ෆෝබෝස්
අගහරු විමර්ශන කක්ෂගතයානය (Mass Reconnaissance Orbiter) මගින් 2008 මාර්තු 23 දින ගන්නා ලද ෆෝබෝස් වැඩි දියුණු කරන ලද වර්ණ දර්ශනය.
|
|
|
සොයාගැනීම
|
|
|---|---|
| සොයාගත් තැනැත්තා | Asaph Hall |
| සොයාගත් දිනය | August 18, 1877 |
|
නාමකරණය
|
|
| වෙනත් නම් | Mars I |
| නාම විශේෂණය | Phobian |
| Epoch J2000 | |
| Periapsis | 9,235.6 km (5,738.7 mi) |
| Apoapsis | 9,518.8 km (5,914.7 mi) |
| උප ප්‍රධාන අක්ෂය | 9,377.2 km (5,826.7 mi)[1] |
| විකේන්ද්‍රිකතාවය | 0.0151 |
| පරිභ්‍රමණ කාලය | 0.31891023 d (7 h 39.2 min) |
| පරිභ්‍රමණ වේගය | 2.138 km/s (1.328 mi/s) |
| ආනතිය | 1.093° (to Mars's equator) 0.046° (to local Laplace plane) 26.04° (to the ecliptic) |
| මවු ග්‍රහ වස්තුව | Mars |
|
භෞතික ලක්ෂණ
|
|
| මාන | 26.8 × 22.4 × 18.4 km (11.4 mi)[2] |
| මාධ්‍ය අරය | 11.1 km (6.9 mi)[3] (0.0021 Earths) |
| පෘෂ්ඨික වර්ගපලය | 6,100 km2 (2,400 sq mi) (11.9 µEarths) |
| පරිමාව | 5,680 km3 (1,360 cu mi)[4] (5.0 nEarths) |
| ස්කන්ධය | 1.072 × 1016 kg[5] (1.8 nEarths) |
| මාධ්‍ය ඝනත්වය | 1.876 g/cm³[6] |
| සමකාසන්න ගුරුත්වය | 0.0084–0.0019 m/s² (8.4–1.9 mm/s²) (860–190 µg) |
| භ්‍රමණ කාලය | synchronous |
| සමකයේදී භ්‍රමණ ප්‍රවේගය | 11.0 km/h (6.8 mph) (at longest axis' tips) |
| අක්ෂිය ඇලය | 0° |
| ඇල්බිඩෝ අගය | 0.071[3] |
| උෂ්ණත්වය | ~233 K |
| Apparent magnitude | 11.3[7] |
ෆෝබෝස් (පද්ධතිමය නම් කිරීම : Mars I) යනු අඟහරුගේ චන්ද්‍රයන් දෙදෙනාගෙන් විශාලතම සහ සමීපතම චන්ද්‍රයා වේ. (අනිත් චන්ද්‍රයා වනුයේ ඩෙයිමොස්ය - Deimos) එය නම් කරන ලද්දේ ග්‍රීක දෙවියකු වන සහ එරස් (Ares) දෙවියාගේ පුතෙකු වන ෆෝබෝස් (භීතිය යන අරුත) නමිනි. කුඩා නොහැඩ වස්තුවක්වන ෆෝබෝස් අඟහරු ග්‍රහයාගේ මධ්‍යය සිට 9377km(5823mi) ඉහළින් කක්ෂගත වී ඇති අතර අනෙකුත් කිසිම ග්‍රහලොවක චන්ද්‍රයා මෙතරම් මව් ග්‍රහලොවට සමීපව පිහිටා නැත.
ෆෝබෝස්ගේ භෞතික ලක්ෂණ [සංස්කරණය]
ෆෝබෝස් යනු සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් අතුරින් අඩු ආලෝක පරාවර්තනයක් සිදුවන වස්තූන්ගෙන් එකකි. වර්ණාවලීක්ෂකව එය D ගණයේ ග්‍රහකයකට සමාන වේ. කාබනීකෘත කොන්ඩ්‍රයිට් වැනි ද්‍රව්‍යයකින් එය සංයුක්ත වේ. ෆෝබෝස්ගේ ඝනත්වය ඉතා අඩු බැවින් එය ඝන පාෂාණයක් විය නොහැකිය. නමුත් එය සැලකියයුතු තරම් සවිවර බවකින් යුක්තය. මෙම ප්‍රතිඵල වලින් යෝජනා වූයේ ෆෝබෝස් සතුව අයිස් සංචිතයක් තිබිය හැකි බවය. වර්ණාවලි නිරීක්ෂණ මඟින් එහි මතුපිට regolith ස්ථරයේ සජල බවක් නොමැති බව පෙන්නුම් කළත් regolith ස්ථරයට යටින් අයිස් තිබිය හැකි බවට වූ මතය බැහැර කළ නොහැකිය. ෆෝබෝස් හා ඩෙයිමෝස් වටා ඉතා සිහින් දුවිලි වළලු ඇති බවට දිගු කාලයක් තිස්සේ අනාවැකි පළ කෙරුණු නමුත් අද වනතුරු ඒවා නිරීක්ෂණය කිරීමට හැකි වී නැත. අඟහරු විශ්ව ගවේෂකයා මඟින් ගත් ඡායාරූප වලින් පෙනී යන්නේ ෆෝබෝස්ගේ ඉතා සියුම් අංශු සහිත regolith ස්ථරය මීටර 100 ක් වත් ඝනකම්ිය හැකි බවයි. එය අනෙක් වස්තූන් සමඟ ගැටීම නිසා එහි ආවාට ඇති වී තිබේ.එහෙත් ගුරුත්වයක් නොමැති තරම් වන ෆෝබෝහි ද්‍රව්‍ය ඇලී පවතින්නේ කෙසේ දැයි පැහැදිලි කළ නොහැකිය. ෆෝබෝස් ගෝලාකාර නොවන අතර එහි පරිමාණයන් 27 X 21.6 X 18.8 km වේ. එහි හැඩය නිසා පමණක් එහි මතුපිට ගුරුත්වාකර්ෂණය 210% වෙනස් වේ. අඟහරු ග්‍රහයාගේ උදම් බලය නිසා මෙම වෙනස දෙගුණයකටත් වඩා වැඩිවේ . (450% ක් දක්වා) ෆෝබෝස් චන්ද්‍රයාගේ ආවාට බොහෝ ගණනක් දැකිය හැකිය.ඉන් වඩාත් කැපීපෙනෙන පෘෂ්ඨික ලක්ෂණය වන්නේ ස්ටික්නි ආවාටයයි. ස්ටික්නි යනු ඇසැප් හෝල්ගේ බිරිඳගේ නමයි.
ස්ටික්නි ආවාටය ඇති වීමට බලපෑ ගැටීම් වලින් ෆෝබෝස් කැබලි වී යන්නට ඉඩ කඩ තිබුණි. ෆෝබෝස්ගේ අමුතු හැඩයක් ඇති පෘෂ්ඨය මත කාණු දක්නට ලැබෙන අතර ඒවා මීටර 30 කට අඩු ගැඹුරකිනුත්, මීටර 100 – 200 දක්වා පළලකිනුත්, කිලෝමීටර් 20 ක පමණ දිගකිනුත් යුක්තය. ස්ටික්නි ආවාටය සෑදීමට මුල් වූ ඝට්ටනය නිසා මෙම කාණු සෑදෙන්නට ඇති බවට මුලදී අනුමාන කෙරිණි. නමුත් මාර්ස් එක්ස්ප්‍රස් අභ්‍යාවකාශ යානයේ දත්ත විශ්ලේෂණයෙන් පසු හෙළි වුයේ මෙම කාණු ස්ටික්නි ආවාටයට සමාන්තර කාල වකවානු තුළ ඇති වූ ඒවා නොවන බවය. ඒවා ෆෝබෝස්ගේ කක්ෂයේ ප්‍රධාන අග්‍රය (APEX) වෙතට රුස් වී ඇත. අඟහරු සමඟ ගැටෙන ද්‍රව්‍ය අභ්‍යවකාශයට විසිවීම නිසා ෆොබොස්ගේ පෘෂ්ඨය මත මෙම කාණු හෑරෙන්නට ඇත. මෙලෙස සෑදුනු කාණු ආවාට දම්වැලක පුරුක් මෙන් එකට ඈදි ඇති අතර ෆෝබෝස්ගේ අග්‍රය වෙත යත්ම ඒවා ක්ෂය වී යයි. ඒවායේ වයස සැලකිල්ලට ගනිමින් මෙම කාණු කණ්ඩායම් 12 කට කාණ්ඩ කර තිබේ. ඒවා මඟින් අඟහරුගේ ඝට්ටන අවස්ථා 12 ක් නිරූපනය කෙරේ.
සුවිශේෂී කායිඩන් උල්කාව, ෆෝබෝස්ගේ කැබැල්ලක් වන්නට ඇති බවටද මතයක් පැවතුණි.එහෙත් එය ද සහතික කිරීමට අපහසු වී ඇත්තේ ෆෝබෝස් ගේ සංයුතිය පිළිබඳව සොයා ගෙන ඇති කරුණු අල්පයක් වන බැවිනි
ආශ්‍රිත [සංස්කරණය]
- ↑ NASA Celestia
- ↑ "Mars: Moons: Phobos". NASA Solar System Exploration. September 30, 2003. http://solarsystem.nasa.gov/planets/profile.cfm?Object=Mar_Phobos. සම්ප්‍රවේශය කෙරුණු දිනය August 18, 2008.
- ↑ 3.0 3.1 "Planetary Satellite Physical Parameters". JPL (Solar System Dynamics). July 13, 2006. http://ssd.jpl.nasa.gov/?sat_phys_par. සම්ප්‍රවේශය කෙරුණු දිනය January 29, 2008.
- ↑ "Mars Express closes in on the origin of Mars' larger moon". DLR. October 16, 2008. http://www.dlr.de/mars/en/desktopdefault.aspx/tabid-207/422_read-13776/. සම්ප්‍රවේශය කෙරුණු දිනය October 16, 2008.
- ↑ use a spherical radius of 11.1 km (6.9 mi); volume of a sphere * density of 1.877 g/cm³ yields a mass (m=d*v) of 1.07 × 1016 kg and an escape velocity (sqrt((2*g*m)/r)) of 11.3 m/s (40 km/h)
- ↑ 6.0 6.1 Andert, T. P.; Rosenblatt, P.; Pätzold, M.; Häusler, B.; Dehant, V.; Tyler, G. L.; Marty, J. C. (2010-05-07). "Precise mass determination and the nature of Phobos". Geophysical Research Letters (American Geophysical Union) 37 (L09202). doi:10.1029/2009GL041829. http://www.agu.org/pubs/crossref/2010/2009GL041829.shtml. Retrieved 2010-10-01.
- ↑ "Classic Satellites of the Solar System". Observatorio ARVAL. http://www.oarval.org/ClasSaten.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය September 28, 2007.