ස්ට්‍රෝංමෑන් ක්‍රීඩාව

විකිපීඩියා වෙතින්

ස්ට්‍රෝංමෑන් ක්‍රීඩාව (ඉංග්‍රීසි:Strongman) යනු බටහිර ලෝකයේ රටවල් අතර ප්‍රචලිත කාය ශක්තිය මනිනු ලබන ඉතා අසීරු ක්‍රීඩාවකි. 'ලොව ශක්තිමත්ම මිනිසා', 'ලොව අසහායම ශක්තිමත්ම මිනිසා' සහ 'ආර්නල්ඩ් ස්ට්‍රෝංමෑන් ක්ලැසික්' යන තරඟ තුන මේ අතුරින් ප්‍රධාන තැනක් ගනී. වර්ෂ 1977දී ඇරඹි ස්ට්‍රෝංමෑන් ක්‍රීඩාව මේ වනවිට රටවල් 50ක පමණ ප්‍රචලිතව ඇත. ක්‍රීඩකයන් කාය වර්ධනය සහ දැඩි පුහුණුවීම් තුලින් මෙම ක්‍රීඩාවට අවැසි ශාරීරික යෝග්‍යතාව සකසාගනී. දිනකට විශාල ආහාර ප්‍රමාණයක්ද මෙම ක්‍රීඩකයන් පරිභෝජනය කරනු ලබයි.

ස්ට්‍රෝංමෑන් ක්‍රීඩාව අංග කිහිපයකින් සමන්විත් වෙයි. ඉන් සමහරක්: සවි එසවීම (ඩෙඩ්ලිෆ්ට්, ස්කොට්, බෙන්ච් ප්‍රෙස්), විශාල ලී කඳන් හෝ ඇක්සලයක් එසවීම, දැවැන්ත කලුගල් එසවීම සහ රැගෙනයාම, යකඩ නැමීම, අතෙහි ග්‍රහණ බලය ආශිත එසවීම්, බීර කෙග් හෝ වැලි-පැස විසිකිරීම, අතිශය බර වාහන ඇදගෙන යාම යනාදිය වේ.

ලොව විශිෂ්ඨතම ස්ට්‍රෝංමෑන් ක්‍රීඩකයින් පහතින් දක්වා ඇත. ඔවුන් පිට පිට ලෝක ශූරතා රැසක් ජයග්‍රහණය කරඇති අතර, නොයෙකුත් ලෝක වාර්තාද පිහිටුවා ඇත.

  • අයිස්ලන්තය හැෆ්තෝර් ජූලියස් බියෝර්ංසන් (අයිස්ලන්තය)
  • ලිතුවේනියාව සිඩෲනස් සැවීකස් (ලිතුවේනියාව)
  • පෝලන්තය මැරියස් පුඩ්සනොව්ස්කි (පෝලන්තය)
  • එක්සත් ජනපද බ්‍රයන් ෂෝ (ඇමෙරිකා එක්සත් ජනපදය)
  • එක්සත් ජනපද බිල් කැස්මයර් (ඇමෙරිකා එක්සත් ජනපදය)
  • අයිස්ලන්තය ජෝන් පෝල් සිග්මාසන් (අයිස්ලන්තය)
  • අයිස්ලන්තය මැග්නස් වර් මැග්නුසන් (අයිස්ලන්තය)
  • ස්වීඩනය මැග්නස් සැමුවෙල්සන් (ස්වීඩනය)
  • නෝර්වේ ස්වෙන්ඩ් කාර්ල්සන් (නෝර්වේ)
  • ෆින්ලන්තය යූකෝ අහෝලා (ෆින්ලන්තය)
  • එක්සත් රාජධානිය ජෙෆ් කේප්ස් (මහා බ්‍රිතාන්‍යය)
  • ලැට්වියාව මාර්ටීන්ස් ලීසීස් (ලැට්වියාව)

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ස්ට්‍රෝංමෑන්.ඕර්ග් - මූලිකාංග https://strongman.org/events/
  2. මිහිමත පහළවූ ශක්තිමත්ම මිනිසුන් පස්දෙනා https://www.sportskeeda.com/health-and-fitness/news-top-five-strongest-men-history
  3. ලොව ශක්තිමත්ම මිනිසා "Top 10: Greatest Worlds Strongest Man". ලෝරනස් ශහේලි. 15 September 2019.