භූස්ථාවර කක්ෂය
භූස්ථාවර කක්ෂය හෝ භූසමවේගී නිරක්ෂ කක්ෂය (GEO) යනු පොළොවේ නිරක්ෂයට කි.මී. 35,786 ක් ඉහලින් ඇති වෘත්තාකාර භූසමවේගී කක්ෂයකට ය. එය පොළොව භ්‍රමණය වන දිශාවටම ගමන් කරයි.
භූස්ථාවර කක්ෂයක ඇති වස්තුවකට පොළොවේ භ්‍රමණ කාලයට (නොහොත් එක් දිනයකට) සමාන කක්ෂීය කාලාවර්තයක් ඇත. පොළොවේ සිට නිරීක්ෂනය කරන්නෙකුට එය පෙනෙනුයේ ස්ථාවරව අහසේ එක තැන රැඳී තිබෙන ලෙසට යි. මෙම සංකල්පය ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ විද්‍යා ප්‍රබන්ධ රචක ශ්රීලංකාභිමාන්ය ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් විසිනි. මෙවැනි කක්ෂයක පිහිටුවීම සඳහා චන්ද්‍රිකාවක් මුලින්ම දියත් කෙරුනේ 1963 දීය.
සන්නිවේදන චන්ද්‍රිකා නිතරම භූස්ථාවර කක්ෂවල පිහිටුවන්නේ එවිට පොළොවේ ඇති ඇන්ටෙනාවල දිශාව වෙනස් නොකරමින් එක් දිශාවකට ස්ථිරව දිගු කර තැබිය හැකි නිසාය. තවද තත්‍ය-කාල නිරීක්ෂන සහ දත්ත එකතුකිරීම සඳහා කාළගුණ චන්ද්‍රිකා ද, උපරිම GPS (නොහොත් ගෝලීය ස්ථාන නිර්ණයන පද්ධතිය) නිරවද්‍යතාව සඳහා යාත්‍රණ චන්ද්‍රිකාද මෙම කක්ෂයේ පිහිටුවනු ලැබේ.
![]() |
භෞතික විද්‍යාව පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |