියවිල්ල[සංස්කරණය කරන්න]

තාප ගතික පැද්දීම් හා සංඛ්‍යානමය භෞතික[සංස්කරණය කරන්න]

පොදු මූලධර්ම[සංස්කරණය කරන්න]

සාපේක්ෂතාවාදය සහ E= mc²[සංස්කරණය කරන්න]

ෆෝටෝන හා ක්වන්ටම් ශක්තිය[සංස්කරණය කරන්න]

ක්වොන්ටිනීකෘත පරමාණුක දෙදරීම[සංස්කරණය කරන්න]

ස්ථිරතාපී මූලධර්මය හා ක්රියාකාරී-කෝණය විචල්‍යයන්[සංස්කරණය කරන්න]

තරංග-අංශු ද්විත්වය[සංස්කරණය කරන්න]

Theory of critical opalescence[සංස්කරණය කරන්න]

ශුන්‍ය ලක්ෂ්‍යය ශක්තිය[සංස්කරණය කරන්න]

සාමාන්‍ය සාපේක්ෂතාවාදය හා තුල්‍යයතා මූලධර්මය[සංස්කරණය කරන්න]

Hole argument හා Entwurf theory[සංස්කරණය කරන්න]

අජටාකාශවිද්‍යාව[සංස්කරණය කරන්න]

නූතන ක්වොන්ටම් වාදය[සංස්කරණය කරන්න]

බෝස් අයින්ස්ටයින් සංඛ්යානය[සංස්කරණය කරන්න]

Energy momentum pseudotensor[සංස්කරණය කරන්න]

Unified field theory[සංස්කරණය කරන්න]

Wormholes[සංස්කරණය කරන්න]

Einstein–Cartan theory[සංස්කරණය කරන්න]

චලිත සමීකරණ[සංස්කරණය කරන්න]

v= u+at

වෙනත් පරීක්ෂණ[සංස්කරණය කරන්න]

වෙනත් විද්යාඥයින් සමඟ එක්ව[සංස්කරණය කරන්න]

Einstein–de Haas experiment[සංස්කරණය කරන්න]

Schrödinger gas model[සංස්කරණය කරන්න]

Einstein refrigerator[සංස්කරණය කරන්න]

අයින්ස්ටයින් එදිරිව බෝර්[සංස්කරණය කරන්න]

Einstein–Podolsky–Rosen paradox[සංස්කරණය කරන්න]

විද්‍යාත්මක නොවන උරුමය[සංස්කරණය කරන්න]

ප්‍රසිද්ධ සංස්කෘතිය තුළ[සංස්කරණය කරන්න]

ත්‍යාග සහ ගරු බුහුමන්[සංස්කරණය කරන්න]

ප්‍රකාශන[සංස්කරණය කරන්න]

මෙයද බලන්න[සංස්කරණය කරන්න]

සටහන්[සංස්කරණය කරන්න]

නිර්දේශය[සංස්කරණය කරන්න]

http://en.wikipedia.org/wiki/Albert_Einstein

වැඩිදුර කියවීම[සංස්කරණය කරන්න]

බාහිර සබැඳි[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=ඇල්බට්‍_අයින්ස්ටයින්&oldid=378715" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි