සෙනසුරු ග්‍රහ‍යාගේ වළලු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සම්පූර්ණ වළලු පද්ධතිය 2006 සැප්තැම්බර් 15 දින කැසිනි අභ්‍යවකාශයානය සෙනසුරු ග්‍රහයා ඉහළින් ගමන් කිරීම නිසා ඇති වූ සූර්ය ග්‍රහණය වූ අවස්ථාවේ ඡායාරූපයකි. (මෙම ඡායාරූපයේ දීප්තිය නියම ප්‍රමාණයට වඩා වෙනස් කර ඇත)

සෙනසුරු වළලු යනු සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති ග්‍රහලෝකමය වළලු වේ. එය සමන්විත වී ඇත්තේ විශාලත්වයෙන් මයික්‍රෝ මීටර් සිට මීටර් දක්වා පරාසයක විශාලත්වයෙන් යුතු නොගිනිය හැකි තරම් විශාල සංඛ්‍යාවක් වූ අංශුවලිනි. ඒවා සෙනසුරු ග්‍රහයා වටා සමූහයක් ලෙස කක්ෂගත වී ඇත. වළලු සෑදී ඇති මෙම අංශු සම්පූර්ණයෙන්ම සෑදී ඇත්තේ ජල හිම කැට (water ice) වලින් වන අතර සමහර ඒවා දූවිලි සහ වෙනත් රසායනික ද්‍රව්‍යවලින් දූෂිත වී ඇත.

සෙනසුරුගේ වළලුවලින් සිදුවන සූර්යාලෝක පරාවර්තනය සෙනසුරු ග්‍රහයාගේ දීප්තිය වැඩි කිරීමට හේතුවන නමුත් එය පෘථිවියේ සිට පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැක. ගැලීලියෝ ගැලීලි ප්‍රථමවරට 1610 දී දුරේක්ෂයක් අහස වෙත යොමු කළ අතර සෙනසුරු වළලු නිරීක්ෂණය කිරීමේ පළමු පුද්ගලයා වීමේ භාග්‍යය හිමි කර ගත්තේය. එනමුදු එහිදී ඔහු සෙනසුරු වළලු ඉතා හොඳින් වටහා ගැනීමට තරම් ඒවා අධ්‍යයනය කිරීමට ‍අපොහොසත් විය. 1655 දී “ක්‍රිස්ටියන් හයිජන්” විසින් ඒවා සෙනසුරු ග්‍රහයා වටා පිහිටි මණ්ඩල ලෙස විස්තර කළ ප්‍රථම පුද්ගලයා විය.

2004 මාර්තු 22 වන දින හබල් දුරේක්ෂ ‘ACS’ මගින් සෙනසුරු ග්‍රහයාගේ මෙම ඡායාරූපය ගන්නා ලද අතර පළල් වළලු ‍දෙකෙන් ඇතුළතින් පිහිටා ඇත්තේ ‘B’ වළල්ලයි. පිටතින් පිහිටා ඇත්තේ ‘A’ වළල්ල වන අතර “කැසිනි ප්‍රදේශය” යනු එම වළලු දෙක අතර පිහිටා ඇති අඳුරු කලාපයයි. (වැඩිපුර මතුවී නොපෙනෙන ‘C’ වළල්ල ‘B’ වළල්ල ඇතුළතින් දැකිය හැක)

වැඩි දෙනෙකු විසින් සෙනසුරුගේ වළලු සෑදී ඇත්තේ නොගැනිය හැකි තරම් ප්‍රමාණයක් වූ ඉතා කුඩා මුදුවලින් යැයි සිතන නමුත් (මෙය “ලාප්ලාස්” සංකල්පය වෙත නැවත ගෙන යයි) මෙහි සත්‍ය පරතර ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයකි. මෙය වඩා සත්‍ය ලෙස සිතනවා නම් ඝනත්වයෙන් සහ දීප්තියෙන් ඒක කේද්‍රීය ස්ථානීය උපරිම සහ අවමවලින් සමන්විත වළයාකාර තැටි වේ. වළලු අතර ඇති සමූහ පරිමාණ‍යන් ගත් කළ මෙහි විශාල ප්‍රමාණයක් වූ හිස් අවකාශ ඇති නමුත් සාමාන්‍යයෙන් මෙම හිස් අවකාශ අසන්තතිකය.

මෙම වළලු අතර හිදැස් දැකිය හැකි අතර මින් දෙකක් ඇති වී ඇත්තේ සෙනසුරුගේ චන්ද්‍රයන් නිසාය. අනිකුත් බොහෝ ඒවා සෙනසුරුගේ චන්ද්‍රයන් සමග අස්ථායී කක්ෂීය අනුනාද ඇති ස්ථානවල පිහිටා ඇති අතර හිදැස් තවමත් පැහැදිලි කරගත නොහැකි වී ඇත. අනික් අතින් ගත් විට ස්ථායී අනුනාද සමහරක් වළලුවල දිගු කාලීන පැවැත්ම කෙරෙහි බලපාන අතර “ටයිටන් මුදුව” සහ G වළල්ල මීට උදාහරණ වේ.

“කැසිනි” අභ්‍යවකාශයානය මගින් 2007 මැයි 9 වන දින ගන්නා ලද සෙනසුරු වළලුවල අදීප්ත පැත්ත.

සෙනසුරු ග්‍රහයාගේ වළලු නිර්මාණය[සංස්කරණය]

සෙනසුරු ග්‍රහයාගේ වළලු ඉතා පැරණිය. ඒවා සෙනසුරු ග්‍රහයා සම්භවය ලද අවධිය දක්වා ඈත කාලයකට දිවයයි. කිලෝ මීටර 300 පමණ විෂ්කම්භයකින් යුතු විනාශ වී ගිය චන්ද්‍රයකුගේ කැබලි වලින් එම වළලු සෑදෙන්නට ඇතැයි සිතිය හැක. එතරම් විශාල චන්ද්‍රයෙක් විනාශවීමට තරම් ප්‍රබල ඝට්ටනයක් සිදු වන්නට ඇත්තේ මීට වසර බිලියන 4 කට පමණ පෙරය. සෙනසුරුගේ වළලුවල ඇති අයිස් වල දීප්තිමත් බව සහ පිරිසිදු බව එම වළලු සෙනසුරුට වඩා වයසින් අඩු බවට කදිම සාක්ෂියක් ලෙස ඉදිරිපත් කෙරේ. සමහර විට එය වසර මිලියන 100 පමණ කාලයක් විය හැකිය. ධූමකේතුවල දූවිලි නිසා වළලු අඳුරු පැහැයක් ගනී. කෙසේ වෙතත් නවීන පරීක්ෂණවලින් පෙනී යන්නේ බී වළල්ල එය මතට වැටෙන ද්‍රව්‍යමය දෑ විනාශ කර දැමීමට තරම් විශාලත්වයෙන් යුක්ත වන අතර එමඟින් අවුරුදු ගණනාවක් පුරා සෞරග්‍රහ මණ්ඩලයේ සිදු වන අඳුරු වීම් වලින් වැලකී සිටිය හැකි බවත් ය. වළලු සෑදී ඇති මූලද්‍රව්‍යය වළලු තුළම ගොනු වශයෙන් ප්‍රතිචක්‍රීයකරණය වී ඝට්ටන මඟින් බිඳ වැටිය හැකිය. මෙමඟින් වළලු තුළ ඇති මූලද්‍රව්‍යය වයසින් තරුණ බව වඩාත් පැහැදිලි වේ. කැසිනි යූ. වී. අයි. එස් කණ්ඩායමේ නායක ලැරී එස්පොසිටෝ එෆ් වළල්ල තුළ මීටර 27 සිට කිලෝ මීටර 10 දක්වා ප්‍රමාණයේ වූ ආකාශ වස්තු 13 සොයා ගැනීමට තාරකා අන්තර්ධානය යොදා ගන්නා ලදී. ඒවා පාරභාෂක වන අතර තාවකාලිකව එකතුවී මීටර කිහිපයක් ඈතින් අයිස් කුට්ටියක් ලෙස සැදී ඇති බවට විශ්වාස කරයි. එස්පොසිටෝ ගේ විශ්වාසය නම් මෙය සෙනසුරුගේ වළලුවල මූලික ව්‍යුහය වන අතර අංශූන් එකට ගොනු වී පසුව පුපුරා කැබලිවලට කැඩී යන බවයි.