ලයිකා

විකිපීඩියා වෙතින්
ලයිකා
Лайка
Romanian stamp from 1959 with Laika (the caption reads "Laika, first traveller into Cosmos")
SpeciesCanis lupus familiaris
SexFemale
Bornc. 1954
Moscow, Soviet Union
DiedNovember 3, 1957
Nation fromසෝවියට් සංගමය
Known forFirst animal to orbit the earth

ලයිකා (රුසියානු: සාහිත්‍යමය තේරුම වන්නේ "බුරන්නා"c1954 - නොවැම්බර 3,1957) යනු සෝවියට් අභ්‍යවකාශ සුනඛයෙකි. උෟ පෘථිවි කක්ෂය වටා ගමන් කල ප්‍රථම සත්ත්වයා බවට පත්වූ අතර පෘථිවි කක්ෂෙය්දී මිය ගිය ප්‍රථම සත්ත්වයා බවටද පත්විය.

ලයිකාගේ අභ්‍යවකාශ ගමන සිදුවූ අවදියේදී අභ්‍යවකාශ ගමනකින් සජීවී ඇතිවන බලපෑම පිලිබදව කරුණු දැනසිටියේ ස්වල්පයකි. එමෙන්ම කක්ෂගතවූ යානයක් නැවතත් පෘතුවියට ගෙන්වාගැනීමට අවශ්‍ය තාක්ෂනය ඒ වනවිට වර්දනය වී නොතිබිණ. විද්‍යාඥයන් කිහිපදෙනෙකු විශ්වාස කලේ මිනිසුන්ව අභ්‍යවකාශයට කක්ෂගතකිරීම හෝ අභ්‍යවකාශ තත්වයන් හමුවේ ජීවත්විය නොහැකි බවයි. එහෙයින් ඉංජිනේරුවන් විසින් මිනිසුන්ට පෙර මිනිසුන් නොවන සත්වයන් ගුවන් ගත කිරීම අවශ්‍යයයි සිතීය[1].ලයිකා, අයාලේ සිටි සුනඛයකු විය, ඇගේ මුල් නම වුයේ කුඩ්‍රයවිකා (Kudryavka)(රුසියානු: Кудрявка තවත් සුනඛයින් දෙදෙනෙකු සමග පුහුණුවීම් වල නිරත විණි. අවසානයේදි සොවියට් අභයාවකාශ යානය ස්පුට්නික් 2 හි නේවාසිකයා ලෙස තෝරාගෙන 1953 නොවැම්බර් මස 3 වන දින කක්ෂ ගත කරන ලදි.

බොහො දුරට ලයිකා කක්ෂ ගතවිමෙන් පැය කිහිපයක් ඇතුළත අධික රත්වීම,[2] නිසා මියයන්නට ඇත. මෙය බොහොදුරට මධ්‍යය R-7 දාරකය(sustainer) පිපිරවුම් හිසෙන් වෙන් නොවීමේ දෝෂයක් නිසා සිදුවන්නට ඇත. ඇගේ මරණයට සැබෑ හේතුව හා මරණය සිදුවූ වෙලාව මහජනයාට ඉදිරිපත් කිරීම 2002 තෙක් සිදු නොකලේය. ඒවෙනුවට සය වන දිනයේදි ඇය ඔක්සිජන් අවසන් වීමෙන් මියගිය බවට පුලුල් වශයෙන් වාර්තා විය. මේ කරුණ හො සෝවියෙට් ආණ්ඩුව මුලින් ප්‍රකාශ කර සිටියේ, ඇය අනායාස මරණයකට ඇගේ ඔක්සිජ්න් අවසන් විමට පෙර භාජනය කල බවයි.මෙම පරික්ෂණයේ අරමුණ වුයේ සජීවී මගියෙකුට, අභයාවකාශයට දියත් කිරිමෙන් පසු ඔහුට ජිවත්විය හැකි බවත් බර රහිත බාවය දරගත හැකි බවත් ඔප්පු කිරීමෙන්, මනුෂ්‍ය අභ්‍යාවකාශ යානා සදහා මාර්ගය සකසාදීම සහ විද්‍යාඥයන් හට අභ්‍යාවකාශ පරිසර තත්වයන් හී සජීවී ජීවියෙකුගේ ප්‍රතික්‍රියා පිළිබදව ප්‍රථම දත්ත සැපයීමත්ය.

2008 අප්‍රේල් 11 වන දින, රුසියානු නියෝජිතයන් විසින් ලයිකා වෙනුවෙන් ස්මාරකයක් විවෘත කරන ලදි. ලයිකාගේ අභ්‍යාවකාශ ගතකිරීම සැකසු මොස්කව් හි යුධ හමුදා පරීක්ෂණ සංකීර්ණය අසල ඇයට උපහාටර පිනිස කුඩා ස්මාරකයක් ඉදිකරන ලදි. රොකට්ටුවක් මත සිටගෙන සිටින සුනඛයකු මෙහි නිරූපණ‍ය වේ.[1][3]

ස්පුට්නික් 2[සංස්කරණය]

ස්පුට්නික් 1 හි සාර්ථ්කත්වයෙන් පසු, සොවීයෙට් දේශයේ නායකයා, නිකිටා කෘෂචෙවි හට බොල්හෙවික් විප්ලවයේ 40 වැනි සංවත්සරය දින වන 1957 නොවැම්බර් 7දී අභ්‍යාකාශයට යානයක් ‍යැවිමට අවශ්‍ය විය.මේ වන විටත් වඩා සංකීර්ණ් වන්ද්‍රිකාවක් සාදමින් පවතින මුත් එය දෙසැම්බර් මස වන තෙක් සුදානම් නොවන්නෙන්ය. පසුව මෙම චන්ද්‍රිකාව ස්පුට්නික් 3 ලෙස නම් විය.[4]

නොවැම්බර් මස නියමිත කාලයට මුහුණ් දීමට, නව යානයක් නිෂ්පාදනය අවශ්‍යය විය.කෘෂචෙවි හට තම ඉන්ජිනෙරුවන්ගෙන් විශෙෂයෙන් අවශ්‍ය වී තිබුනේ "අභ්‍යාකාශ උත්කර්ෂ්ණීයක්", ස්පුට්නික් 1මගින් ලබාගත් විජයග්‍රහනය නවතත් ඇතිකරවන, ලොව සොවියෙට් දේශයේ පරාක්‍රමයෙන් විශ්මයට පත්ක්කරවන මෙහෙයුමකි.සලසුම්ක්ලරුවන් සුනඛයකු සහිත යානයක් කක්ෂිගත කිරීමට එකගතවයකට පමිණියේය. සොවියෙට් රොකට්ටු ඉන්ජිනේරුවන් දිර්ඝ කාලයක අදහස්කර සිටියේ මනුෂ්‍ය අභ්‍යාවකශ යානයක් කක්ෂගත කිරීමට පෙර සුනඛයන් සහිත යානයක් කක්ෂගත කිරීමටය. 1951 පටන් සුනඛයන් 12 දෙනෙකු උප කක්ෂගත අභ්‍යාවකාශයට බැලිස්ටික් යානයක් මගින් ගෙනයන ලදි.1958 වර්ෂය වනවිට කක්ෂගත මෙහෙයුමක් සදහා වැඩකටයුතු ක්‍රමක්‍රමයෙන් සිදුවෙමින් පැවැතින. කෘෂචෙව්ගේ ඉල්ලීම සන්තර්පනය කිරීම සදහා කක්ෂගත සුනඛයන් සහිත යානය නොවම්බර් මස අභ්‍යාවකාශ ගතවෙවීම සදහා වැඩකටයුතු කලේය.[5]

රුසියනු මුලාශ්‍ර තොරතුරුවලට අනුව ස්පුට්නික් 2 අභ්‍යාවකාශ ගතවීම පිළිබද නිල තීරණය ගන්නා ලද්දේ ඔක්තොම්බර් මස 10 හො 12 දිනක දීය. එමගින් අභ්‍යාවකාශ යානයක් නිර්මාණය කිරීම සදහා එම කණ්ඩයමට ඉතුරුවුයේ සති හතරක් පමණය[6].එමනිසා ස්පුට්නික් 2 හදිසියෙන් කල කර්‍රයයක් විය. අභ්‍යාවකාශයේ බොහො කොටස් දළ සටහන් ආශ්‍රිතව සාදවන ලද්දේය.සජීවි මගියකු අභ්‍යාවකාශයට යැවීම මූලික මෙහෙයුම වූ අතර හිරුගේ විකිරණ සහ අන්තරාක්ෂ කිරණ මැනිමේ උපනකරණද එයට ඇතුලත් විය.[4]

මෙම යානය ජිවිත ආරක්ෂිත උපකරණ කට්ටලයකින්ද සන්නද්ධ විය, ඔක්සිජන් නිෂ්පාටදකය(Oxygen generator)සහ ඔක්සිජන් විස වීම වැලක්වීමට හා කාර්බන් ඩිඔක්සවිඩ් උරා ගැනීමට උපාංග මෙම කට්ටලය සතුවිය. මැදිරිය තුල උෂ්ණත්වය 15°C(59°F) වඩා වඩි වුවහොත් සුනඛයා සිසිල් ව තැබීමට ක්‍රියාත්මක වීම සදහා පංකාවක් සැලසුම් කලේය.දින හතකට සරිලන පරිදි යානයට අවශ්‍ය තරම් ආහාර ජෙලටීමය ආකාරයට සපයා තිබූ අතර අපද්‍රව්‍ය එකතු කිරීමට බැගයකි සුනඛයාට සම්බන්ධ කරන ලදි. සුනඛයාට ගැලපෙන පරිදි ඇදෙන ආම්පන්න නිර්මණයකොට ඇත. ඇගේ චලන සිට ගැනීම, හිද ගැනීම හො වැතිරීමට පමණ්ක් ඉඩ සලස්වා තිබූ; කාමරයේ හැරීමට ඉඩ සලස්වා නොතිබින.ඇගේ හර්ද ස්පන්දනය අධීක්ෂනය සදහා විද්‍යුත් කන්තු රේඛයක්ද, තවත් උපකරන විසින් ශ්වසන වාර ගනන,සහ උපරිම ධමනිවක පීඩනය මැනීමට අවශ්‍ය උපකරණද ඇතුලත් කොට තිබින.[2][7]

පුහුණුව[සංස්කරණය]

ලයිකා හමුවූයේ මොස්කව් නුවර වීදි වල අයාලේ යන සුනඛයකු ලෙසය.සොවියෙට් විද්‍යාත්නයන් මොස්කව් නුවර දඩාවතේ යන සුනඛයන් භාවිතා කිරීමට තොරාගනු ලබුවේ එම සත්වයන් අධික සීතලට සහ බඩගීනි තත්වයන්ට ඔරොත්තු දීමට ඉගෙනන්ගෙන ඇති බවට විද්‍යාත්නයන් උපකල්පනය කල නිසාය.[5] මෙම නිදර්ශනය රාත්තල් එකොලහක් බරැති[8] ආසන්න වශයෙන් අවුරුදු තුනක් වයසැති දෙමුහුම් ගැහැණු සුනඛයෙකි.වෙනත් තැනක පෙන්වන්නේ ඇය කිලො 6 බර බවය (රාත්තල් 13). සොවියෙට් ඇයට අනවර්ත නාම කිහිපයක් දී ඇති අතර ඒ කුඩ්‍රයාව්කා (Kudravaka), (රුසියානු ආකාරයට කුඩා කැරලි), සුච්කා (කුඩා මකුණා) සහ ලිමොනිච්ක් (කුඩා දෙහි ගෙඩිය)වේ. ලොකය පුරා ප්‍රසිද්ධ වූ නම වන ලයිකා ආර්ක්ටික සුනඛයාට (Husky) සමාන වෙනත් සුනඛයන් වර්ග කිහිපයකට රුසියානු නමයි. ඇමෙරිකානු මාධ්‍ය ඇයට පටබැදි නාමය වූයේ මුට්නික්ය(Mutt+ suffix -nik) එය ස්පුට්නික්[9] සදහා වූ ශ්ලේෂයකි. එසේ හො කැරලි (curly)[10]යන නාමයද ඔවුන් භාවිතා කලේය. ඇගේ සත්‍ය පැටිකිරිය (පෙලපත) නොදන්නා අතර, ඇය අර්ධ වශයෙන් ආක්ටික් සුනඛ හො වෙනත් ස්කැන්ඩනේවියානු වර්ගයක් හො බොහොවිට කොටසක් ටෙර්‍රියර් වර්ගයට අවත් විය හැක[5]. රෞසියාබනු සගරාවක් විසින් ඇගේ චිත්ත ස්වභාවය අලස ලෙස විස්තර කරනු ලැබුවේ, ඇය අනෙකුත් සුනඛයන් සමග සන්ඩු නොකරන නිසාය [8].

සොවියෙට් සංගමය සහ එක්සත් ජනපදය උප කක්ෂ යානවන්ගෙන් පමණක් පෙරදී ස්ත්වයන් යවන ලද්දේය.[11]සුනඛයන් තුන්දෙනෙකු ස්පුට්නික් 2 යානය සදහා පුහුණු කරන ලදි.ඒ ඇල්බිනා,මුෂ්කා සහ ලයිකාය.[12]සොවීයෙට් අභ්‍යාවකාශ ජිවිත විද්‍යාත්ය්‍ය ඔලේග් ගැසෙන්කො විසින් ලයිකා තොරාගෙන පුහුණු කරන ලදි[13].ඇල්බිනා ඉහල මට්ටමේ පර්යේෂණ රොකට්ටුවක දෙවරක් තුන්වරක් පියාසර කර ඇති අතර මුෂ්කා යොදාගන්නා ලද්දේ ජිවිත සහයොගිතා සහා උපකරනමය පර්යේෂණයන් සදහාය.[7][11]

ස්පුට්නික් 2 හි ඉතා කුඩා මැදීරියේ රදවා තැබීම හුරුවීම සදහා දින 20ක කාලයක් ක්‍රමක්‍රමයෙන් කුඩා කූඩුවල රදවා තබාගත්තේය. මෙම පතර සිරකරතැබීම හේතුවන් ඔවුන් මුත්‍රා කිරීම හා මලපහ කිරීම නැවැත්වූ අතර ඔවුන් කලබලකාරී බවට පත්විය එමෙන්ම ඔවුන්ගේ සාමාන්‍යය තත්වයද පිරිහෙන්නට විය. විරේචකයන්ගෙන් ඔවුන්ගේ තත්වය යහපත් වූයේ නැත. දීර්ඝ කාලීන පුහුනුවෙන් පමණක් පලදායී බාවක් අත්වන බව පර්යේෂකවන් සොයාගත්තේය. සුනඛයන් කේන්ද්‍රප්‍රසාරකයන් තුල තබන ලද අතර එය අභ්‍යාවකාශ යානයක ශබ්දය විඩම්බනය කරන ලද්දේය. මෙය ඔවුන්ගේ නාඩි වැටීම දෙගුණ කිරීමට සහ රුධිර පීඩනය 30-65 ටො(torr) කින් වැඩිවීමට හේතුවිය. සුනඛයන්ව විශේෂිත ඉහල පොෂ්‍ය ජෙලි වර්ගයක් කෑමට පුරුදු කරන ලද අතර අභ්‍යාවකාශයේදී ඔවුන්ගේ ආහාරය වන්නේ එයයි.[7]

යානය දියත් කිරීමට ප්‍රථම එක් විද්‍යාඥයෙක් ඔහුගේ ළමයින් සමග සෙල්ලම් කිරීමට ලයිකා ගෙදර ගෙන ගියේය. සොවියෙට් අභ්‍යාවකාශ ඔසුව නැමති පුරාවුර්තයේ දොස්තර වැල්ඩමියර් යස්ඩොව්ස්කි (Vladimir Yazdovsky) ලියා ඇත්තේ, "මට ඇයට හොද දෙයක් කීරීමට අවශ්‍ය වුනා: ඇයට ජීවත්වීමට තව ඇත්තේ ඉතා සුළු කාලයකි".[14]

ගමන[සංස්කරණය]

නාසා(NASA) ලිපියකට අනුව මෙහෙනුම ඇරඹීමට දින තුනකට පෙර එනම්, 1957 ඔක්තොම්බ්‍ර් 31 දින ලයිකා චන්ද්‍රිකාව තබන ලද්දේය.[7] දියත් කරන ස්ථානයේ උෂ්ණත්වය වසරේ මේ කාලයේදී ඉතා සීතල විය. ඇයගේ බහාලුම උණුසුම් කිරීම සදහා පයිප්පයක් තාපකයකට සම්බන්ධ කරන ලදි.දියත් කිරීමට පෙර ලයිකාව දිගටම බලාගැනීම සදහා සහයකයින් දෙදෙනෙකු වෙන් කරන ලද්දේය. 1957 නොවැම්බර් මස 3 වන දින බෙයිකොනොර් කොස්මොඩ්‍රොම් (Baikonur Cosmodrome) වලින් පිටත් වීමට මොහොතකට පෙර ලයිකාගේ ලොම දුර්වල මද්‍යසාර ද්‍රාවනයකින් තෙතමාත්තු කර පරෙස්සමින් පිරිසිදු කර සකස් කලේය. ඇයගේ ශරීරයේ කාර්යයන් අධීක්ෂනය සදහා ස්ංවේද මානයක් තබා ඇතිඅතර එම ප්‍රදේශ වල අයඩින් ආලේපනය කරන ලද්දේය.[15]


ඉහලම වේගයේදී ලයිකාගේ ස්වසන සීඝ්‍රතාවය; දියත් කිරීමට පෙර තිබූ සීඝ්‍රතාවය මෙන් තුන් සහ හතර ගුණයක් අතර ප්‍රමාණයකින් ඉහලගියේය.[7] සංවේදීමානය ඇයගේ හෘද වස්තුවේ ගැස්ම දියත් කිරීමට පෙර මිනිත්තුවකට 103ක් පෙන්වූ අතර එය මිනිත්තුවකට 240 දක්වා මුල් වේග්යේදී ඉහල ගියේය. කක්ෂයට ලගා වීමෙන් පසු ස්පුට්නික් 2 හි කේතුවක් වැනි නහය සාර්ථකව ඉවත් කර දැම්මේය. කෙසේ නමුත් සැලසුම් කල ආකාරයට ප්‍රධාන "A කොටස" වෙන්වූයේ නැත. එමගින් තාප පාලන ක්‍රමය නිවැරදිව ක්‍රියාකිරීම වැලැක්වූයේය. සමහර තාප පරිවරනයන් ඉරී ගැලවී ගියේ මැදිරියේ උෂ්ණත්වය 40°C(104°F) දක්වා ඉහල නංවමිනි.[16] බර ශූන්‍යතාවන් පැය තුනකට පසු ලයිකාගේ නාඩි වැටීම මිනිත්තුවකට 102ට පහත වැටී ස්ථාපිත විය.[17] මෙය බිමේදී සිදුකරන ලද පර්යේෂණ වලදි ගත් කාලයට වඩා තුන් ගුනයකින් දීර්ඝ විය, මෙය ඇය සිටි ආතතිය පිලිබිඹු කරන්නකි. මුල්දී ගුවන් විදුලී පණිවුඩ මෙවෙලම මගින් පෙන්වුයේ ලයිකා කලබල වූවත් ඇය ඇගේ ආහාර අහුභව කරන බවයි.[16] යානයට ඇතුලු වි පැය පහක් හතක් අතර කාලයට පසු ජීවිතය පිලිබද සංඥාවක් අභ්‍යාවකාශයෙන් නොලැබින.[7]

රුසියානු විද්‍යාඥයන් විසින් ලයිකාව විෂ සහිත ආහාර ලබාදීමෙන් අනායාස මරණයකට භාජ්නය කිරීමය සැලසුම් කොට තිබින. වසර ගනනාවක් සොවියෙට් සංගමය විසින් වෙනස් වූ ප්‍රකාශයන් ඉදිරිපත් කරන ලදි. බැටරී (කොෂ)ක්‍රියාවිරහිත වීම නිසා ඇය ඔක්සිජන් නොමැතිවීමෙන්[18] හො ඇය අනායාස මරණයට භාජනය කිරීමෙන් ඇය මරණයට පත් වූ බව ප්‍රකාශකරන ලදි. ඇයගේ මරණය සිදුවූ සැබෑ ආකාරය පිලිබදව බොහො කටකථා පැතිරිනි. හතර වන දිනයේදී මැදිරිය අධිතාප වීම නිසා ලයිකා මිය ගිය බව 1999 දී රුසියානු මුලාශ්‍ර කිහිපයක් විසින් වාර්තා කරන ලදි.[6] ස්පුට්නික් 2 මෙහෙයුම පිටුපස සිටි එක් විද්‍යාඥයෙකු වන ඩිමිත්‍රි මලස්ශෙන්කොව් (Dimitri Malashenkov)2002 ඔක්තොම්බර් මසදී දක්වා සිටියේ යානයේ හතරවන පරිපථයෙහි අධිතාපයෙන් ලයිකා මිය ගිය බවය. හුස්ටන්, ටෙක්සාස් වලදී පැවැති ලොක අභ්‍යාවකාශ සමුලුවේදී ඉදිරිපත් කරන ලද ලිපියකට අනුව "විශ්වාසදායී උෂ්ණත්ව පාලක ක්‍රමයක් සීමාසහිත කාල සීමාවක් තුල නිර්මාණය කිරීම ප්‍රායොගිකව අපහසු බව පෙනීගියේය".[2]

කක්ෂ ගතව වාර 2750ක් ගමන් කොට මාස පහකට පසු 1958 අප්‍රේල් මස 14 වන දින නැවත ඇතුලුවීමෙදි ලයිකාගේ ශරීරයත් සමග ස්පුට්නික් 2 කොටස් වලට වෙන්විය.[19]

මතභේද්ය[සංස්කරණය]

NASA named this soil target on Mars after Laika during the Mars Exploration Rover mission

සොවියෙට් සහ එක්සත් ජනපදය අතර වූ අභ්‍යාවකාශ තරගය ඉස්මතුවීම නිසා කාලයක් යනතුරු මෙම අත්හදා බැලීම් මගින් වූ සදාචාරමය ප්‍රශ්නය විශාල වශයෙන් කථාබහට ලක්වූයේ නැත. 1957 පුවත්පතක ඇමිනීමකින් පෙන්නුම් කරන්නේ,[20] මාධ්‍යය කේන්ද්‍ර කොට ඇත්තේ දේශපාලන යථාදර්ශය පිලිබද වාර්ථා කිරීම මිස ලයිකාගේ සෞඛ්‍යය තත්වය සහ ගලවාගැනීම හො ඒ පිලිබද සදහනක් කර තිබුනේද නැත. පසුකලීනව පමණක් සුනඛයාගේ ඉරණම පිලිබද සාකච්ජා පැවත්විනි--ඇයව මුලදී ලයිකා වෙනුවට කැරැලි යන නමින් ආමන්ත්‍රනයකිරීම සමහරුන් බලකර ඉල්ලාසිටියේය.

ස්පුට්නික් 2 නැවත ආපසු ගෙන්වා ගැනීමට සැලසුම් කොට නොතිබුනු අතර ලයිකා මියයැම අනවරතයෙන් අදහස් කර තිබිනි.[6] මෙම මෙහෙයුම ලොකය පුරා විවාද්යක් ඇති කලේ විද්‍යාවේ දියුණුව සදහා සත්ත්වයින් හට වැරදි ලෙස සැලකීම සහ සත්වයන් පර්යේෂණ සදහා යොදාගැනීම නිසාය.[13] එක්සත් රාජධානියේ ජාතික සුනඛ ආරක්ෂක ලීගය (National Canine Defense League) සියලුම සුනඛ හිමිකරුවන්ගෙන් මිනිත්තුවක නිහඩතාවයක් පිළිපදින මෙන් ඉල්ලා සිටියේය. එම මෙහෙයුමේ සාර්ථකත්වය පිලිබදව සොවියෙට් සංගමය එලිදැක්වීම අවසන් කිරීමටත් ප්‍රථම සත්වයන් හට කෘරත්වය වලක්වාගැනීම සදහා වූ රාජකීය සමිතිය (Royal Society for the Prevention of Cruelty to Animals,[RSPCA]) වෙත විරොධතවන් ලැබින.සත්ත්ව අයිතිවාසිකම් පිලිබද කණ්ඩායම් සොවියෙට් තනාපති කර්යාලය වෙත විරොධතාවයන් දක්වන ලෙස ඉල්ලා සිටියේය.[21] අන්‍යයො නිව්යොහි එක්සත් ජාතීන්ගේ සංගමය පිටත උද්ඝොෂනය කලේය.[13] කෙසේ වෙතත් එක්සත් ජනපද්යේ සිටින රසායනාගාර පර්යේෂකයන් ලයිකාගේ මරණය පිළිබද ආරංචි වීමට ප්‍රථමවෙන් වත් සොවියෙට් සංගමයට යම් සහයොගයක් පලකලේය.[13][22]

සොවියෙට් සංගමය තුල මතභේද ඇතිවුයේ අඩු වශයෙනි. සුනඛයන් අභ්‍යාවකාශයට යැවීම පිලිබදව මධ්‍ය, පොත්පත් හො මහජනයා විවෘතව වසර කිහිපයක් යනතුරු ප්‍රශ්න නැගුවේ නැත. 1998 දී සොවියෙට් ආධිපත්‍යය බිදවැටීමෙන් පසු පමණක් ඔලෙග් ගැසෙන්කො (Oleg Gazenko), ලයිකා අභ්‍යාවකාශයට වැවීමට වගකිවයුතු එක් විද්‍යාඥයෙකු ඇය මරණයට පත්වීමට ඉඩදිම පිලිබද තම ශොකය ප්‍රකාශ කලේය.


සතුන් සමග වැඩ කිරීම අප සැමට දුක්වීමට එක් මුලාශ්‍රයකි. කථාකිරීමට බැරි කුඩා බිළිදුන්ට මෙන් අප ඔවුන්ට සලකන්නේය. කාලය ගත්වීමත් සමග ඒ පිලිබද මා තවත් දුක්වන්නෙය. අප විසින් එය නොකල යුතුව තිබුනේය... මෙම සුනඛයාගේ මරණය සාධාරණීය කිරීමට තරම් මෙම මෙහෙයුම මගින් අප යමක් ඉගනගත්තේ නැත[19][20]


රුසියාවේ ස්ටාර් නගරයෙහි පිහිටි රුසියානු අභ්‍යාවකශ පුහුණු පහසුකම් මධ්‍යස්ථානයේ පිහිටි පිලිමයකින් සහ පලකයකින් ලයිකා අනුස්මරණය කරන ලදි.[23] අනාගත සුනඛයන් රැගෙන යන අභ්‍යාවකාශ මෙහෙයුම් ඔවුන් නැවත ගෙන්වා ගැනීමට නිර්මානය වන්නේය. සොවියෙට් අභ්‍යාවකශ මෙහෙයමකදී මරණයට පත්වු අනෙකුත් සුනඛයන් වූයේ චොල්කා (Pchyolka) සහ මුෂ්කාය (Mushka). ඔවුන් ඛොරබ්ල්- ස්පුට්නික්3 (Korabl-Sputnik 3) 1960 දෙසැම්බර් 1 වන දින නැවත වාවුගොලයට ඇතුළු විමෙදී සිදුවූ අනතුරකදී යානය විනාශ වීම නිසා මියගියේය.

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 "Russia opens monument to Laika, first dog in space". Associated Press, April 11, 2008. Retrieved on August 24, 2010.
  2. 2.0 2.1 2.2 Malashenkov, D. C. (2002). "Abstract:Some Unknown Pages of the Living Organisms' First Orbital Flight". IAF abstracts. ADS: 288. Bibcode:2002iaf..confE.288M.
  3. "Laika".accuweather.com. Retrieved on January 23, 2008.
  4. 4.0 4.1 James J. Harford (1997). "Korolev's Triple Play: Sputniks 1, 2, and 3". NASA. සම්ප්‍රවේශය 2006-09-26.
  5. 5.0 5.1 5.2 Andrew J. LePage (1997). "Sputnik 2: The First Animal in Orbit". සම්ප්‍රවේශය 2006-09-26.
  6. 6.0 6.1 6.2 Anatoly Zak (1999-11-03). "The True Story of Laika the Dog". 2000-11-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2006-09-28.
  7. 7.0 7.1 7.2 7.3 7.4 7.5 Sven Grahn. "Sputnik-2, more news from distant history". සම්ප්‍රවේශය 2004-12-01.
  8. 8.0 8.1 "Muscovites Told Space Dog Is Dead". New York Times, November 13, 1957, pg. 3.
  9. Tara Gray (1998). "A Brief History of Animals in Space". NASA. සම්ප්‍රවේශය 2006-09-26.
  10. "Space Dog Lives". The British Library. සම්ප්‍රවේශය 2006-09-26.
  11. 11.0 11.1 "Dogs in space". Space Today Online. 2004. සම්ප්‍රවේශය 2006-09-28.
  12. Dr David Whitehouse (2002-10-28). "First dog in space died within hours". BBC. සම්ප්‍රවේශය 2006-09-26.
  13. 13.0 13.1 13.2 13.3 "Animals as Cold Warriors:Missiles, Medicine and Man's Best Friend". National Library of Medicine. 2006-06-19. සම්ප්‍රවේශය 2006-09-28.
  14. Vladimir Isachenkov (2008-04-11). "Space dog monument opens in Russia". MSNBC. සම්ප්‍රවේශය 2008-04-15.
  15. "Memorial to Laika". සම්ප්‍රවේශය 2006-09-26.
  16. 16.0 16.1 "Sputnik 2". NASA. 2005-10-20. සම්ප්‍රවේශය 2006-09-26.
  17. John B. West (1 October 2001). "Historical aspects of the early Soviet/Russian manned space program". Journal of Applied Psychology. 91 (4): 1501–1511. PMID 11568130. සම්ප්‍රවේශය 28 September 2006.
  18. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Beischer1962 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  19. 19.0 19.1 "The Story of Laika". moscowanimals.org. සම්ප්‍රවේශය 2006-09-26.
  20. 20.0 20.1 "Message from the First Dog in Space Received 45 Years Too Late". Dogs in the News. 2002-11-03. සම්ප්‍රවේශය 2006-10-04.
  21. "On this day". BBC. 1957-11-03. සම්ප්‍රවේශය 2006-09-26.
  22. "Human Guinea Pigs and Sputnik 2". National Society for Medical Research. 1957. සම්ප්‍රවේශය 2006-09-28. {{cite web}}: Unknown parameter |month= ignored (help)
  23. "First in Orbit, Laika the Dog Made History". redOrbit. සම්ප්‍රවේශය 2009-07-27.

විමර්ශන[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:


Listen to this article
(2 parts, 14 minutes)
Spoken Wikipedia icon
These audio files were created from a revision of this article dated
Error: no date provided
, and do not reflect subsequent edits.
"https://si.wikipedia.org/w/index.php?title=ලයිකා&oldid=593207" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි