වොස්ටොක් 1

විකිපීඩියා වෙතින්
වොස්ටොක් 1
මෙහෙයුම් දත්ත
මෙහෙයුමේ නමවොස්ටොක් 1
[Восток-1] Error: {{Lang}}: text has italic markup (help)
අභ්‍යාවකාශ යානාවේ නමЛасточка
([Lastochka] Error: {{Lang}}: text has italic markup (help) - Swallow)
අභ්‍යාවකාශ යානා වර්ගයවොස්ටොක් 3KA
අභ්‍යාවකාශයානා ස්කන්ධය4,725 kg (10,417 රාත්)[1]
ගගනගාමීන් ගණන1
සංඥා නාමයКедр
([සෙඩාර්] Error: {{Lang}}: text has italic markup (help) - සයිබීරියානු පයින් ගස)
විදිනයවොස්ටොක් 8K72K
ගුවන්ගතකිරීමේ පීඨිකාවගගාරින්ගේ ඇරඹුම, බයිකොනූර් අභ්‍යවකාශ තොටුපොල
ගුවන්ගතකල දිනයApril 12, 1961 06:07 (April 12, 1961 06:07) UTC
ගොඩබැස්වූ ප්‍රදේශය51°16′49″N 45°58′36″E / 51.280383°N 45.976740°E / 51.280383; 45.976740
ගොඩබැසීමApril 12, 1961 07:55 (1961-04-12UTC07:56)
මෙහෙයුම් කාලය01:48[1]
කක්ෂගත වාර ගණන1
කක්ෂයෙහි පෘථිවියට දුරම ස්ථානය327 කිමී (203 සැත)[1]
කක්ෂයෙහි පෘථිවියට සමීපතම ස්ථානය169 කිමී (105 සැත)
කක්ෂගත කාලය89.34 විනාඩි
ආනතිය64.95°
ගගනගාමීන්ගේ ඡායාරූපය
යූරී ගගාරීන් ස්වීඩනයේදී.
ආශ්‍රිත මෙහෙයුම්
පෙර මෙහෙයුම පසු මෙහෙයුම
ස්පුට්නික් 10 වොස්ටොක් 2


වොස්ටොක් 1 (රුසියානු: Восток-1, Orient 1, East 1)යනු ,ප්‍රථම මිනිස් අභ්‍යාවකාශ ගමනයි. එය සෝවියට් අභ්‍යාවකාශ වැඩසටහනේ කොටසකි .1961 අප්‍රේල් 12 දින වොස්ටොක් 3KA යානය යූරී ගගාරීන් ද රැගෙන ගුවන් ගත විය.එය ප්‍රථම මිනිසෙකු සහිතව කක්ෂ ගත වූ යානය ද වෙයි.

කණ්ඩායම[සංස්කරණය]

තනතුර ගගනගාමියා
නියමුවා යූරී ගගාරීන්
ප්‍රථම මානව අභ්‍යාවකාශ චරිකාව

ආදේශ කණ්ඩායම[සංස්කරණය]

තනතුර ගගනගාමියා
නියමුවා ඝ්හෙර්මන් ටිටොව්

සංචිතය[සංස්කරණය]

තනතුර ගගනගාමියා
නියමුවා ග්‍රිගොරි නෙල්යුබොව්

මෙහෙයුම් පරාමිති[සංස්කරණය]

මෙහෙයුමේ විශේෂ අවස්ථා[සංස්කරණය]

ගගාරීන් ගේ කක්ෂ ගමනේ සම්පූර්ණ පථය; ගොඩබසිනුලැබූ ස්ථානය, ගුවන්ගතවු ස්ථානයට සුලු වෙනසක් දක්වන්නේ, පෘථවියේ නැගෙනහිර දෙසට වන බ්‍රමණය නිසාවෙනි..

ගගාරීන් සිය විනාඩි 108ක් අජටාකාෂයේ සිටි කාලය තුල එක් වරක් පොලොව වටා කක්ෂ ගතවිය. ඔහු නැවත නිරුපද්‍රිතව පොලොවට පැමිනියේ කි. මි. 7 (අඩි23000) ඉහල අහසේ දී පැරෂුටයක් අධාරයෙන් යානයෙන් ඉවතට පැනීමෙනි[1]. යානයත් සමගම පොලොවට පතිතවීම අනතුරුදායක වීම මීට හේතුවයි . ස්ථාවර කක්ෂ්යකට යානය පිවිසියේ දැයි කක්ෂ ගතවී විනාඩි 25 යනතුරුත් පාලක මැදිරිය නොදත්තේය. යානයේ උන් පාලකය ස්වයංක්‍රිය එකකි. මිනිසෙකු "ශුන්ය ගුරුත්වයට" කෙසේ ප්‍රතිචාර දක්වන්නේදැයි නොදත් වෙද්ය වරුන් සහ ඉජිංනේරුවරුන් නියමුවාගේ පාලක උපකරණ යුරි ට පාලනය කල නොහැකි අයුරින් අගුලු දමා තැබුවේය. නමුත් හදිසියකදී යුරීට යානයේ උන් පාලනය සියතට ගැනීමට එම අගුලු ඇරීමේ කේතයන් ලියුම් කවරයක දමා යානය තුල තැබුවේය.

වොස්ටොක් යානයට එහි කක්ෂය වෙනස් කිරීම කල නොහැකි විය. ගමනේ අවසන් කාලය වනතෙක්ම යානය එහි මුල් කක්ෂය ඔස්සේ ඉබේ පාවීමට ඉඩහරින ලදී. නමුත් ප්‍රතිදහනයට පෙර ස්වයක්‍රිංය උන්න්තාෂ පාලකය මගින් යනය නැවතත් හරි පිහිටුමට ගෙන එන ලදී.

අප්‍රිකාවේ බටහිර වෙරළ තීරයට ඉහලදී (ඇන්ගෝලාවට ඉහලින්,ගොඩබසින තැනට ආසන්න වශයෙන් කි. මි 8000 දුරින් ) යානයේප්‍රතිදහනය ආරම්භ වු අතර එය තත්: 42ක් තුල දී සිදුවී අවසන් විය.

යානයේ බර වැඩිවන බැවින් එය සතුව අතිරේක ප්‍රතිදහන රොකට්ටු නොතිබුනි. යම්ලෙසකින් ඒවා ක්‍රියාවිරහිත වුවා නම්, ගගාරීන් ට දවස් 10 කට අහාර හා ජලය යානය තුල ගබඩාකර තිබිණි. එම කාලය තුල ස්වභාවිකවම කක්ෂයේ ක්ෂය වීම සිදුවීමෙන් ගගාරීන් ට නැවත පැමිනීමේ අවස්ථාවක් පැවතීම ඊට හේතුවයි.

ප්‍රතිදහනයෙන් පසු, බලාපොරොත්තු නොවූ ලෙස, උපකරණ මොඩුයලය, නැවත පැමිනීමේ මොඩුයලය ට සම්බධව විනාඩි 10 තිස්සේ පැවතිනි. ඒවා තත් 10 තුල වෙන්විය යුතු විය. මෙ හෙතුව නිසා, යනාව දරුණු විභමණයන් ට ලක් විණි. කෙසේ වෙතත්, සුදුසු නැවත පැමිනීමේ උසකට ලගා විමට යානයට හැකි විය.සාර්ථක මෙහෙයුමින් පසු,ඇමරිකා එක්සත් ජනපදය සෝවියට් සංගමය වෙත තම නිල සුභපැතුම් පුදකරණ ලදී.

මෙහෙයුම් ගමන් සටහන[සංස්කරණය]

R7 8K72 "වොස්ටොක්" ඔස්ටන්කිනො හි පැවති මොස්කව් වෙළද සැනකෙලියේ ප්‍රදර්ශනයට තබා ඇති අයුරු.  ; රොකටය කර්ණිකව යාකර ඇති දඩු 4කින් සමන්විත වු ප්‍රදර්ශන පාදම මත රදවා තබා ඇත්තේ එහි දුම්රිය වාහකය මගිනි. දුම්රිය වාහකය මගින් රොකටය කෙලින් හරවා ඇත්තේ එය ගුවන් ගත කරන වේදිකාව මත තබන අයුරිනි.
  • 1961 අප්‍රේල් 12 - බදාදා

ගුවන් ගත වීමට විනාඩි කීපයකට පෙර ගගාරීන් විසින් කරන ලද මෙම ප්‍රකාශය පටිගත කරන ලදී., "දයාබර මා දන්නා හා නොදන්නා සියලු මිතුරනි,මාගේ රටවැසියන් සහ සියලු ලෝක වාසී ජනතාවනි, තවත් විනාඩි කීපයකින් අතිවිශාල සෝවියට් රොකට්ටුවක් මා සහ මාගේ යානය , ඉමක් නොපෙනෙන අභ්‍යාවකාශයට ගෙනයනු ඇත.මට කීමට ඇත්තේ මෙපමණයි. මගේ මුලු ජීවිතයම දැන් මෙ මොහොතේ මා ඉදිරිපිට ඇති බවක් මට හැඟනවා. මෙම ගමන සාර්ථක කර ගැනීමට මගෙන් බලාපොරොත්තු වන සියලු දේ කිර්‍රමට අවශ්‍ය ශක්තිය ඇති බව මට දැනෙනවා".

  • පහලට ගැණීම ආරම්භය

ගගාරීන් ගුවන් ගත කරන වේදිකාව මත ඇති වොස්ටොක් 1 යානය තුල සිටී.ඔහුගේ රූපය පාලක මැදිරියේ රූපවාහිනී තිර මත පෙනේ.සෙර්ගේයි කොරොල්යොව් මයික්‍රොෆෝනයෙන් කථා කරයි."සර්යා සෙඩාර් ට කථාකරනවා...පහලට ගැණීම මොහොතකින් ආරම්භ වෙනවා", එවිට ගගාරීන් "මම ඉතා හොදින් පසුවෙනවා..යන්න සූදානමිනුයි සිටින්නේ..."ලෙස පිලිතුරු දෙයි.( සර්යා - බ්යිකොනූර් ගගන තොටුපොල,පාලක මැදිරියේ සංඥා නාමය, සෙඩාර් - ගගාරීන්ගේ සංඥා නාමය )

  • වේලාව 12:07

ගුවන් ගත කිරීම ආරම්භ කිරීමට මොහොතයි. එය සිදුවන්නේ බයිකොනූර් ගගන තොටුපොලේ , පළමු වේදිකාවේදී යි. ගගාරීන් ගේ ගමනින් පසු එය ගගාරීන් ඇරඹුම ලෙස නම් කරන ලදී. මූලික දහනයේ දී හා ගුවන් ගත වීමේදි සර්ගෙයි කොරොල්යොව් රේඩියොව ඔස්සේ කතාකරයි. "මූලික දහන අවස්ථාව..........මධ්‍යම.........ප්‍රධාන.....ගුවන් ගත වුනා!.....අපි ඔබට සුබ ගුවන් ගමනක් ප්‍රාර්ථනා කරනවා.....සියලු දේ සාමාන්‍යයි...... "ගගාරීන් එවිට "Поехали "( "පොයෙකහාලි ") "ඕන් යන්න පටන් ගත්තා!!! "ලෙස පිලිතුරු දෙයි.

  • වේලාව 12.09

ගුවන් ගත වීමෙන් විනාඩි 2කට පසු, වොස්ටොක් 1 රොකට්ටුවේ ප්‍රධාන යානයට සම්බන්ධ ත්වරක සතරෙහි ඉන්ධන අවසන්ව ඒවා ප්‍රධාන යානයෙන් මුදාහැරෙයි.

  • වේලාව 12.10

යානයේ බඩු ගෙනයන කොටස ආවරණය වී ඇති වැස්ම ඉවත් වෙයි. මේ හේතුවෙන් ගගාරීන්ගේ පාද අසල පිහිටි ජනේලයේ කන්නාඩිය නිරාවරණ්ය වෙයි. මෙයින් ගගාරීන්ට ඉවත නිරීක්ෂණය කල හැකි වන අතරම "ප්‍රකාෂ දිශානති උපකරණය" ද ක්‍රියාත්මක වෙයි.

  • වේලාව 12.12

ගුවන් ගතවී විනාඩි 5යි. වොස්ටොක් 1 රොකට්ටුවේ මධය කොටසෙහි ඉන්ධන අවසන්. එය වොස්ටොක් 1 යානයෙන් හා අවසන් රොක්ට්ටු කොටසින් වෙන්ව පොලොවට පතිත වෙයි. අවසන් රොක්ට්ටු කොටස වොස්ටොක් 1 යානය කක්ෂය කරා තව දුරටත් ත්වරණය කරවයි.

  • වේලාව 12.13

රොකට්ටුව තවමත් දැල්වෙමින් යානය කක්ෂ්ය කරා ත්වරනය කරවයි.ගගාරීන් පාලක මැදිරිය අමතයි.."ගුවන් ගමන හොදින් සිදුවෙනවා..මට පොලොව පේනවා...දර්ශනය පැහැදිලියි...මට හැමදේම වගේ පේනවා...කැටි වලාකුළු අතරින් සමාන්ය ඉඩක් තියනවා..මම ගමන මෙහෙම කරගෙන යනවා...හැමදේම හොදයි.."

  • වේලාව 12.14

රොකට්ටුව තවමත් දැල්වෙමින් තිබෙනවා,මධ්‍යම රුසියාව පසුකරගෙන යාමටයි දැන් සැරසෙන්නේ.ගගාරින් පාලක මැදිරිය අමතමින්;"හැමදේම හොඳින් වැඩ කරනවා.සියළුම පද්ධති වැඩ කරනවා.දිගටම ඔහොම යමු!

  • වේලාව 12.15

අවසන් රොකට්ටු කොටස විනඩි 3 දහනය වී අවසන්. ගගාරීන් පාලක මැදිරිය අමතයි. "සර්යා ..සර්යා ..මට ඔබව පැහදිලිව ඇහෙන්නේ නෑ. නමුත් මම ඉතා හොදින්..මම ගමන හොදින් ගමන යනවා...".වොස්ටොක් 1 , බ්යිකොනූර් ගගන තොටුපොලින් තවදුරටත් ඈතට ගමන් කරයි.ඔහු සර්යා-1(බ්යිකොනූර් ගගන තොටුපොල-පාලක මැදිරිය ) වෙත වාර්තා කරයි, ඔහු පාලක මැදිරියේ, රේඩියෝ තරංග පරාසයෙන් ඉවතට ගමන් කරමින් සිටියි.

  • වේලාව 12.17

අවසන් රොකට්ටු කොටස දහනය වී අවසන් වෙයි.තත්පර 10 පසු(T+ 676S) වොස්ටොක් 1 යානය කක්ෂ ගත වෙයි. ගගාරීන් පාලක මැදිරිය අමතයි. "යානය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා...මට පොලොව පෙනෙනවා..සියලු දේ සැලසුම් කල පරිදි සිදුවෙනවා".වොස්ටොක් 1 සෝවියට් සංගමය පසුකර සයිබීරියාවට ඉහලින් ගමන් කරයි.

වොස්ටොක් 1පාලන පුවරුවෙ කොටසක්
  • වේලාව 12.21

වොස්ටොක් 1 කම්චට්කා අර්ධද්වීපය පසු කරමින් උතුරු පැසිෆික් සාගරය ඉහලින් ගමන් කරයි.ගගාරීන් පාලක මැදිරිය අමතයි. "පහලට බසින බව පෙන්වන බල්බ දැල්විලා..මම ඉතා හොදින්...නියමු කුටියේ පරාමිති පීඩනය 1; ආර්ද්‍රතාව65යි; උෂ්නත්වය 20යි; යානයෙ පීඩනය 1යි; වායුගෝල පළමු 155යි; වායුගෝල දෙවන 155යි; ප්‍රතිදහන රොකට්ටු වල පීඩනය වායුගෝල 320යි ..."

වොස්ටොක් 1 අභ්‍යාවකාශ යානයේ පාලන පුවරුව.
වම: ප්‍රධාන යතුරු පුවරුව (ПКРС, රොකට් පද්ධති පාලන පුවරුව ).
මැද : පාලන උපකරණ පුවරුව , දර්ශකයන් සහ අනාගත දත්ත වාර්ථා දර්ශකයන් .
දකුණ: අතින් පාලනය කරණ යානයේ ප්‍රතික්‍රියා පද්ධති පිඩක උපකරණය ("අත් දණ්ඩ") .
මොස්කව් නුවර පොලිටෙක්නික් කොතුකාගාරයේ දී ජායාරූප ගතකරණ ලදී.
  • වේලාව 12.25

වොස්ටොක් 1 කම්චට්කා අර්ධද්වීපය හා දකුණු ඇමරිකාවේ දකුණින්ම පිහිටි තුඩුව යාකරමින් පැසිෆික් සාගරය ඉහලින් වන විකර්ණීය ගමන් ආරම්භ කරන අවස්ථාවේ ගගාරීන් පාලක මැදිරිය(හබරොව්ස්ක්) අමතමින් "ගුවන් ගමන ගැන ඔබට මට කුමක් කියන්ඩ පුලුවන් ද? මට මොනවා හරි කියන්ඩ පුලුවන් ද? " යැයි විමසයි.ඔහු විමසන්නේ කක්ෂයේ පරාමිතීන් ගැනයි. " අංක 20 න්(සෙර්ගේයි කොරොල්යොව්) උපදෙස් කිසිවක් නෑ. ගමන හොදින් සිදුවෙනවා" ලෙස පාලක මැදිරිය පිළිතුරු දෙයි. ඔවුන් ගගාරීන් ට පවසන්නේකක්ෂ ගතවී විනාඩි 6 පමනක් ගතවී ඇති නිසා දැනට ඔවුන් සතුව එම පරමිති නොමැති බව සහ එසේ වුවත් යානය හොදින් ක්‍රියකරමින් පවතින බවයි.

  • වේලාව 12.31

"මම ඉතා හොදින්,මම ඉතා හොදින්,මම ඉතා හොදින්, මට ගමනේ විස්තර ටිකක් දෙන්න"ගගාරීන් පාලක මැදිරිය(හබරොව්ස්ක්) අමතමින් ඉල්ලයි.වොස්ටොක් 1 හබරොව්ස්ක්හි අති උච්ච සංඛ්‍යාත (VHF) තරංග පරාසයේ සීමාවට ලගාවෙමින් සිටියි. "නැවත කියන්න..ඔබව පැහැදිලිව ඇහෙන්නේ නෑ" යයි පාලක මැදිරිය පවසයි.ගගාරීන් නැවත "මම හොදින්, මට ගමනේ විස්තර ටිකක් දෙන්න" යයි දන්වන විටම වොස්ටොක් 1 හබරොව්ස්ක් පාලක මැදිරියේ අති උච්ච සංඛ්‍යාත තරංග පරාසය පසුකරයි.

  • වේලාව 12.37

උතුරු පැසිෆික් සාගරයට හිරු බසිමින් පවතිද්දී වොස්ටොක් 1 ගගාරින්ව රාත්‍රි කාලයට ගෙනයයි. . ඒ හවායි දූපත් වලට වයඹ දෙසිනි.මෙවිට යානය පාලක මැදිරි වල අති උච්ච සංඛ්‍යාත පරාසයන් ගෙන් ඔබ්බේ වන නිසා ඇනහිටි සන්නිවේදනය උච්ච සංඛ්‍යාත ( HF ) යොදාගෙන දැන් ඇතිවිය යුතුයි.

  • වේලාව 12.46

හබරොව්ස්ක් පාලක මැදිරිය "KK" පණිවිඩය විදුලි පනිවිඩයක් ලෙස උච්ච සංඛ්‍යාත රේඩියොව භාවිතා කරමින් නිකුත් කරයි. මෙම පනිවිඩයේ තේරුම "ව්ධානයන් නිරීක්ෂනය වාර්ථා කරන්න." ඔවුන් ගගාරීන් ට නියොග කරන්නෙ යාන්යේ ස්වයංක්‍රිය පහතට බැසීමෙ පද්ධතියට පාලක මැදිරියෙන් ඒවනලද උපදෙස් ලැබුනුවිට ඒ බව දන්වන ලෙසයි. ගගාරීන් 12:48 ට එ බව වාර්ථා කරයි.

  • වේලාව 12.48

ගගාරීන් සහ යානය ගමන් දිශාව දැන් වැටී ඇත්තේ ගිනිකොන දෙසටයි(දකුණු පැසිෆික් සාගරය ඔස්සේය.මෙ මොහොතේ යානය සමකය හරහා ගමන් කරයි. ඒ දෙශාංශ 170 දීය. ගගාරීන් උච්ච සංඛ්‍යාත ඔස්සෙඔ රේඩියොවෙන් පාලක මැදිරිය අමතයි."මම සමාන්‍ය තත්ව වාර්ථාව එවනවා..පැය 9 විනාඩි 48 යි(මොස්කව් වේලාව ).ගුවන් ගමන හොදින් සිදුවෙනවා.යානය හොදින් ක්‍රියා කරනවා.නැවත පැමිනීම දක්වන මොනිටරයේ ජංගම දර්ශකය චලනය වෙනවා .නියමු කුටියේ පරාමිති පීඩනය වායුගෝල පීඩන 1; ආර්ද්‍රතාව 65යි; උෂ්නත්වය 20යි; යානයෙ පීඩනය වායුගෝල පීඩන 1යි; වායුගෝල පීඩන පළමු 155යි; වායුගෝල පීඩන දෙවන 155යි; ප්‍රතිදහන රොකට්ටු වල පීඩනය වායුගෝල පීඩන 320යි ...මම හොදින්"

  • වේලාව 12.49

තමන් පෘථවියේ රත්‍රි පැත්තට ආ බව ගගාරීන් පාලක මැදිරියට දන්වයි.

  • වේලාව 12.51

සූර්ය ගවේශී උන්නතංශ පාලක පද්ධතිය ක්‍රියාත්මක වු බව ගගාරීන් පාලක මැදිරියට දන්වයි. යානය ප්‍රතිදහනය සදහා දිශානති කිරීමට එම පද්ධතිය උපයොගී කරගනී. ස්වයංක්‍රිය දිශානති පද්ධතිය අතිරික්ත පද්ධති 2කින් සමන්විතයි.එකක් ස්වයංක්‍රිය/සූර්ය දිශානති පද්ධතිය අනෙක අතින් කරන/දෘශ්‍ය දිශානති පද්ධතියයි.මෙ දෙකටම අතිරික්ත පද්ධති 2කින් සමන්විත අධිශීත නයිට්‍රජන් තෙරපුම් පද්ධතිය ක්‍රියත්මක කල හැකිය. එව එකිනෙකක් නයිට්‍රජන් වායු 10kg ක්( රාත්තල් 22ක්) බැගින් සමන්විතයි.

  • වේලාව 12.53

හබරොව්ස්ක් පාලක මැදිරිය මේ පණිවිඩය උච්ච සංඛ්‍යාත රේඩියොව භාවිතා කරමින් නිකුත් කරයි. "අංක 33නේ(ජෙනරාල් නිකොලායි කමනින් ) නියොග අනුව සම්ප්‍රේෂක ක්‍රියාත්මක කර අපි මෙම පනිවිඩය සම්ප්‍රේෂනය කරනවා: ගුවන් ගමන සැලසුම් කල පරිදි සිදුවෙන අතර ගනනය කල කක්ෂය ලබාගෙන තිබෙනවා". ඔවුන් ගගාරීන්ට පවසන්නේ වොස්ටොක් 1 ස්ථාවර කක්ෂයක් ලබාගෙන ඇති බවයි. ගගාරීන් පනිවිඩය ලැබුන බව ස්ථිර කරයි.

  • වේලාව 12.57

වොස්ටොක් 1 දකුණු පැසිෆික් සාගරය ඉහලින් නවසීලන්තය හා චිලී අතරදී ගගර්‍රින් මෙමෙ පණිවිඩය නිකුත් කරයි." මම ගුවන් ගමන කරගෙන යනවා..මම ඇමරිකාවට ඉහලින් ඉන්නේ.. මම විදුලි ලිපි(telegraph) සංඥා ක්‍රියාත්මක කල බව සම්ප්‍රේෂනය කලා"

  • වේලාව 01.00

වොස්ටොක් 1 දකුණු ඇමරිකාවේ පහල කෙලවරින් මැගලන් සමුද්‍ර සන්ධිය පසුකරන අතරතුර වොස්ටොක් 1 මෙහෙයුම ගැන මොස්කව් ගුවන් විදුලියේ ප්‍රචාරය වෙයි.

  • වේලාව 01.04

ගගාරින් ගුවන් යානයේ තත්ව වාර්තාව දන්වයි. එය 12.48ට එවනලද එකට සමානයි.නමුත් එය පාලක මැදිරියට ලබාගැනීමට නොහැකි වෙයි.

  • වේලාව 01.09

ගගාරින් ගුවන් යානයේ තත්ව වාර්තාව දන්වයි.නමුත් එය පාලක මැදිරියට ලබාගැනීමට නොහැකි වෙයි.

වොස්ටොක් 1 - සැලැස්ම
  • වේලාව 01.10

දකුණු අත්ලන්තික් සාගරය හරහා යානය හිරු උදාව දෙසට ගමන් කරයි. යානයට නැවත දිවා ආලොකය ලැබෙයි.තව විනාඩි 15 කින් ප්‍රතිදහනය ආරම්භ විය යුතුයි.

  • වේලාව 01.13

ගගාරින් ගුවන් යානයේ තත්ව වාර්තාව දන්වයි.එය 12.48ට එවනලද එකට සමානයි.මොස්කව් වලට පනිවිඩයේ කොටසක් පමනක් " මට ඔබ හොදින ඇහෙනවා..යානය ගමන්........"ලැබේ.

  • වේලාව 01.18

ගගාරින් ගුවන් යානයේ තත්ව වාර්තාව දන්වයි.නමුත් එය පාලක මැදිරියට ලබාගැනීමට නොහැකි වෙයි.

  • වේලාව 01.23

ගගාරින් ගුවන් යානයේ තත්ව වාර්තාව දන්වයි.නමුත් එය පාලක මැදිරියට ලබාගැනීමට නොහැකි වෙයි.

  • වේලාව 01.25

වොස්ටොක් 1 , ප්‍රතිදහනය සිදුවියයුතු උසට පැමින ඇත.අප්‍රිකාවේ බටහිර වෙරලේ ඇන්ගෝලාවට ඉහලදී ප්‍රතිදහනය ආරම්භ වී තත්පර 42 තුල අවසන් වේ.මෙය සොවියට් දේශයේ සැලසුම් කරන ලද ගොඩබසින ස්ථානයට කි.මි 8000 දුරිනි.

  • වේලාව 01.25 සිට 01.35 දක්වා

ප්‍රතිදහනයට තත්පර 10 පසු වොස්ටොක් 1 හි සේවා මොඩියුලය නැවත පැමිනීමෙ මොඩියුලයෙන් වෙන්කිරීමට ස්ව්යංක්‍රීය නියොග නිකුත් කරයි. නමුත් වයර් හනස්සක කොටසක් වෙන් නොවී , මෙ කොටස් දෙක තවත් මිනිත්තු 10 ක් අන්වශ්ය ලෙස සම්බන්ධව පවතී. යානය බටහිර අප්‍රිකානු වෙරළ පසුකරමින් ඊජිප්තුව දෙසට ගමන් කරයි.

වොස්ටොක් 1 නැවත පැමිනීමෙ මොඩියුලය මොස්කව් හි ඉනර්ජියා කෞතුකාගාරයේප්‍රදර්ශනයට තබා
  • වේලාව 01.35

යානය ඊජිපතුවට ඉහල අභ්යාවකාශයේ දී එකිනෙකට සම්බන්ධ වූ කොටස් 2ක් ලෙස දරුණු විබ්‍රමණ සමගින් ආපසු වායුගෝලයට ඇතුල්වීම ආරම්භ කරයි.අවසානයේදී, වයර් හනස්ස පිච්චි අලුවී ගොස් නැවත පැමිනීමෙ මොඩියුලය නිදහස් වෙයි.දරුණු විබ්‍රමණ සිදුවෙමින් පැවතියත් ගගරීන්, "ඔක්කොම හරි " කියා පාලක මැදිරියට දන්වයි.එයට හෙතු වශයෙන් , " මට කට්ටිය බය කරන්ඩ ඔනි උනෙ නෑ " යැයි පසුව පවසා තිබුනි. හෙතු වශයෙන්, ඔහු ( නිවැරදිව ) සදහන් කලේ, විබ්‍රමණ නිසා මෙහෙයුමට අනතුරුදයක තත්වයක් උදා නොවු බවයි(විබ්‍රමණ වලට හෙතුවන්නට ඇත්තේ,නැවත පැමිනීමේ මොඩියුලයේ ගෝලීය හැඩයයි ).

  • වේලාව 01.35 සිට 01.55 දක්වා

නැවත පැමිනීම ඊජිප්තුවට ඉහලින් හා මධ්‍යධරණී මුහුදට ඉහලින් එහායින්, ස්යිප්‍රස් රටේ බටහිර වෙරළට කිට්ටුවෙන් සහ මධ්‍යම තුර්කිය ඔස්සේ සිදුවෙයි.වොස්ටොක් 1 තවදුරටත් පහලට ගමන් කරමින් කලු මුහුදු වෙරලේ ක්‍රස්නොදර් අසලින් නැවත සොවියට් සංගමයට ඇතුල්වෙයි.ගගාරීන් මේවෙලාවේ දී 8G ( තමාගේ බරමෙන් 8 ගුනයක් - ගුරුත්ව 8 ) , තරම් ගුරුත්ව බලයකට මුහුන දෙයි ( නමුත් ඔහුගේම වාර්තා - ගුරුත්ව 10 වාර්තා කර ඇත) . නමුත්, ඔහු සිහිසුන් වන්නේ නැත.

  • වේලාව 01.55

වොස්ටොක් 1 තවමත්, පොලොවට කි.මි. 7 ඉහලිනි.පියන විවරව තත්පර 2 පසු ගගාරීන් යානයෙන් මුදාහැරෙයි.කි.මි 2.5 ඉහලදී( අඩි 8200 ) , වොස්ටොක් 1 හි ප්‍රධාන පැරචුට් ක්‍රියත්මක වෙයි.1.55 ට යානය පොලවට පතිත වෙයි. පාසැල් සිසුවියන් දෙදෙනෙක් වොස්ටොක් 1 නැවත පැමිනීම දකී. "ඒක ලොකූ බෝලයක්..මීටර් 2-3 උස ඇති.එක වැටුනා..පස්සේ බම්ප් උනා..අයෙත් වැටුනා...එක මුලින්ම පොලවෙ වැදුන තැන ලොකු වලක් හැදුනා...."

  • වේලාව 02.05

ගගාරීන් ගේ පැරචුට්ය වොස්ටොක් 1 යානයේ පැරචුටයට වඩා සෑහෙන ඉහල උසකදී විවෘත උන නිසා (කි.මි 7 සහ කි.මි 2.5 ), ඔහු පොලොවට ලගාවන්නෙ යානයට විනාඩි 10 පමන පසුවයි.ඔහු සහ යානය පැරචුට් මගින් සෝවියට් සංගමයේ , එන්ගෙල්ස් පලාතේ කි.මි 26 ක් නිරිතදිග කොටසේ පිහිටි සරතොව් ප්‍රදෙශයට ගොඩබසින ලදී( 51°16′49″N 45°58′36″E / 51.280383°N 45.976740°E / 51.280383; 45.976740 ).ප්‍රදේශයේ ගොවියෙකු සහ ඔහුගේ දුව මේ අරුම පුදුම තද තැබිළිපාට ඇදුමක් සහ විශාල සුදු හෙල්මට් එකක් පැලදගත් පුද්ගලයා පැරචුටයක් මගින් පොලවට බහින අයුරු බලාසිටී.ගගාරීන් පසුව ඒ ගැන විස්තර කරයි, "අභ්‍යාවකාශ ඇදුමත් එක්ක, ඒ එක්කම පැරචුට් එක මම ඇවිදිද්දි පස්සෙන් ඇදි ඇදී එනහැටි දැක්කම එයාලා බයේ දුවන්ඩ ලෑස්ති උනා..මම කිව්වා..." බය වෙන්ඩ එපා...මමත් ඔයාලා වගේම සෝවියට් පුරවැසියෙක්, මම අභ්‍යාවකාශයේ ඉදන් බැස්සේ..මට ටෙලිෆෝන් එකක් හොයගන්ඩ ඔනි මොස්කව් වල්ට කථා කරන්ඩ".

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 "Aviation and Space World Records". Fédération Aéronautique Internationale (FAI). සම්ප්‍රවේශය 2009-03-12.
"https://si.wikipedia.org/w/index.php?title=වොස්ටොක්_1&oldid=436726" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි