අයෝ
ගැලීලියෝ යානය වෙතින් ලබාගත් ඡායාරූපයකි. මධ්‍යයේ සිට මඳක් වම් පසට වන්නට පෙනෙන අඳුරු පැල්ලම විදාරණය වන ප්‍රොමිතියස් ගිනි කන්දයි. ඒ වටා වන සුදට හුරු තැනිතලා භූමි ගිනිකඳු විදාරණයෙන් නිකුත් වූ සල්ෆර් ඩයොක්සයිඩ් තුහිනයෙන් වැසී ඇත. වඩා කහ පැහැ පෙදෙස් වැසී ඇත්තේ වැඩි සංයුතියකින් යුතු සල්ෆර් වලිනි.
|
|||||||
|
සොයාගැනීම
|
|||||||
|---|---|---|---|---|---|---|---|
| සොයාගත් තැනැත්තා | ගැලීලියෝ ගැලිලි | ||||||
| සොයාගත් දිනය | 1610 ජනවාරි 8 | ||||||
|
Designations
|
|||||||
| වෙනත් නම් | බ්‍රහස්පති I | ||||||
| නාම විශේෂණය | අයෝනියානු | ||||||
| Periapsis | 420,000 km (0.002 807 AU) | ||||||
| Apoapsis | 423,400 km (0.002 830 AU) | ||||||
| කක්ෂයේ අරය | 421,700 km (0.002 819 AU) | ||||||
| Eccentricity | 0.0041 | ||||||
| පරිභ්‍රමණ කාලය | 1.769 137 786 d (152 853.504 7 s, 42 h) | ||||||
| පරිභ්‍රමණ වේගය | 17.334 km/s | ||||||
| Inclination | 2.21° (to the ecliptic) 0.05° (බ්‍රහස්පති ගේ සමකයට) |
||||||
| මවු ග්‍රහ වස්තුව | බ්‍රහස්පති | ||||||
|
භෞතික ලක්ෂණ
|
|||||||
| Dimensions | 3,660.0 × 3,637.4 × 3,630.6 km[1] | ||||||
| මාධ්‍ය අරය | 1,821.3 km (පෘථිවිය මෙන් 0.286)[1] | ||||||
| පෘෂ්ඨික වර්ගපලය | 41,910,000 km2 (පෘථිවිය මෙන් 0.082) | ||||||
| පරිමාව | 2.53 × 1010 km3 (පෘථිවිය මෙන් 0.023) | ||||||
| ස්කන්ධය | 8.9319 × 1022 kg (පෘථිවිය මෙන් 0.015) | ||||||
| මාධ්‍ය ඝනත්වය | 3.528 g/cm3 | ||||||
| Equatorial surface gravity | 1.796 m/s2 (0.183 g) | ||||||
| Escape velocity | 2.558 km/s | ||||||
| භ්‍රමණ කාලය | synchronous | ||||||
| සමකයේදී භ්‍රමණ ප්‍රවේගය | 271 km/h | ||||||
| Albedo | 0.63 ± 0.02[2] | ||||||
| පෘෂ්ඨික උෂ්ණත්වය Surface |
|
||||||
| Apparent magnitude | 5.02 (opposition)[3] | ||||||
|
වායුගෝලය
|
|||||||
| පෘෂ්ඨික පීඩනය | trace | ||||||
| වායුගෝලයේ සංයුතිය | 90% සල්ෆර් ඩයොක්සයිඩ් | ||||||
අයෝ යනු බ්‍රහස්පතිගේ ගැලීලියානු චන්ද්‍රයින් අතුරින් ඇතුළතින් ම (එනම් ග්‍රහ ලෝකයට කිට්ටුවෙන්ම) පිහිටි චන්ද්‍රයා වන අතර එහි විෂ්කම්භය කිමී 3,642 වේ. එය සෞරග්‍රහ මණ්ඩලයේ චන්ද්‍රයින් අතුරින් හතරවන විශාලතම චන්ද්‍රයා ද වේ. එය හේරා දේවතාවියගේ පූජකවරිය මෙන්ම සියුස් මහ දෙවියාගේ ආදරවන්තියද වූ අයෝ වෙනුවෙන් අයෝ ලෙස නම් කරන ලදී.
සක්‍රීය ගිණි කඳු 400කට අධික ප්‍රමාණයක් සහිත අයෝ චන්ද්‍රයා භූ විද්‍යාත්මකව සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සක්‍රීයම වස්තුව වේ. මෙම අධික භූ ගෝලීය සක්‍රීයතාවයට හේතු වන්නේ බ්‍රහස්පති විසින් ඇති කරන වෙනස්වන ආකර්ෂණය නිසා අයෝ චන්ද්‍රයාගේ අභ්‍යන්තරයේ ඝර්ෂණය තුළින් හටගන්නා උදම් උෂ්ණත්වයයි. මෙහි ඇති ඇතැම් ගිණි කඳු මගින් පිට කරන සල්ෆර් හා සල්ෆර් ඩයොක්සයිඩ් දුම් රොටු කිලෝමීටර 500 (සැතපුම් 310) පමණ උසකට ඉහළ යයි. තවද අයෝ ග්‍රහයාගේ පෘෂ්ඨය කඳු 100කින් පමණ සමන්විත වේ. ඒවා අයෝහි පාදමේ වූ සිලිකේට කබොල්ලෙහි වූ අධික තෙරපුම පාදක කරගෙන ඉහළට සෑදුණු කඳු වේ. එහි ඇතැම් කඳු පෘථිවියේ එවරස්ට් කන්දටත් වඩා උස් වේ. බාහිර සෞරග්‍රහ මණ්ඩලයේ ඇති (ඝන අයිස් තට්ටු ඇති) අනෙක් බොහෝ උපග්‍රහයන් මෙන් නොව අයෝ චන්ද්‍රයා ද්‍රව යකඩ හෝ අයන් සල්ෆයිඩ් හරයක් වටා ඇති සිලිකේට් පාෂාණවලින් මූලිකව සමන්විත වේ. තවද, අයෝ ග්‍රහයාගේ පෘෂ්ඨයේ වැඩි ප්‍රමාණයක් සල්‍ෆර් හා සල්ෆර් ඩයොක්සයිඩ් තුහිනවලින් වැසී පවතී.
අයෝ ග්‍රහයා තුළ ඇති ගිණි කඳු ක්‍රියාකාරිත්වය එයටම ආවේණික වූ බොහෝ ගති ලක්ෂණවලට පාදක වී ඇත. එහි ගිණි කඳු හා ලාවා ගැලීම් විශාල පෘෂ්ඨ වෙනස්වීම් ඇතිකර පෘෂ්ඨය රතු , කහ, සුදු, කළු හා කොළ පැහැති විවිධ වූ වර්ණවලින් වර්ණ ගන්වයි. එයට හේතුව වන්නේ සල්ෆර් සහිත සංයෝගයන්ය. තවද කිලෝමීටර් 500 (සැතපුම් 311) තරම් දික් වූ ලාවා ගැලීම මගින් ද එහි පෘෂ්ඨයේ සලකුණු තබයි. මෙවැනි ගිණි කඳු ක්‍රියාවලි නිසා අයෝ චන්ද්‍රයාගේ මතුපිට පෙනුම පිසා (pizza) එකකට සමාන කළ හැකි බවට පත්ව තිබේ. අයෝ මත ඇති ගිණි කඳු විසින් අයෝගේ ඇති තුනී හිඩැසි සහිත වායුගෝලය නිර්මාණයට මෙන්ම බ්‍රහස්පතීගේ චුම්භක ගෝලයට ද අවශ්‍ය ද්‍රව්‍ය සපයයි.
අයෝ චන්ද්‍රයා සොයාගැනීම 17 හා 18 වැනි ශත වර්ෂවලදී අභ්‍යවකාශ විද්‍යාවේ දියුණුවට විශාල ලෙස උපකාරී විය. එය 1610 දී ගැලීලියෝ ගැලීලි විසින් අනෙකුත් ගැලීලියානු උපග්‍රහයන් සමඟ සොයාගන්නා ලදී මෙම සොයාගැනීම සෞරග්‍රහ මණ්ඩලයේ කොපර්නිකන් ආකෘතිය (Copernican model) පිළි ගැනීමට, කෙප්ලර්ගේ චලිතය පිළිබඳ නියමයන්වල දියුණුවට හා මුල් වරට ආලෝකයේ ප්‍රවේගය මැනීමට ද එය උපකාරී විය. 19 හා 20වන සියවස් දක්වාම පෘථිවියට අයෝ චන්ද්‍රයා ආලෝක ලපයක්ම පමණක් විය. ඉන් පසු එහි අඳුරු රතු ධ්‍රැව හා දීප්තිමත් සමක ප්‍රදේශ වැනි මහා පරිමාණ පෘෂ්ඨ ලක්ෂණ හැදෑරීමට හැකි විය. 1979 දී වොයේජර් අභ්‍යවකාශ යානා දෙක අයෝ ,ගිනිකඳු , විශාල කඳු හා නැවුම් පෘෂ්‍ඨයකින් යුත් හා ගැටුම් ආවාටවලින් තොර භූවිද්‍යාත්මක සක්‍රීය ග්‍රහලොවක් බව හෙළි කෙරිණි.ගැලීලියෝ අභ්‍යවකාශ යානය 1990 ගණන්වලදී හා 2000 දී එය අසලින් ගමන් කරමින් එහි අභ්‍යන්තර ව්‍යුහය හා පෘෂ්‍ඨයේ සංයුතිය සොයා බලන ලදී. තවද මෙම යානා විසින් බ්‍රහස්පතිගේ චුම්භක ගෝලය හා උපග්‍රහයා අතර ඇති සබැඳියාව ද අයෝ ග්‍රහයාගේ කක්ෂයේ කේන්ද්‍රගත වී ඇති විකිරණ තීරුව පිළිබඳව ද සොයා බැලීය. මෙම පර්යේෂණ 2007 මුල් මාස කිහිපය තුළදී නැවත සක්‍රීය වුණු අතර ඒ ප්ලූටෝ වෙත යැවූ නිවු හොරයිසන් (New horizons) හි දුරස්ත පියැඹීම තුලිනි.
[සංස්කරණය] මූලාශ්‍ර
- ↑ 1.0 1.1 Thomas, P. C.; et al. (1998). "The Shape of Io from Galileo Limb Measurements". Icarus 135 (1): 175–180. doi:10.1006/icar.1998.5987. Bibcode: 1998Icar..135..175T.
- ↑ Yeomans, Donald K. (July 13, 2006). "Planetary Satellite Physical Parameters". JPL Solar System Dynamics. http://ssd.jpl.nasa.gov/?sat_phys_par. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-11-05.
- ↑ "Classic Satellites of the Solar System". Observatorio ARVAL. http://www.oarval.org/ClasSaten.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-09-28.
- ↑ Rathbun, J. A.; Spencer, J.R.; Tamppari, L.K.; Martin, T.Z.; Barnard, L.; Travis, L.D. (2004). "Mapping of Io's thermal radiation by the Galileo photopolarimeter-radiometer (PPR) instrument". Icarus 169 (1): 127–139. doi:10.1016/j.icarus.2003.12.021. Bibcode: 2004Icar..169..127R.