ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ඉන්දියානු - ශ්‍රී ලාංකික සබඳතා
Map indicating locations of ඉන්දියාව and ශ්‍රී ලංකාව

ඉන්දියාව

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිගු කාලයක පටන් පවතින්නේ මිත්‍රශීලී සම්බන්ධතාවයකි. නමුත් ශ්‍රී ලංකාවේ ඇති වූ සිවිල් යුද්ධයේ සමහර කාරණා පිළිබඳ දෙරට අතර මතභේද පවතියි. ශ්‍රී ලංකාවේ ආසන්නතම අසල්වැසියා ඉන්දියාව වන අතර දෙරට එකිනෙක වෙන්වන්නේ පෝක් සමුද්‍ර සන්ධිය හරහායි. දෙරටම භූ ගෝලීයව දකුණු ආසියාව තුල උපක්‍රමශීලීව වැදගත් ස්ථාන වල පිහිටා තිබීම නිසා, ඉන්දියන් සාගරයේ පොදු ආරක්ෂක ඡත්‍රයක් (common security umbrella) නිර්මාණය කිරීමට දෙරටේම අවධානය යොමුව තිබෙයි.[1] ඉතිහාසමය සහ සංස්කෘතිකමය වශයෙන්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වැදගත් සම්බන්ධතා පවතී. වර්ථමාන ශ්‍රී ලාංකිකයින්ගේන් 70% පමණ දෙනා ථේරවාදී බෞද්ධයෝ වෙති.

මුල් යුගය[සංස්කරණය]

අනුරාධපුර සමයට අයත් තාරා බෝධිසත්වයන්ගේ ප්‍රතිමාව.

ශ්‍රී ලංකාවේ පැරණි මූලාශ්‍ර වලට අනූව (දීපවංශය වැනි), ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ දේවානම්පිය තිස්ස රජු සමයේදී ශ්‍රී ලංකාවට, ඉන්දියානු අශෝක අධිරාජයාගේ ගිහි කල පුත්‍රයෙකු වූ මිහිදු මහ රහතන් වහන්සේ විසින් බුදු ධහම රැගෙන ආ බව පැවසෙයි. මේ කාලයේදීම, සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් ඉන්දියාවේ ශ්‍රී මහා බෝධියේ අංකුරයක් ශ්‍රී ලංකාවට වැඩම කරවීමත්, ලංකා රාජ්‍යය තුල බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීම ආරම්භ වූ බවත් සඳහන් වෙයි. ඒවා අතරින්, ඉසුරුමුණි විහාරය සහ වෙස්සගිරිය විහාරය අදටත් වැදගත් වන්දනාමාන ස්ථාන වෙයි.

ලෝකයේ අනෙකුත් සියළුම බෞද්ධ ජාතීන්ට වඩා, සංඝයා වහන්සේලා විසින් අඛණ්ඩව පවත්වා ගෙන ආ දීර්ඝ බෞද්ධ ඉතිහාසයක්, ශ්‍රී ලංකාව සතුව පවතියි. ලංකා රාජ්‍යය තුල බුදු ධහම දුර්වල වූ අවස්ථාවේදී, සංඝයා වහන්සේලා මියන්මාරය සහ තායිලන්තය යන රටවල සහයෙන් නැවතත් ථේරවාද බුදු ධහම ගොඩනංවා ගත් බව ඉතිහාසයේ දැක්වෙයි. ශ්‍රී ලංකාව තුල ථේරවාදී බුදු ධහම පිරිහීමට ලක්වූ අවස්ථා ලෙස, ශ්‍රී ලංකාව බටහිර ජාතීන්ගේ යටත් විජිතයක්ව පැවති යුගය සහ ශ්‍රී ලංකාවට මහායාන බලපෑම් එල්ල වූ යුගයන් හැඳින්විය හැක. 19 වන සියවසෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුල නැවතත් ථේරවාද බුදු දහම තහවුරු වීම සිදුවූ අතර, වර්ථමානය වන විටත්, එනම් වසර 2,600 කට වඩා වැඩි කාලයක් ථේරවාද බුදු දහම ශ්‍රී ලංකාව තුල අඛණ්ඩව සහ ජීවමානව පවතියි.

ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ අසාර්ථක ඉන්දියානු මැදිහත් වීම[සංස්කරණය]

1970-1980 දශක කාලය තුලදී, ඉන්දියානු තමිල්නාඩුවේ වූ සමහර දේශීය සංවිධානයන්, ශ්‍රී ලංකාවේ දෙමළ කොටි ත්‍රස්ථවාදී සංවිධානය වෙත ආධාර සිදු කරන බවට විවිධ මූලාශ්‍ර ඔස්සේ තොරතුරු හෙලිවිය.[2][3] 1987 කාලය තුලදී, වඩමාරච්චි ප්‍රහාර නිසා ශ්‍රී ලංකාවේ යුද්ධයට මැදි වූ දෙමළ වැසියන් හා කොටි ත්‍රස්ථ සාමාජිකයින් විශාල වශයෙන් ඉන්දියාවට පලා යාමත් සහ,[4] ශ්‍රී ලංකා හමුදාව උතුරේ යාපනය හි බලය අත්පත් කර ගැනීමත් සමග, ඉන්දියාවද මෙම ගැටළුව කෙරේ සිය අවධානය සෘජුවම යොමු කිරීමට පියවර ගන්නා ලදී. මේ වන විට ශ්‍රී ලංකා හමුදාව යාපනයේ බලය තහවුරු කොට ගෙන තුබූ නිසා ඉන්දියාව විසින් එවන ලද සහනාධාර යාත්‍රාවක් ප්‍රතික්ෂේප කොට ආපසු හරවා යවන ලදී. මීට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු රජය, ස්වෛරී රාජ්‍යයක් වූ ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව අනවසර ලෙස උල්ලංඝණය කරමින් ආහාර මළු ගුවනින් හෙළූ අතර එවැනි ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව, ජාත්‍යන්තරය තුලදී දැඩි අප්‍රසාදයට පත්විය. පසුව 1987 දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදුවූ සාකච්ඡා වලින් අනතුරුව, සිවිල් ගැටුම් නිමා කරනු වස් පලාත් සභා වලට බලය බෙදන ඉන්දු ලංකා ගිවිසුමේ 13වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට දෙරට අවධානය යොමු කල අතර, එයට එකඟ වී අවි බිම හෙළන ලෙස දෙමළ කොටි සංවිධානයටද දැනුම් දුනි. 1987 ජුලි 27 ඉන්දු-ලංකා ගිවිසුම ක්‍රියාත්මක කල අතර 1988 නොවැම්බර් 17දී උතුරු නැගෙනහිර පලාත් සභාව පිහිටුවුණි. තවදුරටත් ක්‍රියාත්මක වෙමින් ඉන්දියානු රජය, ත්‍රස්ථවාදීන් නිරායුධ කිරීමට සහ ගිවිසුම් කටයුතු නිරික්ෂණය කිරීමට ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට එවන ලදී.[2][5][6][7]

අළුතින් බිහි කල උතුරු නැගෙනහිර පලාත් සභාව වෙත Eelam Peoples Revolutionary Liberation Front විසින් ඉදිරිපත් කල අපේක්ෂකයාව ප්‍රතික්ෂේප කරමින්, දෙමළ එල්ටීටීඊ සංවිධානය,[6] එම තනතුර වෙනුවෙන් වෙනත් තිදෙනෙකුගේ නම් යෝජනා කරන ලදී. නමුත් එල්ටීටීඊ සංවිධානය විසින් ඉදිරිපත් කල එම නාමයෝජනා ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී.[8] මේ නිසා ගිවිසුම නොසළකා හරිමින් එල්ටීටීඊ සංවිධානය සිය ආයුධ ඉන්දියානු සාම සාධක හමුදා වෙත භාරදීම ප්‍රතික්ෂේප කරන ලදී.

මෙහි ප්‍රතිපලයක් ලෙස දෙමළ කොටි සංවිධානය, ඉන්දියානු හමුදාව සමග ගැටුමක් නිර්මාණය කර ගනිමින්, ඔක්තෝම්බර් 8 වන දින ඉන්දියානු සාම සාධක හමුදාව වෙත මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරන ලදී.[9] මේ මාරාන්තික ප්‍රහාරයෙන් පසුව ඉන්දියානු රජය එල්ටීටීඊ සංවිධානය නිරායුධ කරනු වස්,[9] ඔවුන් වෙත දිගින් දිගටම දරුණු ප්‍රහාර එල්ල කරන ලදී. මෙම ඉන්දියානු මෙහෙයුම ඔපරේෂන් පවන් ලෙස හඳුන්වන ලදී.

ජේ. ආර්. ජයවර්ධන මහතාගෙන් පසුව ජනපතිධූරයට පැමිණි රණසිංහ ප්‍රේමදාස මහතාගේ රජය, එල්ටීටීඊ සංවිධානය සමග රහස් සාකච්ඡා සිදුකර, ඉන්දියානු හමුදාව පලවා හරිනු වස් කොටි සංවිධානයට ආයුධ සහ මුදල් ආධාර දෙන ලදී.[6]

යුධ අපරාද චෝදනා එල්ල වීම[සංස්කරණය]

එල්ටීටීඊ සංවිධානය වෙත ප්‍රහාර දියත් කල ඉන්දියානු සාම සාධක හමුදාවන්ට, අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුධ අපරාධ චෝදනා එලල විය. වෛද්‍යවරු, හෙදියන් සහ රෝගීන් ඇතුළුව අහිංසක සිවිල් වැසියන් 70 කට වඩා පිරිසක් මරුමුවට පත් කල යාපනය ශික්‍ෂණ රෝහලේ සමූලඝාතනය ඉන් ප්‍රධාන තැනක් ගනියි.[10]

එල්ල වූ යුධ අපරාධ චෝදනා[11][සංස්කරණය]

  • 1987 ඔක්තෝම්බර් 12 – යාපනය විශ්ව විද්‍යාල ප්‍රහාරයෙන් සිය හමුදා භටයින් 29 දෙනෙකු ඝාතනය වීමේ සිදුවීමට පලිගැනීමක් වශයෙන්, කොකුවිල් (Kokuvil) ගම්මානයේ අහිංසක සිවිල් වැසියන් 40 දෙනෙකු ඝාතනය කිරීම.
  • 1987 ඔක්තෝම්බර් 21 – දීපාවලී සමයේ, වෛද්‍යවරුන්, හෙදියන්, රෝගීන් ඇතුළු දෙමළ ජාතික කාර්ය මණ්ඩලයේ 68 දෙනෙකු යාපනය රෝහල තුලදී ඝාතනය කිරීම. පසු දිනයේ රෝහලට ඇතුළු වූ වෛද්‍ය සිවපදසුන්දරම් (Dr. Sivapathasuntharan) මහතාව ඝාතනය කිරීම.
  • 1987 නොවැම්බර් 21 – ත්‍රිකුණාමලයේදී, සිවිල් වැසියන් 7 දෙනෙකු ඝාතනය සහ 4 දෙනෙකුට තුවාල සිදුකිරීම.
  • 1989 අගෝස්තු – වැල්වටිතුරේදී (Velvettiturai), ශ්‍රී ලාංකික දෙමළ වැසියන් 64 දෙනෙකු ඝාතනය කිරීම.
  • 100 කට වැඩි දෙමළ සිවිල් වැසියන්ගේ මළ සිරුරු ප්‍රමාණයක් චුන්නාකම් (Chunnakam), මලකම් (Mallakam), උදුවිල් (Uduvil), මනිපෙයි (Manipay), මරුදන්මඩම් (Maruthanamadam) සහ ඉනුවිල් (Inuvil) ප්‍රදේශවලදී සොයා ගැනීම.– එම ඝාතන ඉන්දියානු සාම සාධක හමුදා (IPKF) විසින් සිදු කල බව කියැවෙයි.
  • 1988 ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ වාර්ථාවක(1987 ජනවාරි-දෙසැම්බර් කාලය), ඉන්දියානු සාම සාධක හමුදා (IPKF) විසින් සිදුකල දූෂණ අපචාර සිදුවීම් 7 ක් ගෙනහැර දක්වා තිබෙයි.[12]
  • යුධ අපරාධ චෝදනා සම්බන්ධ වාර්තාවන්
    • Memorial for IPKF - Innocent People Killing Force By Dr. T. Somasekaram Retd. Surveyor General [13]
    • Those Who Cannot Remember the Past are Condemned to Repeat It [14]

ඉන්දියානු හමුදාවේ මෙම කුරීරු ඝාතන රැල්ලත් සමග, ශ්‍රී ලංකා දෙමළ ජනයා අතර ඔවුහූ දැඩි පිළිකුලට ලක් වූහ.[15][16] එල්ටීටීඊ සංවිධානය සමග සිදුවූ මෙම ගැටුම් වලින් ඉන්දියානු හමුදාවට 1,000 කට වැඩි ජීවිත හානි ප්‍රමාණයක් සිදුවිය.[1][2]

ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවෙන් ඉවත් වීම[සංස්කරණය]

ඉන්දු-ලංකා ගිවිසුම, ශ්‍රී ලාංකිකයින් අතර දැඩි දෝෂ දර්ෂණයට ලක්වීම නිසා, අලුතින් පත්වූ ශ්‍රී ලංකා ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා, ඉන්දියානු සාම සාධක හමුදා 1990 මාර්තු වන විට ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලදී.[2] 1991 මැයි 21 වන දින, එල්ටීටීඊ සංවිධානය, ඉන්දියාවේ තමිල්නාඩුවේදී එරට අගමැතිවරයා වූ රජිව් ගාන්ධි මහතාව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කරන ලදී. එහි ප්‍රතිපලයක් ලෙස ඉන්දියාව 1992 දී එල්ටීටීඊ සංවිධානය, ත්‍රස්ථ සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේදී පාකිස්ථානය ශ්‍රී ලංකා රජයට සහය පල කරමින් අවි ආයුධ ලබා දීම සම්බන්ධයෙන් නොසතුටට පත් ඉන්දියාව කියා සිටියේ, මෙලෙස මිලිටරි ආධාර ලබා දීම ශ්‍රී ලංකාවේ සාම වැඩපිලිවෙලට බාධාවක් විය හැකි බවයි.[17]

වාණිජ සබඳතා‎[සංස්කරණය]

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සාර්ක් සංවිධානය, දකුණු ආසියා පාරිසරික සහයෝගීතා වැඩසටහන, දකුණු ආසියා වාණිජ එකමුතුව සහ බිම්ස්ටෙක් (BIMSTEC) යන සංවිධාන වල සාමාජිකයෝ වෙති. 2000 වසරේදී දෙරට නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹි අතර, එනිසා 2004 වන විට ඉන්දු-ලංකා වෙළඳ ගණුදෙණු ප්‍රමාණය 128% කින් වර්ධනය විය. 2006 වන විට එය සිව් ගුණයකින් වැඩිවූ අතර, දෙරට වෙළඳ ගණුදෙණු අගය අමෙරිකා ඩොලර් බිලියන 2.6 ක් පමණ විය.[18][19] වර්ෂ 2000-2004 කාලය තුලදී, ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත සිදු කල අපනයන ප්‍රමාණය අමෙරිකා ඩොලර් මිලියන 618 සිට අමෙරිකා ඩොලර් බිලියන 1.319 දක්වා 113% ක ප්‍රමාණයකින් වැඩිවූ අතර, ශ්‍රී ලංකාව ඉන්දියාව වෙත සිදු කල අපනයන ප්‍රමාණය අමෙරිකා ඩොලර් මිලියන 44 සිට අමෙරිකා ඩොලර් මිලියන 194ක් දක්වා 342% පමණ ප්‍රමාණයකින් වැඩිවිය.[18] ශ්‍රී ලංකාවේ ආනයන වලින් 14% ප්‍රමාණයක් ඉන්දියාවෙන් සිදුවන අතර ශ්‍රී ලංකාවේ අපනයන වලින් 3.6% ක් ඉන්දියාවට සිදු කෙරේ.[18] රටවල් ද්විත්වයම දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුමේ (SAFTA) හවුල්කාරයෝද වෙති.

ඉන්දියාවේ ජාතික තාප බලශක්ති සංස්ථාව (NTPC), ශ්‍රී ලංකාවේ සාම්පූර් හි මෙගාවොට් 500 ක ධාරිතාවයක් සහිත තාප විදුලි බලාගාරයක් ඉදිකිරීමට නියමිතය.[20]

ධීවර ගැටළුව[සංස්කරණය]

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නාවික සැතපුම් 12 ක පමණ දුරකින් පෝක් සමුද්‍ර සංධිය හරහා වෙන්වී තිබෙයි. ශ්‍රී ලංකා හමුදාව විසින්, ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධීව මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් රාශියක් දිගින් දිගටම පසුගිය සමය තුලදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඉන්දියානු නාවික හමුදාවද ශ්‍රී ලංකා ධීවරයින් අත්අඩංගුවට ගෙන තිබෙයි.[21] මෙම කරුණ වර්ථමානය වන විට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ගැටළුවක් නිරිමාණය කිරීමට තරම් සමත්ව තිබෙන අතර ඉන්දියානු ධීවරයින්ට වෙඩි ප්‍රහාර එල්ල කරන බවට ඉන්දියානු පිරිස් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත චෝදනා එල්ල කරයි.[22][23][24]

මෙම ගැටළුව විසඳීම පිණිස දෙරට අතර සාකච්චා වටයක් 2014 ජනවාරි 27 වන දින තමිල්නාඩුවේ පැවැති අතර[25], ඊළඟ සාකච්චා වටය එම වසරේ මාර්තු 3 වනදා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට[26] එහිදී තීරණය විණි. නමුත් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංගනය කල ඉන්දීය ධීවරයන්, ශ්‍රී ලංකාව විසින් නැවතත් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් ඉන්දීය නියෝජිතයෝ මාර්තු 3 දින සාකච්චාවට සහ පසුව තීරණය කරගත් මාර්තු 25 දින සාකච්චා වටයටද නොපැමිණෙන ලදී.[27]

මේවාද බලන්න[සංස්කරණය]

කරුණු[සංස්කරණය]

  • O'Ballance, Edgar (1989). The cyanide war: Tamil insurrection in Sri Lanka, 1973-88. Dulles, Virginia: Brassey's. ISBN 9780080366951. 
  • Rumley, Dennis (2009). Fisheries Exploitation in the Indian Ocean: Threats and Opportunities. Singapore: Institute of Southeast Asian Studies. පි. 166. 

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 India's Sri Lankan scars
  2. 2.0 2.1 2.2 2.3 India - Sri Lanka
  3. RAW: India's External Intelligence Agency Council on Foreign Relations - November 7, 2008
  4. Lua දෝෂය in Module:Citation/CS1 at line 3565: bad argument #1 to 'pairs' (table expected, got nil).
  5. The Peace Accord and the Tamils in Sri Lanka. Hennayake S.K. Asian Survey, Vol. 29, No. 4. (April 1989), pp. 401-415.
  6. 6.0 6.1 6.2 Lua දෝෂය in Module:Citation/CS1 at line 3565: bad argument #1 to 'pairs' (table expected, got nil).
  7. Weisman, Steven R. (5 June 1987). "INDIA AIRLIFTS AID TO TAMIL REBELS". STEVEN R. WEISMAN. New York Times. සම්ප්‍රවේශය 2010-05-05. 
  8. O'Ballance, p.94
  9. 9.0 9.1 O'Ballance, p.100
  10. Somasundaram, D. (1997). "අබැන්ඩනින් ජැෆ්නා හොස්පිට්ල්: එතිකල් ඇන්ඩ් මොරල් ඩයිලෙමාස්". Medicine, Conflict and Survival. 13 (4): 333–347. doi:10.1080/13623699708409357. 
  11. http://www.asiantribune.com/news/2012/05/21/sri-lanka-demands-war-crimes-against-ltte-terrorists-and-india%E2%80%99s-ipkf
  12. http://www.amnesty.org/en/library/asset/ASA37/030/1990/en/1520f8d1-17d4-4b3b-b4d1-f948631bb10b/asa370301990en.pdf
  13. http://www.tchr.net/reports_commission_IPKF.htm
  14. http://www.sangam.org/2011/08/IPKF_Repeat.php?uid=4436
  15. "Statistics on civilians affected by war from 1974 - 2004" (PDF). NESOHR. සම්ප්‍රවේශය 2007-01-30.  [dead link]
  16. "History of the Organisation". University Teachers for Human Rights. 
  17. The Pakistani muscle behind Colombo
  18. 18.0 18.1 18.2 FTA pushes up India, Lanka Trade by 128%
  19. India, Sri Lanka aim to Broaden Free-Trade Agreement
  20. India's Sri Lanka power project runs into Tamil storm
  21. Rumley et. al 2009:166
  22. "Indian fisherman killed in Lankan firing". IndiaVoice. 2011-01-13. සම්ප්‍රවේශය 2011-01-13. 
  23. "Second TN fisherman killed by Lankan Navy". Times Of India. 2011-01-22. සම්ප්‍රවේශය 2011-01-24. 
  24. "Fishermen killings: May 17 seeks Pranab, SM Krishna resignation". TruthDive. 2011-01-24. සම්ප්‍රවේශය 2011-01-24. 
  25. http://www.defence.lk/new.asp?fname=SriLanka_India_discussions_on_fisheries_issues_to_begin_today_20140127_06
  26. http://www.firstpost.com/india/second-round-of-india-sri-lanka-fishermen-talks-on-13-march-1416555.html
  27. http://dailynation.lk/sri-lanka-india-fishermen-talks-stalled-time/

භාහිර සබැදි[සංස්කරණය]