විශ්වය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Constellation Fornax, EXtreme Deep Field.jpg
Milky Way IR Spitzer.jpg

විශ්වය යන වදන අසන බොහෝ දෙනෙකු සිතන්නේ එය ඈත අභ්‍යවකාශයේ අති දෙයක් ලෙසිනි. එය එසේ නොවේ. විශ්වය යයි කී විට ඔබට පෙනෙන, නොපෙනෙන, ඇසෙන, නොඇසෙන ආදී වූ සියල්ල අයත්ය. ඔබේ ගෙය, ගම, නගරය හා රට විශ්වයට අයත්ය.

විද්‍යාඥයෝ මේ විශ්වයේ ස්වභාවය හා එය ආරම්භ වූ ආකාරය ගැන ගවේෂණ රැසක් සිදු කොට අත. ඔවුන් ඒ ගැන යම් යම් කරුණු දැනගෙන අතත් බොහෝ දේ දැනගෙන නැත. ඔවුන්ට විශ්වය ගැන සියලු දේ දැනගන්නට හැකි වේද?, එය කළ හැකිද? කියා කිසිවකුට කීමට නුපුළුවන.

විශ්වය නිර්මාණය වී අති ප්‍රධාන කොටස් ලෙස විද්‍යාඥයින් සලකන්නේ චක්‍රාවාටයි. අප වෙසෙන පෘථිවිය අයත් අව්න්නේද එවන් චක්‍රාවාටයකටය. චක්‍රාවාටයකට තාරකා බිලියන ගණනක් ඇතුලත්ය. අප වෙසෙන පෘථිවිය අයත් චක්‍රාවාටයේ තරු බිලියන සියයක් පමණ ඇතයි පැවසේ. ඊට ක්ෂීරපථය යන නම භාවිතා කරයි.

විද්‍යාඥයන් පවසන පරිදී චක්‍රාවාට කිහිපයක් එක්ව තැනුණු චක්‍රාවාට පොකුරු ඇත. ගෝලාකාර, විවෘත, ඉලිප්සාකාර, සර්පිලාකාර, ලිහිල්, සලාවැටුම් ආකාර වැනි විවිධ කාණ්ඩ වලට අයත් චක්‍රාවාට පොකුරු අතැයි විද්‍යාඥයින් පවසයි.

අප අයත් චක්‍රාවාටය ඇති ප්‍රදේශයේ මැගලයින් ක්ලවුඩ්, මහා වලසා, ස්කල්ප්ටර් ඩ්‍රැකෝ, ඇන්ඩ්‍රොමීඩා හා ලියෝ ආදී චක්‍රාවාට සමූහයක් ඇතැයි පැවසේ. ඒ හැම "ස්ථානීය" කණ්ඩායම යන නමින් "පොකුරක්" සේ හැඳින්වේ. එවන් පොකුරු රැසක් එක්වීමෙන් සුපිරි පොකුරක් සෑදේ.

1917 දී ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කළ සාපේක්ෂතා වාදය ඔස්සේ සිත මෙහෙය වූ රුසියානු යුදෙව් ජාතික ඇලෙක්සැන්ඩර් ෆ්‍රීඩ්මාන් විශ්වයේ ඇති චක්‍රාවාට එකිනෙකින් ඈත් වෙමින් පවතින බව ප්‍රකාශ කළේය. එඩ්වින් පි. හබල් හා මිල්ටන් හියුමේසන් යන තාරකා විද්‍යාඥයින් දෙදෙනා 1929 දී ඒ අදහස වඩාත් පැහැදිලි කොට තහවුරු කොට තිබේ.

විශ්වයේ උපත පිළිබඳ මත[සංස්කරණය]

මහා පිපිරුම් වාදය[සංස්කරණය]

මහා පිපිරුම් වාදය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ ජෝර්ජ් ගැමොව් නම් රුසියනු ජාතික විද්‍යාඥයාය. පසුව ඇබේ ලමේත්‍ර නම් ප්‍රංශ විද්‍යඥයෙක් එම මතය විස්ථාරණය කළේය. මොවුන් විශ්වය පිළිබඳ ප්‍රකාශ කළේ මෙවන් අදහසකි.

"ඈත අතීතයේ විශ්වයේ සියලු කොටස් එක්තැන්ව තිබිණි. එම කුඩා එකතුව තුල සිදූවූ මහා පිපිරුමකින් විශ්වයේ සියලු කොටස් විසිරී ගියේය. ඒ විසිරී ගිය කොටස් වලින් චක්‍රාවාට නිර්මාණය වූ මූලද්‍රවය පහළ විය."

CERN ආයතනයේ ALICE උපකරණය භාවිතා කරන පර්යේෂක කණ්ඩායමක් පෙන්වා දෙන්නේ විශ්වයේ මුල් අවධියේදී එය ඝනත්වයෙන් සහ උෂ්ණත්වයෙන් ඉතා වැඩි ද්‍රවයක් ලෙස පැවතුන බවයි.

හැකි උපරිම ශක්තියෙන් ඊයම් න්‍යෂ්ටි ත්වරණයට ලක්කර එකිනෙක ගැටීමට සැලැස්වීමෙන් ALICE උපකරණය තුල දැඩි උෂ්නත්වයෙන් සහ ඝනත්වයෙන් යුත් උප-පරමාණුක අංශු සෑදීමට හැකි විය. මෙම අවස්ථාව විශ්වය බිහිවීමෙන් පසුව ප්‍රථම මයික්‍රෝ තප්පර කිහිපයට සමාන ය. මෙම පුංචි "මහා පිපිරුම" සිදුවීමේදී අංශක ට්‍රිලියන 10කට අධික උෂ්නත්වයක් ජනනය වූ බවද විද්‍යාඥයින් පවස යි.

මෙවන් උෂ්නත්වයකදී සමාන්‍ය පදාර්ථ නම් උණු වී "සූපයක්" (en:soup) නිර්මාණය වේ. මෙය ක්වාක්-ග්ලූවෝන් ප්ලාස්මා (en:quark-gluon plasma) නම් වේ. මීට පෙර ඇමරිකාවේදී මීට අඩු ශක්ති යටතේ කල පර්යේෂණ වලදී පෙන්වා දුන්නේ මෙවන් අවස්ථාවලදී නිර්මාණය වන අංශු ද්‍රව ලෙස ක්‍රියා කරන බවයි. නමුත් බොහෝ දෙනා අපේක්ෂා කලේ ක්වාක් ග්ලූවෝන් ප්ලාස්මාව වායුවක් ලෙස ක්‍රියා කරනු ඇතැයි කියා ය.

මේ අනුව බලන කල මහා පිපිරුමෙන් පසුව විශ්වය ද්‍රවයක් ලෙස පැවතුන බව පැහැදිලි ය. මේ අතර විද්‍යාඥයින් නිරීක්ෂණය කල අනෙක් දේ නම් ‍මීට පෙර ‍භෞතික විද්‍යා ආකෘති වල පෙන්වා දුන්නාට වඩා වැඩි උපපමාණුක අංශු ප්‍රමාණයක් නිෂ්පාදනය වීම යි.

පෘථිවිය, මෙසේ පහල වූ අපේ චක්‍රාවාටයට අයත් සෞරග්‍රහ මණ්ඩලයේ එක් සාමාජිකයෙක් වේ.

මහා පිපිරුම් වාදයෙන් ප්‍රකට වන කරුණු[සංස්කරණය]

  1. විශ්වයේ අද පවත්නා මූලද්‍රව්‍යයන්ගේ උපත සිදුවූ අයුරු.
  2. විශ්වය පුරා පැතිර ඇති ක්ෂුද්‍ර තරංග වල පසුබිම් විකිරණය සිදුවන ආකාරය.

ස්ථාවර තත්ත්ව වාදය[සංස්කරණය]

මෙම මතය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ ඔස්ට්‍රියානු ජාතිකයන් වූ හර්මන් බොන්ඩ් හා තෝමස් ගෝල්ග් යන විද්‍යාඥයින් දෙදෙනාය. පසුව බ්‍රිතාන්‍ය ජාතික ෆ්‍රෙඩ් හොයිල් එය තවත් පැහැදිලි කළේය.

මේ මතයෙන් ප්‍රකාශ වන්නේ ඈත අතීතයේ සිට මේ දක්වා විශ්වය එකම ස්වරූපයෙන් පැවති බවත්, අනාගතයේ ද එම ස්වරෑපයෙන් පවත්නා බවත්ය.

මෙම මතයෙන් ප්‍රකට වන මූලික අදහස[සංස්කරණය]

  1. විශ්වයේ අති චක්‍රාවාට නිරන්තරයෙන්ම ප්‍රසාරනය වෙයි.
  2. චක්‍රාවාට කලින් කලට අතුරුදහන් වෙයි.
  3. ඒ වෙනුවට නව චක්‍රාවාට පහල වෙයි.

නව ස්ථාවර තත්ත්ව වාදය[සංස්කරණය]

නව ස්ථාවර තත්ත්ව වාදය ඉදිරිපත් කිරීමට මුල් වූයේ බ්‍රිතාන්‍ය ජාතික ෆ්‍රෙඩ් හොයිල්, ස්‍රී ලාංකික විද්‍යාඥ චන්ද්‍රා වික්‍රමසිංහ, හා ඉන්දියානු ජයන්ත් නාලිකර් යන විද්වතුන්ය.

මේ මතයෙන් ප්‍රකාශ වූයේ විශ්වය ආරම්භයක් නැති අසීමිත වයසක් ඇති දෙයක් බවයි. එහි අගක් මුලක් නැත. කාලය අතින් අසීමිතය. අපරිමිතය. එහි තැන් තැන්හි සිදුවන කුඩා පිපුරුම් නිසා එසේ සිදුවන ප්‍රදේශ ප්‍රසාරණය වේ.

බ්‍රිතාන්‍ය ජාතික ස්ටීවන් හෝකින්ස් නම් විද්‍යාඥයා විශ්වය පිළිබඳව විස්තර කිරීමට ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව උපයෝගී කරගෙන ඇත.

ස්පන්දමාන විශ්ව වාදය[සංස්කරණය]

මෙම නවතම මතය ඉදිරිපත් කරන ලද්දේ විලියම් බොනර් නම් බ්‍රිතාන්‍ය ජාතික තාරකා විද්‍යාඥයා විසිනි.

මේ මතයෙන් ප්‍රකශ වන්නේ විශ්වයේ මුල මැද හෝ අග නැති බව නොවේ. එය අනන්ත කාලයක් පවත්නා බවයි. එය අවස්ථාවක ඝන වස්තුවක් සේ එකට පැවතුණි. දැන් එය විසිරෙමින් පවතී. එසේ විසිර ගිය එය යළි එක්‍ රැස් වේ. යළිත් විසිරේ. යළි එක් රැස් වේ. මෙම ක්‍රියාවලිය නොකඩවාම සිදුවේ.

මේ මතය භෞතික විද්‍යවේ නියමයන්ටත්, අයින්ස්ටයින් හෙළි කළ සාපේක්ෂතා වාදයටත් බෙහෙවින් එකඟ බැව් පැවසේ. එහෙත් මෙය විශ්වයේ සම්භවය ගැන විස්තර නොකරයි.

CMB Timeline300 no WMAP.jpg

විශ්වය යනු කුමක්ද?[සංස්කරණය]

විශ්වය යනු ඉමක් කොනක්, කෙලවරක් දැකගත නොහැකි මන්දාකිනි හෙවත් චක්‍රාවාට සමූහයකි. විශ්වයට නිහාරිකා, චක්‍රාවාට, තාරකා, ග්‍රහලෝක, ධූමකේතු, ග්‍රාහක, වායු, දූවිලි ආදී අද පවත්නා සියලු දේ අයත්ය. මෙතෙක් පැවති සහ අනාගතයේ පවත්නා දෙවල්ද ඊට අයත්ය.

චක්‍රාවාට[සංස්කරණය]

අවුරුදු බිලියන ගණනකට පෙර ඇති විශාල පිපිරීමකින් චක්‍රාවාට නිර්මාණය වූ බව විශ්වාස කෙරේ.

තාරකා[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=විශ්වය&oldid=319689" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි