චන්ද්‍ර ගවේෂණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඇපලෝ 12 චන්ද්‍ර ගවේෂණ මොඩියුලය සද මතුපිට දෙසට ගොඩ බෑමට සුදානම් වෙයි. නාසා ඡායාරූප

සෝවියට් සංගමය විසින් අභ්‍යාවකාශගත කෙරුණු, අභ්‍යාවකාශ ගවේෂකයක් වූ ලූනා 2 1959 සැප්තැම්බර් 14 වන දනදී සඳෙහි පාෂ්ඨය මත ගැටුම් පතනය වීමත් සමගම චන්ද්‍ර ගවේෂණය භෞතික ලෙසින් ඇරඹිනි. එයට පෙර ගවේෂණය සඳහා පැවති එකම විධික්‍රමය වුයේ නිරීක්ෂණය පමණි. ප්‍රකාශ දුරේක්ෂයේ සොයාගැනීමත් සමගම චන්ද්‍ර නිරික්ෂණයන්හී තත්ත්වය පිලිබඳ යෝධ පිමිමක් පැනීමට හැකි විය. තාරකා විද්‍යාත්මක කටයුතු සදහා දුරේක්ෂ්‍යක් භාවිතා කල පළමු වැන්නා ලෙස ගැලීලියෝ ගැලීලි සම්මාන ලබයි. ඔහු විසින් 1609 දී සාදා ගන්නා ලද දුරේක්ෂය මගින් පළමුව නිරීක්ෂණය කරන ලද දේවල් අතරට චන්ද්‍ර පෘෂ්ඨය මත වු කඳු සහ ආවාට අයත් විය.

1969 දී නාසාහී ඇපලෝ ව්‍යාපෘතිය විසින් ප්‍රථම වරට සඳ මතට සාර්ථකව මිනිසුන් ගොඩ බස්වන ලදී. ඔවුන් එහිදී විද්‍යාත්මක පර්යේෂණ සිදු කොට පාෂෘණ හා දත්ත නැවත රැගෙන එන ලද අතර ඒවා ආශ්‍රයෙන් ඇඟවූයේ චන්ද්‍රයා සංයුතියෙන් පෘථිවියට සමරූපී බවයි.

චන්ද්‍රයාගේ ඉතිහාසය[සංස්කරණය]

ඇරිස්ටෝටල්ගේ දර්ශනයේ සඳෙන් ආරම්භ වන දිව්‍ය ලෝක පරිපූර්ණභාවයේ රාජධානීන් පිළිබඳව සඳහන් වේ. උප චන්ද්‍ර ප්‍රදේශ වෙනස් වීමේ හා දුෂණයේ රාජධානීන්ද වේ. මෙම ප්‍රදේශ අතර ඕනෑම අනුභාරයක් තදින් නීතියට පටහැනි වේ. ඇරිස්ටෝටල් ඔහු විසින්ම යෝජනා කළ පරිදි සඳ ද දූෂණයේ රාජධානියෙන් ඇතැම් විට කෙළෙසීමට ලක් වී ඇත. “සඳේ කක්ෂයට මුහුණ ලා” යන ඔහුගේ කුඩා ග්‍රන්ථයෙහි ප්ලූටෝ විසින් සඳ සහ පෘථිවිය අතර සම්බන්ධතාවය වෙනස් කෝණවලින් ප්‍රකාශයට පත් කරන ලදි. ඔහු යෝජනා කළ පරිදි සඳට ගැඹුරු ගුප්ත ස්ථාන ඇති අතර ඒවාට හිරු එළිය නොලැබෙන අතර ලප යනු අන් කවරක්වත් නොව ගංඟා හා අගල්වල සෙවනැලි වේ. ඔහු සඳ ජනාවාස වී ඇති බව ප්‍රීතියෙන් යුතුව ප්‍රකාශ කළේය. සඳ පරිපූර්ණ දර්පණයක් වන බවත් එහි සලකුණු පෘථිවි ලක්ෂණයන්ගේ පරාවර්තනයන් වන බවට පුරාවෘත්තයන්හි යෝජනා වී ඇත. මෙම විස්තර කිරීම පහසුවෙන් ප්‍රතික්ෂේප කෙරුණේ පෘථිවිය වටා පරිභ්‍රමණයේ දී එහි මූණත කිසිදා වෙනස් නොවන බැවිනි. අවසානයේ සම්මත වූ පැහැදිලි කිරීම වූයේ පරිපූර්ණ ගෝලාකාර වස්තුවක් වූ සඳේ ඝනත්වයට විචලනයන් ඇති බවත් ඒවා මෙම ආචරණය ඇති කරන බවත් ය. චන්ද්‍රයාගේ පරිපූර්ණ බව නිසා දිව්‍ය ලෝක සුරක්ෂිත වී ඇත.

ඇරිස්ටෝටල්ගේ මධ්‍ය කාලීන අනුගාමිකයන් ඉස්ලාම් ලෝකය හා අනතුරුව ක්‍රිස්තියානීන් යුරෝපයේ සිටි අතර චන්ද්‍ර ලප ඔවුන් විසින් ඇරිස්ටෝලියානු පදවලින් ප්‍රකාශ කිරීමට උත්සාහ දරන ලදහ. තෝමස් හැරියට් හා ගැලීලි පළමු චන්ද්‍ර දුරේක්ෂ ප්‍රතිබිම්භය ඇඳි අතර වසර කිහිපයක් පුරා එය නිරීක්ෂණය කළේය. ඔහුගේ ඇඳීම් කෙසේ නමුත් ප්‍රකාශයට පත් නොවීය. චන්ද්‍රයාගේ පළමු සිතියම මුල්වරට අඳිනු ලැබූයේ බෙල්ජියානු ජාතික විශ්ව රූපකයෙක් හා අභ්‍යවකාශ විද්‍යාඥයෙක් වූ මයිකල් ෆ්ලොරන්ට් විසින් වසර 1645 දීය. වසර 2කට පසු ජෝන්ස් හෙවිලියස් විසින් වඩාත් බලපෑම් සහගත උත්සාහයන් ප්‍රකාශයට පත් කරන ලදී. 1647 දී හෙවිලියස් විසින් selenographia නම් චන්ද්‍රයා පිළිබඳවම කියවෙන ප්‍රථම නිබන්ධනය ප්‍රකාශයට පත් කළේය. 18 වැනි ශතවර්ෂය වනතුරු ප්‍රොතෙස්ත්‍රන්ත රාජ්‍යයන් විසින් හෙවිලියස්ගේ නාමකරණය භාවිතා කරනු ලැබීය. නමුත් වර්ෂ 1651 දී රෝමානු කතෝලික අභ්‍යවකාශ විද්‍යාඥයෙක් වු ගියෝවානි බැටිස්ටා විසින් ප්‍රකාශයට පත් කළ පද්ධතියකින් එය ප්‍රතිස්ථාපනය විය. ඔහු විශාල පියවි ඇසින් දැකගත හැකි චන්ද්‍ර ලප සඳහා මුහුදුවල නම් හා දුරේක්ෂ ලප සඳහා (අද අගාධ නම් වේ) දාර්ශනිකයන්ගේ හා ගඟනගාමීන්ගේ නම් ද ලබා දුනි. 1753 දී ක්‍රොඒෂියානු අභ්‍යාවකාශ විද්‍යාඥයෙකු වූ රොජර් ජෝෂප් විසින් චන්ද්‍රයාට වායුගෝලයක් නොමැති බව සොයා ගන්නා ලදී. 1824 දී ෆ්‍රෑන්ක්ස් වොන් ග්රුක්සන් අගාධවලට හේතුව උල්කාෂ්ම ගැටීම බව විස්තර කළේය.

නූතන ගවේෂණ[සංස්කරණය]

1990 වසරේදී ජපාන අභ්ය/වකාශ යානයක් වු හිටෙන් (Hiten) යානය සඳ වෙත ලඟා වු අතර එත් සමගම චන්ද්රනයා වටා යානයක් කක්ෂ ගත කල තෙවැනි රට බවට ජපානය පත් විය. අභ්යසවකාශ යානය මගින් චන්ද්ර යාගේ කක්ෂය වෙත හැගොමෝ (Hagormo) ඒෂණීය නිදහස් කල නමුත් සම්ප්රේශෂකය දෝෂ සහිත වීම හේතුවෙන් එම මෙහෙයුමේ තව දුරටත් විද්යාඳත්මක වශයෙන් ප්රමයෝජනවත් නොවීය. 2007 සැප්තැම්බර් මාසයේදී සෙලීන් (SELENE) නම් යානය චන්ද්ර යාගේ නිර්මාණය වීම සහ පරිණාමය පිළිබද විද්යාරත්මක දත්ත ලබා ගැනීමත් අනාගත චන්ද්ර ගවේෂණ සදහා තාක්ෂණය වැඩි දියුණු කිරීමත් අරමුණු කොට ගෙන අභ්යමවකාශ ගත කල බව JAXA නිළ වෙබ් අඩවියේ සදහන් වේ.

නාසා ආයතනය විසින් ‍ක්ලෙමන්ටයින් (Clementine) සහ ලුනා ප්රෝශස්පෙක්ටර් (Lunar Prospector) යන මෙහෙයුම් පිලිවෙලින් 1994 සහ 1998 යන වර්ෂ වලදී දියත් කරන ලදී.

1998 වසරේදී චීනයේ හොංකොං වලට අයත් HGS 1 නම් වාණිජ චන්ද්රි්කාව සිය කක්ෂීය ආනතිය වෙනස් කර ගැනීම සදහා දෙවරක් චන්ද්ර්යාට ආසන්නයෙන් ගමන් කළේය.

2003 වසරේ සැප්තැම්බර් මාසයේ 27 වැනි දින යුරෝපීය අභ්ය්වකාශ ආයතනය විසින් ස්මාර්ට් (SMART) 1 නම් අඩු වියදම් කුඩා යානයක් අභ්යනවකාශ ගත කල අතර එය චන්ද්රියා වටා කක්ෂ ගත වන ආකාර එකක් විය. ස්මාර්ට් 1 යානයේ මූලික අරමුණ වුයේ චන්ද්රයයාගේ පෘෂ්ඨයේ ත්රිනමාන එක්ස් කිරණ සහ අධෝරක්ත ඡායාරූප ලබාගැනීමයි. ස්මාර්ට් 1 යානය 2004 වසරේ නොවැම්බර් මස 15 වැනි දින චන්ද්ර යා වටා කක්ෂ ගත වු අතර 2006 වස‍ෙර් සැප්තැම්බර් මස 03 වැනි දින දක්වා එය නිරීක්ෂණ කටයුතු වල යෙදුනි. 2006 වසරේ සැප්තැම්බර් මස 03 වැනි දින ඝට්ටනයෙන් ඇති වන දුහුවිලි වළාව අධ්යුයනය පිණිස එම යානය චන්ද්ර්යා මතට කඩා වැටීමට සලස්වන ලදී.

මහජන චීන සමූහාණ්ඩුව මේ වන විට චන්ද්‍ර ගවේෂණය සඳහා චැංගේ වැඩ සටහන ආරම්භ කර ඇති අතර, පෘථිවිය මත ශක්ති ප්‍රභවයක් ලෙසින් භාවිතා කරනු වස් හීලියම්-3 සමස්ථානිකය සඳහා චන්ද්‍රයා මත කැණීම් ඇරඹීමට ඇති හැකියාව අධ්‍යයනය කරමින් සිටිති. චීනය සිය Chang’e 1 රොබෝ චන්ද්රය යානය 2007 – 10 – 24 දින අභ්යකවකාශ ගත කරන ලදී.

චන්ද්‍රයා ගවේෂණයේ අනාගත සැලසුම්[සංස්කරණය]

යෝජිත මිනිසුන් රහිත මෙහෙයුම වූ ලූනා රීකනයිසන්ස් ඕබිටරය

2004-01-14 වැනිදා ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් W. බුෂ් 2020 වර්ෂය වන විට නව මිනිසුන් සහිත චන්ද්‍ර මෙහෙයුම්වලින් යුත් සැලසුමක් සඳහා වූ Vision for Space exploration ප්‍රකාශයට පත් කරන ලදී. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා නාසාහි සැලසුම 2005 මාර්තු 19 ප්‍රකාශයට පත් කළ අතර විවේචකයන් විසින් එය ඇපලෝ 2.0 ලෙස නම් කළේය. පුරෝගාමී මිනිසුන් රහිත මෙහෙයුම වූ ලූනා රීකනයිසන්ස් ඕබිටරය (Lunar reconnaissance orbiter) 2008 දී නිකුත් කිරීමට සැලසුම් කර ඇත. මෙම LRO විසින් සඳ මතුපිටෙහි අධි විභේදන ඡායාරූප ගනු ලබන අතර මෙමඟින් චන්ද්‍ර ආවාට නිරීක්ෂණය කිරීමේ හා සංවේදනය කිරීමේ චන්ද්‍රිකාව (LCROSS) රැගෙන යනු ඇත. එමඟින් ෂැකල්ඩන් ආවාටයෙහි ජලය පැවතීමට ඇති හැකියාවක් ගැන පර්යේෂණ සිදු කෙරෙනු ඇත.


චීනය විසින් 2012 දී සඳ මතට රෝවරයක් ගොඩ බැස්වීමටත් 2017 දී සාම්පල නැවත රැගෙන ඒමේ මෙහෙයුමක් සංවිධානය කිරීමටත් සැලසුම් සකස් කරයි. චීනය විසින් 2020 ට පෙර සඳ මත ගඟනගාමීන් ගොඩ බැස්සවීමට රුසියාව සමඟ සහයෝගීව කටයුතු කිරීමට ද එකඟතාවයකට එළඹී ඇත.

2010 ට පෙර නිකුත් කිරීමට හැකිවන පරිදි ජපානය විසින් LUNAR –A නැවත සැලසුම් කර ඇත. ජපාන අභ්‍යවකාශ ඒජන්සිය 2020 ආසන්නයේ දී මිනිසුන් සහිත චන්ද්‍ර ගොඩබෑමක් සැලසුම් කර ඇති අතර එමඟින් 2030 වන විට මිනිසුන් සහිත චන්ද්‍ර මධ්‍යස්ථානයකට මඟ පාදයි. කෙසේ නමුත් තවමත් මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන වෙන් වී නොමැත.

2008 අප්‍රේල් වන විට ඉන්දියාව මිනිසුන් රහිත චන්ද්‍ර ඕබිටරයක් වන චන්ද්‍රයාන් නිකුත් කිරීමට අපේක්ෂා කරයි. ඉන්දියානු අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) සම්පූර්ණයෙන්ම තමන්ගේ වන මිනිසුන් සහිත අභ්‍යාවකාශ ගවේෂණයක් එළඹෙන දශකය තුළ සිදු කිරීමට සැලසුම් කරන අතර 2014 වන විට අභ්‍යාවකාශයට මිනිසෙකු යැවීමටත් 2020 දී මිනිසෙකු සඳ මතට ගොඩ බැස්සවීමටත් සැලසුම් කර ඇත.

රුසියාව විසින් ද ඔවුන් විසින් නතර කර දමනු ලැබ තිබූ මිනිසුන් රහිත ලෑන්ඩරයක් හා ඕබිටරයක් වූ ලූනා ග්ලෝබ් ද නැවත ආරම්භ කරන බවට ප්‍රකාශයක් කර ඇත. එය 2012 දී නිකුත් කිරීමට බලාපොරොත්තු වේ.

ජර්මනිය ද 2007 මාර්තු මාසයේ දී ප්‍රකාශයට පත් කර සිටියේ ඔවුන් විසින් 2012 දී ජාතික චන්ද්‍ර ඕබිටරය LEO නිකුත් කරන බවයි.

2007 අගෝස්තු මාසයේ දී නාසා විසින් ප්‍රකාශ කරනු ලැබුවේ සියලු අනාගත මෙහෙයුම් හා චන්ද්‍ර ගවේෂණ සිදු කරනු ලබන්නේ සම්පූර්ණයෙන්ම මෙට්‍රික් පද්ධති භාවිතයෙන් බවයි. මෙය සිදු කරනු ලබන්නේ දැනටමත් මෙට්‍රික් පද්ධති භාවිතා කරන අනෙකුත් රටවල අභ්‍යවකාශ ඒජන්සි සමඟ සහයෝගීත්වය වර්ධනය කර ගැනීම සඳහාය.

යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය ද අවුරෝරා වැඩසටහනේ කොටසක් ලෙස සඳ මතට මිනිසුන් සහිත මෙහෙයුමක් දියත් කිරීම සඳහා වූ එහි අරමුණ ප්‍රකාශයට පත් කරන ලදී.

2007 සැප්තැම්බර් 13 වනදා X Prize සංවිධානය ගූගල් සමඟ Google Lunar Xprize ප්‍රකාශයට පත් කරන ලදී. මෙම තරගයට තරඟ වදින්නන් හට පුද්ගලිකව ධනය යොදවන ලද රොබෝ රෝවර චන්ද්‍රයා මත ගොඩ බැස්වීමටත් අවම වශයෙන් සඳ මතුපිට මීටර් 500ක් ගමන් කිරීම හා පෘථිවිය වෙතට වීඩියෝ, රූප හා දත්ත නැවත එවීම ඇතුලු මෙහෙයුම් අරමුණු කිහිපයක් ඉටු කිරීමටත් සිදු වේ.

සටහන්[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=චන්ද්‍ර_ගවේෂණය&oldid=250182" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි