Jump to content

ස්කයිලැබ්

විකිපීඩියා වෙතින්
ස්කයිලැබ්
A view of Skylab from the departing Skylab 4 mission
Station statistics
COSPAR ID1973-027A
SATCAT no.06633විකි දත්ත මත දී සංස්කරණය කරන්න
සංඥා නාමයSkylab
කාර්ය මණ්ඩලය3 (9 සමස්ථ)
ගුවන්ගත කිරීමමැයි 14, 1973
17:30:00 UTC
ගගන වේදිකාවLC-39A, කෙනඩි අජටාකාශ පර්යේෂණ මධ්‍යස්ථානය
Reentryජූලි 11, 1979
16:37:00 UTC
near Perth, Australia
ස්කන්ධය77,088 kg (169,950 lb)[1] (No CSM)
Pressurised volume10,000 cu ft (283.17 m3)
Periapsis altitude269.7 mi (434.0 km)
Apoapsis altitude274.6 mi (441.9 km)
කක්ෂීය ආනතිය50°
කක්ෂීය ආවර්තයමිනිත්තු 93.4
දිනකට ආවර්ත15.4
කක්ෂයේ තිබූ දින ගණනදින 2,249
විසුම් දින ගණනදින 171
ආවර්ත34,981
Distance travelled~890,000,000 mi
1,400,000,000 km
Statistics as of Re-entry on July 11, 1979
tiny globe
ස්කයිලැබ් ඇපලෝ සේවා මොඩියුලයක් සමග සම්බන්ධ වීම

ස්කයිලැබ් යනු ඇමරිකාව විසින් උඩු ගුවනට යැවූ මුල්ම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වේ. එසේම එය මනුෂ්‍ය වාසයක් සහිත වූ දෙවන අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ද වේ. මෙම ටොන් සියයක ස්කන්ධයකින් යුත් අභ්‍යාවකාශ පර්යේෂණාගාරය 1973 සිට 1979 දක්වා පුරා වසර 6ක කාලයක් පහළ පෘථිවි කක්ෂයේ පැවතුණු අතර තෙවරක් අභ්‍යාවකාශගාමීන් විසින් සේවා මධ්‍යස්ථානයක් ලෙස පරිහරණය කරන ලදී. ක්ෂුද්‍ර ගුරුත්වය අධ්‍යයනය කිරීම සදහාම වෙන් වූ පර්යේෂණාගාරයකින්ද, ඇපලෝ දුරේක්ෂයකින් සමන්විත සූර්ය නිරීක්ෂණාගාරයකින් ද එය සමන්විත විය.

මෙහෙයුම් ඉතිහාසය

[සංස්කරණය]

නිමාව සහ ගුවන්ගත කිරීම

[සංස්කරණය]

1973 මැයි 14 දින සැටන් INT- 21 නැමැති රොකට් යානාව මගින් ස්කයිලැබ් මධ්‍යස්ථානය කිලෝ මීටර් 435 ක කක්ෂයක් වෙත අභ්‍යවකාශ ගත කරන ලදි. මෙය විටෙක ස්කයිලයින් 1 හෝ SL – 1 ලෙසද හදුන්වනු ලැබේ. මෙම ගුවන් ගත කිරිම නිසා මධ්‍යස්ථානයේ මයි‍ක්ක්‍රෝමීටර්රොයිට් ආවර්ණය / හිරුආවරණය සහ එහි ප්‍රධාන සූර්ය පැනලයක් අහිමිව යාම ඇතුලුව විශාල හානියක් සිදු වුනි. මයි‍ක්ක්‍රෝමීටර්රොයිට් ආවරණයේ සුන්බුන් නිසා තත්ත්වය තවත් සංකූල වුනු අතර එමගින් ඉතිරි තිබූ සූර්ය පැනලය, මධ්‍යස්ථානයේ පසෙකට ඇමුණුනු බැවින් එහි විහිදිමට බාධා සිදුවුනු අතර මධ්‍යස්ථානයේ ඉතා විශාල බලශක්ති හිගයක් ඇති වුනි. 1973 මැයි 25 දින සැටන් IB අභ්‍යවකාශ ගත කිරීමෙන් ප්‍රථම කණ්ඩායම විසින් මධ්‍යස්ථානය දැඩි පිළිසරක කිරීමකට ලක් කරන ලදි. කලට වේලාවට ස්කයිලැබ් මධ්‍යස්ථාන පිළිසකර කිරිමට මේ කණ්ඩායමට නොහැකි වූවා නම් එය උණු වී විෂ වායුන් නිකුත් වන්නට ඉඩ තිබූ අතර එසේ වූවානම් එය මිනිස් වාසයට ද කිසිසේත් නුසුදුසු තත්ත්වයකට පත්වන්නට ඉඩ තිබුණි . 1973 ජුලි 28 (SL – 3) සහ නොවැම්බර් 16 (SL – 4) තවත් අතිරේක මෙහෙවර 2 ක් දියත් කෙරුනු අතර දින 28 ක් සහ 59 ක් හා 88ක් අභ්‍යාවකාශයෙහි රැදී සිටිමට මෙහිදි සිදුවිය. අවසන් ස්කයිලැබ් කණ්ඩායම ආපසු පෘථිවියට පැමිණියේ 1974 පෙබරවාරි 08 වැනිදාය.

කක්ෂයේ දී සිදුවන ක්‍රියාකාරකම්

[සංස්කරණය]

දින 171 පැය 13 කදී ස්කයිලැබ් මධ්‍යස්ථානය පෘථිවිය වටා 2476 වරක් කක්ෂ ගත වුණු අතර පැයට 42 මිනිත්තු 16 සුළු කාලයක් අභ්‍යාවකාශයේ ඇවිදීමට ගගනගාමීන්ට හැකි විය. ස්කයිලැබ් අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින් පැය 12 විද්‍යාත්මක හා වෛද්‍ය පරීක්ෂණ (සූර්ය පරීක්ෂණ 8 ක් ඇතුලුව) සිදු කරන ලදි. මෙම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සූර්යාගේ සිදුරු (Coronal holes) සොයා ගන්නට හැකි වුනි. මෙම පරීක්ෂන බොහොමයක් මගින් ගගනගාමීන්ට ක්ෂුද්‍රගුරුත්වය දැඩි කාලයක් දරා ගැනීමට හැකි අයුරු ගවේෂණය කෙරිනි. සෑම ස්කයිලැබ් මෙහෙවරක් මගින් ම අභ්‍යවකාශයේ ගගනගාමීන් රැදී සිටි උපරිම කාලය නව වාර්තාවන් බිහි විය.

මූලාශ්‍ර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ස්කයිලැබ්&oldid=587411" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි