මාලදිවයින්-ශ්‍රී ලංකා සබඳතා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මාල දිවයින් – ශ්‍රී ලාංකික සබඳතා
Map indicating locations of මාල දිවයින් and ශ්‍රී ලංකාව

මාල දිවයින්

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව සහ මාල දිවයින අතර දිගු කාලයක පටන් පවතින්නේ දැඩි මිතුදමකි. දෙරටම ඉන්දියන් සාගරයේ, දූපත් රාජ්‍යයන් වන අතර, 1985 දෙසැම්බර් ඇරඹි සාර්ක් සංවිධානයේ ආරම්භක සාමාජිකයෝ දෙදෙනෙකුද වෙයි.[1] මාල දිවයින 1965 ජුලි මසදී නිල වශයෙන් ශ්‍රී ලංකාව සමග සබඳතා ඇරඹූ අතර වර්ථමානයේ ඔවුන්ගේ මහ කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ, කොළඹ නගරය තුල පිහිටුවා තිබෙයි.[2] ශ්‍රී ලංකාවද සිය මහකොමසාරිස් කාර්යාලයක්, මාල දිවයිනේ මාලේ හී පිහිටුවා තිබෙයි.[3]

ඉතිහාසය[සංස්කරණය]

මාල දිවයිනට මුලින්ම සංක්‍රමණිකයන් පැමිණියේ දකුණු ඉන්දියාවේ සිට බව පැවසෙයි. ක්‍රිස්තු පූර්ව 4-5 සියවස් වලදී ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ද, ක්‍රිස්තු වර්ෂ 12 වන සියවස තුලදී නැගෙනහිර අප්‍රිකානුවන් සහ අරාබි ජාතිකයින්ද මෙම දිවයිනට පා තබන්නට ඇතැයි විශ්වාස කෙරේ. මාලදිවයින් පුරාවෘත්තයකට අනූව, KoiMale නම් සිංහල කුමරෙකු, ඔහුගේ බිරිඳ සමග මාල දිවයින් කලපුවක අතරමං වී තිබෙන අතර, පසුව ඔවුහු දිවයිනෙහි නැවතී රට පාලනය කිරීමට පෙළඹුනු බව පැවසේ. මාල දිවයිනේ ව්‍යවහාර කරන දිවෙහි භාෂාව, ශ්‍රී ලංකාවේ සිංහල භාෂාවට බොහෝ සෙයින් සමාන වෙයි.[4] 19 වන ශත වර්ෂයේදී මාල දිවයින, බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයන්ගේ පාලනයට නතු වූ අතර, 1965 දී ඉන් නිදහස ලැබීය. නිදහස ලැබූ එම වසරේදීම මාල දිවයින, ශ්‍රී ලංකාව සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ගොඩ නගා ගන්නා ලදී.[2][5]

සංචාර[සංස්කරණය]

2007 පෙබරවාරියේදී, ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාල දිවයිනෙහි තෙදින නිල සංචාරයක නිරත වූ අතර, එහිදී දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීම, වෙළඳාම, සංචාරක, අධ්‍යාපන සහ ධීවර කර්මාන්තය යන අංශ වල නව සම්බන්ධතා ගොඩනංවා ගැනීම පිළිබඳ අවධානය යොමු කරන ලදී.[6]

2009 ජුනි මසදී, එවක මාල දිවයිනේ ජනපතිවරයා වූ මොහොමඩ් නශීඩ් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සිදු කරන ලදී. ශ්‍රී ලංකාවෙන් දෙමළ කොටි ත්‍රස්ථවාදය අතු ගා දැමීම පිළිබඳව නශීඩ් මහතා එහිදී ශ්‍රී ලංකා ජනපතිට සිය ප්‍රසාදය පල කරන ලදී.[7]

ආර්ථික සබඳතා[සංස්කරණය]

1970 දශකය වන විට, මාලදිවයිනේ ආනයන වලින් 65% ක්ම සිදු වූවේ ශ්‍රී ලංකාවෙනි.[8] මාල දිවයිනේ ආර්ථිකය ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තය සමග බැදී පවතින අතර, ශ්‍රී ලංකාවද දකුණු ආසියාවේ ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් වේ. මේ නිසා දෙරට සංචාරක ක්ෂේත්‍රය තුලදී සමීප සහයෝගීතාවයක් පවත්වා ගෙන යයි.[9]

කොළඹ සහ මාලේ අග නුවරවල් යා කරමින් මුහුදු පත්ලේ ෆයිබර්-ඔප්ටික් රැහැන් එලීමේ, අමෙරිකා ඩොලර් මිලියන 20ක් වටිනා ඒකාබද්ධ ව්‍යාපෘතියක්, 2006 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, මාල දිවයිනේ රාජ්‍ය දුරකථන සමාගම වූ Dhivehi Raajjeyge Gulhun ආයතනය සහ ජපානයේ NEC සංස්ථාවේ එකතුවීම සහිතව ක්‍රියාවට නංවන ලදී.[10]

ලෝක බැංකුවේ කොටසක් වූ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය, 2005 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සහ මාල දිවයිනේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යපාර නගා සිටුවීම වෙනුවෙන්, අමෙරිකා ඩොලර් මිලියන 10 ආධාරයක් දෙරටට ලබා දෙන ලදී.[11]

පාරිසරික අභියෝග[සංස්කරණය]

2004 සුනාමි ව්‍යසනයට ශ්‍රී ලංකාව සහ මාල දිවයින, දරුණු ලෙස ගොදුරු වූ අතර, 2005 වසරේදී එක්සත් ජනපදයේ ආධාර යටතේ, දෙරටෙහි පූර්ව සුනාමි අනතුරු හැඟවීමේ පද්ධතියක් ස්ථාපනය කෙරිණි.[12]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "South Asian Association for Regional Cooperation". SAARC. සම්ප්‍රවේශය 2009-07-31. 
  2. 2.0 2.1 "High Commission of Maldives". High Commission of Maldives in Sri Lanka. සම්ප්‍රවේශය 2009-07-31. 
  3. "Embassies of Sri Lanka". SAARC Tourism. සම්ප්‍රවේශය 2009-07-31. 
  4. "Background Note: Maldives". U.S. State Department. සම්ප්‍රවේශය 2009-07-31. 
  5. "SOUTH ASIA :: MALDIVES". CIA: Central Intelligence Agency. සම්ප්‍රවේශය 2009-07-03. 
  6. "Sri Lankan president to visit Maldives". People's Online Daily. February 10, 2007. සම්ප්‍රවේශය 2009-07-31. 
  7. "Maldives, Sri Lanka discuss bilateral interests". The Hindu. Jun 20, 2009. සම්ප්‍රවේශය 2009-07-31. 
  8. "Sri Lanka and Maldives fall victims to regional and international hegemonic powers". The Island (The Midweek Review ). February 27, 2008. සම්ප්‍රවේශය 2009-07-31. 
  9. "Packaged pleasures in Sri Lanka and the Maldives". Travelmag. 4 Apr 2009. සම්ප්‍රවේශය 2009-07-31. 
  10. "Sri Lanka-Maldives cable to bring down prices". TeleGeography. 14 December 2006. සම්ප්‍රවේශය 2009-07-31. 
  11. "Sri Lanka and the Maldives". International Finance Corporation. සම්ප්‍රවේශය 2009-07-31. 
  12. "US IOTWS Program Summary". USAID. සම්ප්‍රවේශය 2009-07-31.