කවච්...කාලි ශක්තියොන් සේ

විකිපීඩියා වෙතින්
(කවච් — කාලි ශක්තියොන් සේ වෙතින් යළි-යොමු කරන ලදි)
කවච් — කාලි ශක්තියොන් සේ
ප්‍රේමායුධ සිංහල හඬකැවූ කතාමාලාවේ ප්‍රවර්ධන පෝස්ටරයක්
මෙලෙසද හැඳින්වේකවච්
ප්‍රභේදයඅධිස්වාභාවික
ෆැන්ටසි
ග්‍රාසජනක
තැනුවේකලර්ස් ටීවී
මත පදනම්වසාවිත්‍රි සහ සත්‍යවන්[1]
අධ්‍යක්ෂණය කලේසන්ත්‍රම් වර්මා
රඟපෑමමෝනා සිං
අර්ජුන් බිජ්ලානි
විවේක් දාහියා
සාරා ඛාන්
ප්‍රීති ගුප්තා
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන47
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)ශෝභා කපූර්
ඒක්තා කපූර්
ස්ථානය(න්)මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
ජෝධ්පූර්, රාජස්ථාන්, ඉන්දියාව
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයමිනිත්තු 44-55
නිෂ්පාදන සමාගමබාලාජි ටෙලිෆිල්ම්ස්
ප්‍රචාරණය
මුල් නාලිකාවකලර්ස් ටීවී
රූප ආකෘතිය576i (SDTV)
1080i (HDTV)
මුල් ධාවනය11 ජුනි 2016 (2016-06-11) – 20 නොවැම්බර් 2016 (2016-11-20)
බාහිර සබැඳි
නිල වෙබ්අඩවිය
නිෂ්පාදන වෙබ් අඩවිය

කවච් — කාලි ශක්තියොන් සේ (සිංහල: කවචය — අඳුරු බලවේගවලින්, සන්නාහය — අඳුරු බලවේගයන්ට එරෙහිව) හෙවත් පොදුවේ කවච් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ කලර්ස් ටීවී නාළිකාව ඔස්සේ විකාශය වූ සීමිත සංත්‍රාසමය රූපවාහිනී කතාමාලාවකි. මෙම කතාමාලාව කලර්ස් ටීවී නාළිකාවේ අතිශය ජනප්‍රිය කතාමාලාවක් වූ නාගින් නැමැති කතාමාලාව විස්ථාපනය කරමින් විකාශය විය. මෙම කතාමාලාවේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ මෝනා සිං, විවේක් දාහියා සහ සාරා ඛාන් යන නළු නිළි පිරිස විසිනි.[2] 2016 ජූනි මස 11වන දින විකාශය ඇරඹි මෙම කතාමාලාවේ අවසන් කථාංගය 2016 නොවැම්බර් 20 දින විකාශය විය.[3]

මෙම කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ ඒක්තා කපූර් සහ ශෝභා කපූර් යන නිෂ්පාදිකාවන් දෙපළ විසිනි. එය ඔවුන්ගේ බාලාජි ටෙලිෆිල්ම්ස් නිෂ්පාදන ආයතනයේ සන්නාමය යටතේ නිපදවූවකි. කවච් නම් වූ මෙම කතාමාලාව දළ වශයෙන් සාවිත්‍රි සහ සත්‍යවන් නැමැති කථාව පාදක කරගෙන තැනූවකැයි සැලකේ. කථාවාර එකකින් සමන්විත මෙහි කථාංග 47ක් අන්තර්ගත විය.

ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬ කැවුණු මෙම කතාමාලාව 2017 ජනවාරි 14 දින සිට සිරස ටීවී නාළිකාව ඔස්සේ ප්‍රේමායුධ යන නාමයෙන් විකාශය ආරම්භ කරන ලදී. එය ශ්‍රී ලංකාව තුළ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ප.ව. 7.30ට විකාශය වීම සිදුවිය.

චරිත නිරූපණය[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

මෙම කතාමාලාවේ මුල් කථාංග නවය තුළ මහේක් චාහල් විසින් මංජුලිකාගේ චරිතය නිරූපණය කළ අතර,[10] සෙසු කථාංගවල එම චරිතය සාරා ඛාන් විසින් ප්‍රතිස්ථාපනය කරන ලදී. මෙහි නටාෂා‍ බූන්දේලාගේ චරිතය නිරූපණය කරන ප්‍රීති ගුප්තා විසින් මෙහි කථාංග 31ක චරිතය නිරූපණය සිදුකළා ය. අනතුරුව රේෂා කොන්කාර් විසින් එතැන් සිට එම චරිතය නිරූපණය කරන ලදී.

අන්තර්ජාතික විකාශය සහ හඬකැවුම[සංස්කරණය]

මෙම කතාමාලාව පාකිස්ථානය තුළ විකාශය ඇරඹියේ සති අන්තයේ දිනවල ප.ව. 9:10ට ය. (පාකිස්ථාන සම්මත වේලාව - PST) එය ෆිල්මේසියා නාළිකාව මගින් විකාශය කරන ලද්දේ[11] කලර්ස් ටීවී නාළිකාව හා සමගාමීව ය. දෙමළ බසින් හඬ කවන ලද මෙම කතාමාලාව මායා මෝහිනී යන නාමයෙන් විකාශය වූයේ ස්ටාර් විජේ නාළිකාව ඔස්සේ ය. මලයාලම් බසින් කවචම් ලෙස නම් කෙරුණු මෙම කතාමාලාව ඒෂියානෙට් නාළිකාවෙන් විකාශය විය. එසේම තෙලිඟු බසින් හඬ කවන ලද මෙම කතාමාලාව කාපාඩේ කවචම් යන නාමයෙන් MAA TV නාළිකාවෙන් විකාශය විය. සිංහල බසින් හඬ කවා ප්‍රේමායුධ ලෙස නම් කෙරුණු මෙම කතාමාලාව සිරස ටීවී නාළිකාව ඔස්සේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ප.ව. 7.30ට විකාශය ආරම්භ කරන ලද්දේ ජනවාරි 14 දින සිටයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "New Series Kavach loosely based on story of Savitri and Satyavan".
  2. "Sara Khan all set to do steamy scenes with Kawach co-actor Vivek Dahiya".
  3. "Colors' Kavach to end on 20 November". 5 නොවැම්බර් 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  4. "Mona Singh Back with Ekta Kapoor for Kavach". The Times of India. 24 පෙබරවාරි 2016.
  5. "Vivek Dahiya opposite Mona Singh in Kavach". The Times of India. 31 මාර්තු 2016.
  6. "Sara Khan all set to do steamy scenes with Kavach co-actor-Vivek Dahiya".
  7. "Ashwini Kalsekar as maha chudail in Kavach". The Times of India. 18 අප්‍රේල් 2016.
  8. "Arjun Bijlani to play a jinn in Kavach". The Times of India. 2 අගෝස්තු 2016.
  9. "Jyoti Gauba s Fairy avatar for Colors Kavach". TellyChakkar.com. 1 සැප්තැම්බර් 2016. 2021-08-08 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-01.
  10. "Voot.com". www.voot.com. සම්ප්‍රවේශය 2016-09-30.
  11. "FILMAZIA Entertainment". සම්ප්‍රවේශය 6 නොවැම්බර් 2016.