කියුබා-ශ්‍රී ලංකා සබඳතා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
කියුබානු – ශ්‍රී ලාංකික සබඳතා

කියුබාව

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර මෑත කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනැගෙන්නේ 1959 වර්ෂයේ සිටයි.[1] කියුබාව තුල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හවානා [2]හීත්, ශ්‍රී ලංකාව තුල කියුබා තානාපති කාර්යාලය කොළඹ නගරයේත්[3] ස්ථාපනය කොට තිබේ.

ඉතිහාසය[සංස්කරණය]

1959 පිදෙල් කැස්ත්‍රෝගේ නැගී ඒමත් සමග ශ්‍රී ලංකා හා කියුබා සම්බන්ධතා ඇතිවිය. නිල වශයෙන් ගණුදෙනු කිරීම 1959 ජුලි 29 දින සිදුවූ අතර, 2009 ජුලි 29 දිනට සබඳතා සඳහා වසර 50 ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රන් ජුබ්ලි සැමරුමක් ද පැවැත්විණි.[4] කියුබාව රාජ්‍යයක් ලෙස පිළිගත් පලමු රටවල් ගොන්නටද ශ්‍රී ලංකාව අයත් වෙයි.

20 වන සියවසේ මුල් කාල වලදී කියුබාවේ හවානා කලාප වල සිට පැමිණි වෙළෙන්දන් ශ්‍රී ලංකාවේ උතුරු හා වයඹ ප්‍රදේශ වල සිය වාසස්ථාන ගොඩනගා ගත්තද වර්ථමානයේ ඔවුන්ගේ ජන කොටස් එහි දැකගැනීමට නොලැබේ. නමුත් ඔවුන් විසින් රැගෙන ආ බයිලා වැනි සමහර සංස්කෘතික අංග අදටත් ශ්‍රී ලංකාව තුල දැකගත හැකිවේ. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කුඩා ජන කොට්ඨාශ අදටත් කියුබාවේ සමහර ප්‍රදේශ වල වාසය කරයි.[5]

නොබැඳි පිලිවෙත[සංස්කරණය]

ශ්‍රී ලංකාව සහ කියුබාව, විදේශ ප්‍රතිපත්තියේදී නොබැදි පිළිවත අනුගමනය කරන රාජ්‍යයන් දෙකකි[6] නොබැදි පිළිවෙත අනුගමනය කරන සමහර රටවල් අතර විවිධ අවස්ථා වලදී මත භේද ගොඩනැගුනත්,[7] ශ්‍රී ලංකාව හා කියුබාව සිය සම්බන්ධතා ඉතා සුහද මට්ටමක පවත්වා ගෙන යන ලදී. 2012 මාර්තුවේදී අමෙරිකා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කල, යෝජනාවට විරුද්ධව කියුබාව ඡන්දය ලබා දෙන ලදී.[4]

ආර්ථික සබඳතා[සංස්කරණය]

දෙරට ආපදා කළමණාකරණය සහ ජෛව තාක්ෂණය යන අංශ වල සම්බන්ධතාවයක් නිරන්තරයෙන් පවත්වා ගන්නා අතර[8], රටවල් දෙකේම දේශගුණයේ පවතින සමානතාව නිසා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේද කිට්ටු සහයෝගීතාවයක් පවත්වා ගනියි.[9] 1978 දී ශ්‍රී ලංකාව සහ කියුබාව විද්‍යා හා තාක්ෂණ යන අංශයේ ගිවිසුමකටද එලැඹුණි.

වර්ථමානයේ දී සමහර ශ්‍රී ලාංකික සිසුන් කියුබාවේ සිය අධ්‍යාපන කටයුතු හදාරණ අතර, කියුබානු ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවේ වාසය කරයි.[4]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]