චන්ද්‍රිකා තාක්ෂණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සඳ පෘතුවියට පෙනෙන අයුරු

01‍. උප ග්‍රහයෝ[සංස්කරණය]

තාරකා විද්‍යාවට අනුව උපග්‍රහයෙකු යනු ග්‍රහලා්කයක් හෝ තාරකාවක් වටා භ්‍රමණය වන ද්විතීයික වස්තුවකි. ඒවිට මූලික වස්තුව වන්නේ ඒම ග්‍රහලෝකය හෝ තාරකාවයි. අප වඩාත් හොදින් දන්නා උපග්‍රහයා වන්නේ අපගේ පෘතුවියට අයත් උපග්‍රහයා වන චන්ද්‍රයායි. සූර්යයාගේ උපග්‍රහයෙකු ලෙස පෘතුවිය ක්‍රියාකරනවාක් මෙක් ඒය පෘතුවියේ උපග්‍රහයා ලෙස ක්‍රියා කරයි. නමුත් චන්ද්‍රයාගේ හා පෘතුවියේ විශාලත්වයේ අැති සමිපතාවය නිසා ඒවා සමහර වෙලාවට ද්විත්ව ග්‍රහලෝක පද්ධතියක් ලෙස ක්‍රියා කරන බවට ද සලකනු ලැබේ.

සෞරග්‍රහ මණ්ඩලයේ හඳුනාගෙන අැති බොහෝමයක් උපග්‍රහයින් ඒවායේ මව් ග්‍රහයා පරිභ්‍රමණය වට දිශාවටම ඒනම් බටහිර සිට නැගෙනහිරට භ්‍රමණය වේ. විශාල පිටත ග්‍රහලෝකවල උපග්‍රහයන් ස්වල්පයක් පමණක් මෙහි විරුද්ද අතට ඒනම් නැගෙනහිර සිය බටහිරට භ්‍රමණය වෙන බව සොයාගෙන අැත. සමහර ඒවා සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වූ පසුව ඒම ග්‍රහලෝකවල ගුරුත්වාකර්ෂණ ක්ෂ්‍ෙත්‍රයට අසුවූ ඒවා විය හැකිය. වෝයෙජර් යානයෙන් ලැබුන තොරතුරු අනුව ප්ලූටෝ ග්‍රහයා සූර්යයා වටා නොව වෙනත් කක්ෂයක ගමන් කරන ප්ලූටෝ ග්‍රහයා යනු වාමන (කුරු) ග්‍රහයෙකි. මේම කුරු ග්‍රහයාට චාරොන් නම් උපග්‍රහයෙකු අැති බවද සොයාගෙන අැත.

අභ්‍යවකාශගත කර අැති කෘතිම චන්ද්‍රිකාවක්

02. ක්‍රෘතිම උපග්‍රහයෝ (චන්ද්‍රිකා)[සංස්කරණය]

චන්ද්‍රිකා තාක්ෂණයේ මූලාරම්භය

1945 වසරේදී ශ්‍රී ලංකාවේ ගෞවරවණීය පුරවැසියෙකු වූ ආතර් සී ක්ලාර්ක් මහතා විසින් The future of World Communication නම් විද්වත් හමුවේ දී ප්‍රථමවරට චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ අදහස ඉදිරිපත් කරමින් කියා සිටියේ අභ්‍යවකාශයේ කක්ෂගත කරන ලද චන්ද්‍රිකා තුනක් මගින් මුළු ලොවටම එක්වර පණිවිඩ යැවිය හැකි බවයි.ඔහුගේ එම අදහස් යථාර්තයක් බවට පත්වන්නේ 1957 ඔක්තෝම්බර් 04 වෙනිදා සෝවියට් රුසියාව ලොව ප්‍රථම චන්ද්‍රිකාව , එනම් ස්පුට්නික් 1 කක්ෂ ගතකිරීමත් සමඟයි.

ඉන් ඇරඹුණු සන්නිවේදන චන්ද්‍රිකා තාක්ෂණය අද වනවිට ශීඝ්‍රයෙන් දියුණුවට පත්වෙමින් පුළුල් විශ්වීය අවශ්‍යතා ඉටුකරන මෙවලමක් බවට පත් වී ඇත. දුරකථන, රූපවාහිනී, කාලගුණ, සන්නිවේදන ජාල ආදී ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්කිරීමෙහිලා පුරෝගාමී වූ සියලු ක්ෂේත්‍රයන්හි සම්බන්ධිකාරකයා වන්නේ ද සන්නිවේදන චන්ද්‍රිකාය. පෘථිවියට 35768km ඉහළින් අභ්‍යවකාශයේ කක්ෂයක ස්ථානගතකර ඇති මෙම ඉලෙක්ට්‍රොනික් උපකරණ පිහිටි කක්ෂය හඳුන්වන්නේ ක්ලාර්ක් කක්ෂය ලෙසයි. ඒ මෙම සංකල්පය මුලින්ම ඉදිරිපත් කළ ආතර් සී ක්ලාර්ක් මහතාට ගෞරව කිරීම පිණිසයි

චන්ද්‍රිකාවක් යනු

කුමක් හෝ අරමුණක් උදේසා මිනිසා විසින් සූර්යයාගේ හෝ පෘතුවියේ හෝ වෙනත් ග්‍රහලෝකයට කක්ෂයකට ස්ථාන ගත කරන ලද වස්තුවක් කෘත්‍රිම චන්ද්‍රිකා ලෙස හදුන්වයි. 1957 වසරේ ලොව ප්‍රතම කෘතිම චන්ද්‍රිකාව යැවූ කාලයේ සිට මෙවැනි "මිනිසා විසින් නිපදවනු ලැබූ චන්ද්‍රයින් සිය දහසකටත් වැඩි ගණනක් පෘථිවි කක්ෂයට යවා ඇත. වර්තමානයේදි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේදී, යුද තොරතුරු ලබා ගැනීමේදී, පෘථිවිය හා පිටත අභය්‍යකාෂයේ තොරුතුරු ගවේෂණයේදී සහ විද්‍යාත්මක අධ්‍යනවලදි ඉතා වැදගත් කාර්යයක් මෙවැනි කෘත්‍රිම චන්ද්‍රිකා මගින් ඉටු කරනු ලබයි.

විවිධ චන්ද්‍රිකා වර්ග

ඉංජිනේරුවන් හා විද්‍යාඥයින් විසින් විවිධ වර්ගවල චන්ද්‍රිකා නිර්මාණය කර තිබේ‍. මේවා ඒක් ඒක් ඒවා විශේෂීත වූ අරමුණු හෝ කාර්යයන් සදහා නිපදවා අැත. උදාහරණයක් ලෙස විදුලි සංදේශ හා රූපවාහිනී, ගුවන්විදුලි විකාශන ව්‍යාපාරවලදී, රේඩියෝ, රූපවාහිනී දුරකතන සහ අනිතර්ජාල හරහා දත්ත හුවමාරුවේදි සංඥා අාදිය රැහැන් රහිතව හෝ නැවතීමක් (බාදාවක්) නැතිව ( මේවා නියමු නොවන මාධ්‍ය ලෙස හදුන්වයි ) ගෙන යාමට සන්නිවේදන චන්ද්‍රිකාවන් යොදා ගැනෙයි. ගමනාගමන කටයුතුවලදී යොදා ගන්නා චන්ද්‍රිකාවලට පොළොවේ ඉතා සියුම් තැන් පවා පෙනවා දීමේ හැකියාව අැත. කාලගුණ චන්ද්‍රිකා මගින් කාලගුණ විද්‍යාඥයින්ට කාලගුණය පිලිබද දත්ත ලබා ගැනීමේ හැකියාව ලැබී අැත. අැමරිකා ඒකසත් ජනපද රජය රුසියානු චින රජයන් ද නිරීක්ෂන චන්ද්‍රිකා යොදා ගනිමින් යුද ක්‍රියාකාරීත්වයට වැදගත් වන තොරතුරු රැස්කර ගනී. විද්‍යාත්මක චන්ද්‍රිකා, පෘථිවිය නිරීක්ෂනය, පිටත ග්‍රහලෝක, සූර්යයා, ධූමකේතු උල්කාපාත සහ මන්දාකිණි නිරීක්ෂණය, වැනි අභ්‍යවකාෂයේ මූලික කාර්යයන් බොහොමක් සදහාත් යොදා ගනී.

"https://si.wikipedia.org/w/index.php?title=චන්ද්‍රිකා_තාක්ෂණය&oldid=437614" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි