Jump to content

සුනාමි

විකිපීඩියා වෙතින්
2004 ආසියා සුනාමි බලපෑම

ඇබොට් (Abbott) 1996 දී දක්වන ආකාරයට සුනාමි යනු ජපන් වචනයක් වන අතර එහි අදහස "විශාල වරාය රළ යන්නයි." ඈත මුහුදේ පවතින උසින් අඩු රළ වරායට පැමි‍ණෙන විට වරායේ පටු ස්වරූපය නිසා උසින් වැඩි වීම සිදු වේ. මෙය ජපන් ජාතිකයෝ සුනාමි ලෙස හදුන්වති.

  • රොජස් සහ ෆිසි විසින් සුනාමි හදුන්වන්නේ උදම් රළ වශයෙනි.
  • ටෙල්ෆර්ඩ්ට අනුව සුනාමියක් යනු දිගින් වැඩි උසින් අඩු ගැඹුරු මුහුදේදී සුළු වශයෙන් දැකගත හැකි තරංග විශේෂයකි.

සුනාමි පිළිබඳ වෙබ් අඩවිය සඳහන් කරන්නේ සාගරික ජලකඳ ක්ෂණිකව කැළඹීමකට ලක්වී සිරස්ව නිර්මාණය වන ජල තීරුවක් නිසා සෑදෙන දිය රැල්ලක් හෝ දිය රළ කිහිපයක් එකතු වීමෙන් නිර්මාණය වන තරංග සුනාමි තරංග ලෙසයි.

සුනාමි ඇතිවීමට බලපාන සාධක

[සංස්කරණය]
  1. සාගර පතුලේ ඇතිවන භූමිකම්පා
  2. නායයාම් ඇතිවීම ( උදා: 1958 ඇලස්කාවේ ලිතියා කඳු වල නායයෑමක් නිසා සුනාමි තරංග ඇතිවිය.)
  3. යමහල් විදාරණය (ගිනි කදු ක්‍රියාකාරිත්වය ) හේතු‍කොටගෙන පිටවන ද්‍රව්‍ය මගින් සාගර තරංග සුනාමි තරංග බවට පත්වීම
  4. උල්කාපාත කඩාවැටීම හා විශාල හිම කඳු සාගරයට කඩාවැටීමෙන්

සුනාමි පෙරනිමිති

[සංස්කරණය]

සුනාමියක් පැමිණීමට පෙර බොහෝ විට අනතුරු ඇඟවීම් නොලැබේ. නමුත් සුනාමි සාමාන්‍යනේ හටගන්නේ ජලය ආශ්‍රිත සිදුවන භූමිකම්පාවකින්ය. නොගැඹුරු දියේ හට ගැනීම, වැඩි ප්‍රබලත්වය, ජලයේ ගැඹුර හා ප්‍රමාණවත් ජල ස්කන්ධයක් යන කරුණු සම්පූර්ණ නම් සුනාමියක් ඇති වීමට පුළුවන. ප්‍රබලත්වය 4.2 වූ භූමිකම්පාවක් ඇතිවී විනාඩි 15 තුළ සාමාන්‍යයෙන් ජපානයේ විශාල ප්‍රදේශයක් ජලයෙන් යට කළ හැකි සුනාමියක් ඇති විය හැකි ය.


ගොඩබිමට ලඟාවන පළමු සුනාමි තරංගය නිම්නයක් (දෙකිඳ) ආකාර නම් වෙරළාශ්‍රීත ජලය පැහැදිලි ලෙස අඩුවී සාමානයෙන් දියේ ගිලී පවතින ප්‍රදේශ නිරාවරණය වේ. මෙය උවදුරෙන් දුරස්වයාමට පෙර කඩා වදින සුනාමියක පෙරනිමිත්තකි. වෙරළාශ්‍රිතව සිටින පුද්ගලයෙකුට හදිසියේම මුහුද පසුපසට ගමන් කිරීමක් දක්නට ලැබුණොත් (මේ සමඟම චූෂණ ශබ්දයක්ද ඇසුණු බව බොහෝ නොමැරී බේරුණු පුද්ගලයෝ වාර්තා කර ඇත) ඔහුට ගැලවීමට ඇති එකම අවස්ථාව වන්නේ උස් ප්‍රදේශයකට පළා යාම හෝ උස් ගොඩනැගිල්ලක ඉහළ මාලයට නැගීමයි.


2004 දී ඉන්දියන් සාගරයේ ඇතිවූ සුනාමියේදී නැගෙනහිරින් සුනාමි රළවලින් යටවුණු අප්‍රිකානූ හෝ අනෙක් බටහිර වෙරළ වලින් මුහුද පසුපසට යාමක් වාර්තා නොවිණි. එයට හේතුව එම රැල්ලේ ස්වාභාවයයි. එය නැගෙනහිර දෙසින් විභේද රේඛාවට පහළින් ගමන් කළ අතර බටහිරදී විභේද රේඛාවට ඉහළින් ගමන් කළේය. අප්‍රිකාව හා අනෙක් බටහර වෙරළ ගොදුරු වූයේ බටහිරින් ඇතිවූ රළ පහරිනි.


සාගරයේ හටගන්නා සුනාමි තත්ත්වයන්ගෙන් 80% ක්ම ඇතිවන්නේ පැසිෆික් සාගරයේය. නමුත් අභ්‍යන්තර විල් වැනි විශාල ජල ස්කන්ධයක් පවතින ඕනෑම ස්ථානයක සුනාමි ඇතිවිය හැකිය. නායයාම, ගිනිකදු පිපිරීම් හා භූ කම්පන මගින් මේවා ඇතිවිය හැකිය. ඉන්දියන් සාගරයේ ඇති වූ සුනාමිය පිළිබඳව 2008 අප්‍රේල් පළවූ Geogrophical සඟරාවට අනුව 2004 දෙසැම්බර් 26 දින ඉන්දියන් සාගරයේ ඇතිවූ සුනාමිය කලාපයකට බලාපොරොත්තු විය හැකි දරුණුතම සුනාමිය නොවේ. Geophysical journal Juternation හි සම ලේඛක දකුණු කැලිෆෝනියා සරසවියේ සුනාමි පර්යේෂණ ආයතනයේ මහාචාර්ය Cosrs synolakis ට අනුව අනාගතයේ ඇතිවන සුනාමියකින් ඉන්දියන් සාගර කලාපයේ මැඩගස්කරය, සිංගප්පූරුව, සෝමාලියාව,බටහිර ඔස්ට්‍රේලියාව යන රටවලට හානි පැමිණය හැකිය. නත්තල් දිනයට පසුදා සුනාමියෙන් 30,000 පමණ පුද්ගලයන් මියගිය අතර බොහෝ සිරුරු හඳුනාගැනීමට නොහැකි වූ අතර තවත් බොහෝ දෙනෙක් අතුරුදහන් විණි. නිල නොවන වාර්තා වලට අනුව මිලියනයකට ආසන්න ප්‍රමාණයක් මිනිසුන් සෘජුවම හෝ වක්‍රව සුනාමිය හේතුවෙන් මියගොස් ඇත.

සුනාමි ක්‍රියාකාරිත්වයේ ඓතිහාසික තොරතුරු

[සංස්කරණය]

ලෝකයේ පැරණිම ගොඩගැලීම ලෙස සදහන් වන්නේ මීට වසර 2500 කට පෙරය. රාම-රාවණා යුද්ධයේදී දරුණු යුධ උපකරණ භාවිත කිරීමෙන් හිම දියවී යාම නිසා මුහුද ගොඩගැලීමක් සිදු වු බව සදහන් වේ. මෙම මුහුද ගොඩගැලීම නිසා ධීවර ගම්මාන 470 ක්ද,වරායවල් 970 ක්ද විනාශ වු බව රාජාවලියේ සදහන් වේ. මීට වසර 2000 කට පෙර කැළණි තිස්ස රජ විසින් භික්ෂුවක් මරාදැමු ශාපය නිසා මුහුඳ ගොඩගැලීම සිදු වු බව මහාවංශයේ සඳහන් වේ. සුනාමි පිළිබඳ අන්තර්ජාල‍යෙහි සඳහන් කරන ආකාරයට ක්‍රි:පු:500දී ස්කොට්ලන්තයේ සුනාමි තරංග වල බලපෑමක් සිදු වී අත. අත්ලන්තික් සාගරයේ ඇති වු හදිසි භූ චලනයක් මෙම සුනාමි තරංග නිර්මාණය වීම කෙරෙහි ඉවහල් වී ඇත.

ඉතිහාසය තුළ සුනාමි ක්‍රියාත්මක වු අවස්ථා


දිනය බලපාන සාධක තරංග උස
(මීටර්)
ස්ථානය ජිවිතක්ෂයට පත් වු
ජනසංඛ්‍යාව
1755 නොවැම්බර් 01 භූමිකම්පාවෙන් 10 පෘතුගාලයේ ලිස්බන් 30,000
1883 අගෝස්තු 06 ගිනිකන්ද පිපිරීමෙන් 35 ඉන්දුනිසියාව 36,000
1896 ජුලි 15 භූමිකම්පාවෙන් 29 ජපානය 27,000
1929 නොවැම්බර් 18 භූමිකම්පාවෙන් - නිව්ෆවුන්ඩ්ලනන්තය 29
1933 මාර්තු 12 භූමිකම්පාවෙන් 20 ජපානය 3,000
1946 අප්‍රේල් 01 භූමිකම්පාවෙන් 15 ඇලෙස්කාව 179
1952 නොවැම්බර් 04 භූමිකම්පාවෙන් 8.2 රුසියාව -
1958 ජුලි 09 නායයෑමෙන් 10 රුසියාව 02
1960 මාර්තු 22 භූමිකම්පාවෙන් 8.4 චිලී 1250
1974 මාර්තු 27 භූමිකම්පාවෙන් 8.4 ඇලෙස්කාව 122
1976 අගෝස්තු 16 භූමිකම්පාවෙන් - පිලිපීනය 50
1992 සැප්තැම්බර් 01 භූමිකම්පාවෙන් 10 නිකරගුවා 150
1933 ජුලි 12 භූමිකම්පාවෙන් 11 ජපානය 175
1996 ජුලි 17 භූමිකම්පාවෙන් 12 පැපුවා නිව්ගිනියා 3,000

සුනාමි අනතුරු ඇඟවීම හා වැළැක්විම

[සංස්කරණය]
සුනාමි අනතුරු ඇඟවීම සංඥාව


සුනාමියක් වැළැක්වීමට හෝ නිරවද්‍යව අනවැකි පළකිරීමට හෝ නොහැක. අවශ්‍යතරම් විශාලත්වයක් සහිත භූමිකම්පාවක් නිවැරදි ස්ථානයක සිදුවුවද මෙය අපහසුවේ. සාගර විද්‍යාඥයෝ හා භූකම්පන විද්‍යාඥයෝ සෑම භූමිකම්පනයක්ම විශ්ලේෂණය කර වෙනත් සාධක බොහොමයක්ද, සැලකිල්ලට ගෙන එමඟින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර සෑම භූමිකම්පනයක්ම විශ්ලේෂණය කර වෙනත් සාධක බොහෝමයක්ද සැලකිල්ලට ගෙන, එමඟින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර යුතු දැයි තීරණය කරතී. නමුත් සුනාමියක් සිදුවීමට ආසන්න වන විට අනතුරු සංඥා බොහෝමයක් ඇති අතර, සුනාමියෙන් සිදුවන හානිය අවම කර ගැනීමට ක්‍රමවේදයන් සකස් කර ති‍බේ. මෙලෙස යොදාගන්නා වැදගත්ම හා නිරතුරුවම නිරීක්ෂණයට ලක්වන පද්ධතිය වන්නේ සාගර පතුලේ පීඩන සංවේදකයයි. මේවා බෝයාවන්ට අමුණා මුහුදේ පිහිටුවා ඇත. මේවා ඉහළ ජල මට්ටමේ පීඩනය නිරතුරුවම නිරීක්ෂණය කරයි.

F= GDb

මෙහි F = ඉහළින් පවතින බලය හෝ පීඩනය වර්ගමිටරය නිව්ටන් මඟින්,

G = ගුරුත්වජ ත්වරණය,

D = ප්ලැස් ඝනත්වය ,

B= ජල මට්ටමේ උස G=9.8ms-2,

d=1.1 Í103 kg m3 හා h යනු ජලයේ ගැඹුර මීටර් වලින් ඒ අනුව 5000m ගැඹූරින් පවතින ස්ථානයක පීඩනය වන්නේ 9.8=1.1 Í103 Í5 Í103 හෝ 5.4 Í107 Nm2 හෝ වර්ග මීටරය ටොන් මිලියන 5.7

සුනාමියේ පළමුව පැමිණෙන කොටස රැල්ලේ නිම්නය නම්, ජල තරංගයේ කලාවර්තයට හරි අඩකට කලින් සාගරයේ වෙ‍රළෙන් පසු පසට ගමන් කරයි. වෙරළාශ්‍රීත මුහුදු පතුල නොගැඹුරු නම් මෙම පසුපසට යාම මීටර් සිය ගණනක් පමණ විය හැක. මෙහිදී අනතුරු පිළිබඳ දැනුමක් නොමැතිවීම හේතුවෙන් කුතුහලයට පත්වන මිනිසුන් වෙරළ ආසන්නයට පැමිණීම හෝ නිරාවණය වු මුහුදේ මසුන් එකතු කිරීමට පෙළඹේ. 2004 දෙසැම්බර් 26 දි ඉන්දියන් සාගරයේ ඇති වු සුනාමියේදී මෙලෙස නිරාවණය වු මුහුදු පතුල විමර්ශනය කිරීමට පුද්ගලයන් බොහෝ ගණනක් පෙළඹුණි. මෙහිදි ගත් ඡයාරූපයක සාමාන්‍යයෙන් ජලයෙන් යටවු ප්‍රදේශවල රැදී සිටින මිනිසුන් හා පසුබිමින් ගලා එන සුනාමි රැල්ල පෙන්වයි. මෙලෙස වෙරළේ රැදි සිටි බොහෝ දෙනෙක් උස්බිම් වෙත පලා යාමට නොහැකි වී මියගියහ.

ජපානයේ මිසු හි සුනාමි බාධකය

ජපානයේ කමතුරා මුහුදු බාධකයේ ඇති සුනාමි අනතුරු ඇඟවීම් සංඥාව 2004 මරොමාඩි යුගයේදී කමතුරාවට බලපෑ සුනාමියකින් Kotoku හි පිහිටි අමිධා බුදුන්ගේ අතිවිශාල ප්‍රතිමාව සෙවන කළ දැව මන්දිරය විනාශ විය. එදා පටන් එම ප්‍රතිමාව එලිමහනේ පවති.

සුනාමි අනතුරු ඇතිවීම වැඩි ඉඩක් පවතින කලාප සුනාමි හඳුනාගෙන රැල්ල ගොඩබිම‍ට ළගාවීමට පෙර මහජනතාව දැනුවත් කිරීමට සුනාමි අනතුරු සංඥා පද්ධති භාවිතා කරති. එක්සත් ජනපදයේ පැසිෆික් සාගර සුනාමි ඇතිවීමට හැකියාව පවතින බටහිර වෙරළ තීරයේ මිනිසුන්ට ඉවත්විය හැකි මාර්ග දක්වන පුවරු සවිකර ඇත.

පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම පද්ධතිය හොනලුල මත පදනම් ව ඇත. එය පැසිෆික් ප්‍රදේශයේ ඕනෑම ස්ථානයක ඇතිවන භූමිකම්පනයක් හදුනා ගනී. එහි විශාලත්වය හා තවත් තොරතුරු මත සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙ‍‍රේ. මෙහිදි සැලකිය යුතු වැදගත් කරු ණක් වන්නේ පැසිෆික් කලාපය භූකම්පන ක්‍රියාකාරී ප්‍රදේශයක් වුවද සැම භූකම්පනයකින්ම සුනාමි හට නොගනී. මේ නිසා පිගණක භාවිතා කරන්නේ සුනාමි අවදානම අධ්‍යයනය කිරීමට උපකාරීවන මෙවලමක් ලෙසය.

ඉන්දියන් සාගරයේ ඇති වු සුනාමියේ සෘජු ප්‍රතිඵලයක් ලෙස වෙරළාශ්‍රිත ‍ප්‍රදේශවල සුනාමි තර්ජනය පිළිබද නැවත තක්සේරු වක් එක්සත්ජාතීන්ගේ ව්‍යසන අඩුකිරීමේ කොමිසම හා රජයන් මඟින් සිදුකර ඇති අතර ඉන්දියන් සාගරයේ සුනාමි අනතුරු ඇගවීමට සංඥා පද්ධිතයක් ස්ථාපිත කරමින් පවතී.

සුනාමි අනාවැකි පළකිරිමට පරිඝනක ආකෘති භාවිතා කළ හැක. නිරීක්ෂණ මඟින් පෙන්වා දීඇති පරිදි අනාවැකි පළකෙරු ණු පතුලේ කාලය හා සුනාමිය පැමිණිමේ කාලය අතර වෙනස මිනිත්තු කිහිපයකි. සාගර පතුලේ පවතින සංවේදක මඟින් ලබාගන්න දත්ත හා සුනමි ඇතිවීමට හේතු වු භූකම්පනයේ ස්වභාවය පිළිබද තොරතුරු සාගර පතුළේ ස්වභාවය (ආගාධ මිතිය) හා වෙරෙ‍ළේ (භූවිෂමතා) මලිව් විස්තරය හෙවත් රු ල්ලේ උස ගණනය කළ හැක. පැසිෆික් සාගර සීමාවේ පවතින සියළුම රටවල් සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය හා සංයෝගිත්වයෙන් ක්‍රියාකරන අතර නොවැලැක්විය හැකි සුනාමියක් පැමිණි විට ක්‍රියාකල යුතු අන්දම පිළිබඳ මහජනයාට පුහුණුව ලබාදේ. ජපානයේ දි මෙම සුදානම් වීම රජය, දේශීය අධිකාරි හා හදිසි ‍සේවා ආයතන හා මහජනයාට අනිවාර්ය වේ. සමහර සත්ව විද්‍යාඥයෝ සතුන්ට භූමිකම්පාවකදී හෝ සුනාමියකදි ඇතිවන රේයිලි (Reyleign) උප ධ්වනි තරංග සංවේදනයට හැකියාවක් ඇති බව උපකල්පනය කරයි. සමහර සතුන්ට මෙවැනි ස්වභාවික සංසිද්ධීන් පිළිබඳව කල්තබා හඳුනා ගැනීමේ හැකියාවක් පවතින අතර අවධානයෙන් නිරීක්ෂණය කළහොත් මෙය සුනාමි හා භූමිකම්පන අනතුරු ඇඟවීම් ලෙස යොදා ගත හැක. නමුත් මෙම සාක්ෂි මතභේදයට තුඩු දී ඇති අතර විද්‍යාත්මකව ඔප්පු කර නැත. සමහරක් නිල නොවන වාර්තා වලට අනුව ලිස්බන් භූ චලනයට පෙර බොහෝ සත්තු නොසන්සුන්ව හැසිරුනු අතර පහත් බිම් වල සිට උස් බිම් වෙත සංක්‍රමණය වුහ. නමුත් මෙම ‍ප්‍රදේශයේම බොහෝ සත්තු දියේ ගිලිමෙන් මිය ගියහ. මෙම සංසිද්ධිය 2004 දී ඉන්දියන් සාගර භූකම්පනයේදී ශ්‍රීලංකාවෙන්ද වාර්තා විය. පහත දැක්වෙන කරුණු අදාළ වුවද විද්‍යාත්මක කරුණු නොව මාධ්‍ය මඟින් අනාවරණය වු කරුණය. (BBC [1]) (Kenneally [2] ) අලි වැනි සමහර සතුන්ට සුනාමිය වෙරළට ළඟා වන ශබ්දය ඇසීමෙන් ඔවුන් එයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම ශබ්දයෙන් ඉවතට එනම් රට තුළට ගමන් කර ඇත. නමුත් මනුෂ්‍යයෝ එය පරික්ෂා කිරීමට වෙරළට යාමෙන් ඔවුන් මරණයට පත්විය.

සුනාමි වැලැක්වීමට නොහැක. නමුත් සුනාමී අවදානම සහිත සමහර රටවල් එයින් වෙරළට සිදුවන හානිය අවම කිරීමට ක්‍රම යොදාගෙන තිබේ. ජපානයේ 4.5 m (13.5අඩි) පමණ උස සුනාමි බාධක ජනාධික වෙරළ ප්‍රදේශවල ඉදිකිරිමේ පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ‍අනෙක් ප්‍රදේශවල සුනාමි සමඟ පැමිණෙන ජලය නැවත හරවා යැවීමට අවශ්‍ය දිය දොර හා ඇල මාර්ග තනා ඇත. නමුත් මේවායේ ඵලදායීතාවය ගැටලුවක් වන්නේ සුනාමි රළ සාමාන්‍යයෙන් මෙම බාධක වලට වඩා උසින් වැඩිවීමයි. උදාහරණයක් ලෙස 1993 ජුලි 12 හටගත් භූමිකම්පාවෙන් විනාඩි කිහිපයකට පසුව ඔකුෂි දුපත, හොකයිඩෝ හි හටගත් බකුෂි, හොකයිඩෝ සුනාමියෙන් 30 m (100අඩි) පමණ උස රැල්ලක් ඇති වු අතර, මෙය තට්ටු 10 කින් යුත් ගොඩනැගිල්ලක් පමණ උසින් යුක්තය. Aonae නගරය සම්පුර්ණයන්ම සුනාමි බාධක වලින් වටවී තිබුනද සුනාමි රළ බාධකයට ඉහළින් පැමිණ නගරයේ තිබු දැවමය ගොඩනැගිලි සියල්ල විනාශයට පත් කළේය. මෙම බාධකය රළ පහරේ වේගය හා උස අඩු කිරීමට හේතු වුවද විශාල දේපල හානි හා ජීවිත හානි වැළැක්වීමට නොහැකි විය.

සුනාමියෙන් බලපෑම් අවම කිරීම වෙරළතීරයේ ගස්වැල් ආවරණය වැනි ස්වභාවික සාධක වලට හැකියාව තිබේ. 2004 දී ඉන්දියන් සාගර සුනාමියෙන් එයට ගොදුරු වු සමහර ප්‍රදේශ සම්පුර්ණයෙන්ම වාගේ බේරිමට ලක්විය. මෙයට හේතුව වන්නේ සුනාමියේ ශක්තිය පොල් හා කඩොලාන වැනි ශාක මඟින් අවශෝෂණය කර ගැනිමයි. මෙය සඳහා පැහැදිලි උදාහරණයක් වන්නේ ඉන්දියාවේ තමින්නාඩු ප්‍රදේශයේ නලුවේදාපති (Naluverdapathy) ගම්මානයේ අවම හානියට පත් වු අතර, සුළු ජීවිත හානි කීපයක් පමණක් සිදුවිය. මෙයට හේතුව සුනාමි රළ පහර වැදුනේ 2002 දී ගිනස් වාර්තා පොතට ඇතුළත් වීම සඳහා ඔවුන් විසින් වෙරළ ආසන්නයේ පැළ කර තිබු ගස් 80,224 කින් යුත් වනාන්තරය වීමයි. පරිසරවේදියෝ සුනාමි අවදානම් සහිත ප්‍රදේශවල වෙරළතීරය දිගේ ගස් වැවීම පිළියමක් ලෙස යෝජනා කරති. ශාක ප්‍රයෝජනවත් ප්‍රමාණයක් වර්ධනය වීමට අවුරුදු කිහිපයක් ගතවුවද මෙය කෘත්‍රීම බාධක වලට වඩා ලාභදායී හා දීර්ඝ කාලීන සුනාමි හානි අවම කරගැනීමේ ක්‍රමයකි.

ශ්‍රි ලංකාවට ඇති වු සුනාමි ක්‍රියාකාරිත්වය

[සංස්කරණය]
2004 දෙසැම්බර් 26 වන දින ඇති වු සුනාමි ක්‍රියාකාරිත්වයේ බලපෑම .
සුනාමි ක්‍රියාකාරිත්වය

2004 දෙසැම්බර් 26 වන දින සිදු වු භූමි කම්පාවට ඉවහල් වුයේ ඉන්දු තලය උඩින් බුරුම තලය ලිස්සා යාමයි. මෙම ලිස්සා යාමේදී භූතලය මීටර් 30ක් පමණ ඉහළට එසවී ඇත. භූතැටි සිරස්ව චලනය වීමෙන් නිර්මාණය වන සුනාමි තරංගයක නිම්න කොටස පෙරමුණ ගනී. මෙම නිම්න කොටස වෙරළ තීරයට ලගා වු විට ජල මට්ටමේ පහළ යාමක් සිදු වේ. එවිට මුහුදු පත්ල විශාල ප්‍රමාණයකින් නිරාවරණය වේ. තරංගයේ නිම්න කොටස පැමිණීම නිසා ජල තීරය පහළ බැස ගියද සුළු මොහොතකින් ඊලඟ තරංගයේ ශීර්ෂ කොටස පැමිණේ. එවිට සුනාමි තරංගය විශාල ජල කඳක් සහිතව ඉහළ නැග ඉතා වේගයෙන් වෙරළ දෙසට ගමන් කරයි. මෙම ක්‍රියාකාරිත්වය සුනාමියක් ඇති වීමයි.

2004 දෙසැම්බර් 26 වන දින ඇති වු සුනාමි රළ හේතුකොට ගෙන ජිවිතක්ෂයට පත් වු ජන සංඛ්‍යාව


රට මරණයට පත් වු
ජනසංඛ්‍යාව
අතුරුදහන් වු ජනසංඛ්‍යාව
ඉන්දුනිසියාව 237,071 113,937
ශ්‍රි ලංකාව 30,957 4,698
ඉන්දියාව 16,389 5,554
තායිලන්තය 5,393 2,994
මාලදිවයින 82 26
මැලේසියාව 68 -
මියන්මාරය 61 -
බංග්ලාදේශය 2 -
සෝමාලය 298 -
කෙන්යාව 1 -

2004 දෙසැම්බර් 26 වන දින ඇති වු සුනාමි ක්‍රියාකාරිත්වයේ බලපෑම

[සංස්කරණය]

පාරිසරික බලපෑම

[සංස්කරණය]

සුමාත්‍රා දුපත් වල ඇති වු භූමිකම්පාව හේතුකොටගෙන පෘතුවිය සිය කක්ෂය වටා භ්‍රමණය වීම කෙරෙහි බලපෑමක් සිදු වී ඇති බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලය මගින් කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත. මේ අනුව අගහරු ග්‍රහයා දෙසට මදක් තල්ලු වී ගොස් ඇත. භූගෝල විද්‍යාඥ පවසන ආකාරයට පෘතුවිය කක්ෂය වටා භ්‍රමණය වීමට ගතවන කාලය මයික්‍රෝ තප්පර තුනකින් වෙනස් වී ඇත. මෙම වෙනස්කම් නිසා පෘතුවිය කාළගුණික වෙනස්කම් රැසකට ලක් වී ඇත. සුමාත්‍රා දුපත් මීටර් 100 කින් නිරිත දෙසට තල්ලු වී ඇත.එමෙන්ම කොරල් පර ඇතුළු වෙරළ පාරිසරික පද්ධතීන් රැසක් වෙනසකට ලක් වී ඇත.

සමාජීය බලපෑම

[සංස්කරණය]
සුනාමි හානි

සුනාමි රළ හේතුවෙන් ආසියානු රටවල් රැසක විශාල පිරිසක් ජිවිතක්ෂයට පත් වීම හා අවතැන් වීමට ලක් විය. වගු අංක 4.1 මගින් දැක්වෙන්නේ එම එක් එක් රටවල් වල ජිවිතක්ෂයට පත් වු ජනසංඛ්‍යාවයි.විශාල පිරිසක් මරණයට පත් වීම නිසා සමාජීය ගැටළු රැසක් බලපාන ලදි.

ආර්ථික බලපෑම

[සංස්කරණය]

සුනාමි රළ හේතුකොටගෙන ආසියාතික රටවල ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑමක් ඇතිවිය. ධීවර, සංචාරක හා වෙරළ ආශ්‍රිත සුළු පරිමාණ කර්මාන්ත රැසක් සුනාමි රළින් විනාශයට පත්විය. සුනාමි රළ ක්‍රියාකාරිත්වය හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදු වු බලපෑම පිළිබඳව සලකා බැලීමේදී සුනාමි රළ ක්‍රියාකාරිත්වය බලපෑ රටවල් 11තුළම ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින්, ධීවර ආම්පන්න, ධීවර යාත්‍රා හා ධීවරයන්ගේ නිවාස විනාශයට පත්විය.

මේ වෙබ් අඩවිත් බලන්න

[සංස්කරණය]

මුලාශ්‍ර

[සංස්කරණය]
  1. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව
"https://si.wikipedia.org/w/index.php?title=සුනාමි&oldid=626378" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි