ගැනිමේඩ් (චන්ද්‍රයා)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
       ගැනිමේඩ් (චන්ද්‍රයා)
     සොයාගැනීම
සොයාගත්තේ ජී.ගැලිලි එස්. මාරියස්
සොයාගත් දිනය 1610 ජනවාරි 11
     කක්ෂීය ලක්ෂණ
විහේලිකය 1,069,200km
උප හේලිකය 1,071,600km
මධ්‍යන්‍ය කක්ෂීය අරය 1,070,400km
විකේන්ද්‍රිකතාවය 0.0013
කක්ෂීය කාලය 7.15455296
සාමාන්‍ය කක්ෂීය වේගය 10.880km/s
ආනතිය
උප ග්‍රහයෙක් බ්‍රහස්පතිගේ
     භෞතික ලක්ෂණ
මධ්‍යන්‍ය අරය 2,634.1 + 0.3km (පෘථිවිය මෙන් 0.413)
පෘෂ්ඨ වර්ගඵලය මිලියන 87.0 km2 (පෘථිවිය මෙන් 0.1710)
පරිමාව 7.6 x 1010km3 (පෘථිවිය මෙන් 0.025)
මධ්‍යන්‍ය ඝනත්වය 1.936g/cm3
සමකාසන්නයේ ගුරුත්වය 1.428m/s2 (0.146g)
වියෝග ප්‍රවේගය 2.741 km/s
පරිභ්‍රමණ කාලය සමකාලිකය
අක්ෂිය ඇලය 0- 0.330
(Albedo / සුහු බව / සුද) දීප්තිය 0.43 + 0.02
පෘෂ්ඨ උෂ්ණත්වය අවම මධ්‍යයන්න උපරිම K 70 110 152
දෘශ්‍ය විශාලනය 4.61 (ප්‍රතිවිරුද්ධ)
විශේෂණ ගැනිමේඩියන් (Ganymedian)
     වායුගෝලය
වායුගෝලීය පීඩනය අනාවරණය කරගත යුතුයි (trace)
සංයුතිය ඔක්සිජන්

ගැනිමේඩ් බ්‍රහස්පතිගේ ස්වාභාවික උපග්‍රහයෙකි. එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලම ස්වාභාවික උපග්‍රහයා ද වේ. එයට කක්ෂයේ එක් වටයක් යාමට දින හතකට (7) වඩා ස්වල්ප කාලයක් ගතවේ. එය බ්‍රහස්පති ග්‍රහයාගේ සිට හත් වන උපග්‍රහයා මෙන්ම ගැලීලියානු උපග්‍රහයා ද වේ. ගැනිමේඩ් , යුරෝපා හා අයෝ යන චන්ද්‍රයින් සමඟ පිළිවෙලින්1:2:4 කක්ෂීය අනුනාදය දරයි. එය විෂ්කම්භයෙන් බුධ ග්‍රහයාට වඩා විශාල වුව ද එහි ස්කන්ධය බුධ ග්‍රහයාගෙන් අඩක් පමණ වේ.


ගැනිමේඩ් ග්‍රහයා මූලිකව සකස් වී ඇත්තේ සිලිකේට පාෂාණවලින් හා ජලීය අයිස් වලිනි. එහි අභ්‍යන්තරය යකඩවලින් යුත් ද්වී හරයකින් යුක්තය.එසේම එහි අයිස් ස්ථරවලට මැදිව 200km පමණ පහළින් ලවණ ජලයෙන් යුත් මුහුදක් ඇති බවට ද විශ්වාස කෙරේ. එහි පෘෂ්ඨය ප්‍රධාන භූ ලක්ෂණ දෙකකින් යුක්ත වේ. එහි අඳුරු කොටස වසර බිලියන 4කට වඩා පැරණි යමහල් විවරවලින් සමන්විතය. එය ග්‍රහලෝකයෙන් තුනෙන් පංගුවක් ආවරණය කරයි. එහි ආලෝකමත් කලාපය එතරම් පැරණි නැත. කැපුම් හා ගැටි වලින් වලින් යුක්ත එය ග්‍රහලොවේ ඉතිරිය ආවරණය කරයි. එයට භූ විද්‍යාත්මක හේතුව එතරම් හොදින් නොදන්නා නමුත් එය උදම් උෂ්ණත්වය නිසා ඇති වූ චලන ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් විය හැක.

(magnetosphere) චුම්භක ගෝලයකින් යුත් සෞරග්‍රහ මණ්ඩලයේ ඇති එකම ග්‍රහලෝකය වන්නේ ගැනිමේඩ්ය. ද්වී යකඩ හරය තුළ වු සංවහනය තුළින් එය නිර්මාණය වී ඇතැයි සැලකේ. මෙම ගෝලයෙන් අල්ප කොටසක් බ්‍රහස්පතිගේ වටා පුළුල් චුම්භක ක්ෂේත්‍රය තුළ ගිලී ඇති අතර විවෘත බල රේඛා මගින් එයට සම්බන්ධවේ. මෙම ග්‍රහ වස්තුවට ඔක්සිජන් සහිත වායුගෝලයක් ඇත. එහි O , O2 හා O3 (ඕසෝන්) අන්තර්ගත වේ. පරමාණුක හයිඩ්‍රජන් ඉතාමත් අවම මට්ටමකින් එහි පවතී.එහි වායුගෝලයට අනුරූපව අයන ගෝලයක් පවතීද යන්න තවමත් හෙලිවී නොමැත.

ගැනිමේඩ් චන්ද්‍රයා සොයාගැනීමේ ගෞරවය එය මුලින්ම 1610 දී නිරීක්ෂණය කළ ගැලීලියෝ ගැලිලිට හිමිවේ. එහි නම යෝජනා කරන ලද්දේ ඩිමෝන් මාරිස් නම් අභ්‍යවකාශ විද්‍යාඥයා විසිනි. මිත්‍යා විශ්වාසවලට අනුව සියලුම ග්‍රීක දෙවියන්ගේ කුසලාන දරා සිටින්නා (cupbearer) වන ඩියුස්ගේ ආදරය ලැබාගැනීම වෙනුවෙන් මෙය එනමින් නම් කෙරිණි. පයිනියර් 10 යානයෙන් ආරම්භ ගැනිමේඩ්ව ඉතා ආසන්නයෙන් නිරීක්ෂණය කිරීමට අභ්‍යවකාශ යානා වලට හැකිවි ඇත. වොයේජර් යානයෙන් එහි මැණීමේ කටයුතු සිදු කෙරිණි. ගැලීලියෝ යානයෙන් එහි චුම්භක ක්ෂේත්‍රය හා භූගත මුහුද පිළිබඳව සොයා ගැනුණි. ජුපිටර් අයිස් මුන් ඔබ්ටරය ගැනීමෙන් නිරීක්ෂනාත්මකව නිර්මාණය කල මුත් එම ව්‍යාපෘතියත් (NASA) නාසා ආයතනය විසින් 2005 වර්ෂයේදී අවලංගු කරන ලදී.

]

"http://si.wikipedia.org/w/index.php?title=ගැනිමේඩ්_(චන්ද්‍රයා)&oldid=250204" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි