හන්ගේරියා–ශ්‍රී ලංකා සබඳතා

විකිපීඩියා වෙතින්
හන්ගේරියානු – ශ්‍රී ලාංකික සබඳතා

හන්ගේරියාව

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව සහ හන්ගේරියාව අතර මෑත කාලීන සබඳතා ගොඩනැගෙන්නේ 1959 වර්ෂයේ සිටයි. ඔස්ට්‍රියාවේ, වියනා හී පිහිටුවා තිබෙන සිය තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලංකාව, හන්ගේරියාව සමග කටයුතු සිදු කරයි. ඊට අමතරව ශ්‍රී ලංකා රාජ්‍ය දූතයෙකු බුඩාපෙස්ට් වලට පත්කොට තිබෙන අතර,[1] ශ්‍රී ලංකාවේ කොළඹ අග නගරය තුල, හංගේරියාව සිය කොන්සල් කාර්යාලයක් පිහිටුවා තිබෙයි.[2]

ඉතිහාසය[සංස්කරණය]

හන්ගේරියාව සහ ශ්‍රී ලංකාව අතර නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ගොඩනැගෙන්නේ, 1959 පෙබරවාරි 15 වන දින සිටයි. විදේශ කටයුතු අමාත්‍ය ටී.බී. ඉලංගරත්න මහතා, 1964 දී හන්ගේරියාව තුල නිල සංචාරයක් සිදු කරමින්, එරටට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැමිණි පලමු ඉහල පෙලේ රාජ්‍ය දූතයා බවට පත්විය. එතැන් පටන් දෙරට අතර ඉහල පෙලේ දූත සංචාර සිදුවිය. 1975 දී ශ්‍රී ලංකාව සහ හන්ගේරියාව, විද්‍යා සහ තාක්ෂණික සහයෝගීතාවය පිළිබඳ වූ ගිවිසුමකට එළඹුණු අතර, 1979 දී සංස්කෘතික සහයෝගීතා ගිවිසුමකටද එළඹුණි.

ආර්ථික සබඳතා[සංස්කරණය]

2006 නොවැම්බරයේ දී, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ නිලදාරීන් පිරිසක් හංගේරියාවේ සංචාරයක් සිදුකරමින්, එරට සමග යුරෝ මිලියන 51 වටිනා මූල්‍ය සහයෝගීතා ගිවිසුමක් ගොඩනගා ගත් අතර,[3] එම ගිවිසුමට 2007 පෙබරවාරියේදී අත්සන් තබන ලදී.[4][5]2008 අගෝස්තුවේදී හංගේරියානු තානාපතිවරයෙකු වූ, ආචාර්ය Géza Pálmai මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සිදු කරමින්, ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා හමුවී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම සහ දෙරට අතර ආයොජන අවස්ථා, යටිතල පහසුකම් වර්ධනය, වෙළඳ හා සංචාරක ක්ෂේත්‍ර වල මං පෙත් පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡා සිදුකරන ලදී.[6]

2009 අප්‍රියෙල් 20-22 කාලය තුල ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් පිරිසක් බුඩාපෙස්ට් වලදී හන්ගේරියානු ව්‍යාපාරිකයන් හමුවී, දෙරට අතර ගොඩනංවා ගත හැකි වෙළඳ අවස්ථා පිළිබඳ සාකච්ඡා කරන ලදී.[7]

සහනාධාර[සංස්කරණය]

2004 දෙසැම්බර් සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලංකාව බැට කෑ අවස්ථාවේදී, හංගේරියානු රජය කඩිනමින් ශ්‍රී ලංකාවට සුනාමි සහනාධාර ලබා දීමට ඉදිරිපත් විය.[8] ඒ අනූව ශ්‍රී ලංකාවට අමෙරිකන් ඩොලර් 55,000 පමණ වටිනා තිරිඟු පිටි,[9] වෛද්‍යාධාර සහ[10] පෞද්ගලික අංශය මගින්, නිවාස 100 ක් ඉදිකිරීමට අවශ්‍ය සහාය ලබා දෙන ලදී.[11]


මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "List of honorary consuls in Hungary" (Hungarian බසින්). Ministry for Foreign Affairs of the Republic of Hungary. සම්ප්‍රවේශය 2009-05-03.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  2. "Consulate of the Republic of Hungary". Ministry for Foreign Affairs of the Republic of Hungary. සම්ප්‍රවේශය 2009-05-03.
  3. "Visit by Finance Ministry Officials to Austria, Hungary, Czech Republic and Slovakia and the UNIDO - Sri Lanka Forum". Ministry of Foreign Affairs, Sri Lanka. සම්ප්‍රවේශය 2009-05-03.
  4. "Stable peace opens investment and trade opportunities". Daily News (Sri Lanka). 28 April 2009. සම්ප්‍රවේශය 2009-05-03.
  5. "The Role of International Agreements and Diplomacy in Promoting Sri Lankan Business". Sri Lanka Guardian. June 25, 2008. සම්ප්‍රවේශය 2009-05-03.
  6. "Sri Lanka seeks enhanced ties with Hungary". Policy Research & Information Unit of the Presidential Secretariat of Sri Lanka. August 27, 2008. සම්ප්‍රවේශය 2009-05-03.
  7. "Sri Lankan Mission to Hungary". Rri Lanka export development board. සම්ප්‍රවේශය 2009-05-03.
  8. "Hungarian International Development Policy" (PDF). Ministry for Foreign Affairs of the Republic of Hungary. සම්ප්‍රවේශය 2009-05-03.
  9. "WFP hails donation from Hungary for Sri Lanka tsunami survivors". United Nations World Food Programme. සම්ප්‍රවේශය 2009-05-03.
  10. "Hungary sending doctors, medicines to tsunami-hit Sri Lanka". Europe Intelligence Wire. 27-DEC-04. 2013-01-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-03. {{cite news}}: Check date values in: |date= (help)
  11. "Hungarian village built for Tsunami victims in Sri Lanka". Europe Intelligence Wire. 10-FEB-2006. 2013-01-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-03. {{cite web}}: Check date values in: |date= (help)