දේශගුණය

විකිපීඩියා වෙතින්
Map of world dividing climate zones, largely influenced by latitude. The zones, going from the equator upward (and downward) are Tropical, Dry, Moderate, Continental and Polar. There are subzones within these zones.
Worldwide Climate Classifications

දේශගුණය (ඉංග්‍රීසි:  Climate) යනු නියමිත ප්‍රදේශයක දිගු කාල වකවානුවක් පුරා උෂ්ණත්වය, ආර්ද්‍රතාව, වායුගෝලීය පීඩනය, සුළග, අවක්ෂේපනය, වායුගෝලීය අංශු මාත්‍රයෙහි සහ වෙනත් කාලගුණික විද්යත්මක විචල්‍යන්හි සාමාන්‍ය රටාවේ විචලනය මැනීමයි. කාලගුණය මෙම විචල්‍යන්හි කෙටි කාලීන පවත්නා තත්වයන් පමණක් විස්තර කරන බැවින්, දේශගුණය, කාලගුණයෙන් වෙනස් වේ.

වායුගෝලය, ජලගෝලය, හිමගෝලය, දේශ මතුපිට සහ ජෛව ගෝලය යන සංඝටක පහ සමන්විත කාලගුණික පද්ධතියෙන් කිසියම් කලාපයක දේශගුණය ජනිත වේ.

යම් ස්ථානයක දේශගුණය එහි අක්ෂාංශය, භූමිභාගය සහ උන්නතාංශය මෙන්ම සමීපව පිහිටි ජල පද්ධති සහ ඒවායේ දිය වැල් වල බලපෑමකට ලක්වේ. විවිධ විචල්‍යන්හි සමන්‍යයන්හි සහ දර්ශීය පරාසයන්හි, වඩාත් පොදුවේ උෂ්ණත්වය සහ අවක්ෂේපනය අනුව දේශගුණය වර්ගීකරණය කල හැක. ජර්මන් ජාතික ව්ලැඩිමීර් කොපේන් විසින් වඩාත් පොදුවේ භාවිතා වන වර්ගීකරණය පළමුව වර්ධනය කරන ලදී. 1948 සිට භාවිතා වන තොන්ත්වේට් පද්ධතිය, උෂ්ණත්වයේ සහ අවක්ෂේපනයෙහි තොරතුරු සමග වාෂ්පිකරණ-උත්ස්වේදනය අන්තර්ගත කර ඇති අතර, සත්ව වර්ග විවිධත්වය අධ්‍යනයේදී සහ දේශගුණික වෙනස්වීම් හි විභව්‍ය ප්‍රතිවිපාක අධ්‍යනයේදී භාවිතා වේ. බර්ජෙරෝන් සහ අවකාශ සංෂිප්ත වර්ගීකරණ පද්ධතිය කලාපයක දේශගුණය අර්ථ දක්වන වායු ස්කන්ධයේ මූලාරම්භය කෙරෙහි අවධානය යොමු කරයි.

පුරාණ දේශගුණ පිළිබඳ අධ්‍යයනය, පුරා දේශගුණ විද්‍යාව නම් වේ. 19 වැනි සියවසට පෙර දේශගුණයේ පැහැදිලි නිරීක්ෂණ නොමැති බැවින්, විල් සහ අයිස් මධ්‍යයේ ඇති රොන් මඩ වැනි අජීවයෝග්‍ය සාක්ෂිද, වෘක්ෂ වලල් සහ හුණුගල් වැනි ජීවයෝග්‍ය සාක්ෂිද අන්තර්ගත ප්‍රතියුක්ත විචල්‍යන්ගෙන් පුරාණ-දේශගුණවිද්‍යාව ආධ්‍යාහාර වී ඇත. දේශගුණික ආකෘති යනු අතීත, වර්තමාන සහ අනාගත දේශගුණයේ ගණිතමය ආකෘතිය. දිගු සහ කෙටි කාල වකවානු පුරා, විවිධ සාධකයන්ගෙන් දේශගුණික විපර්යාස හට ගනී.

අර්ථදැක්වීම[සංස්කරණය]

දේශගුණය යනු දිගු කාලීන කාලගුණයෙ සාමාන්‍ය ලෙස පොදුවේ අර්ථ දැක්වේ. සම්මත සාමාන්‍ය කාල සීමාව අවුරුදු 30ක් වුවත්, අරමුණ මත රදා පවතමින් වෙනත් කාල සීමාවන්ද යොදා ගැනේ. සමන්‍යයන්ට අමතරව දිනපතා හෝ අවුරුදු පතා විචලනයන්හි විශාලත්වය වැනි සංඛ්‍යා ලේඛනද, දේශගුණයේ ඇතුලත්ය. Intergovernmental Panel on Climate Change (IPCC) පදමලාවේ අර්ථ දැක්වීම පහත වේ.

දේශගුණය පටුව අර්ථ දැක්වීමේදී "සාමාන්‍ය කාලගුණය" වේ. නැතහොත්,සංඛ්‍යානමය විස්තරයට අනුව අදාල ප්‍රමාණ වල මධ්‍යන්‍ය සහ විචල්‍යතාව මාසයන්ගේ සිට අවුරුදු දහස් හෝ මිලියන ගණන් දක්වා කාල පරාසයක සිට වෙනස් වීමය. ලෝක කාලගුණ විද්‍යාත්මක සංගමය අර්ථ දක්වන පරිදි සාමාන්‍ය කාල පරිච්ඡේදය අවුරුදු 30කි. මෙම ප්‍රමාණයන් බොහෝ විට උෂ්ණත්වය, අවක්ෂේපණය සහ සුළග වැනි මතුපිට විචල්‍යන් වේ. පුළුල් අර්ථ දැක්වීමට අනුව දේශගුණය සංඛ්‍යානමය විස්තරය ඇතුළුව දේශගුණික පද්ධතියේ පවත්නා ගති ස්භාවය වේ.

"දේශගුණය යනු අප බලාපොරොත්තු වන දේ අතර, කාලගුණය යනු හටගන්නා දෙයයි" යන ජනප්‍රිය වැකියෙන් දේශගුණය හා කාලගුණය අතර ඇති වෙනස සාරාංශ කර දක්වයි. පෞරාණික කාල වකවානුවක් පුරාවට පැවැත එන, අක්ෂාංශ, උන්නතාංශ, ජලයට ගොඩබිමෙ අනුපාතය, සාගර සහ කඳු වලට ඇති සමීපත්වය ඇතුලත් දේශගුණය නිශ්චය කරන බොහෝ නියත විචල්‍යන් පවතී. plate භූ කාරක හේතු වැනි ක්‍රියා නිසා මේවා වෙනස් වන්නේ අවුරුදු මිලියනයක් වැනි කාල පරාසයකිනි. අනෙක් දේශගුණික නිර්ණායක වඩාත් සක්‍රීය ඒවා වේ. වෙනත් සාගර ද්‍රෝණි සමඟ සැසදීමේදී, සාගරයේ තර්මොහේලයින් සංසරණය උතුරු අත්ලාන්තික් සාගරය 5 °C (9 °F)කින් උණුසුම්කරණයට මං පෙත් වී ඇත. අනෙකුත් සාගර දියවැල් ගොඩබිම සහ ජලය අතර තාපය, තවත් ප්‍රදේශයක් පුරා නැවත පතුරවයි. සූර්ය තාප අවශෝෂණය, ජල ධාරණය, සහ වර්ෂාපතනය කෙරෙහි ඝනත්වය සහ වෘක්ෂලතදියේ ආවරණ වර්ගය කලාපීය මට්ටමකින් බලපානු ලබයි. පෘථිවිය උණුසුම්වීමට හෝ ගෝලීය සිසිල්කරණයට මං පෙත් තනන වායුගෝලයේ ඇති හරිතාගාර වායු ප්‍රමාණයේ වෙනස්වීම, පෘතුවියේ රඳවාගන්නා සූර්ය තාප ප්‍රමාණය නිර්ණය කරයි. දේශගුණය නිර්ණය කරන විචල්‍ය බොහෝ වන අතර, ඒවායේ අන්තර් ක්‍රියාවන්ද සංකීර්ණ වේ. නමුත් අවම වශයෙන් පෞරාණික දේශගුණික විපර්යාසයන් සලකන තාක්, පුළුල් ආකෘතින් තේරුම් ගත් බවට පොදු එකඟතාවයක් පවතී.

දේශගුණික වර්ගීකරණය[සංස්කරණය]

සමාන තන්ත්‍රයන්ට දේශගුණය වර්ගීකරණයට විවිධ ක්‍රම ඇත. මුල් අවධියේ, පුරාණ ග්‍රීසියේ යම් පිහිටීමක අක්ෂාංශ මත ප්‍රදේශ වෙන් කර තිබුණේ කාලගුණය විස්තර කිරීම සඳහා ය. නූතන දේශගුණ වර්ගීකරණ ක්‍රම, ප්‍රවේණි ක්‍රම සහ ප්‍රත්‍යක්ෂ මූලක ක්‍රම ලෙස බෙදිය හැක. ප්‍රවේණි ක්‍රමයේදී, දේශගුණය ඇතිවීමට පාදක වූ හේතුව මතත්, ප්‍රත්‍යක්ෂ මූල ක්‍රමයේදී දේශගුණයේ ප්‍රතිවිපාක මතත් අවධානය යොමු කරයි. ප්‍රවේණි වර්ගීකරණයේ උදාහරණ ලෙස, විවිධ වායු ස්කන්ධයන්ගේ සාපේක්ෂ සංඛ්‍යාතය මත පදනම් වූ ක්‍රම හෝ සංක්ෂිප්ත කාලගුණ විපථන තුල වූ පිහිටීම් ඇතුලත් ය. ප්‍රත්‍යක්ෂ මූලක වර්ගීකරණ උදාහරණ ලෙස ශාක දැඩිකමින් අර්ථ දක්වන දේශගුණික කලාප, වාෂ්පිකරණ-උත්ස්වේදනය, හෝ පොදු වශයෙන් යම් ජෛව දර්ශ පදනම් කරගත් දේශගුණ හඳුනා ගැනීමට සැකසූ කොපේන් දේශගුණික වර්ගීකරණ හැදින්විය හැක. ස්භාවයෙන් පොදු වූ ක්‍රමනුකූල සංක්‍රාන්ති වෙනුවට මෙම වර්ගීකරණ ඒවා අර්ථ දක්වන කලාපයන් අතර පැහැදිලිව වෙන් වූ සීමාවන් ඇති කරන බැවින්, මෙම වර්ගීකරණ අසාර්ථක වේ.

බර්ජෙරෝන් සහ අවකාශ සංෂිප්තය[සංස්කරණය]

සරලම වර්ගීකරණය වායු ස්කන්ධ අන්තර්ගත වන්නයි. වඩාත් පිළිගත් වායු ස්කන්ධ වර්ගීකරණය වන්නේ බර්ජෙරෝන් වර්ගීකරණය යි. වායු ස්කන්ධ වර්ගීකරණයේ අකුරු තුනක් යෙදේ. මහද්වීපික වායු ස්කන්ධ(වියළි) සඳහා 'c' අකුරත්, වෙරළබඩ වායු ස්කන්ධ(තෙත)සඳහා 'm' අකුරත් භාවිතා වන අතර, පළමු අකුරෙන් තෙතමනයට අදාල ලක්ෂණ විස්තර කෙරේ. දෙවැනි අකුරෙන්, එහි ප්‍රභව කලාපයේ තාප ලක්ෂණ විස්තර කෙරේ. 'T' වලින් නිවර්තනයත්, 'P' වලින් ධ්‍රැවකත්, 'A' වලින් උත්තරත් හෝ දක්ෂිනත් ධ්‍රවයත්, 'M' මගින් මොසන් සුළගත්, 'E' මගින් සමකයත්, 'S' වලින් උත්තරීතර වායුවත් නිරූපණය කෙරේ. වායුගෝලයේ ස්ථායීතාව නියම කිරීමට තුන්වන අකුර යොදා ගැනේ. වායු ස්කන්ධය එයට පහලින් පිහිටා ඇති ප්‍රදේශයට වඩා සිසිල් නම් 'k' ලෙසත්, ඊට වඩා උණුසුම් නම් 'w' ලෙසත් ලේබෙල් කෙරේ. 1950දි, පළමුවෙන්ම වායු ස්කන්ධ හඳුනාගැනීම් භාවිතා වුයේ කාලගුණ අනාවැකි සඳහා වුවත්, 1973දී කාලගුණ විද්‍යාඥයින් මෙම සංකල්පය පදනම් කරගෙන සංක්ෂිප්ත දේශගුණ-විද්‍යා පිහිටීමට පටන් ගන්නා ලදී.

අවකාශ සංෂිප්ත වර්ගීකරණ පද්ධතිය පදනම් වී ඇත්තේ බර්ජෙරෝන් වර්ගීකරණය මතයි. මෙහි කොටස් 6ක් පවතී. වියළි ධ්‍රැවීය(මහද්වීපික ධ්‍රැවකට සමාන), වියළි මධ්‍යස්ත(වෙරළබඩ ධ්‍රැවකට සමාන), වියළි නිවර්ත(මහද්වීපික නිවර්තනට සමාන ), තෙත් ධ්‍රැවීය(වෙරළබඩ ධ්‍රැවකට සමාන), තෙත් මධ්‍යස්ත(වෙරළබඩ ධ්‍රැවීයට හා වෙරළබඩ නිවර්තන අතර දෙමුහුම), තෙත් නිවර්ත(වෙරළබඩ නිවර්තනට සමාන) යන්න එම කොටස් 6යි. මෙම මුලික කොටස් 6,තව දුරටත් බෙදා දැක්විය හැක.


කෙපන්[සංස්කරණය]

කෝපේන් වර්ගීකරණය මාසික උෂ්ණත්වයේ සහ අවක්ෂේපනයේ මධ්‍යන්‍ය මත රඳා පවතී. වඩාත් බහුලව භාවිතා වන කෝපේන් වර්ගීකරණයේ A සිට E දක්වා ලේබෙල් කර ඇති මූලික අකර වර්ග 5 පවති.මිට අමතරව කෙපන්ගේ දෙශගුණ වර්ගිකරණයේ ඇති තවත් විශේෂිත වර්ගයක් නමි ලොකයේ ප්‍රදාන කදු ආශිතව පවත්නා දේශගුණයයී.මේවා උස්බිම් දේශගුණය (highland climate)නොහොත් වර්ග නොකරන ලද උස්බිම් (undifferentiated)වශයෙන් හදුන්වා දී ඇත.

  1. A- ආර්ද්‍ර නිවර්තන
  2. B- වියලි
  3. C- ආර්ද්‍ර මද්යොශ්න
  4. D- ආර්ද්‍ර අල්පෝෂ්ණ
  5. E- ධ්‍රැවීය
  6. H -උස්බිම් දෙශගුණය

මෙම මූලික ආකාර වර්ග තවත් ද්විතියික වර්ගීකරණ ලෙස බෙදා දැක්විය හැක. ඒවා වැසි වනාන්තර, මෝසම් සුළං, නිවර්තන තැනිතලා, තෙත් අර්ධ නිවර්තන, තෙත් මහද්වීපික, සාගර දේශගුණය, මධ්‍යධරණී දේශගුණය, ස්ටෙප් තණ බිම්, උප ආර්ක්ටික් දේශගුණය, තුන්ද්‍රා ප්‍රදේශ, ධ්‍රැවීය අයිස් පියන් සහ කාන්තාර ලෙස දැක්වේ.

අර්ථ දැක්වීමට අනුව අවම සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 175(69 in)ත් මිලිමීටර් 2000(79 in)ත් අතර පිහිටන වැසි වනාන්තර, ඉහල වර්ෂාපතන මගින් විදහා දැක්වේ. වර්ෂයක සියලු මාස පුරා මධ්‍යම මාසික උෂ්ණත්වය 18 °C (64 °F) ඉක්මවා යයි.

කලාපයක වැසි ඍතුවට ප්‍රවේශ වෙමින්, මාස කීපයක් පුරාවට පවතින සුළඟ මෝසම් සුළඟ යි. උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව, අතුරු සහරා අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ නැගෙනහිර ආසියාව තුල ඇති කලාප, මෝසම් ආධිපත්‍ය වේ.

අර්ධ නිවර්තන සහ නිවර්තන අක්ෂාංශ වල, අර්ධ ශුෂ්ක සිට අර්ධ ආර්ද්‍ර දක්වා වූ දේශගුණික කලාප වල පිහිටා ඇති තෘණ බිම් ජෛව දර්ශ නිවර්තන සවානා නම් වේ. මේවායේ වර්ෂයක මාධ්‍යන උෂ්ණත්වය 18 °C (64 °F)ක් හෝ ඊට ඉහල අගයක් වන අතර, වර්ෂාපතනය මිලිමීටර 750ත් මිලිමීටර 1,270ත් අතර අගයක් ගනී. මේවා වැඩිවශයෙන් අප්‍රිකාවේ පැතිර ඇති අතර, ඉන්දියාව, උතුරු ඇමෙරිකාවේ උතුරු ප්‍රදේශයේ, මැලේසියාව සහ ඕස්ට්‍රේලියාවේද සොයා ගත හැක.

ශීත ඍතු වර්ශාපතන, ආර්ද්‍ර අර්ධ නිවර්තන කලාපය විශාල කුණාටු සමඟ ආශ්‍රිත වේ. බොහෝ ග්‍රීෂ්ම ඍතු වර්ශාපතන හට ගන්නේ අකුණු කුණාටු කාලයේදී සහ නිවර්තන කුණාටු වලින් ය.

විවිධ කාලගුණ රටා සහ විශාල ඍතුමය උෂ්ණත්ව විචලනයන් මගින් තෙත් මහද්වීපික ලකුණු කෙරේ. මාස තුනකට වඩා දිනපතා මාධ්‍යන උෂ්නත්වය 10 °C (50 °F) වැඩි වන සහ ශීතලම මාසයේ උෂ්ණත්වය −3 °C (27 °F)ට වඩා අඩු, මෙන්ම ශුෂ්ක හෝ අර්ධ ශුෂ්ක දේශගුණ සඳහා වන කොන්දේසි වලට අයත් නොවන වන ප්‍රදේශ මහද්වීපික ලෙස වර්ග කෙරේ.

සාගර දේශගුණය සාමාන්‍යයෙන් ලෝකය පුරා ඇති බටහිර මුහුදු තීර ආශ්‍රිතව ද, ගිනිකොණ දිග ඕස්ට්‍රලියාවේ ද සොයාගත හැක.

මධ්‍යධරණිය ආශ්‍රිත භූමි වල දේශගුණය, උතුරු ඇමෙරිකාවේ ප්‍රදේශ, බටහිර සහ දකුණු ඕස්ට්‍රලියාවේ ප්‍රදේශ, නිරිතදිග දකුණු අප්‍රිකාවේ සහ මද්‍යම චිලි රාජ්‍යයේ දේශගුණය ආදියට සමානතාවක් මධ්‍යධරණී දේශගුණය දරයි.

ස්ටෙප් තණ බිම්, ග්‍රීෂ්ම ඍතුවේ වාර්ෂික උෂ්ණත්වය 40 °C (104 °F)ද, ශීත ඍතුවේදී −40 °C (−40 °F) දක්වා පහලටද, ඇති වියළි තණබිම්කි.

ප්‍රදේශයේ වැඩි කොටසකට ශීත ඍතු නිසා හිමාංකයට අඩු උෂ්ණත්වයක් සහිතව, උප ආර්ක්ටික් දේශගුණයට තරමක අවක්ෂේපනයක්ද, වර්ෂයක එකේ සිට තුනක් දක්වා මාස ගණනකට 10 °C (50 °F)ට වැඩි වාර්ෂික උෂ්ණත්වයක්ද පවතී.

උතුරු රුසියාවේ සහ කැනඩාවේ විශාල බිම් ප්‍රදේශ ඇතුලුව, තුන්ද්‍රා ප්‍රදේශ උතුරු අර්ධගෝලයේ හට ගනී.

අයිස් වලින් ආවරණය වූ, පෘතුවියේ හෝ චන්ද්‍රයාගේ උස් අක්ෂාංශ කලාපයක් ධ්‍රැවීය අයිස් පියන් වේ. උස් අක්ෂාංශ කලාප වලට සමක ආශ්‍රිත කලාප වලට වඩා, සූර්ය විකිරණ ලෙස අඩු ශක්තියක් ලැබෙන බැවින්, අඩු මතුපිට උෂ්ණත්වයක් ප්‍රතිපල වී, අයිස් පියන් සෑදේ.

අඩු අවක්ෂේපනයක් ලැබෙන කලාපයක් කාන්තාරයකි. ඉතා අවම ආර්ද්‍රතාව නිසා

සාමාන්‍යයෙන්, පිහිටීම සහ දිවකාලින උෂ්ණත්වය මත ඉහල හෝ පහල, විශාල දෛනික සහ ඍතුමය උෂ්ණත්ව පරාසයයක්, කාන්තාර වලට පවතී. එසේම, ඉතා අවම තෙතමනය නිසා රාත්‍රී කාලයේ උෂ්ණත්වය පහල අගයක් ගනී.

තොන්ත්වේට්[සංස්කරණය]

ඇමෙරිකානු කාලගුණ සහ භූගෝල විද්‍යාඥ C.W. තොන්ත්වෙට් විසින් සොයාගන්න ලද මෙම දේශගුණ වර්ගීකරණ ක්‍රමය පසේ ජල ප්‍රමාණය, වාෂ්පිකරණ-උත්ස්වේදනය මගින් අධ්‍යනය කරයි. මෙය ප්‍රදේශයක් පුරාවට, වෘක්ෂලතා පෝෂ්‍ය කිරීමට භාවිතා වන මුළු අවක්ෂේපන ප්‍රමාණය නිරීක්ෂණය කරයි. ප්‍රදේශයක තෙතමන කලාපය එහි මධ්‍යන උෂ්ණත්වය, මාධ්‍යන වර්ෂාපතනය සහ මාධ්‍යන වෘක්ෂලතා වර්ගය නිර්ණය කිරීමට, අර්ද්‍රතා දර්ශකයක් සහ ශූෂ්ක දර්ශකයක්, දර්ශ ලෙස මෙය භාවිතා කරයි. කලාපයක දර්ශකයේ අගය අඩු වන තරමට, එය වඩාත් වියළි වේ.

අභිලේඛනය[සංස්කරණය]

නවීන[සංස්කරණය]

පසුගිය සියවස් ගණනාව පුරාවට නූතන දේශගුණයේ වාර්තා පිලිබඳ විස්තර දැන ගනු ලැබුයේ උෂ්ණමනය, වායු පීඩනමානය සහ අනිලමානය වැනි කාලගුණික උපකරණ වලින් මිනුම් ලබා ගෙනය. නූතන කාල පරිමාණය මත කාලගුණය අධ්‍යනයට භාවිතා වන උපකරණ, ඒවායේ දත් දෝෂය, ඒවායේ ක්ෂණික පරිසරය, සහ අධ්‍යනයේදී සැලකිය යුතු ඒවායේ නිරාවරණය පසුගිය අවුරුදු පුරාවට වෙනස් වී ඇත.

Paleoclimatology[සංස්කරණය]

Paleoclimatology යනු පෘතුවි ඉතිහාසයේ දිගු කාලයක් පුරාවට ගෙවුනු දේශගුණය, අධ්‍යනය කිරීමයි. අතීත දේශගුණ තත්වය තීරණය කිරීමට අයිස් පතුරු, වෘක්ෂ වලයන්, රොන් මඩ, හුණුගල්, සහ පාෂාණ වල සාක්ෂි යොදා ගැනේ. ඒවා ස්ථාවරව පැවතුනු කාල පරිච්ඡේද මෙන්ම, අස්ථාවරව පැවති කාල සීමාවන් පෙන්වා දෙනු ලබයි. තවද, විපර්යාසයන් ඒකාකාර වක්‍රයන් වැනි කිසියම් රටාවක් අනුගමනය කරන්නේද යන්නද පෙන්වා දීමට හැකියාව පවතී.

දේශගුණික වෙනස්වීම්[සංස්කරණය]

කාලයත් සමඟ කිසියම් ප්‍රදේශයක දේශගුණයේ වෙනස් වීම දේශගුණික වෙනස්වීම් ලෙස හැඳින්වේ. දශකයන්ගේ සිට අවුරුදු මිලියන ගණනක් දක්වා කාල පරාසයක වායුගෝලීය විචල්යතාවයේ හෝ මධ්‍යනයේ වෙනස් වීම් එමඟින් පෙන්නුම් කරයි. පෘතුවියේ අභ්‍යන්තර ක්‍රියාවලි, භාහිර ක්‍රියාවලි(උදා- හිරු එළියේ තීව්‍රතාවයේ වෙනස්වීම්) හෝ මිනිස් ක්‍රියාකාරකම් වලින් මෙම වෙනස්වීම් හටගනී.

මෑත කාලීන භාවිතයේදී, විශේෂයෙන්ම පරිසර ප්‍රතිපදා සම්බන්ධයේදී, 'දේශගුණික වෙනස්වීම්' යන්න ගෝලීයකරණයද ඇතුලත්ව බොහෝ විට නූතන දේශගුණයේ විපර්යාස වලට පමණක් යොමු වූවකි. එක්සත් ජාතීන්ගේ දේශගුණික වෙනස්වීම් මත වූ පොදු සම්මුති රාමුවට (United Nations Framework Convention on Climate Change - UNFCCC) අනුව, ඇතැම් අවස්ථා වලදී මිනිස් හේතුකාරක වල පූර්වනිගමන සමඟද මෙම පදය භාවිතා වේ. මිනිස් බලපෑම් නොමැතිව හටගන්නා වෙනස්වීම් වලට "දේශගුණික විචල්‍යතාව" යන්න UNFCCC භාවිතා කරයි.

ප්‍රධාන අයිස් යුග 4ක් ඇතුළුව, පෘතුවිය පසුගිය කාල පුරාවට වාරික දේශගුණික විස්ථාපනයන්ට භාජනය වී ඇත. සමන්‍යට තත්වයට වඩා සිසිල් වන ග්ලැසියර කාල සීමාවන්ගෙන් සමන්විත මේවා, අන්තර්-ග්ලැසියර කාල සීමාවන්ගෙන් වෙන් කෙරේ. අවකාශයට වැඩි වශයෙන් හිරුගේ බලශක්තිය පරාවර්තනය කරමින් සහ පහල වායුගෝලීය උෂ්ණත්වයක් පවත්වාගනිමින්, ග්ලැසියර කාල සීමාවක් තුලදී හිම සහ අයිස් එකතුවීම් මතුපිට ඇල්බෙඩො වැඩි කරයි. හරිතාගාර වායු ඉහල යෑම(උදා - ගිනිකඳු ආශ්‍රිත ක්‍රියාවන් වලින්), ගෝලීය උෂ්ණත්වය ඉහල යෑමට හේතු වන අතර, අන්තර්-ග්ලැසියර් ඇති වීමටද හේතු වේ. අයිස් යුග (ice age) ඇති වීමට හේතු ලෙස මහද්වීප ස්ථාපිතය, පෘතුවිය කක්ෂයේ විචලනය, සූර්ය බලශක්තියේ වෙනස්වීම්, සහ ගිනිකඳු පිපිරීම් යන ඒවා ඇතුලත් ය.

දේශගුණික ආකෘති[සංස්කරණය]

වායුගෝලයේ, සාගර වල, ගොඩබිම මතුපිට සහ අයිස් යන ඒවායේ අන්තර් ක්‍රියා අනුකරණය කිරීමට දේශගුණික ආකෘති ප්‍රමාණාත්මක ක්‍රම භාවිතා කරයි. කාලගුණ සහ දේශගුණ පද්ධතියේ ගතිකය අධ්‍යනය කිරීමේ සිට අනාගත දේශගුණය ප්‍රක්ෂේපය දක්වා වූ විවිධ අරමුණු සඳහා ඒවා භාවිතා කරයි. සියලු දේශගුණික ආකෘතීන් පෘතුවියට කෙටි තරංග විද්‍යුත්චුම්භක විකිරණ ලෙස එන ශක්තිය,පෘතුවියෙන් දිගු තරංග විද්‍යුත්චුම්භක විකිරණ ලෙස පිටවන ශක්තිය සමඟ තුලනය කරයි. කවර හෝ අසමතුලිතතාවක්, පෘතුවියේ මාධ්‍යන උෂ්ණත්වයේ වෙනස් වීමකට හේතු වේ.

මෑත කාලයේදී, මෙම ආකෘති වල භාවිතය පිළිබඳව බොහෝ කතාබහට ලක්වූයේ ඒවා වායුගෝලයේ හරිතාගාර වායු වැඩිවීමේ විපාක නිගමනයට භාවිතා කිරීමය නිසාය. මෙම ආකෘති උෂ්ණත්වයේ වඩාත් ශීඝ්‍ර වර්ධනය උතුරු අර්ධගෝලයේ ඉහල අක්ෂාංශ සඳහා ප්‍රක්ෂේපනය (projected) කරමින්, ගෝලීය මධ්‍යන්‍ය මතුපිට උෂ්ණත්යයේ ඉහලට දිශාවට නැඹුරුවක් ඇති ලෙසට පුරෝකථනය කරයි.

ආකෘති සාපේක්ෂව, සරල සිට සංකීර්ණ දක්වා පරාසයක පැතිරි යයි.

  • පෘතුවිය තනි අග්‍රයක් ලෙස සලකන සහ පිටවෙන තාප මධ්‍යන්‍ය ගණනයේ, සරල විකිරණ තාප මාරු ආකෘති
  • මෙය සිරස් හෝ තිරස් ලෙස ප්‍රසාරණය කල හැක
  • අවසානයෙන්, වායුගෝලීය-සාගර-මුහුදු අයිස් ගෝලීය දේශගුණ ආකෘති, වෙන්ව දැක්වීම් සහ ස්කන්ධ සහ ශක්ති මාරු වීම් හා විකිරණ මාරු වීම් සඳහා වූ සමීකරණ විසදයි.

දේශගුණ වෙනස්වීම් පුරෝකථනය කිරීමට විද්‍යාඥයින් යොදා ගන්නා එක් ආකාරයක් වන්නේ දේශගුණ අනාවැකි ය. 1997දී, කොලොම්බියානු දේශගුණ සහ සමාජීය සඳහා වූ අන්තර්ජාතික ගවේෂණ ආයතනයේ පුරෝකථන අංශය, තාත්වික කාල පදනමක් මත ඍතුමය දේශගුණ අනාවැකි පල කිරීමට පටන් ගත්තේය.

මෙම විකිරණ පුළුල් ලෙස පල කිරීමට අනාවැකි උපකරණ නිපදවන ලදී. (එක් එක් ආකෘතියේ නිරවද්‍යතා මට්ටම බහු-ආකෘතික, අන්තර්-වාර්ෂික දේශගුණ විචල්‍යතාව අනුකරණය කිරීමේදී )

මේවාද බලන්න[සංස්කරණය]

වායුගෝලය පෘථිවිය උණුසුම්වීම
ජාතික දේශගුණ දත්ත මධ්‍යස්ථානය සූර්ය විචලනය
දේශගුණ අනාවැකි මධ්‍යස්ථානය කාලගුණ වාර්තා ලැයිස්තුව
පරිසර පද්ධති ක්ෂුද්‍ර දේශගුණය
හරිතාගාර ආචරණය දේශගුණ විද්‍යාඥයින්ගේ ලැයිස්තුව

ආශ්‍රිත[සංස්කරණය]

වැඩිදුර කියැවීම්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දේශගුණය&oldid=647709" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි