ද්වාරය:සෞරග්‍රහ මණ්ඩලය
Portal maintenance status: (2023 ඔක්තෝබර්)
|
හැඳින්වීම
සෞරග්‍රහ මණ්ඩලය යනු, හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකාශ වස්තූන් (celestial objects) පද්ධතියයි: ප්‍රධාන ග්‍රහයන් අට (8) සහ ඒවායේ දැනට හඳුනාගෙන ඇති චන්ද්‍රයන් 205, ප්‍රධාන වාමන ග්‍රහයන් පහකින් (5) (ප්ලුටෝ, එරිස්, සෙරිස්, මාකේ මාකේ, හෝමියා) හා එම වාමන ග්‍රහයන්ගේ හඳුනාගෙන ඇති චන්ද්‍රයන් නව (9) දෙනා සහ බිලියනයක් පමණ වන කුඩා ග්‍රහවස්තූන් එයට අයත් වේ. මෙහි අවසානයට සඳහන් ප්‍රවර්ග ග්රාහක, කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක, දුහුවිලි වලින් සමන්විත වේ.
තෝරාගත් ලිපි
-
Image 1“වාමන ග්‍රහලෝකයක්” යනු ග්‍රහලෝක-ස්කන්ධීය වස්තුවක් වන අතර එය එහි අභ්‍යවකාශ කලාපයේ ආධිපත්‍යය නොපෙන්වයි (සත්‍ය හෝ සම්භාව්‍ය ග්‍රහලෝකයක් මෙන්) එය චන්ද්‍රයෙක් ද නොවන්නේ ය. එනම්, එය සූර්යයාගේ ඍජු කක්ෂයේ පිහිටා ඇති අතර එය ඝනමය වීමට තරම් විශාල ය. එහි ගුරුත්වාකර්ෂණය නිසා එය ජල ස්ථිතික සමතුලිත හැඩයක් (සාමාන්‍යයෙන් ගෝලාකාර) පවත්වා ගෙන යාමට සමත්වූ නමුත් එහි කක්ෂය වටා ඇති “අසල්වැසි ආකාශවස්තූන්” ඉවත් කරලීමට තරම් හැකියාවක් නැත. . මූලාකෘති වාමන ග්‍රහලෝකය ලෙස ප්ලූටෝ දැක්විය හැකි ය.
සෞරග්‍රහ මණ්ඩලයේ ඇති වාමන ග්‍රහලෝක ගණන නොදන්නා බැවින් විභව ග්‍රහ වස්තුවක් වාමන ග්‍රහලෝකයක්ද යන්න තීරණය කිරීම සඳහා සමීප නිරීක්ෂණයක් අවශ්‍ය වේ. එම ආකාශවස්තු අතර දුසිම් භාගයකම පමණ විශාල අපේක්ෂකයින්ට අවම වශයෙන් එක් සඳක්වත් ඇති අතර එමඟින් ඔවුන්ගේ ස්කන්ධය තීරණය කිරීමට ඉඩ ලබා දේ. ග්‍රහලෝක භූ විද්‍යාඥයින්ට වාමන ග්‍රහලෝක කෙරෙහි ඇති උනන්දුව නම්, මෙම වාමන ග්‍රහලෝක, අවකලනය හා සමහර විට භූ විද්‍යාත්මකව ක්‍රියාකාරී වස්තූන් වන බැවින් සහ ඒවා ග්‍රහලෝක සතු භූ විද්යාවත්මක අංග ප්‍රදර්ශනය කිරීමට ඉඩ ඇති නිසාවෙනි. උදාහරණ ලෙස 2015 නිව් හොරයිසන්ස් මෙහෙයුම මගින් ප්ලූටෝවල (New Horizons mission to Pluto) සහ ඩෝන් මෙහෙයුම මඟින් සෙරස්(වාමන ග්‍රහලෝකය)වල (Dawn mission to Ceres.) කරන ලද මෙහෙයුම් දැක්විය හැක.
වාමන ග්‍රහලෝකය යන යෙදුම සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක, ස්කන්ධ, වස්තු ත්‍රිත්ව වර්ගීකරණය, කිරීමේ කොටසක් බව ග්‍රහලෝක විද්‍යාඥ “ඇලන් ස්ටර්න්”( Alan Stern) පවසන ලදි. ඔහු පවසන පරිදි සම්භාව්‍ය ග්‍රහලෝක (විශාල ග්‍රහ ලෝක අට), වාමන ග්‍රහලෝක සහ චන්ද්‍රිකා ග්‍රහලෝක එම වර්ගීකරණ ත්‍රිත්වයයි. වාමන ග්‍රහලෝක මුලින් නිර්වචනය කරන ලද්දේ නමට අනුව ය. කෙසේ වෙතත්, 2006 දී “වාමන ග්‍රහලෝක” යන යෙදුම ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (IAU) විසින් උප-ග්‍රහලෝක වස්තු කාණ්ඩයක් ලෙස සම්මත කරන ලදී. වමන ග්‍රහලෝක සූර්යයා වටා කක්ෂගත වන ග්‍රහවස්තුවක් මෙන්ම ත්‍රිත්ව වර්ගීකරණය කිරීමේ කොටසක් බව ද, ඉතා දුරින් පිහිටි “එරිස්” ග්‍රහවස්තුව සොයා ගැනීමෙන් වඩාත් සනාථ විය. නමුත් මෙහිදී එරිස් ට වඩා, ප්ලූටෝ විශාල වන නමුත් සම්භාව්‍ය ග්‍රහලෝකවලට වඩා ඉතා කුඩා වන අතර නෙප්චූන් වලට වඩා සූර්යයාගෙන් ඈත්වී ඇති අතර, ප්ලූටෝගේ ලක්ෂණවලට වඩා ප්‍රතිවිරුද්ධ වෙනත් ග්‍රහවස්තූන් ගණනාවක්ම සොයා ගැනීමෙන් පසුව ප්ලූටෝ යනු ග්රහලොවක් ද නැද්ද යන්න නැවත සලකා බැලීමට බල කෙරුණි. මේ අනුව “ස්ටර්න්”(Stern) සහ තවත් බොහෝ ග්‍රහලෝක භූ විද්‍යාඥයින් වාමන ග්‍රහලෝක සම්භාව්‍ය ග්‍රහලෝක වලින් වෙන්කර හඳුනාගත් නමුත් 2006 සිට IAU සහ තාරකා විද්‍යාඥයින්ගෙන් බහුතරයක් එරිස් සහ ප්ලූටෝ වැනි ග්‍රහවස්තු ග්‍රහලෝක ලැයිස්තුවෙන් බැහැර කර ඇත. ග්‍රහලෝකයක් යනු කුමක්ද යන්න පිළිබඳ මෙම නැවත අර්ථ දැක්වීම (ග්‍රහලෝක නිර්වචනය) ප්‍රශංසාවට හා විවේචනයට ලක්ව ඇත. . (තව දුරටත්...) -
Image 2
අයෝ යනු බ්‍රහස්පතිගේ ගැලීලියානු චන්ද්‍රයින් අතුරින් ඇතුළතින් ම (එනම් ග්‍රහ ලෝකයට කිට්ටුවෙන්ම) පිහිටි චන්ද්‍රයා වන අතර එහි විෂ්කම්භය කිමී 3,642 වේ. එය සෞරග්‍රහ මණ්ඩලයේ චන්ද්‍රයින් අතුරින් හතරවන විශාලතම චන්ද්‍රයා ද වේ. එය හේරා දේවතාවියගේ පූජකවරිය මෙන්ම සියුස් මහ දෙවියාගේ ආදරවන්තියද වූ අයෝ වෙනුවෙන් අයෝ ලෙස නම් කරන ලදී.
සක්‍රීය ගිණි කඳු 400කට අධික ප්‍රමාණයක් සහිත අයෝ චන්ද්‍රයා භූ විද්‍යාත්මකව සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සක්‍රීයම වස්තුව වේ. මෙම අධික භූ ගෝලීය සක්‍රීයතාවයට හේතු වන්නේ බ්‍රහස්පති විසින් ඇති කරන වෙනස්වන ආකර්ෂණය නිසා අයෝ චන්ද්‍රයාගේ අභ්‍යන්තරයේ ඝර්ෂණය තුළින් හටගන්නා උදම් උෂ්ණත්වයයි. මෙහි ඇති ඇතැම් ගිණි කඳු මගින් පිට කරන සල්ෆර් හා සල්ෆර් ඩයොක්සයිඩ් දුම් රොටු කිලෝමීටර 500 (සැතපුම් 310) පමණ උසකට ඉහළ යයි. තවද අයෝ ග්‍රහයාගේ පෘෂ්ඨය කඳු 100කින් පමණ සමන්විත වේ. ඒවා අයෝහි පාදමේ වූ සිලිකේට කබොල්ලෙහි වූ අධික තෙරපුම පාදක කරගෙන ඉහළට සෑදුණු කඳු වේ. එහි ඇතැම් කඳු පෘථිවියේ එවරස්ට් කන්දටත් වඩා උස් වේ. බාහිර සෞරග්‍රහ මණ්ඩලයේ ඇති (ඝන අයිස් තට්ටු ඇති) අනෙක් බොහෝ උපග්රහයන් මෙන් නොව අයෝ චන්ද්‍රයා ද්‍රව යකඩ හෝ අයන් සල්ෆයිඩ් හරයක් වටා ඇති සිලිකේට් පාෂාණවලින් මූලිකව සමන්විත වේ. තවද, අයෝ ග්‍රහයාගේ පෘෂ්ඨයේ වැඩි ප්‍රමාණයක් සල්ෆර් හා සල්ෆර් ඩයොක්සයිඩ් තුහිනවලින් වැසී පවතී. (තව දුරටත්...) -
Image 3
-
Image 4
ග්රහක පටිය යනු සෞරග්‍රහ මණ්ඩලයේ අඟහරු හා බ්‍රහස්පති ග්‍රහයන්ගේ කක්ෂ අතර ප්රදේශයයි. එම ප්‍රදේශය තුල අක්‍රමවත් හැඩැති වස්තුන් (ග්රහක) නැතිනම් කුඩා ග්‍රහලෝක ගණනාවක් දක්නට ලැබේ. සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් කුඩා ග්‍රහලෝක එකතු, එනම් කියුපර් පටිය සහ විසිරුණු තැටිය වැනි එකතූන්ගෙන් වෙන්කර හඳුනාගැනීම පිණිස මෙම ග්රහක පටිය, ප්‍රධාන පටිය ලෙසද හඳුන්වනු ලැබේ.
ග්රහක පටියේ ස්කන්ධයෙන් අඩකටත් වඩා ගැබ් වී ඇත්තේ සෙරෙස්, වෙස්ටා 4, පල්ලාස් 2 සහ හයිජියා 10 යන විශාල වස්තූන් තුලය. මේ වස්තු හතරටම කිලෝමීටර 400 කට වඩා වැඩි මධ්‍යයන විෂ්කම්බයක් ඇති අතර ග්රහක පටියේ එකම කුරුමිටි ග්‍රහයා වන සෙරෙස් ගේ විෂ්කම්භය කිලෝමීටර් 950 ක් වේ. අනෙකුත් ග්රහක දුවිලි අංශුවක් දක්වා විවිධ ප්‍රමාණ වලින් යුක්ත වේ. ග්රහක ද්‍රව්‍ය තුනී ලෙස පැතිරී ඇති බැවින් කිසිදු අනතුරකින් තොරව මිනිසුන් නොමැතිව අභ්‍යවකාශ යානා ගණනාවක් මේවා අතරින් ගමන්කර තිබේ. (තව දුරටත්...) -
Image 5
-
Image 6
තාරකා විද්‍යාව හෙවත් තාරකාවේදය (ඉංග්‍රීසි: Astronomy / ඇස්ට්‍රොනොමි) (ග්‍රීක: αστρονομία = άστρον + νόμος, astronomia / ඇස්ට්‍රොනොමියා = astron + nomos, සරලව ගත් කල, "තාරකා නීතිය") යනු තාරකා, ග්‍රහලෝක, ධූමකේතු (comets), ඌෂාලෝකය (aurora), චක්‍රාවාට (galaxies) සහ අන්තරීක්ෂ පසුබිම් විකිරණය (cosmic background radiation) යනාදී පෘථිවි වායුගෝලයෙන් පරිභාහිර සංසිද්දීන් සහ අභ්‍යවකශ වස්තූන් (celestial objects) පිලිබඳ විද්‍යාවයි. මෙහි ප්‍රධාන කාර්යයන් වන්නේ විශ්වයේ සම්භවය සහ විකාශණය, විශ්ව වස්තූන්ගේ භෞතික සහ රසායනික ගුණයන්ගේ පරිනාමය සහ ඒවායේ චලනයන් යනාදිය ගැන හැදෑරීමයි. මෙහි එන විද්‍යාත්මක නිරීක්ෂණයන් වැදගත් වන්නේ තාරකා විද්‍යාවට පමණක් නොවේ, ඒවා සාමාන්‍ය සාපේක්ෂතා වාදය වැනි භෞතික විද්‍යාත්මක මතවාදයන් සනාථ කරගැනීමට අවශ්‍ය වැදගත් තොරතුරු ද සපයයි. (තව දුරටත්...) -
Image 7
සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රයේ ඇති තරුව හිරු හෙවත් සූර්යයායි. ( ලතින් භාෂාවෙන් හැදින්වෙන්නේ සොල් යනුවෙනි) පෘථිවිය ඇතුලු අනෙකුත් වස්තුන් (අනෙක් ග්‍රහලෝක, ග්රහක,උප ග්‍රහයන්,වාමන ග්‍රහයන්) සූර්යයා වටා ගමන් කරන අතර සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8% කට පමණ වගකියන්නේ සූර්යයායි. සූර්ය ශක්තිය , හිරු එළිය සහ තාපය ලෙස පෘථිවිය මත වෙසෙන සියලුම ජීවින්ට අත්‍යාවශ්‍ය වේ. සූර්යාලෝකය ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ ප්රභාසංස්ලේෂණ ක්‍රියාවලියටය. එසේම සූර්යයා මගින් පෘථිවියේ දේශගුණය හා කාලගුණය පාලනය කරයි. සූර්යයා පෘථිවිය මෙන් 109 ගුණයක් විශාල වේ.
සූර්යයා ගේ මතුපිට සංයුතිය හයිඩ්රජන් (එහි ස්කන්ධයෙන් 74% ක් පමණ හෝ එහි පරිමාවෙන් 92% ක් පමණ ) හීලියම් (ස්කන්ධයෙන් 24 – 25% ක් , පරිමාවෙන් 7% ක් )සහ යකඩ , නිකල්, ඔක්සිජන්, සිලිකන්, සල්ෆර්, මැග්නීසියම්, කාබන්, නියෝන්, කැල්සියම්, සහ ක්‍රෝමියම් යන මුලද්‍රව්‍ය ඉතා සුළු ප්‍රමාණ වලින් ද සමන්විත වේ. (තව දුරටත්...) -
Image 8
බුධ යනු හිරුගේ සිට පළමු වැනියට පිහිටි සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය වේ. හිරුට ආසන්නයේම පිහිටා අති මෙය කි.මි.4,887 ක විශ්කම්භයකින් යුක්තය. අධික උෂ්ණත්වයකින් යුතු මෙම ග්‍රහයා තුල ජලය නොමැත.දිවාකාලයේ උෂ්ණත්වය කෙල්වින් 673කි.එය රාත්‍රියට 175 කි. මෙහි ජීවී වාසයක් නොමැත. මෙහි චුම්බක ක්ෂේත්රය පෘථිවිය මෙන් 1% කි.අභ්‍යන්තර මදය ද්‍රව යකඩවලින් සමන්විත වීම එයට හේතුවයි. ඉලිප්සාකාර කක්ෂයක සූර්යයා වටා ගමන් කරන බුධ ග්‍රහයා තමා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 58ක් සහ පැය 15ක් ගත වන අතර සූර්යයා වටා එක් වරක් භ්‍රමණය වීමට දින 88ක් ගත වේ.
භෞතික ලෙස බුධ ග්‍රහයාගේ පෙනුම චන්ද්‍රයාගේ පෙනුමට සමාන වේ. එය ආවාට විශාල ප්‍රමාණයකින් සමන්විත අතර ස්වභාවික චන්ද්‍රිකා හෝ එහි වායුගෝලයක් ඇති බව සනාථ වී නැත. බුධ ග්‍රහයා සතුව විශාල යකඩ හරයක් ඇති අතර එමඟින් පෘථිවියේ චුම්බක ක්ෂේත්රයෙන් 1% ක් පමණ වන චුම්බක ක්ෂේත්රයක් උත්පාදනය කරයි. එය අසාමාන්‍ය ලෙස ඝන ග්‍රහයක් වී ඇත්තේ එහි හරය විශාල වීම නිසාය. බුධ ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය 90 – 700 k ( -180 සිට 430 සෙල්සියස්) දක්වා වන අතර සුර්යයාට පහලින් ඇති ලක්ෂය උණුසුමින් වැඩිම ස්ථානය වන අතර ධ්රැව අසල ඇති ආවාටවල පතුල සීතලම ස්ථානය වේ. (තව දුරටත්...) -
Image 9
සෞරග්‍රහ මණ්ඩලයේ 8 වෙනි සහ සූර්යයාගේන් දුරින්ම පිහිටි ගහලෝකය වන්නේ නෙප්චූන් ය. (තව දුරටත්...) -
Image 10යෝධ ග්‍රහලෝක හෝ දැවැන්ත ග්‍රහලෝක සමන්විත වන්නේ පෘථිවියට වඩා ප්‍රමාණයෙන් ඉතා විශාල ග්‍රහලෝක වලින් ය. සාමාන්‍යයෙන් යෝධ ග්‍රහලෝක, වායූන් හෝ අයිස් වැනි අඩු තාපාංකයක් ඇති ද්‍රව්‍යයන්ගෙන් සෑදී ඇති නමුත් පාෂාණ වැනි ඝන ද්‍රව්‍ය වලින් සෑදුනු යෝධ ග්‍රහලෝකද පවතී. සෞරග්‍රහ මණ්ඩලය තුල යෝධ ග්‍රහලෝක හතරක් ඇත. බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන් ඒ හතර යි. සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට වෙනත් තාරකා වටා පරිභ්‍රමණය වන යෝධ ග්‍රහලෝක ද මේ වනවිට හඳුනාගෙන ගෙන ඇත.
යෝධ ග්‍රහලෝක ඇතැම් විටකදී බ්‍රහස්පතිගේ නමින් (ජුපිටර් නම් රෝමානු දෙවියා ජෝව් නමින් ද හැඳින්වීය) ජෝවියානු ග්‍රහලෝක ලෙස ද හැඳින්වේ. තවත් විටකදී ඒවා වායු යෝධයන් ලෙස ද හැඳින්වෙයි. නමුත් වර්තමානයේ බොහෝ තාරකා විද්‍යාඥයින් වායු යෝධයන් ලෙස හඳුන්වන්නේ බ්‍රහස්පති සහ සෙනසුරු පමණක් වන අතර, අයිස් වලින් සමන්විත යුරේනස් සහ නෙප්චූන් අයිස් යෝධයන් ලෙස හඳුන්වයි. කෙසේ නමුත්, එම නම් දෙකම නොමග යවන සුළුය. මන්ද, සියලුම යෝධ ග්‍රහලෝක මූලිකව සමන්විත වන්නේ අවධි ලක්ෂ්‍යය ඉක්මවා ගිය තරල වලින් ය. එම තරලවලට වෙන් කොට හඳුනාගත හැකි වායුමය සහ ද්‍රවමය අවස්ථා නොමැත. සෙනසුරු සහ බ්‍රහස්පති, හයිඩ්රජන් සහ හීලියම් වලිනුත්, යුරේනස් සහ නෙප්චූන් ජලය, ඇමෝනියා සහ මීතේන් වලින් ද මූලිකව සමන්විත වේ. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට සෞරග්‍රහ මණ්ඩලය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
උප මාතෘකා
| |||||||||||||||||
සෞරග්‍රහ මණ්ඩලය → Local Interstellar Cloud → Local Bubble → Gould Belt → Orion Arm → ක්ෂීර පථය → Milky Way subgroup → Local Group → Virgo Supercluster → Laniakea Supercluster → Observable universe → විශ්වය |
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව