රුසියා-ශ්‍රී ලංකා සබඳතා

විකිපීඩියා වෙතින්
රුසියානු – ශ්‍රී ලාංකික සබඳතා

රුසියාව

ශ්‍රී ලංකාව
මොස්කව් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර, ඉතා දිගු කලක පටන් පැවතෙන යහපත් සහ ශක්තිමත් සබඳතාවයක් පවතියි.

පසුබිම[සංස්කරණය]

සෝවියට් යුගයේ සබඳතා[සංස්කරණය]

1956 දෙසැම්බරයේදී සෝවියට් දේශය, ශ්‍රී ලංකාව සමග සබඳතා පිහිටුවා ගන්නා ලදී. 1958 වර්ෂයේදී දෙපාර්ශවය ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාවයකටද එළඹුණි. 1967 වර්ෂයේදී, සෝවියට් සංගමයේ සහය සහිතව ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තුල යකඩ කම්හලක් (ධාරිතාවය - වසරකට ටොන් 50,000), ටයර් කම්හලක් සහ ඉදිකිරීම් ද්‍රව්‍ය නිශ්පාදනාගාරයක් පිහිටුවන ලදී.

රුසියානු සමූහාණ්ඩුව සමග සබඳතා[සංස්කරණය]

දේශපාලනික සබඳතා[සංස්කරණය]

ශ්‍රී ලංකා ජනපති සහ හිටපු රුසියානු ජනපති, 2011 වර්ෂයේදී

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවැති සමයේ රුසියාව, ශ්‍රී ලංකාවේ හමුදාවන්ට ආධාර ලබා දෙමින් සහය දැක්වීය.[1]

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුලදී, සමහර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙන ආ විට ඒවා ව්‍යර්ථ කිරීමට රුසියාව ක්‍රියා කරයි. ඊට හොඳම උදාහරණයක් වන්නේ, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් සමයේදී (2009) ඊට එරෙහිව යුරෝපියානු සංගමය, කැනඩාව සහ මෙක්සිකෝව ගෙන ආ යුධ විරාම යෝජනාව, රුසියාව සහ චීනය එක්ව නිශ්ප්‍රභ කර දැමීමයි. පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදීද ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙන ආ අතර ඒ සෑම අවස්ථාවකදීම රුසියාව සිය විරුද්ධත්වය ප්‍රකාශ කොට තිබෙයි.

ආරක්ෂක සබඳතා[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ යුද්ධය පැවැති සමයේ, රජයේ ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය යුධෝපකරන ලබා දීම ඇතුළු අනෙකුත් යුධ ආධාර සැපයීමට සෑම විටම පාහේ රුසියාව පියවර ගන්නා ලදී.

ආර්ථික සබඳතා[සංස්කරණය]

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර වර්ථමානයේ ප්‍රශස්ථ ආර්ථික සම්බන්දතා ගොඩ නැගී පවතී. ශ්‍රී ලංකාවේ තේ අපනයනයෙන් 17% ක පමණ වෙළෙඳපොල දායකත්වයක් සපයන්නේ රුසියාවයි. රුසියානු වෙළෙඳපොල තුල ශ්‍රී ලංකාවේ තේ සඳහා 30% ක පමණ ඉල්ලුමක් පවතියි.[2]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැදි[සංස්කරණය]

රාජ්‍ය තාන්ත්‍රික මෙහෙය[සංස්කරණය]