චෙරියෝ ඩාලිං

විකිපීඩියා වෙතින්
(චෙරියෝ ඩාර්ලින් වෙතින් යළි-යොමු කරන ලදි)
චෙරියෝ ඩාලිං
අධ්‍යක්‍ෂණයරෝයි ද සිල්වා
රචනයරෝයි ද සිල්වා
තිර රචනයරෝයි ද සිල්වා
කතාවස්තුවරෝයි ද සිල්වා
නිශ්පාදනයආර්.එස්.චිත්‍රපට(රෝයි ද සිල්වා)
රංගන ශිල්පීන්බන්දු සමරසිංහ ටෙනිසන් කුරේ
සිනෙමාරූපණයජෝන් ජේ යෝගරාජා
සංස්කරණයඩෙන්සිල් ජයවීර
සංගීතයසෝමපාල රත්නායක
Production
company
ටී.කේ.චිත්‍රාගාරය ඩිල් ෆ්‍රොසෙස්
නිකුත්වූ දිනය
  • ඔක්තෝබර් 25, 1996 (1996-10-25) (location)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

චෙරියෝ ඩාලිං (ඉංග්‍රීසි: Cheriyo Darling) යනු 1996 දී නිකුත්කරනලද ශ්‍රී ලාංකේය වෛද්‍ය-අභිරහස්-ආදර-ප්‍රහසන චිත්‍රපටයක් වන අතර රෝයි ද සිල්වා විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. එය චෙරියෝ කැප්ටන් චිත්‍රපටයේ අනුප්‍රාප්තිකය වන චෙරියෝ චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටය වේ. මෙහි ප්‍රධාන චරිත සඳහා ජෝ අබේවික්‍රම, දිල්හානි ඒකනායක සහ බන්දු සමරසිංහ රංගනයෙන් දායක වන අතර ටෙනිසන් කුරේ, රොනී ලීච්, ෆ්‍රෙඩී සිල්වා, විමල් කුමාර ද කොස්තා, රවීන්ද්‍ර රන්දෙණිය, සනෝජා බිබිලේ, සුමනා අමරසිංහ සහ දමිත් ෆොන්සේකා සහය චරිත නිරූපණය කරති. චිත්‍රපටයේ සංගීතය සෝමපාල රත්නායක විසින් සිදු කර ඇති අතර එය සිංහල සිනමාවේ 863 වැනි චිත්‍රපටය වේ. එදාමෙදාතුර ශ්‍රී ලාංකේය සිනමාවේ විශිෂ්ඨතම චිත්‍රපටයක් ලෙස ලෙස සැලකෙන චෙරියෝ ඩාලිං 'Films.lk' නිල සිංහල සිනමා දත්තගබඩාවේ 90% ක ශ්‍රේණිගතකිරීමක් ලබා ගත් ඉතිහාසයේ එකම ශ්‍රී ලාංකික චිත්‍රපටයයි.[1]

වස්තු බීජය[සංස්කරණය]

රජයේ මානසික රෝහල අවුල් ජාලයකි. කනිෂ්ඨ වෛද්‍යවරුන් වන වෛද්‍ය කොකෝ සහ වෛද්‍ය දුන්නොත් මලා හෙදියන්ට කාය විවච්ඡේද විද්‍යාව පිළිබඳ දේශන පවත්වයි. වෛද්‍ය ප්‍රධානි සම්මානිත මහාචාර්යවරයාද හෙදියන් සමඟ ආලවන්ත හැඟීම් පෑම සිදු කරයි. රෝහලේ ප්‍රධාන උපස්ථායකයා වන මාමයිට් නොසැලකිල්ලක් හේතුවෙන් ශල්‍යකර්මයකට යමින් සිටියදී ගිලන් රථයෙන් රෝගියෙකු බිම හෙළයි. ශල්‍යකර්මය අතරතුර, වෛද්‍ය කොකෝ රෝගියාගේ උදරයෙන් පත්තෑයෙකු අරගන්නා අතර,සම්මානිත මහාචාර්යවරයා තම අත් ඔරලෝසුව රෝගියාගේ උදරය තුලට දමා මැහුම් දමයි. මේ අතරතුර රෝහල් අධ්‍යක්ෂිකා 'මැඩම්' මාමයිට් ගැන විනය-පරීක්ෂණයක් පවත්වයි. වෛද්‍ය දුන්නොත් මලා සහ මාමයිට්ගේ පෙම්වතිය වන නර්ස් කිටී ඔහුව දඩුවමෙන් බේරා ගැනීමට උත්සාහ කරයි. නියෝජ්‍ය ප්‍රධාන උපස්ථායකයා වන වෙජිමයිට් රෝගියෙකුගේ කොකා කෝලා පානය කිරීමට උත්සාහ කිරීමේදී හසු වේ. කනිෂ්ඨ උපස්ථායකයෙකු වන මැද-කෙස් අහම්බෙන් ප්‍රධාන හෙදියගේ තට්ටම එන්නත්කරණය කරයි. රාත්‍රී කාලයේ වාට්ටු තුළ හෙදියන්, රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගීන් ගීත ගයමින් නටමින් විනෝද වෙති. වෛද්‍ය දුන්නොත් මලා රෝගියෙකු මිය ගොස් ඇති බව වැරදියට නිර්ණය කළපසු, රෝගියා අවදි වී සහායකයන් බිය ගන්වති. වෛද්‍ය දුන්නොත් මලා සජීවී සිරුර මෘත ශරීරාගාරයට ගෙන යන ලෙස මාමයිට් හට අණ කරයි. සම්මානිත මහාචාර්යවරයා දැඩි විමර්ශනයක් කොට අනාගතයේදී, එවැනි සැකයන් තිබේ නම්, ශරීරය එම්බාම් කළ යුතු අතර සැකයේ වාසිය සෑම විටම මළ සිරුරට දිය යුතුය ලෙස ප්‍රකාශ කරයි. තවත් ශල්‍යකර්මයක් අතරතුර, වෛද්‍ය දුන්නොත් මලා: මාමයිට්, වෙජිමයිට් සහ කාබයිඩ් යන උපස්ථායකයන්ගෙන් උපදෙස් ලබාගෙන තරබාරු රෝගියකුගේ උදරයෙන් මාළුවෙකු බා ගනී.

මේ අතර ජනප්‍රිය චිත්‍රපට නිළි මිස් ස්වීටි තම ධනවත් පෙම්වතා ගණිකාවක් සමඟ අල්ලාප සල්ලාලයේ නිරතවනවිට අතටම හසුවී කෝපයට පත් වේ. ඊට සමගාමීව මානසික අසමතුලිතතාවයකින් පෙළෙන තරමටම ඇයට ප්‍රේම ව්‍යාකූලත්වයකට පත්වී රජයේ මානසික රෝහලට ඇතුළත් කිරීමට සිදුවේ. මැඩම් විශේෂ රැස්වීමක් කැඳවා ඇයට විශේෂ සැලකිල්ලක් සලසන අතර රැස්වීම අතරතුර, ඉන්ද්‍රානි පෙරේරාගේ හා හා හොරේ දනුනා දනුනා ගීතය ගායනා කරන අනෙකුත් හෙදියන් මාමයිට් සහ නර්ස් කිටී අතර ප්‍රේම සම්බන්ධය හෙළි කරගනී. උත්කර්ෂවත් පිළිගැනීමකින් අනතුරුව, රෝහලේ සිටින සියලුම පිරිමි කාර්ය මණ්ඩලය ඇගේ සුන්දරත්වයට වශී වී ඇයට උමතු ලෙස ආදරය කරති. මෙය රෝහල තුළ අහිතකර තරගයක් ඇති කරයි. යාබද ශික්ෂණ රෝහලෙන් සායනික අන්තරාසර්ගවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු බඳවා ගන්නා අතර ඔහු මිස් ස්වීටිගේ ප්‍රේම-පීඩනය නහුතයට වැඩි වී ඇති බව නිර්ණය කරන අතරම ඇය ලිංගික උද්දීපනයකින්ද (ඔහුගේම පාරිභාෂික වචනයෙන්: ඇන් අකියුට් කේස් ඔෆ් ද ටැක්සිඩර්මි ඔෆ් ද ෆිලැන්ත්‍රොපි ඔෆ් මෙසපොතේමියා වෙන් පෙළෙනබවට රෝගවිනිශ්චය කරයි. ප්‍රීතියෙන් මුසපත්‍ සම්මානනීය මහාචාර්යවරයා සහ මිස් ස්වීටි රාත්‍රියේ ගීත ගායනා කර නටමින් විනෝද වෙයි.

වෛද්‍ය දුන්නොත් මලා මාමයිට් හට බද්ධ කිරීමට නියමිත මානව හෘදයක් ශල්‍යාගාරයට ගෙන එන ලෙස අණ කරන අතර ඔහු රාජකාරියෙන් මදකට බැහැරව, හෙදියකගෙන් හාදුවකින් ලබාගැනීමට යාම හේතුවෙන් හෘදය බිම වැටී සුනඛයෙකු එය ඩැහගනී. හදිසි මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයකින් පෙළෙන මාමයිට් වැසිකිළියට යන අතරතුර ඔහුහට නර්ස් කිටී මුණගැසෙයි. මාමයිට් අනාගතයේදී දක්ෂ ශල්‍ය-වෛද්‍යවරයකු වනවා දැකීම තම අභිලාෂය වන බව පවසා ඔහු සමඟ ආලවන්ත හැඟීම් පෑමෙන් මුත්‍රා කිරීමේ ප්‍රමාදය ඉවසාගත නොහැකි මාමයිට් ජනෙල් කවුළුවකින් පිටතට, රෝගියෙකුගේ හිස මතට මුත්‍රා කරයි. මාමයිට් ඇතුළු පිරිමි කාර්ය මණ්ඩලය මිස් ස්වීටි සමඟ ආලවන්ත හැඟීම් පෑම නර්ස් කිටීට ආරංචිවෙයි. මාමයිට් තමාහට ආදරය නොකළහොත් ඇය භික්ෂුණියක් වන බව හෙතෙම පවසයි. මාමයිට් යටත් වන අතර ඇය ඔහුව ආදරයෙන් සිප ගනී. මේ අතර වෛද්‍ය දුන්නොත් මලා මැඩම්ට පෙම්යෝජනාවක් කළත් ඇය ඔහුට අවධාරණය කරන්නේ එම ප්‍රේම සම්බන්ධය රහසක් ලෙස තබා ගන්නා ලෙසටය. විශාල පිඹුරෙකු රෝහලට ගෙන එන මිනිසෙක් විසින් ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කරයි. මැද-කෙස් මාමයිට් සමඟ ගැටී මානව අස්ථි පද්ධතීන් දෙකක් පටලවා ගන්නා අතර මාමයිට් එම අස්ථි පද්ධතීන් දෙකෙහි ස්ත්‍රී පුරුෂ භාවය වෙන්කර හඳුනා ගැනීමට මැඩම්ගෙන් උපදෙස් පතනවිට ඇය මාමයිට් හට බැනවදී.

පසුදින කායවර්ධන, බර සහ සවි එසවීමේ ක්‍රීඩකයින් පිරිසක් රෝහලට පැමිණෙන අතර මිස් ස්වීටි ඔවුන්ගේ නායකයා වන ගලිවර්ට ඇලුම් කරයි. සියලුම හෙදියන් බිය ගන්වන ලද මීයෙකු විසින් ප්‍රධාන වාට්ටුවේ අවධානය වෙනතකට යොමු කරවයි. නර්ස් කිටී යම් ඖෂධයක් අධික මාත්‍රාවෙන් පානය කර තාවකාලිකව වැම්පයරයෙකු බවට පත්වේ. තවත් රැස්වීමක් මැඩම් විසින් කැඳවනු ලබන අතර, ඔවුන් තීරණය කරන්නේ ගලිවර් මිස් ස්වීටි සඳහා සුදුසු සහකරුවෙකු නොවන බවත්, ඇය ප්‍රේම ව්‍යාකූලත්වයෙන් තවමත් සුවය ලබමින් සිටින බැවින්, ඔවුන් ඒකමතිකව මාමයිට් හට මැදිහත් වන ලෙස නිර්දේශ කරන බවත්ය. වෛද්‍ය සිසුන් සහ හෙදියන් මිස් ස්වීටිට එය ඒත්තු ගැන්වීමට උත්සාහ කරයි, නමුත් ඇය එකඟ වන්නේ යමෙකු ද්වන්ද සටනකින් ගලිවර් පරාජය කළහොත් ඇය ජයග්‍රාහකයාට ආදරය කරන බවටය. දරුණු සටනක් ඇතිවන අතර, ගලිවර් මාමයිට්ව උඩු ගුවනට ලක්කර පහර දෙයි. ඒ අතරම, මිස් ස්වීටිගේ පෙම්වතා ව්‍යාජ මානසික රෝගයක් මවාපාමින් රෝහලට ඇතුළු වන අතර ගලිවර් සහ ඔහුගේ සහචරයින් මිස් ස්වීටිව පැහැරගනී. රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය සහ රෝගීන්ද සම්බන්ධ කරගනිමින් අවසන් සටනක් ඇවිළෙන අතර ඔවුන් සාමූහිකව ගලිවර් සහ සහචරයින් පරාජය කරති. මිස් ස්වීටි තම පෙම්වතා සමඟ එකතු වී රෝහලෙන් පිටව යයි. වෛද්‍ය දුන්නොත් මලා මැඩම්ට රෝස මලක් පුදදෙන අතර නර්ස් කිටී මාමයිට්ගේ ආදරය දිනා ගනිමින් ඔහුව සිප ගනී.

රංගනය[සංස්කරණය]

ප්‍රධාන නළු නිළියන්

  • ජෝ අබේවික්‍රම - රෝහල් අධ්‍යයන-ප්‍රධානී සහ ස්නායු-භෞතවේදය සහ සංජානන-මනෝවිද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යතුමා
  • දිල්හානි ඒකනායක - මිස් ස්වීටි (අසනීප වන ජනප්‍රිය සිනමා නිළියක්)
  • බන්දු සමරසිංහ- මාමයිට් (රෝහල් ප්‍රධාන උපස්ථායක)
  • ටෙනිසන් කුරේ - වෛද්‍ය දුන්නොත් මලා
  • ෆ්‍රෙඩී සිල්වා - වෛද්‍ය කොකෝ
  • ෂම්මි ප්‍රනාන්දු - වෛද්‍ය ඔම්ලට්
  • විමල් කුමාර් ද කොස්තා - වෙජිමයිට් (රෝහල් උප-ප්‍රධාන උපස්ථායක)
  • රොනී ලීච් - මැද කෙස් (රෝහල් කනිෂ්ඨ උපස්ථායක)
  • නවනන්දන විජේසිංහ - ෆෝමලින් (රෝහල් කනිෂ්ඨ උපස්ථායක)
  • බැප්ටිස්ට් ප්‍රනාන්දු - කාබයිඩ් (රෝහල් කනිෂ්ඨ උපස්ථායක)
  • මහේෂ් ජයසිංහ - (රෝහල් පුහුණු උපස්ථායක)
  • සුසිල් පෙරේරා - (රෝහල් සහායක)
  • සුසිලා කූරගම - (ප්‍රධාන හෙදිය)
  • සනෝජා බිබිලේ - නර්ස් කිටී (මාමයිට්ගේ පෙම්වතිය)
  • ශෂිකලා හෙට්ටිආරච්චි - හෙදිය II
  • පුෂ්පා ගුණවර්ධන - හෙදිය III
  • චන්ද්‍රිකා රත්නමාලි - හෙදිය IV
  • බියංකා ශ්‍යාමිණි - හෙදිය V
  • මානෙල් චන්ද්‍රලතා - වෛද්‍ය ශිෂ්‍යා
  • සුමනා අමරසිංහ - රෝහල් අධ්‍යක්ෂවරිය
  • රවීන්ද්‍ර රන්දෙණිය - සායනික-අන්තරාසර්ග විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය
  • බර්ට්‍රම් පෙරේරා - ගලිවර්
  • ලාල් කුමාර - ගලිවර්ගේ ගෝලයා
  • බැප්ටිස්ට් ප්‍රනාන්දු - ගලිවර්ගේ ක්‍රීඩා කළමනාකරු
  • දමිත් ෆොන්සේකා - මිස් ස්වීටිගේ පෙම්වතා
  • අනුෂා දමයන්ති - ගණිකාව
  • දොන් ගයි - චාලි චැප්ලින් රෝගියා
  • සුනිල් ප්‍රේමදාස - දත් නැති රෝගියා
  • ජෝසප් සෙනෙවිරත්න - කකුල කැඩිච්ච රෝගියා

සෙසු නළු නිළියන්

  • නිල්මිණි ලියනගේ
  • ශාලිකා සුභසිංහ
  • නිලන්ති දේවගේ
  • නිර්මලා ද සිල්වා
  • අචිනි ලංකා
  • ප්‍රියන්ති ද සිල්වා
  • මධු සෙව්වන්ද
  • සන්ධ්‍යා ප්‍රියදර්ශනී
  • රෝෂිණි පතිරණ
  • දිස්නි ඒකනායක
  • කමණි පින්තු
  • දර්ශනී රත්නායක
  • නිල්මිණි බෝපිටිය
  • රෝසි ප්‍රනාන්දු
  • ගිහානි අමරසේන
  • ජෝශප් සෙනෙවිරත්න
  • ඩබ්ලිව්. එම්. කරුණාරත්න
  • නිරංජන් සිල්වා
  • නීල කන්දන් මුත්තයියා
  • සුනිල් ප්‍රේමදාස
  • ප්‍රේමචන්ද්‍ර කුරේ
  • සිරිල් සිල්වා
  • ඊ. එම්. පී. බණ්ඩාර
  • ලාල් පීරිස්
  • ලලිත් ධර්මවර්ධන
  • සේන කුමාර
  • සරත් ප්‍රනාන්දු
  • උපාලි නානායක්කාර

ගීතයන්[සංස්කරණය]

ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, ආනන්ද පද්මසිරි

  1. මේ එක එක ජාතියේ ලෙඩ්ඩු - රොනී ලීච්, ෆ්‍රෙඩී සිල්වා
  2. මුහුදේ ඉන්නේ එක මාළුවදෝ - රොනී ලීච්
  3. රුව මනමාලයි - නිරෝශා විරාජිනී
  4. මොනාලිසා මොනාලිසා - ආනන්ද පෙරේරා
  5. සුදු සුරංගනාවී - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල
  6. මේ ආසයි බයයි මගේ - ෆ්‍රෙඩී සිල්වා සහ පිරිස
  7. ආලේ කරන්නම් රොමියෝ මගේ - බන්දු සමරසිංහ ලතා වල්පොල

නිෂ්පාදනය[සංස්කරණය]

  • සහාය අධ්‍යක්ෂණය - ඇන්ටන් කිංස්ලි
  • අංග රචනය - හේමන්ත ගමගේ
  • කලා අධ්‍යක්ෂණය - මොහාන් ඇඩැම්ස් සහාය- බන්දුල වීරසේකර, සංඛ වීරසේකර ෂර්ලි පෙරේරා, සංජීව මතඟවීර
  • සටන් අධ්‍යක්ෂණය - එම්. ලාල් කුමාර්
  • නැටුම් අධ්‍යක්ෂණය - චන්න විජේවර්ධන
  • ගීත, දෙබස්, පසුබිම් සංගීතය පටිගත කිරීම, ශබ්ද මිශ්‍රණය - ජෝර්ජ් මනතුංග
  • ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. ඒ. අල්විස්
    • ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන
  • රසයනාගාර අධිකාරි - ඩිල්මන් ජයරත්න, ඩිල් ප්‍රොසෙස්
    • රසායනාගාර නිලධාරින් - සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න, බන්දුල අතුකෝරාල, කීර්ති පුෂ්පකුමාර, එච්. ඒ. ඇල්බට්
  • කොණ්ඩා මෝස්තර සැකසුම - ලලිත් ධර්මවර්ධන සහාය - අසංග හෙට්ටිආරච්චි, ඒ. ඒ. සෝමදාස
  • කැමරා උපකරණ සැපයීම - ෆිල්ම් ලොකේෂන් සර්විසස්
  • නිෂ්පාදන කළමනාකරණය - ප්‍රේමචන්ද්‍ර කුරේ
    • සහාය- ඩබ්ලිව්. එම්. කරුණාරත්න, කීර්ති රත්නායක, චන්ද්‍රදාස කොඩිතුවක්කු, අනුර අබේවර්ධන
  • ආලෝකකරණය - රංජිත් දිසානායක, ආරියරත්න පෙරේරා, ලාල් කුමාර, සුනිල් ප්‍රේමරත්න, ජී. ජී. ඇස්. ගුණතිලක

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Cheriyo Darling - චෙරියෝ ඩාලින්". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 23 December 2017.
"https://si.wikipedia.org/w/index.php?title=චෙරියෝ_ඩාලිං&oldid=576729" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි