අවකාශය

විකිපීඩියා වෙතින්

කාලය හා අවකාශය සත්ය ලෙසින්ම පවතින යථාර්ථයන් බවත්, වස්තූන් (Objects) අවකාශයෙහි ගිලි ඇති බවත්, සිද්ධීන් (Events) කාලයෙහි සිදුවන බවත් අයිසැක් නිවුටන් උපකල්පනය කළේය. වෙනත් ආකාරයකින් ප්රකාශ කරන්නේ නම් වස්තූන් අවකාශයෙන් වෙන්වන අතර සිද්ධීන් කාලයෙන් වෙන්වේ. යථාර්ථයක් වු අවකාශය, දිග, පළල හා උස යන ත්රිමානයන්ගෙන් සමන්විත බවත්, කාලය යන්න අවකාශයෙන් ස්වායත්ත වුවක් බවත්, කාලය රේඛීයව ඉදිරියට ගලා යන බවත් අයිසැක් නිවුටන් විශ්වාස කළේය. ලයිබ්නිස්ට (Leibniz)අනුව කාලය හා අවකාශය යනු පිළිවෙලින් සිද්ධීන් අතර හා වස්තූන් අතර සම්බන්ධය දැක්වීම සඳහා අප විසින් නිර්මාණය කරන ලද මනසේ කල්පිතයන් මිස යථාර්ථයන් නොවේ. ඔහුට අනුව සිද්ධීන් නැති අවස්ථාවකදී කාලය නොපවතී. එමෙන්ම වස්තූන් නැති තැන අවකාශයක්ද නැත. නිව්ටන් විසින් කරන ලද උපකල්පනයන් සාමාන්ය මනුෂ්යාගේ සංවේදනයන්, සංජානනයන් හා සමපාත වේ. සාමාන්ය මනුෂ්යයාට වැටහෙන පරිදි අවකාශය දිග, පළල හා උස යන ත්රිමානයන්ගෙන් යුක්තය. අවකාශයෙහි දිග, පළල, උස අපට අත්දැකීමෙන් හෝ මනසින් අවබෝධ කරගත හැකිය. එම මානයන්වලින් පෙන්වන දිශාවන්ට අපට චලනය විය හැකිය. අපට දැනෙන පරිදි අවකාශයට පරිබාහිරව කාලය පවතී. අපට දැනෙන පරිදි දිනක් අවෑමෙන් තව දිනක් උදා වේ. ඒ කාලය ගත වන බැවිණි. අපට කාලය ගලා යාමක් පිළිබඳ අදහසක් ඇත. අතීතයක්, වර්තමානයක්, අනාගතයක් ගැන අපි සංවේදී වෙමු. අපට දැනෙන පරිදි කාලය හා අවකාශය පවතින්නක් හෙවත් යථාර්ථයකි.

"https://si.wikipedia.org/w/index.php?title=අවකාශය&oldid=471161" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි