රවීන්ද්‍ර රන්දෙණිය
ආචාර්ය රවින්ද්‍ර රන්දෙණිය | |
---|---|
උපත | ජුනි 5, 1945 දළුගම,කැළණිය,ශ්‍රී ලංකා |
ජාතිකත්වය | ශ්‍රී ලංකාව |
සක්‍රීය වසර | 1975- |
ප්‍රධාන නිර්මාණ | දෑස නිසා (1975) දඩයම (1984) මායා (1985) සඳකඩ පහන (1989) සිරි මැදුර (1990) |
රවින්ද්‍ර රන්දෙණිය ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීන රංගන ශිල්පියෙකු මෙන්ම දේශපාලකයෙකි. 1970 සහ 1980 දශක වලදී ඉතා ජනප්‍රිය තලයක සිටි ඔහු, 1972 දී රගපෑ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දෑස නිසා චිත්‍රපටයෙන් වඩාත් ජනාදරයට පාත්‍ර විය. වසර කීපයකදීම ඔහු සරසවිය සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුයේය ; 1984 (දඩයම), 1985(මායා), 1989 (සඳකඩ පහණ), 1990 (සිරි මැදුර).[1]
ළමාවිය සහ තරුණ අවධිය
[සංස්කරණය]රන්දෙණිය උපත ලැබුවේ ශ්‍රී ලංකාවේ දළුගම ප්‍රදේශයේදීය. දළුගම වූ කලී මනරම් කෙත්වතු ද, කුඩා දිය දහරාද පිරි කුඩා ගම්මානයකි. කුඩා රන්දෙණිය තම උපන් ගමේ ස්වභාව සෞන්දර්ය උපරිමයෙන් රස වින්දේය. එමෙන්ම කුඩා කල සිට මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මුනිදාස කුමාරතුංග සහ විමලරත්න කුමාරගම වැනි විශිෂ්ඨයන්ගේ කෘති කියවීමට මහත් රුචියක් දැක්විය.
රන්දෙණිය අධ්‍යාපනය හැදෑරුවේ දළුගම ශාන්ත ෆැන්සිස් විද්‍යාලයෙනි. උසස් පෙළ අසමත් වීම නිසා උසස් අධ්‍යාපනය වරම් අහිමි වූ රන්දෙණිය පසුව තම පවුලේ ව්‍යාපාර කටයුතු සඳහා සම්බන්ධ වී කටයුතු කළේය.
සිනමාව
[සංස්කරණය]වසර | චිත්‍රපට |
---|---|
1974 | කළ්‍යාණි ගංඟා |
1975 | තරංගා |
1975 | කළු දිය දහර |
1975 | දෑස නිසා |
1976 | හරියට හරි |
1976 | ගංගා |
1976 | දුහුල් මලක් |
1977 | යකඩයා |
1977 | පෙම්බර මධූ |
1977 | සිරිපාල සහ රන්මැණිකා |
1978 | සීතා දේවී |
1978 | වීර පුරන් අප්පු |
1979 | හිඟන කොල්ලා |
1979 | වාසන්තයේ දවසක් |
1979 | චූඩා මාණික්‍යය |
1979 | සුගන්දි |
1979 | පොඩි මල්ලි |
1979 | හරි පුදුමයි |
1980 | එක්ටැම් ගේ |
1980 | මුවන් පැලැස්ස 2 |
1980 | රජ දවසක් |
1981 | බබා කෙටූ හැටි |
1981 | එක දවසක් රෑ |
1981 | ඉන්දුට මල් මිටක් |
1981 | ආරාධනා |
1981 | සත්වෙනි දවස |
1982 | බඹර ගීතය |
1982 | පාරමිතා |
1982 | සඳා |
1983 | දඩයම |
1983 | රන් මිනි මුතු |
1983 | යලි පිපුණු මලක් |
1984 | රජ වැඩකාරයෝ |
1984 | හිතවතිය |
1984 | හිම කතර |
1984 | මායා |
1987 | ජනේලය |
1987 | තාත්ති මං ආදරෙයි |
1987 | මංගල තෑග්ග |
1987 | කැලෑ කෙල්ල |
1987 | අබා |
1987 | අහිංසා |
1988 | සඳකඩ පහණ |
1988 | සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා |
1988 | අංගුලිමාල |
1989 | සිරි මැදුර |
1990 | සහරාවේ සිහිනය |
1991 | ගොළු මුහුදේ කුණාටුව |
1993 | සුරබිදෙන |
1993 | ගුරු ගෙදර |
1994 | ධවල පුෂ්පය |
1994 | අරගලය |
1994 | පවන රළු විය |
1995 | සෙලීමා |
1995 | සුදු වලස්සු |
1996 | මදුරී |
1996 | චෙරියෝ ඩාලිං |
1997 | යසෝමා |
1997 | රඹා සහ මධූ |
1997 | බව දුක |
1997 | නින්ජා ශ්‍රී ලංකා |
1997 | බද කර්ම |
1999 | අඳුරු සෙවණැලි |
1999 | තීර්ථ යාත්‍රා |
2001 | අනන්ත රාත්‍රිය |
2001 | පොරොන්දුව |
2001 | බඹර පැටික්කි |
2009 | ජූලියා |
2012 | බඹර පැටික්කි |
2012 | මාතා |
2014 | රූපාන්තරණ |
2007 | |
2008 | සුපර් සික්ස් |
2009 | |
2009 | |
2012 | |
2016 | වීරවර්ණ |
2014 | |
2016 | |
2024 | රිදී සීනූ |
ටෙලිනාට්‍යය
[සංස්කරණය]- ඇල්ල ලඟ වලව්ව
- ඊලඟට මොකද වෙන්නේ
- කුල කුමරිය
- චල අචල
- බන්ඩර දෙයියෝ
- මිරිඟු නදිය
- සුදු සමනලියක්
සම්මාන
[සංස්කරණය]- 1984 - හොඳම නළුවා - දඩයම (චිත්‍රපටය)|දඩයම
- 1985 - හොඳම නළුවා - මායා
- 1989 - හොඳම නළුවා - සඳකඩ පහණ
- 1990 - හොඳම නළුවා - සිරි මැදුර
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "ආචාර්ය රවින්ද්‍ර රන්දෙණිය". සරසවිය.