බුධ
MESSENGER false color image of Mercury
|
||||||||||
|
නාමකරණය
|
||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| උච්චාරණය | /en-us-Mercury.oggˈmɜrkjəri/ | |||||||||
| නාම විශේෂණය | Mercurian, Mercurial[1] | |||||||||
| Epoch J2000 | ||||||||||
| Aphelion | 69,816,900 km 0.466 697 AU |
|||||||||
| Perihelion | 46,001,200 km 0.307 499 AU |
|||||||||
| උප ප්‍රධාන අක්ෂය | 57,909,100 km 0.387 098 AU |
|||||||||
| විකේන්ද්‍රිකතාවය | 0.205 630[3] | |||||||||
| පරිභ්‍රමණ කාලය | 87.969 1 d (0.240 846 a) 0.5 Mercury solar day |
|||||||||
| Synodic period | 115.88 d[3] | |||||||||
| පරිභ්‍රමණ වේගය | 47.87 km/s[3] | |||||||||
| Mean anomaly | 174.796° | |||||||||
| ආනතිය | 7.005° to Ecliptic 3.38° to Sun’s equator 6.34° to Invariable plane[4] |
|||||||||
| Longitude of ascending node | 48.331° | |||||||||
| Argument of perihelion | 29.124° | |||||||||
| උප ග්‍රහ වස්තූන් | None | |||||||||
|
භෞතික ලක්ෂණ
|
||||||||||
| මාධ්‍ය අරය | 2,439.7 ± 1.0 km[5][6] 0.3829 Earths |
|||||||||
| Flattening | 0[6] | |||||||||
| පෘෂ්ඨික වර්ගපලය | 7.48 × 107 km²[5] 0.147 Earths |
|||||||||
| පරිමාව | 6.083 × 1010 km³[5] 0.056 Earths |
|||||||||
| ස්කන්ධය | 3.3022 × 1023 kg[5] 0.055 Earths |
|||||||||
| මාධ්‍ය ඝනත්වය | 5.427 g/cm³[5] | |||||||||
| සමකාසන්න ගුරුත්වය | 3.7 m/s² 0.38 g[5] |
|||||||||
| Sidereal rotation period |
58.646 day 1407.5 h[5] |
|||||||||
| සමකයේදී භ්‍රමණ ප්‍රවේගය | 10.892 km/h (සැකිල්ල:Convert/m/s) | |||||||||
| අක්ෂිය ඇලය | 2.11′ ± 0.1′[7] | |||||||||
| උතුරු ධ්‍රැවයේ දකුණු ආරෝහණය | 18 h 44 min 2 s 281.01°[3] |
|||||||||
| North pole declination | 61.45°[3] | |||||||||
| ඇල්බිඩෝ අගය | 0.119 (bond) 0.106 (geom.)[3] |
|||||||||
| පෘෂ්ඨික උෂ්ණත්වය 0°N, 0°W 85°N, 0°W |
|
|||||||||
| Apparent magnitude | −2.3 to 5.7[8][3] | |||||||||
| Angular diameter | 4.5" – 13"[3] | |||||||||
|
වායුගෝලය[3]
|
||||||||||
| පෘෂ්ඨික පීඩනය | trace | |||||||||
| වායුගෝලයේ සංයුතිය | 42% Molecular oxygen 29.0% සෝඩියම් 22.0% hydrogen 6.0% helium 0.5% potassium Trace amounts of argon, nitrogen, carbon dioxide, water vapor, xenon, krypton, & neon |
|||||||||
මීට අවුරුදු 5000 පෙර ග්‍රීකයන් විසින් සුමේරියන් යුගයේදී මෙම ග්‍රහයා හදුනාගන්නා ලදී. හිරුට ආසන්නයේම පිහිටා අති මෙය කි.මි.4,887 ක විශ්කම්භයකින් යුක්තය.අධික උෂ්ණත්වයකින් යුතු මෙම ග්‍රහයා තුල ජලය නොමෑත.දිවාකාලයේ උෂ්ණත්වය කෙල්වින් 673කි.එය රාත්‍රියට 175 කි. මෙහි ජීවී වාසයක් නොමෑත. මෙහි චුම්බක ක්ෂේත්‍රය පෘථිවිය මෙන් 1%කි.අභ්‍යන්තර මදය ද්‍රව යකඩවලින් සමන්විත වීම එයට හේතුවයි. ඉලිප්සාකාර කක්ෂයක සූර්යයා වටා ගමන් කරන බුධ ග්‍රහයා තමා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 59ක් ගත වන අතර සූර්යයා වටා එක් වරක් භ්‍රමණය වීමට දින 89ක් ගත වේ.
භෞතික ලෙස බුධ ග්‍රහයාගේ පෙනුම චන්ද්‍රයාගේ පෙනුමට සමාන වේ. එය ආවාට විශාල ප්‍රමාණයකින් සමන්විත අතර ස්වභාවික චන්ද්‍රිකා හෝ එහි වායුගෝලයක් ඇති බව සනාථ වී නැත. බුධ ග්‍රහයා සතුව විශාල යකඩ හරයක් ඇති අතර එමඟින් පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයෙන් 1% ක් පමණ වන චුම්බක ක්ෂේත්‍රයක් උත්පාදනය කරයි. එය අසාමාන්‍ය ලෙස ඝන ග්‍රහයක් වී ඇත්තේ එහි හරය විශාල වීම නිසාය. බුධ ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය 90 – 700 k ( -180 සිට 430 සෙල්සියස්)දක්වා වන අතර සුර්යයාට පහලින් ඇති ලක්ෂය උණුසුමින් වැඩිම ස්ථානය වන අතර ධ්‍රැව අසල ඇති ආවාටවල පතුල සීතලම ස්ථානය වේ.
බුධ ග්‍රහයා පිළිබඳ සිදුකර ඇති වාර්තාගත නිරීක්ෂණ ක්‍රිස්තු පූර්ව පළමු සහශ්‍රය දක්වා දිව යන අතර ක්‍රිස්තු පූර්ව හතරවන සියවසට පෙර ග්‍රීක තාරකා විද්‍යාඥයින් විසින් විශ්වාස කලේ එම ග්‍රහයා වස්තුන් දෙකක් බවය.
උදෑසන ඉර නැගෙන විට පමණක් දුටු ග්‍රහයා ඇපලෝ ලෙසටත් ඉර බැස යන විට දුටු ග්‍රහයා හර්මිස් ලෙසත් ඔවුන් විසින් නම් කරන ලදි. Mercury නමැති බුධ ග්‍රහයාගේ ඉංග්‍රීසි නම රෝමානු ජාතිකයන් විසින් තබන ලද අතර ඔවුහු එය නම් කළේ රෝමානු දෙවි මර්කරි සිහිපත් වීමට ය. ඔවුහු එය ග්‍රීක දෙව් හර්මිස්ට සම කළහ. බුධ ග්‍රහයාගේ තාරකා ලකුණ ලෙස භාවිතා වන්නේ නවීකරණය කරන ලද හර්මිස්ගේ Caduceus එකය.
පටුන |
අභ්‍යන්තර ව්‍යුහය [සංස්කරණය]
පෘථිවිය වැනි පාෂාණමය දේහයක් සහිත බුධ ග්‍රහයා භෞමික ග්‍රහයින් හතරෙන් එකකි. කුඩාම භෞමික ග්‍රහයා මෙය වන අතර එහි සමකය හරහා විෂ්කම්භය 4879 km වේ. බුධ ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ස්වභාවික චන්ද්‍රිකා වන ගැනීමීඩ් සහ මයිටන් වලට වඩා විශාල වේ. බුධ ග්‍රහයා 70% ක් ලෝහ වලින් සහ 30% ක් සිලිකාමය ද්‍රව්‍ය වලින් සමන්විත වේ. මෙම ග්‍රහයාගේ ඝනත්වය (5.43 g/cm3), සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන්ගෙන් දෙවැනියට වැඩිම ඝනත්වය වේ. එය පෘථිවියේ ඝනත්වයට වඩා අඩු වන්නේ ස්වල්ප වශයෙනි. ගුරුත්වාකර්ෂණ සංකෝචන බලපෑම ඉවත් කළහොත් බුධ ග්‍රහයා සෑදි ඇති ද්‍රව්‍ය තවත් ඝනත්වයෙන් වැඩි වන අතර සංකෝචනය නොවු ඝනත්වය 5.3g/cm3 වන අතර එවිට පෘථිවියේ ඝනත්වය 4.4g/cm3 වේ.
1.කබොල්ල - 100 – 200 km ඝනකමින් යුක්තය
2.මැන්ටලය - 600 km ඝනකමින් යුක්තය
3.හරය - 1800 km අරයක් සහිතය
බුධ ග්‍රහයාගේ ඝනත්වය මඟින් එහි අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳ නිගමන ලබා ගත හැකිය. පෘථිවියේ වැඩි ඝනත්වයට හේතුව ගුරුත්වාකර්ෂණ සංකෝචනය වන අතර බුධ ග්‍රහයා ඊට වඩා ඉතා කුඩා වන අතර ඇතුලු ප්‍රදේශ එතරම් තදින් සංකෝචනය වී නැත. එබැවින් එයට මෙතරම් ඉහළ ඝනත්වයක් හිමිවන්නට නම් එහි හරය විශාලවීම සහ යකඩ වලින් පිරී තිබිය යුතුය. භූ විද්‍යාඥයින් විසින් ඇස්තමේන්තු කර ඇති ආකාරයට බුධ ග්‍රහයාගේ හරය එහි පරිමාවෙන් 42% ක් වන අතර පෘථිවිය සදහා මෙම ප්‍රතිශතය 17% කි. මෑත කාලීන පර්යේෂණ වලින් හෙළි වන්නේ බුධ ග්‍රහයා සතුව ද්‍රව වූ හරයක් ඇති බවයි.
හරය වටා කි.මී. 600 ක මැන්ටලය ඇති අතර ඉතිහාසයේ දී බුධ ග්‍රහයා සමග විශාල දේහයක් ගැටීමෙන් එහි මුල් මැන්ටල ද්‍රව්‍ය බොහොමයක් ඉන් ඉවත් වී විශාල හරයට සාපේක්ෂව තුනී මැන්ටලයක් ඉතිරි වන්නට ඇත.
බුධ ග්‍රහයාගේ කබොල්ල කි.මී. 100 -200 දක්වා ඝනකමකින් යුක්තය. බුධ ග්‍රහයාගේ මතුපිට පෘෂ්ඨයේ ඇති එක් විශේෂ ලක්ෂණයක් වන්නේ කිලෝමීටර ගණනාවක් දුරට විහිදෙන හෙල්වැටි දක්නට ලැබීමය. බුධ ග්‍රහයාගේ කබොල්ල ඝන තත්වයේ පවතින අවස්ථාවේදී එහි හරය සහ මැන්ටලය සීතලවී සංකෝචනය වීම නිසා මෙම හෙල්වැටි සෑදෙන්නට ඇති බව විශ්වාස කෙරේ.
සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අනෙකුත් ප්‍රධාන ග්‍රහයන් සැමට වඩා වැඩි යකඩ සංයුතියක් බුධ ග්‍රහයා සතුය. මෙය පැහැදිලි කිරීමට මත බොහොමයක් ඉදීරිපත් වී ඇත. බොහෝ දෙනා විසින් පිලිගත් මතය වන්නේ මුල් කාලයේ දී බුධ ග්‍රහයාගේ ලෝහ - සිලිකා අනුපාතය සාමාන්‍ය කොන්ඩ්‍රයිට් ධූම කේතු වලට සමාන වන්නට ඇති බවය. මෙම අනුපාතය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සාමාන්‍ය පාෂාණ ද්‍රව්‍ය වල ලක්ෂණයක් බවට විශ්වාස කෙරේ. කෙසේ නමුදු සෞරග්‍රහ මණ්ඩලයේ මුල් ඉතිහාසයේ දී බුධ ග්‍රහයා සමග ඇති වූ ගට්ටනයකින් එහි මුල් මැන්ටලය සහ කබොල්ලෙන් වැඩි ප්‍රමාණයක් ගැලවී ගොස් හරය වැඩි වශයෙන් ඉතිරිවන්නට ඇත. පෘථිවි චන්ද්‍රයා සෑදුනු අයුරු පැහැදිලි කිරීමටත් මෙවැනිම ක්‍රියාවලියක් යෝජනා වී ඇත.
පෘෂ්ඨයේ භූ විද්‍යාව [සංස්කරණය]
බුධ ග්‍රහයාගේ මතුපිට පෘෂ්ඨය චන්ද්‍රයාගේ පෘෂ්ඨයට සමාන වන අතර, විශාල තැනිතලා සහ ගැඹුරු ආවාට වලින් සමන්විත ය. ඉන් පෙනී යන්නේ එය වසර බිලියන ගණනක් තිස්සේ භූ විද්‍යාත්මකව නිෂ්ක්‍රීයව තිබී ඇති බවය. බුධ ග්‍රහයාගේ භූ විද්‍යාව පිළිබඳ අපගේ දැනුම 1975 මරිනර් යානය මත හා භෞමික නිර්ක්ෂණ මත තීරණය වී ඇති බැවින් භෞමික ග්‍රහයින්ගෙන් අවම ලෙස තේරුම් ගෙන ඇති ග්‍රහයා මෙය වේ. මෑතක දී ගුවන්ගත කල Messenger ගුවන් යානයෙන් ලැබෙන දත්ත මඟින් මේ පිළිබඳව දැනුම වැඩි දියුණු වනු ඇත. උදාහරණ ලෙස මකුලුවෙක් (Spider) ලෙස හඳුන්වන විහිදී යන ද්‍රෝණිකා සහිත අසාමාන්‍ය ආවාටයක් විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත.
වසර බිලියන 4.6 කට පෙර බුධ ග්‍රහයාගේ බිහිවීමෙන් ඉතා කෙටි කලක් තුල වල්ගාතරු හා ග්‍රහකවලින් බරපතල ප්‍රහාර එයට එල්ල වී තිබේ. ඉන්පසුව ද වරින් වර බරපතල ප්‍රහාරවලට එය ලක් වී තිබේ.
එම කාලයේදී ඉතා දරුණු ලෙස ග්‍රහ පෘෂ්ඨය මත ආවාට සෑදී ඇති අතර එය වෙත පැමිණෙන වස්තූන්ගේ වේගය අඩු කිරීමට හැකි වායුගෝලයක් බුධ ග්‍රහයා සතු නොවීම නිසා එහි මුළු පෘෂ්ඨයෙහිම පාහේ ආවාට සෑදී ඇත. මේ කාලයේ දී එහි ගිනි කඳු ක්‍රියාකාරී වූ අතර 'කරෝලිස් බේසම' වැනි ආවාට සම්පූර්ණයෙන් ම ලෝ දිය (මැග්මා) වලින් පිරී ගොස් සද තලා බිම් බවට පත් වී ඇත.
වායුගෝලය [සංස්කරණය]
දීර්ඝ කාලයක් තිස්සේ සැලකිය යුතු වායු ගෝලයක් රදවා ගැනීමට බුධ ග්‍රහයාගේ ගුරුත්වය ප්‍රමාණවත් නොවෙයි. හයිඩ්‍රජඩන්, හීලියම්, ඔක්සිජන්, සෝඩියම්, කැල්සියම් හා පොටෑසියම් අඩංගු විරල වායුගෝලයක් බුධ සතුය. එහි වායු ගෝලය අස්ථායීය. පරමාණු අඛණ්ඩව ක්ෂය වන අතර විවිධාකාර ප්‍රභව මගින් යලි පිරවේ. හයිඩ්‍රජන් හා හීලියම් පරමාණු ඇතැම් විට පැමිණෙන්නේ අභ්‍යවකාශයට ඇදී යාමට පෙර සුර්යය සුළං බුධගේ චුම්භක ගෝලය තුළට විසරණය වීමෙනි. හීලියම් සෝඩියම් හා පොටෑසියම් සදහා තවත් ප්‍රභවයක් වන්නේ බුධගේ කබෝල්ල තුළ ඇති මූලද්‍රව්‍යයන්ගේ විකිරණශීලි ක්ෂය වීමයි. බුධ මතුපිට උල්කාශ්ම ගැටීම නිසා පැමිණි ජල වාෂ්පද ඇතැම් විට දැක ගත හැක.
චුම්භක ක්ෂේත්‍රය හා චුම්භක ගෝලය දින 59 ක සෙමින් සිදු වන භ්‍රමණයක් පවතී. බුධට සැලකිය යුතු දළ වශයෙන් ගෝලීය චුම්භක ක්ෂේත්‍රයක් ඇත. මැරීනර් 10 මගින් ලබාගත් මිනුම් අනුව එය පෘථිවිය මෙන් 1.1% වාරයක් ප්‍රබල වේ. බුධගේ චුම්භක ක්ෂේත්‍රය ද්වීද්‍රවීය වන අතර ග්‍රහලෝකයේ භ්‍රමණ අක්ෂය සමග ඒක රේඛීය වේ. මෙම ක්ෂේත්‍රයද පෘථිවි චුම්භක ක්ෂේත්‍රය මෙන්ම උත්පාදනය වී ඇති බව පෙනේ. ද්‍රව හර අමුද්‍රව්‍යයන් හෝ අඩ වශයෙන් ඝන හරයක් වටකරගත් ජනකයකින් එය උත්පාදනය වී ඇත. එහි ද්‍රව්‍ය පවත්වා ගැනීමට සැකසී ඇති යාන්ත්‍රණයක් නම් ඉහළ කාක්ෂික විකේන්ද්‍රතාවක් පවතින කාලවලදී ප්‍රබල උදම් ආචරණයන් ඇතිවීමය.
බුධගේ චුම්භක ක්ෂේත්‍රය ග්‍රහලෝකය වටා පවතින සුර්යය සුළං පරාවර්තනයට ප්‍රමාණවත්ය. එමගින් චුම්භක ගෝලය ඇති වේ. එයද චුම්භක ගෝලය තුළදී සුර්යය සුළං ප්ලස්මාවන් රදවා ගැනීමට සමත් වන අතර එය ග්‍රහලෝකයේ කාලගුණ වෙනස්වීම්වලට දායකවේ.
නිරීක්ෂණය කිරිම [සංස්කරණය]
බුධ ග්‍රහයාගේ දීප්තිය - 2.0 සිට 5.5 දක්වා වන අතර එය සීරියස්ට වඩා දීප්තිමත් බවින් වැඩිය. බුධ ග්‍රහයා සූර්යයාට ආසන්නව පිහිටන නිසා සුර්යයාගේ දීප්තියට මුවා වීමෙන් එය නිරීක්ෂණය කිරීමට අපහසු වේ. එය නිරික්ෂණය කල හැක්කේ හිමිදිරි පාන්දර හෝ සවස් කාලයේ දී කෙටි කාල පරිච්ඡේදයක දී පමණි. හබල් ස්පේස් දුරදක්නයෙන් එය කිසිලෙසකින්වත් නිරීක්ෂණය කල නොහැකිය. ඒ දුරදක්නය සතුව සූර්යයාට ඉතා සමීපයෙන් එය නාභිගත වීම වළක්වන ආරක්ෂක උපක්‍රමයක් ඇති බැවිනි.
චන්ද්‍රයා මෙන් බුධ ග්‍රහයාද පෘථිවියේ සිට බලන කල විවිධ අවධි පෙන්නුම් කරයි. අධර හමුවීමේ දී එය අලුත් වන අතර උත්තර හමුවීමේ දී එය සම්පූර්ණ වේ. මෙම අවස්ථා දෙකේදීම එය නොපෙනී යයි.
බුධ ග්‍රහයාගේ අධර හමුවීම සෑම දින 116 කට වරක් ම සිදුවේ. නමුත් මෙම කාල පරාසය දින 111 සිට 121 දක්වා විය හැකිය. බුධ ග්‍රහයා පෘථිවියට ආසන්නවම පැමිණෙන විට පෘථිවිය හා එය අතර දුර 82 Gm වේ.
පෘථිවියේ දක්ෂිණ අර්ධගෝලයට වඩා හොඳින් උත්තර අර්ධගෝලයේ සිට බුධ ග්‍රහයා දැකගත හැකිය. වෙනත් ග්‍රහලෝක බොහොමයක් මෙන්ම බුධ ග්‍රහයාද පූර්ණ සූර්ය ග්‍රහණයක දී දැක ගැනීමට පුළුවනි.
බුධ ග්‍රහයා පෘථිවියේ සිට බලන කල වැඩි ම දීප්තියකින් දිස්වන්නේ එහි හතරෙන් පංගුවක අවධියේ සිට සම්පූර්ණ වන අවධිය අතරතුරේ දීය. මේ අවධියේ දී පෘථිවියේ සිට බුධ ග්‍රහයාට ඇති දුර වැඩි නමුත් ග්‍රහ පෘෂ්ඨයේ වැඩි ප්‍රමාණයක් ආලෝකමත් වන බැවින් මේ අවධියේ දී වැඩිම දීප්තියකින් දිස් වේ. නමුත් සිකුරු ග්‍රහයා සැලකු විට නම් වැඩිම දීප්තියක් දක්නට ලැබෙන්නේ පෘථිවියේ සිට අවම දුරකින් පිහිටන අඩ සඳ හැඩැති අවධියේ දීය.
පිටස්තර සම්බන්ධක [සංස්කරණය]
- Atlas of Mercury—NASA
- Gazeteer of Planetary Nomenclature - Mercury (USGS)
- SolarViews.com—Mercury
- Astronomy Cast: Mercury
- Geody Mercury World’s search engine that supports NASA World Wind, Celestia, and other applications.
- A Day On Mercury flash animation
- Mercury articles in Planetary Science Research Discoveries
- ‘BepiColombo’, ESA’s Mercury Mission
- ‘Messenger’, NASA’s Mercury Mission
ආශ්‍රිත [සංස්කරණය]
- ↑ "mercurial". Merriam-Webster Online. http://www.merriam-webster.com/dictionary/mercurial. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-06-12.
- ↑ Yeomans, Donald K. (April 7, 2008). "HORIZONS System". NASA JPL. http://ssd.jpl.nasa.gov/?horizons. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-04-07.
- ↑ 3.0 3.1 3.2 3.3 3.4 3.5 3.6 3.7 3.8 "Mercury Fact Sheet". NASA Goddard Space Flight Center. November 30, 2007. http://nssdc.gsfc.nasa.gov/planetary/factsheet/mercuryfact.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-05-28.
- ↑ "The MeanPlane (Invariable plane) of the Solar System passing through the barycenter". 2009-04-03. http://home.comcast.net/~kpheider/MeanPlane.gif. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-04-03. (produced with Solex 10 written by Aldo Vitagliano; see also Invariable plane)
- ↑ 5.0 5.1 5.2 5.3 5.4 5.5 5.6 Munsell, Kirk; Smith, Harman; Harvey, Samantha (May 28, 2009). "Mercury: Facts & Figures". Solar System Exploration. NASA. http://solarsystem.nasa.gov/planets/profile.cfm?Object=Mercury&Display=Facts. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-04-07.
- ↑ 6.0 6.1 Seidelmann, P. Kenneth; Archinal, B. A.; A’hearn, M. F.; et al. (2007). "Report of the IAU/IAGWorking Group on cartographic coordinates and rotational elements: 2006". Celestial Mechanics and Dynamical Astronomy 90: 155–180. doi:10.1007/s10569-007-9072-y. http://adsabs.harvard.edu/doi/10.1007/s10569-007-9072-y. Retrieved 2007-08-28.
- ↑ Margot, L.J.; Peale, S. J.; Jurgens, R. F.; Slade, M. A.; Holin, I. V. (2007). "Large Longitude Libration of Mercury Reveals a Molten Core". Science 316 (5825): 710–714. doi:10.1126/science.1140514. PMID 17478713. Bibcode: 2007Sci...316..710M.
- ↑ Espenak, Fred (July 25, 1996). "Twelve Year Planetary Ephemeris: 1995–2006". NASA Reference Publication 1349. NASA. http://eclipse.gsfc.nasa.gov/TYPE/mercury2.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-05-23.