යුරෝපා (චන්ද්‍රයා)
Europa's trailing hemisphere, as seen by the Galileo spacecraft. The prominent crater in the lower right is Pwyll. Darker regions are areas where Europa's primarily water ice surface has a higher mineral content.
|
|||||||
|
සොයාගැනීම
|
|||||||
|---|---|---|---|---|---|---|---|
| සොයාගත් තැනැත්තා | Galilei, Galileo Marius, Simon |
||||||
| සොයාගත් දිනය | January 7, 1610[1] | ||||||
|
Designations
|
|||||||
| වෙනත් නම් | Jupiter II | ||||||
| නාම විශේෂණය | Europan | ||||||
| Epoch January 8, 2004 | |||||||
| Periapsis | 664 862 km[3] | ||||||
| Apoapsis | 676 938 km[3] | ||||||
| කක්ෂයේ අරය | 670 900 km[4] | ||||||
| Eccentricity | 0.009[4] | ||||||
| පරිභ්‍රමණ කාලය | 3.551 181 d[4] | ||||||
| පරිභ්‍රමණ වේගය | 13.740 km/s[4] | ||||||
| Inclination | 0.470° (to Jupiter's equator)[4] | ||||||
| මවු ග්‍රහ වස්තුව | Jupiter | ||||||
|
භෞතික ලක්ෂණ
|
|||||||
| මාධ්‍ය අරය | 1569 km (0.245 Earths)[4] | ||||||
| පෘෂ්ඨික වර්ගපලය | 3.09 × 107 km2 (0.061 Earths)[5] | ||||||
| පරිමාව | 1.593 × 1010 km3 (0.015 Earths)[5] | ||||||
| ස්කන්ධය | 4.80 × 1022 kg (0.008 Earths)[4] | ||||||
| මාධ්‍ය ඝනත්වය | 3.01 g/cm3[4] | ||||||
| Equatorial surface gravity | 1.314 m/s2 (0.134 g)[3] | ||||||
| Escape velocity | 2.025 km/s[3] | ||||||
| භ්‍රමණ කාලය | Synchronous[6] | ||||||
| Axial tilt | 0.1°[7] | ||||||
| Albedo | 0.67 ± 0.03[8] | ||||||
| පෘෂ්ඨික උෂ්ණත්වය Surface |
|
||||||
| Apparent magnitude | 5.29 (opposition)[8] | ||||||
|
වායුගෝලය
|
|||||||
| පෘෂ්ඨික පීඩනය | 0.1 µPa (10-12 bar)[10] | ||||||
බ්‍රහස්පතිගේ සය වැනි චන්ද්‍රයා වන යුරෝපා ක්‍රි.ව. 1610 දී ගැලීලියෝ ගැලිලි විසින් සොයාගන්නා ලදී. (නමුත් සමහරුන් දරනා මතය වනුයේ ගැලීලියෝ ගෙන් ස්වාධීනව සයිමන් මේරියස් (Simon Marius ) විසින් මෙම උප ග්‍රහයා සොයා ගන්නා ලද බවයි) යුරෝපා චන්ද්‍රයාට එම නම ලැබී ඇත්තේ පොලිතීෂියානු මාත්‍යා කථාවල පැවතෙන වංශවත් කාන්තාවකගේ නමිනි. ඇය සියුස් (Zeus ) විසින් ආලය කරනු ලැබූ ක්‍රීට්(Crete) හි රැජිණ බවට පත්වූ බව පැවසේ
ගැලීලියානු චන්ද්‍රයින් අතරින් කුඩාම චන්ද්‍රයා වන්නේ යුරෝපා චන්ද්‍රයායි. කි.මි. 3000 කට මදක් වැඩි විෂ්කම්භයකින් යුතු යුරෝපා පෘථිවියේ චන්ද්‍රයාට වඩා කුඩා වන්නේ ස්වල්ප වශවයනි. සෞරග්‍රහ මණ්ඩලයේ චන්ද්‍රයින් අතර සයවැනියට විශාල මෙය එයට වඩා කුඩා සියළුම උපග්‍රහයන්ගේ ස්ක්ධවල එකතුවටත් වඩා වැඩි ස්කන්ධයක් දරයි. මෙහි හරය සිලිකේට් පාෂාන වලින් සහ යකඩ වලින් සමන්විත වේ. යුරෝපාහි තුනීවායු ගෝලයේ මූලික සංඝටකය ඹක්සිජන්වේ. අයිස් වලින් සැදි යුරෝපාහි මතුපිට පෘෂ්ඨය සෞරග්‍රහ මණ්ඩලය තුල දක්නට ලැබේන සුමටම පෘෂ්ඨයන්ගෙන් එකක් ලෙස සැලකේ. ආවාටයන්ගෙන් දුලබ වූ මෙම නැවුම් මතුපිට පෘෂ්ඨය පැළුම් නිසා වයිරම් වැටුණු ස්වභාවයක් උසුලයි. මෙම නැවුම් සහ සුමුදු බව නිසාම මෙම පෘෂ්ඨයට යටින් ජලයෙන් සෑදුණු මුහුදක් පවතින බවට උපකල්පනයක් පවතී. උදම් මගින් ජනනය වූ තාප ශක්තිය මෙම මුහුද ද්‍රව තත්වයෙන් පවත්වා ගැනීමට හේතුවේ. මෙය පිටසක්වළ ජීවයට වාසස්ථානයක් වීමටද ඉඩ ඇත.
2007 වසර වන විටත් ආසන්නයෙන් පියඹා යෑමේ මෙහෙයුම් වලට පමණක් (only fly by mission) යුරෝපා ලක් වී ඇත. යුරෝපාහි ඇති කුතුහලය දනවන ලක්ෂණ පරීක්ෂණ බොහෝ ප්‍රමාණයකට මඟ පාදා ඇත.ගැලිලීයෝ මෙහෙයුම් මගින් යුරෝපා පිළිබඳව වත්මන් දත්ත බොහොමයක් අනාවරණය කෙරුනු අතර 2005 දී අවලංගු වු ජුපිටර් අයිස් මූන් එබ්ටර් (Jupiter Icy moon Orbiter) මෙහෙයුම් යුරෝපා , ගැනිමේඩ් හා කැලිසටෝ යන චන්ද්‍රයින් පාදක කරගත් එකක් විය. පිටසක්වල ජීවය පිලිබඳ උපකල්පනය මෙම චන්ද්‍රයාට විශේෂිත ස්ථානයක් හිමිකර දී ඇති අතර අනාගත මෙහෙයුම් වලදී විශේෂ නවාතැන් පලක් බවට යුරෝපා චන්ද්‍රයා පත් කර ඇත.
[සංස්කරණය] මූලාශ්‍ර
- ↑ උපන්‍යාස දෝෂය: අනීතික
<ref>ටැගය;IAUMoonDiscoveriesනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ "JPL HORIZONS solar system data and ephemeris computation service". Solar System Dynamics. NASA, Jet Propulsion Laboratory. http://ssd.jpl.nasa.gov/horizons.cgi. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-08-10.
- ↑ 3.0 3.1 3.2 3.3 Calculated on the basis of other parameters
- ↑ 4.0 4.1 4.2 4.3 4.4 4.5 4.6 4.7 "Overview of Europa Facts". NASA. http://www2.jpl.nasa.gov/galileo/europa/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-12-27.
- ↑ 5.0 5.1 Using the mean radius
- ↑ See Geissler et al. (1998) in orbit section for evidence of non-synchronous orbit.
- ↑ Bills, Bruce G. (2005). "Free and forced obliquities of the Galilean satellites of Jupiter". Icarus 175: 233–247. doi:10.1016/j.icarus.2004.10.028. http://adsabs.harvard.edu/abs/2005Icar..175..233B.
- ↑ 8.0 8.1 Yeomans, Donald K. (2006-07-13). "Planetary Satellite Physical Parameters". JPL Solar System Dynamics. http://ssd.jpl.nasa.gov/?sat_phys_par. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-11-05.
- ↑ උපන්‍යාස දෝෂය: අනීතික
<ref>ටැගය;cycloනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ McGrath (2009). "Atmosphere of Europa". in Pappalardo, Robert T.; McKinnon, William B.; and Khurana, Krishan K.. Europa. University of Arizona Press. ISBN 0-816-52844-6.