Jump to content

කල්මීකියා

විකිපීඩියා වෙතින්
Республика Калмыкия (Russian)
Хальмг Таңһч (Kalmyk)
—  ජනරජය  —

Flag

Coat of arms
Anthem: Khalmg Tanghchin chastr[1]
Coordinates: 46°34′N 45°19′E / 46.567°N 45.317°E / 46.567; 45.317ඛණ්ඩාංක: 46°34′N 45°19′E / 46.567°N 45.317°E / 46.567; 45.317
Political status
Country රුසියාව
Federal districtSouthern[2]
Economic regionVolga[3]
EstablishedJuly 29, 1958[4]
අගනුවරElista[5]
Government (as of July 2014)
 - ප්‍රධානී[7]Alexey Orlov[6]
 - LegislaturePeople's Khural (Parliament)[8]
Statistics
Area (as of the 2002 Census)[9]
 - Total76,100 km2 (29,400 sq mi)
Area rank41st
Population (2010 Census)[10]
 - Total289,481
 - Rank78th
 - Density[11]3.8/km2 (9.8/sq mi)
 - Urban44.1%
 - Rural55.9%
Population (January 2014 est.)
 - Total282,021[12]
Time zone(s)සැකිල්ල:RussiaTimeZone
ISO 3166-2RU-KL
License plates08
Official languagesRussian;[13] Kalmyk[14]
Official website

කල්මීකියා ජනරජය යුරෝපා මහාද්වීපයේ පිහිටා ඇත.
මෙය යුරෝපයේ ඇති එකම බෞද්ධ රාජ්‍යය වේ.
කල්මීකියා ජනරජය රුසියානු ෆෙඩරේෂනයට අයත් අතර බෞද්ධ ජනාධිපති කෙනෙකු යටතේ පාලනය වේ ලෝකයේ බෝහෝ රටවල බෞද්ධයෝ සිටිති. ඔවුන් අතරින් බොහෝ දෙනා ආසියාතික බෞද්ධ රටවලින් සංක්‍රමණය වූවෝය. සෙසු පිරිස බුදුදහම ගැන පැහැදී ඒ අනුව ජීවත්වන අයයි. අතීතයේ දී යුරෝපය දක්‌වා බොහෝ රටවල පැතිර තිබුණ බුද්ධාගම හා බෞද්ධ ශිෂ්ටාචාරය ජනවාර්ගික ආක්‍රමණ හේතුවෙන් විනාශ විය. එම නිසා වර්තමානයේ දී බුද්ධාගම සැලකෙන්නේ ආසියානු රටවලට සීමා වුණ ආගමක්‌ වශයෙනි. නමුත් බෞද්ධ ජනාධිපතිවරයකු විසින් පාලනය කරනු ලබන බෞද්ධ රාජ්‍යයක්‌ යුරෝපයේ තිබේ. එනම් කල්මිකියා ජනරජයයි. කිර්සාන් නිකොලයවිච් ඉලුම්සිනොව් ඒ රටෙහි ජනාධිපතිවරයා ය. කල්මිකියා ජාතික කොඩියේ තිබෙන්නේ කහ පසුබිමක අඳින ලද සුදු පියුමකි. එය යොදාගෙන ඇත්තේ බෞද්ධ සංකේතයක්‌ වන බැවිනි.

Religion in Kalmykia (2012)[15][16]

  [ඉස්ලාම්]] (4%)
  Tengrism and unorganised shamanism (3%)
  Other Orthodox (1%)
  Unaffiliated Christian (1%)
  Spiritual but not religious (13%)
  Other and undeclared (9.0%)

කල්මිකියාව බෞද්ධ රාජ්‍යයකි. එහි ජනගහණ තුන් ලක්‍ෂ පනස්‌ දහසක්‌ පමණ වෙයි. එයින් සියයට 45 ක්‌ පමණ බෞද්ධයෝය. ඇමෙරිකාවට සංක්‍රමණය වූ කල්මික්‌ පවුලකින් පැවත එන එර්ඩ්න් ඔම්බඩිකොව්තුමා කල්මිකියාවේ බෞද්ධ ආගමික නායකයාය. එතුමා කල්මිකියාවට ආවේ 1992 වසරේදීය. දෙමවුපියන් විසින් ළමාවියේ දීම ඉන්දියාවේ ධර්මශාලාවට යවන ලද එර්ඩ්න් ඔම්බඩිකොව්තුමා බුදුදහම හැදැරුවේ දලයි ලාමා තුමා ඇසුරෙනි. ටිබෙට්‌ බෞද්ධ උතුමකු ව තිලෝපා ලමාතුමාගේ පුනර්ජන්මය යෑයි විශ්වාස කරන නිසා එතුමා හැඳින්වෙන්නේ තෙලෝ රින්පෝෂේ යන ගෞරව නාමයෙනි. කල්මිකියාවේ තිබෙන්නේ කහ හිස්‌වැසුම් පළඳින තිබ්බතයේ ගෙලුප්සා බෞද්ධ සම්ප්‍රදායයි. කල්මික්‌වරුන්ගේ පාරම්පරික විශ්වාසයන් ද බුද්ධාගමට සම්බන්ධ කර තිබේ. එයින් ප්‍රධාන තැනක්‌ ගනනේ විශ්වය ආරක්‍ෂා කරන දෙවියා වශයෙන් ඔවුන්ගේ මුතුන් මිත්තන් ඇදහූ වයස්‌ගත සුදු මිනිසාගේ පිළිරුවට බෞද්ධ දෙවියකු වශයෙන් සලකා පුදපූජා පැවැත්වීමයි. කල්මිග් බෞද්ධයෝ මැයි මාසයේ දී මහළු සුදු දෙවියා වෙනුවෙන් උත්සව පවත්වති.

කල්මිකියාවේ ජනගහනයෙන් සියයට 45 ක්‌ බෞද්ධයෝ ය. ඒ අතරන් බුද්ධාගම පිළිපදින්නේ සියයට 40 ක්‌ පමණි. සියයට 60 ක්‌ සර්ව බලධාරි දෙවියන් වහන්සේගේ පණිවුඩය අසා නොමැත බෞද්ධයන් සියයට 38 ක්‌ එය අසා තිබුණත් කිතුදහම වැළඳගෙන නැත. කල්මිකියාවේ ක්‍රිස්‌තියානි ජනගහණය සියයට එකකි.

භූ විශමතාවය

[සංස්කරණය]
  • විශාලත්වය: 76,100වර්ග කිලෝ මීටර්

කල්මිකියාව නැගෙනහිර යුරෝපයේ වොල්ගා නදියේ පහළ මිටියාවතේ තිබෙන රටකි. කැස්‌පියන් මුහුදේ වයඹ දිග වෙරළ කල්මිකියාවේ එක්‌ සීමාවකි.

සම්මත වේලාව

[සංස්කරණය]

Kalmykia is located in the Moscow Time Zone (MSK/MSD). UTC offset is +0300 (MSK)/+0400 (MSD).

ප්‍රධාන ගංගා :

Kalmykia is located on the shores of the Caspian Sea. In general, there are very few lakes on the territory of the republic. The biggest lakes include:

ස්වාභාවික සම්පත්

[සංස්කරණය]

වකල්මීකියාවේ අඩංගු ස්වාභාවික සම්පත් අල් අඟුරු, තෙල්, සහ ස්වාභාවික ගෑස්.

ප්‍රසිද්ධ සාරංග මුව විශේෂය, කාගේද ජන්මභූමිය ස්වභාව රක්ෂිතය.

කාලගුණය

[සංස්කරණය]

Kalmykia has a continental climate, with very hot and dry summers and cold winters with little snow.

  • Average January temperature: -7 °C
  • Average July temperature: +24 °C
  • Average annual precipitation: 170 mm (eastern parts) to 400 mm (western parts)

පාලන කණ්ඩායම

[සංස්කරණය]
Ethnic Map of Caucasus.
  • Population: 292,410 (2002)
    • Urban: 129,539 (44.3%)
    • Rural: 162,871 (55.7%)
    • Male: 140,097 (47.9%)
    • Female: 152,313 (52.1%)
  • Females per 1000 males: 1,087
  • Average age: 33.0 years
    • Urban: 32.0 years
    • Rural: 33.8 years
    • Male: 31.2 years
    • Female: 34.7 years
  • Number of households: 90,464 (with 289,816 people)
    • Urban: 40,885 (with 128,564 people)
    • Rural: 49,579 (with 161,252 people)
  • Average life expectancy:
    • Male: 59.6 years (exceeding Russia's average of 59.0 years)
    • Female: 72.4 years (exceeding Russia's average of 72.2 years)
  • Vital statistics (2005)
    • Births: 3,788 (birth rate 13.1)
    • Deaths: 3,350 (death rate 11.6)
  • ජනවාර්ගික කණ්ඩායම

According to the 2002 Census, Kalmyks make up 53.3% of the republic's population. Other groups include Russians (33.6%), Dargins (7,295, or 2.5%), Chechens (5,979, or 2.0%), Kazakhs (5,011, or 1.7%), Turks (3,124, or 1.1%), Ukrainians (2,505, or 0.9%), Avars (2,305, or 0.8%), ethnic Germans (1,643, or 0.6%), and a host of smaller groups, each accounting for less than 0.5% of the total population.

census 1926 census 1939 census 1959 census 1970 census 1979 census 1989 census 2002
Kalmyks 107,026 (75.6%) 107,315 (48.6%) 64,882 (35.1%) 110,264 (41.1%) 122,167 (41.5%) 146,316 (45.4%) 155,938 (53.3%)
Russians 15,212 (10.7%) 100,814 (45.7%) 103,349 (55.9%) 122,757 (45.8%) 125,510 (42.6%) 121,531 (37.7%) 98,115 (33.6%)
Others 19,356 (13.7%) 12,555 (5.7%) 16,626 (9.0%) 34,972 (13.0%) 46,850 (15.9%) 54,732 (17.0%) 38,357 (13.1%)

ඉතිහාසය

[සංස්කරණය]
Kalmykia map

කල්මීකියා ස්වයං පාලනය

[සංස්කරණය]

දේශසීමා ව්‍යාප්ත කර ගැනීමට නිතරම වෙහෙසුන රුසියාවේ සාර් පාලනයෙන් කල්මිකියාවට වරින්වර තර්ජන එල්ල වුණි. ඒ අතර ජර්මානු ගෝත්‍රිකයන්ගේ ආක්‍රමණවලට මුහුණ දෙන්නට ද කල්මික්‌වරුන්ට සිදුවුණි. ඒ නිසා ඔවුහු ලක්‍ෂ ගණනක්‌ වාසභූමි අත්හැර මධ්‍ය ආසියාව දෙසට සංක්‍රමණය වූහ. ඒ අවස්‌ථාවල ඔවුන්ගෙන් බොහෝ පිරිසක්‌ සා පිපාසාවෙන් මරණයට පත්වුහ. තවත් පිරිසක්‌ කිර්ගීස්‌ සහ කෂාක්‌ ගෝත්‍රික කොල්ලකරුවන් විසින් මරා දමන ලදහ. තම රටෙන් පැන නොගිය කල්මික්‌වරු රුසියානු පාලනය යටතේ ජීවත් වුහ. කල්මිකියාවේ වර්තමාන අගනුවර වන එලිස්‌ටා නගරය ඔවුන් විසින් 1856 දී සකස්‌ කරගන්නා ලද වාසභූමියකි.

1917 රුසියානු විප්ලවයේ දී රුසියානු රජයේ හමුදාවට එක්‌වුණ කල්මික්‌වරු ජෙනරාල් ඩෙන්කින් සහ ව්‍රeන්ගල් යටතේ රතු හමුදාවට එරෙහිව යුද වැදුණහ. එහෙත් රතු හමුදාව ජය ලබමින් ඉදිරියට ඇදෙන විට රට අත්හැර පලා යැමට ඔවුන්ට සිදුවුණි. සරණාගතයන් බවට පත් ඔවුහු බෙල්ග්‍රේඩ්, ප්‍රාග්, පැරිසිය, ප්‍රංශයේ ලියොන්, බල්ගේරියාව වැනි යුරෝපයේ නොයෙකුත් පෙදෙස්‌වල කණ්‌ඩායම් වශයෙන් පදිංචි වූහ. රුසියානු පාලනය යටතේ සනාතන පල්ලිය විසින් කල්මික්‌වරුන් සීමිත පිරිසක්‌ කිතුදහමට හරවා ගනු ලැබූවත් බහුතර පිරිස බුද්ධාගම අත්හැරියේ නැත. සරණාගතයන් ලෙස යුරෝපයේ පදිංචි වූ කල්මික්‌වරු තම පාරම්පරික බෞද්ධ උරුමය රැකගත්හ. ඔවුන්ගෙන් පිරිසක්‌ 1929 දී බෙල්ග්‍රේඩ් නගරයේ පන්සලක්‌ තැනූහ. ඒ අනුව මධ්‍යම යුරෝපයේ මුල්වරට පන්සලක්‌ ඉදිකිරීමේ ගෞරවය කල්මික්‌ බෞද්ධයන්ට හිමිවෙය.s බෞද්ධ විහාර පාර නමින් බෙල්ග්‍රේඩ් නගරයේ වීදියක්‌ නම් කර තිබිණි.

කල්මික්‌වරුන් රතු හමුදාවට බැඳුනොත් ස්‌වාධීනව ජීවත්වීම සඳහා ප්‍රමාණවත් ප්‍රදේශයක්‌ ඔවුන්ට වෙන්කර දෙන බවට වී. ලෙනින් පොරොන්දු වී ඇත. ජාතින්ට ස්‌වයං නීර්ණ අයිතිය ලබාදීමේ ප්‍රතිපත්තිය අනුව රුසියානු මධ්‍යම කාරක සභාව විසින් 1920 නොවැම්බර් 04 වැනි දින කල්මිකියාව රුසියාවට අයත් ස්‌වාධීන පාලන ප්‍රදේශයක්‌ වශයෙන් පිළිගන්නා ලදී. එහෙත් දැඩි මතධාරී කොමියුනිස්‌ට්‌වාදීන් එයට කැමැත්ත දක්‌වා නොමැත. මොස්‌කව් බල අධිකාරියෙන් කල්මිකියාවේ පාලන බලය ගිලිහීම අහිතකර බව ඔවුන්ගේ අදහස විය. කල්මික්‌ පාසල් ගුරුවරයකු වූ දොර්ෂා අර්බකොව් ඔවුන්ගේ මතයට එරෙහිව සටන් කළ කෙනෙකි. බෞද්ධයන්ගේ සහ බෞද්ධ ලෝකයේ සිත් දිනා ගැනීමට සෝවියට්‌ බලධාරීන්ට අවශ්‍ය නම්, ලේ වැගිරීමකින් තොරව කල්මික්‌වරුන්ට ස්‌වයං තීරණ අයිතිය ලබාදිය යුතු යෑයි ඔහු පැවසීය. ඒ හේතුවෙන් කල්මික්‌ බෞද්ධයන් ජාතිවාදී, කොමියුනිස්‌ට්‌ විරෝධී පිරිසක්‌ යෑයි සලකා දේපොළ රාජ්‍ය සන්තක කොට ඔවුහු මරා දමන ලදහ. තවත් පිරිසක්‌ සයිබීරියාවේ කඳවුරුවලට නෙරපන ලදහ.

කල්මික්‌ බෞද්ධයන් දැඩි ලෙස පීඩාවින්දේ සෝවියට්‌ දේශයේ ජෝශප් ස්‌ටාලින්ගේ පාලන සමයේදීය. විහාරස්‌ථාන සහ බෞද්ධ ග්‍රන්ථ විනාශ කරන ලෙස ඔහු 1931 වසරේදී අණ කළේය. එකල කල්මිකියාවේ විහාරස්‌ථාන සියයකට අධික ප්‍රමාණයක්‌ තිබුණ අතර, එහි වැඩි සිටි භික්‍ෂු සංඛ්‍යාව අනුමාන වශයෙන් 3000 කි. ජෝශප් ස්‌ටාලින්ගේ නියෝගය අකුරටම ක්‍රිsයාත්මක කෙරුණ නිසා භික්‍ෂූන් සහ බෞද්ධ නායකයන් විශාල පිරිසකට කල්මිකියාවේ ජීවත්වීමේ අයිතිය අහිමිවුණි. සෝවියට්‌ හමුදාව කෘෂි අස්‌වැන්න හා බැටළු ගොවිපොළ වැනසීම හේතුවෙන් දරුණු සාගතයට මුහුණ දුන් කල්මික්‌වරු 60,000 ක්‌ පමණ මරණයට පත්වූහ.


කල්මික්‌වරුන් ඒ නිදහස භුක්‌ති වින්දේ මාස කීපයකි. රතු හමුදාව විසින් නැවතත් කල්මිකියාව අත්පත් කරගනු ලැබිණි. කල්මික්‌වරුන් ජර්මන් හමුදාවට සහයෝගය දැක්‌වීම ෙද්‍ර`හී ක්‍රියාවක්‌ යෑයි තීරණය කළ රුසියානු බලධාරීහු 1943 දෙසැම්බර් 27 වැනිද දින ඔවුන් එම ප්‍රදේශයෙන් නෙරපා හැරීමට නියෝග කළහ. එයින් බියටපත් කල්මික්‌වරු දහස්‌ ගණනක්‌ දරු පවුල් රැගෙන ජර්මන් හමුදාව සමඟ පලා ගියහ. කරත්තවල පටවා රටින් පිටුවල් කළ තවත් පිරිසක්‌ සයිබීරියාවට යන ගමනේදී ආහාර පාන නොමැතිව අතර මගදී මියගියහ. කොමියුනිස්‌ට්‌ පාලන සමයේදී නොයෙකුත් පෙදෙස්‌වලට විසර ගිය කල්මික්‌වරුන්ට මවුබිමට පැමිණීමේ වාසනාව යළිත් උදාවුණේ නිකිතා කෘෂෙෆ් රුසියාවේ පාලකයා බවට පත්වීමෙන් පසුය. කල්මික්‌වරුන්ට මවුබිමට පැමිණීමට ඔහු 1957 දී අවසර දුනි. කල්මිකියාව රුසියාවට අයත් ස්‌වතන්ත්‍ර ජනරජයක්‌ වශයෙයන් 1992 මාර්තු 31 වන දින ප්‍රකාශයට පත් කෙරුණි. 1993 අප්‍රේල් මස කල්මිකියාවේ ප්‍රථම ජනාධිපති ලෙස තේරී පත්වුණ කිර්සාන් නිකොලයාවිව් ඉලුම්ෂිනොව් තුන්වන වරටත් එම තනතුර උසුලයි.

රුසියානු බලයට නතුවීම

[සංස්කරණය]

1942 අගෝස්‌තු 12 වැනි දින රුසියාව ආක්‍රමණය කළ ජර්මන් හමුදාව එලිස්‌ටා අගනුවර යටත් කරගත්තේය. එය දෙවන ලෝක සංග්‍රාමයට හේතු වුණත්, කල්මික්‌ බෞද්ධයන්ට ජීවිතය පිළිබඳ බලාපොරොත්තු ඇති කළ සිදුවීමකි. ඔවුන් ඒ වන විට ගතකළේ දුක්‌බර ජීවිතයකි. ඔවුන් සිටියේ කොමියුනිස්‌ට්‌ පාලනයෙන් මිඳෙන්නට මාර්ගයක්‌ සොයමිනි. තම හමුදාවට ආධාර කළොත් කල්මිකියාව නිදහස්‌ කරදෙන බව ජර්මන් හමුදාව කල්මික්‌වරුන්ට දැනුම්දුනි. ආක්‍රමණය ආශිර්වාදයක්‌ කරගන්නට සිතූ කල්මික්‌වරු සෝවියට්‌ පාලනයට එරෙහිව සටන් කිරීම සඳහා ජර්මන් හමුදාවට බැඳුණහ. ඔවුන් සේවය කළේ අශ්වාරෝහක හමුදා බළඇණියක්‌ වශයෙනි. එයට කෘතගුණ සැලකීමක්‌ ලෙස ජර්මන් හමුදාව කල්මික්‌වරුන්ගේ භූමි ප්‍රදේශය රුසියාවෙන් නිදහස්‌ කර දුන්හ. බියෙන් සැකයෙන් තොරව බෞද්ධ පුදසිරිත් පැවැත්වීමේ නිදහස ද ඒ සමඟම කල්මික්‌වරුන්ට ලැබිණි.

ජනාධිපති

[සංස්කරණය]

විවිධ දුක්‌ පීඩාවන්ට ගොදුරු වුණු කල්මිකියා රාජ්‍යය තුළ යළිත් බුදුදහමේ ආලෝකය පැතිරෙන්නට පටන්ගත්තේ ජනාධිපති කිර්සාන් නිකොලයවිච්ගේ දැඩි ඇපකැපවීම හේතුවෙනි. 1962 අප්‍රේල් 05 වැනි දින උපන් කිර්සාන් කල්මිකියානුවෙකි. මොස්‌කව් විශ්වවිද්‍යාලයෙන් ජපන් ඉතිහාසය, ව්‍යාපාර කළමනාකාරණය සහ ජාත්‍යන්තර සබඳතා යන විෂයයන් හදාරා ඇති ඔහු සතු මූල්‍ය සමාගම් සහ ව්‍යාපාර ගණන පණහකට අධිකය. ඔහුගේ වත්කම් ඩොලර් බිලියන ගණනකි. සුඛෝපභෝගී මෝටර් රථ හා පෞදගලික ගුවන් යානා ඔහු සතුය. 1990 දී කිර්සාන් දේශපාලනයට පිවිසියේ කල්මිකියා ජනරජය වෙනුවෙන් රුසියානු පාර්ලිමේන්තුවේ පෙනී සිටින නියෝජිතයා වශයෙනි. සියලුම ගොවියන්ට සෙලියුලර් දුරකථන ලබාදීම කිර්සාන්ගේ ජනාධිපතිවරණ ඡන්ද පොරොන්දුවකි. ඔහුගේ පාලනය යටතේ කල්මිකියාව විශාල දියුණුවක්‌ ලබා ඇත. ඔහු බලයට පත්ව කෙටි කලකින් සෑම නිවසකටම ගෑස්‌ පයිප්ප හා ජලය ලබාදීමටත්, මංමාවත් ඉදිකිරීමටත් පියවර ගත්තේය. ජනාධිපති කිර්සාන් තම මවුබිමේ සහ රටවැසියන්ගේ යහපත සඳහා ඩොලර් බිලියන ගණනක්‌ වැය කළේ තමන්ගේ පෞද්ගලික ධනයෙනි. ඔහු මුලින්ම ජනාධිපති වූ පසු පාසල් ගුරුවරුන්ට හා වෛද්‍යවරුන්ට වැටුප් ගෙවීමට ඩොලර් මිලියන දෙකක්‌ වැය කළේය.

ජනාධිපති කිර්සාන් ලෝක චෙස්‌ ක්‍රීඩා සංවිධානයේ සභාපතිවරයාය. චෙස්‌ ක්‍රීඩාව කල්මිකියාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක්‌ කර ගැනීමේ අරමුණ ඇතිව දැවැන්ත සැලැස්‌මක්‌ ක්‍රියාත්මක වෙයි. ඒ අනුව ලෝකයේ එකම චෙස්‌ ක්‍රීඩා නගරය එහි ඉදිකර තිබේ. ලොව බොහෝ රටවල චෙස්‌ ක්‍රීඩා ලෝලියෝ කල්මිකියාවට පැමිණෙති. චෙස්‌ ක්‍රීඩාව අනිවාර්ය පාසල් විෂයක පිට්‌ටනිවල විශාල චෙස්‌ ක්‍රීඩා ඵලක පිහිටුවා තිබේ. නිකරුණේ කල් ගෙවන්නට හා මත් ද්‍රව්‍යවලට පුරුදු වී සිටි තරුණ පිරිස්‌ චෙස්‌ ක්‍රීඩාව නිසා විනය ගරුකව හැසිරෙන්නටත්, තර්කානුකූලව හිතන්නටත්. දැන් හුරු වී සිටින බව ජනාධිපති කිර්සාන් පවසයි. ඒ නිසා රටෙහි අර්බුද හා නීති විරෝධී ක්‍රියාවන් අඩු වී ඇත. චෙස්‌ යනු සංස්‌කෘත භාෂාවේ චතුරංග යන්නෙන් සැදුන වචනයකි. දීර්ඝ ඉතිහාසයක්‌ ඇති එම ක්‍රීඩාව හොඳ සහ නරක අතර ගැටුමක්‌ ලෙස ද සැලකෙයි. අතීතයේදී චෙස්‌ ඉත්තන් ලෙස භාවිත කළ බෝසත්වරුන්ගේ රූප මොංගෝලියාවෙන් හමු වී ඇත. කිර්සාන් ජනාධිපති සිතන පරිදි චෙස්‌a ක්‍රීඩාව මිනිසුන් යහමගට යොමුකරන ආගමකට සමානය.

කිර්සාන් ජනාධිපති තනතුරට පත්වන විට කල්මිකියාවේ එක්‌ පන්සලක්‌ හෝ නොතිබුණි. එහෙත් දැන් එහි ඇති පන්සල් ගණන හතළිහකි. ඒ අතර තිබෙන ස්‌වර්ණ විහාරය යුරෝපයේ විශාලම පන්සලයි. එය විවෘත කළේ ස්‌ටාලින් බෞද්ධ විහාරස්‌ථාන වනසා කල්මික්‌වරුන් රටෙන් නෙරපීම සිහිකරමින් 2005 දෙසැම්බර් 27 වැනිදාය. කිර්සාන් ජනාධිපතිවරයා බුද්ධාගම කෙරෙහි නැඹුරු වූයේ ළමා වියේදීය. ඔහු 2007 ජුලි 16 වැනි දින අල් ජසීරා රූවාහිනියට ලබාදුන් සාකච්ඡාවකින් එය පැහැදිලි වෙයි. එය වෙබ් අඩවියෙන් නැරඹිය හැක. එම සාකච්ඡාවේ දී ඔහු මෙසේ පවසයි. "මා හත් හැවිරිදි වියේ සිටින විට මගේ අත්තම්මා නිවසේ දොර ජනෙල් වසාගෙන බුදුහාමුදුරුවන්ට වැඳුම් පිදුම් කරනවා මම දුටුවා. මම ඇයගෙන් ඇහුවා ඇයි මෙහෙම රහසින් බුදුන් වඳින්නේ කියලා. කේ. ජී. බී. එක ඉන්නවා. සද්ද කරන්න එපා. නිදහසේ බුදුන් වඳින්න බැහැ. ඔබ ලොකු කෙනකු වුණාම මිනිසුන්ට එළිමහනේ නිදහසේ වැඳුම් පිදුම් කරන්න පන්සල් ගොඩක්‌ හදන්න යෑයි අත්තම්මා මට කීවා. මම ඉටු කරන්නේ ඇයගේ උපදේශයයි. මම දැන් පන්සල් හතළිහක්‌ හදලා තිබෙනවා." කල්මිකියාවේ සම්ප්‍රදාය අනුව විශිෂ්ට පුරවැසියකුට පිරිනමන ඉහළම ගෞරවය වනනේ සුදු නෙළුම් ශ්‍රේණියට ඇතුළත් කර ගැනිමයි. ජනාධිපති කිර්සාන් තම ආධ්‍යාත්මික ගුරුවරයා ලෙස සලකන දලයි ලාමා තුමා සුදු නෙලුම් ශ්‍රේණියට පත්කර ගෙන තිබේ. ජනාධිපති කිර්සාන් කඩිසර මිනිසෙකි. බොක්‌සිං ශූරයකු වන ඔහුට දිගු වෙලාවක්‌ එක තැනක නිකරුණේ රැඳී සිටීම අමාරුය. "මම දිනකට පැය විස්‌සක්‌ වැඩ කරන කෙනෙකි. නමුත් මගේ ඇතැම් රටවැසියන් හිතන්නේ ජනාධිපති කිර්සාන් සියලු දේවල් අපට නොමිලේ ලබාදෙයි. අපට තිබෙන්නේ කෑම සහ නිදාගැනීම කියලයි. එසේ සිතීම වැරැදියි. අපේ රට දියුණු කරන්නට නම්, අප කවුරුත් තදින් වැඩ කළ යුතු යෑයි ජනාධිපති කිර්සාන් පවසයි.

දේශපාලනය

[සංස්කරණය]

The head of the government in Kalmykia is called "The Head of the Republic". The President of the Russian Federation selects a candidate for the Head of the Republic position and presents it to the Parliament of Kalmyk Republic for approval. If a candidate is not approved, the President of the Russian Federation can dissolve the Parliament and set up new elections.

As of 2006, the Head of the Republic is Kirsan Nikolayevich Ilyumzhinov, who is also the president of the world chess organization FIDE.

In the late 1990s, there were allegations of misappropriations of government funds by Ilyumzhinov's government by Sovietskaya Kalmykia, the only opposition newspaper in Elista. Larisa Yudina, the journalist who investigated these accusations, was kidnapped and murdered in 1998. Two men, Sergei Vaskin and Tyurbi Boskomdzhiv, with connections to Ilyumzhinov, were charged with her murder [17][18]

ආර්ථික තත්ත්වය

[සංස්කරණය]

Kalmykia has a developed agricultural sector. Other developed industries include the food processing and oil and gas industries.

Annual budget: revenues and expenditures: about $100 million. Annual oil production: about 200,000 metric tonnes.

අධ්‍යාපනය

[සංස්කරණය]

Kalmyk State University is the largest higher education facility in the republic.

විවිධ

[සංස්කරණය]

The Kalmyks of Kyrgyzstan live primarily in the Karakol region of eastern Kyrgyzstan. They are referred to as "Sart Kalmyks." The origin of the this name is unknown. Likewise, it is not known when, why and from where this small group of Kalmyks migrated to eastern Kyrgyzstan. Due to their minority status, the Sart Kalmyks have adopted the Turkic language and culture of the majority Kyrgyz population. As a result, nearly all now belong to the Muslim faith.

Although Sart Kalmyks are Muslims, Kalmyks elsewhere by and large remain faithful to the Gelugpa Order of Tibetan Buddhism. In Kalmykia, for example, the Gelugpa Order with the assistance of the government has constructed numerous Buddhist temples. In addition, the Kalmyk people recognize Tenzin Gyatso, 14th Dalai Lama as their spiritual leader and Erdne Ombadykow, a Kalmyk American, as the supreme lama of the Kalmyk people.

The Kalmyks have also established communities in the United States, primarily in Pennsylvania and New Jersey. The majority are descended from those Kalmyks who fled from Russia in late 1920 to ප්‍රංශය, Yugoslavia, Bulgaria, and, later, Germany. Many of those Kalmyks living in Germany at the end of World War II were eventually granted passage to the United States.

As a consequence of their decades-long migration through Europe, many older Kalmyks are fluent in ජර්මානු, French and Serbo-Croatian, in addition to Russian and their native Kalmyk language. There are several Kalmyk Buddhist temples in Monmouth County, New Jersey, where the vast majority of American Kalmyks reside, as well as a Tibetan Buddhist Learning Center and monastery in Washington Township, New Jersey. At one point, there was a Kalmyk Buddhist Temple in Belgrade, Serbia.

The word Kalmyk means 'those who remained'— origin is unknown but this name was known centuries before a large part of Kalmyks moved back from Volga River to Dzhungaria in the 18th century.

There are three cultural subgroups within the Kalmyk nation: Turguts, Durbets (Durwets), and Buzavs (Oirats, who joined Russian Cossacks, else we can find some villages of Hoshouts and Zungars. The 'Durbets' subgroup includes the Chonos tribe (literally meaning "a tribe of the Wolf", other names - "Shonos", "Chinos", "A-Shino" or "A-Chino"), which is considered to be one of the most ancient tribes in the world, dating back to 6th to 11th century.

Kalmykia staged the 2006 World Chess Championship between Veselin Topalov and Vladimir Kramnik.[19]

Not long ago the largest Buddhist temple in Europe was constructed in the capital of Kalmykia, Elista.


නිර්දේශනය

[සංස්කරණය]
  • Arbakov, Dorzha. Genocide in the USSR, Chapter II, Complete Destruction of National Groups as Groups, The Kalmyks, Nikolai Dekker and Andrei Lebed, Editors, Series I, No. 40, Institute for the Study of the USSR, Munich, 1958.
  • Balinov, Shamba. Genocide in the USSR, Chapter V, Attempted Destruction of Other Religious Groups, The Kalmyk Buddhists, Nikolai Dekker and Andrei Lebed, Editors, Series I, No. 40, Institute for the Study of the USSR, Munich, 1958.
  • Bethell, Nicholas. The Last Secret, Futura Publications Limited, Great Britain, 1974.
  • Epstein, Julius. Operation Keelhaul, Devin-Adair, Connecticut, 1973.
  • Grousset, René. The Empire of the Steppes: a History of Central Asia, Rutgers University Press, 1970.
  • Halkovic, Jr., Stephen A. THE MONGOLS OF THE WEST, Indiana University Uralic and Altaic Series, Volume 148, Larry Moses, Editor, Research Institute for Inner Asian Studies, Indiana University, Bloomington, 1985.
  • Hoffmann, Joachim. Deutsche und Kalmyken 1942 bis 1945, Rombach Verlag, Friedberg, 1986.
  • Munoz, Antonio J. The East Came West: Muslim, Hindu and Buddhist Volunteers in the German Armed Forces, 1941-1945, Chapter 8, Followers of "The Greater Way": Kalmuck Volunteers in the German Army, Antonio J. Munoz, Editor, Axis Europa Books, Bayside, NY, 2001.
  • Tolstoy, Nikolai. The Secret Betrayal, 1944-1947, Charles Scribner's Sons, New York, 1977.
  1. ^ Law #44-I-Z
  2. ^ Президент Российской Федерации. Указ №849 от 13 мая 2000 г. «О полномочном представителе Президента Российской Федерации в федеральном округе». Вступил в силу 13 мая 2000 г. Опубликован: "Собрание законодательства РФ", №20, ст. 2112, 15 мая 2000 г. (President of the Russian Federation. Decree #849 of May 13, 2000 On the Plenipotentiary Representative of the President of the Russian Federation in a Federal District. Effective as of May 13, 2000.).
  3. ^ Госстандарт Российской Федерации. №ОК 024-95 27 декабря 1995 г. «Общероссийский классификатор экономических регионов. 2. Экономические районы», в ред. Изменения №5/2001 ОКЭР. (Gosstandart of the Russian Federation. #OK 024-95 December 27, 1995 Russian Classification of Economic Regions. 2. Economic Regions, as amended by the Amendment #5/2001 OKER. ).
  4. ^ Decree of July 29, 1958
  5. ^ Steppe Code (Constitution) of the Republic of Kalmykia, Article 19: Столицей Республики Калмыкия является город Элиста. [The capital of the Republic of Kalmykia is the city of Elista.]
  6. ^ Official website of the Head of the Republic of Kalmykia. Alexey Maratovich Orlov සංරක්ෂණය කළ පිටපත 2019-02-16 at the Wayback Machine (රුසියානු)
  7. ^ Steppe Code (Constitution) of the Republic of Kalmykia, Article 25
  8. ^ Steppe Code (Constitution) of the Republic of Kalmykia, Article 33
  9. ^ Федеральная служба государственной статистики (Federal State Statistics Service) (2004-05-21). "Территория, число районов, населённых пунктов и сельских администраций по субъектам Российской Федерации (Territory, Number of Districts, Inhabited Localities, and Rural Administration by Federal Subjects of the Russian Federation)". Всероссийская перепись населения 2002 года (All-Russia Population Census of 2002) (Russian බසින්). Federal State Statistics Service. සම්ප්‍රවේශය 2011-11-01.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  10. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; 2010Census නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  11. ^ The density value was calculated by dividing the population reported by the 2010 Census by the area shown in the "Area" field. Please note that this value may not be accurate as the area specified in the infobox is not necessarily reported for the same year as the population.
  12. ^ Republic of Kalmykia Territorial Branch of the Federal State Statistics Service. Численность постоянного населения Республики Калмыкия по городам и районам на 01.01.2014 года සංරක්ෂණය කළ පිටපත 2018-11-28 at the Wayback Machine (රුසියානු)
  13. ^ Official the whole territory of Russia according to Article 68.1 of the Constitution of Russia.
  14. ^ Steppe Code (Constitution) of the Republic of Kalmykia, Article 17: Государственными языками в Республике Калмыкия являются калмыцкий и русский языки. [The official languages of the Republic of Kalmykia are the Kalmyk and Russian languages.]
  15. ^ Arena – Atlas of Religions and Nationalities in Russia. Sreda.org
  16. ^ 2012 Survey Maps සංරක්ෂණය කළ පිටපත 2017-03-20 at the Wayback Machine. "Ogonek", № 34 (5243), 27/08/2012. Retrieved 24-09-2012.
  17. ^ World Press Freedom Review, http://www.freemedia.at/cms/ipi/freedom_detail.html?country=/KW0001/KW0003/KW0078/&year=1998, ප්‍රතිෂ්ඨාපනය 2007-11-29 
  18. ^ In Russia, many conform, few resist, http://www.freedomforum.org/publications/msj/courage.summer2000/t04.html, ප්‍රතිෂ්ඨාපනය 2007-11-29 
  19. ^ Rohrer, Finlo (2006) "Game of kings takes centre stage"

වැඩිදුර කියවීම

[සංස්කරණය]
  • Lost Cosmonaut: Observations of an Anti-tourist Daniel Kalder

බාහිර සබැඳි

[සංස්කරණය]

ඛණ්ඩාංක: 46°19′N 44°16′E / 46.317°N 44.267°E / 46.317; 44.267{{#coordinates:}}: cannot have more than one primary tag per page

"https://si.wikipedia.org/w/index.php?title=කල්මීකියා&oldid=606678" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි