Jump to content

ඉරානය

Coordinates: 32°N 53°E / 32°N 53°E / 32; 53
විකිපීඩියා වෙතින්
(Persia වෙතින් යළි-යොමු කරන ලදි)
ඉරාන ඉස්ලාමීය ජනරජය
جمهوری اسلامی ایران (පර්සියානු)
Jomhuri-ye Eslâmi-ye Irân
Flag of ඉරානය
Flag
Emblem of ඉරානය
Emblem
උද්යෝග පාඨය: استقلال، آزادی، جمهوری اسلامی
Esteqlâl, Âzâdi, Jomhuri-ye Eslâmi
"Independence, freedom, the Islamic Republic"
(de facto)[1]
ජාතික ගීය: سرود ملی جمهوری اسلامی ایران
Sorud-e Melli-ye Jomhuri-ye Eslâmi-ye Irân
"National Anthem of the Islamic Republic of Iran"
අගනුවර
සහ විශාලතම නගරය
ටෙහ්රාන්
35°41′N 51°25′E / 35.683°N 51.417°E / 35.683; 51.417
නිල භාෂා(ව)පර්සියානු
පිළිගත් ප්‍රාදේශීය භාෂා(ව)
National languageපර්සියානු
ජනවාර්ගික කණ්ඩායම්
(2003 estimate)[5]
ජාති නාම(ය)Iranian
රජයUnitary presidential theocratic Islamic republic
ව්‍යවස්ථාදායකයIslamic Consultative Assembly
Establishment history
ආ. 3200 BC
ආ. 678 BC
550 BC
247 BC
224 AD
821
1501
1736
1751
1796
15 December 1925
11 February 1979
3 December 1979
28 July 1989
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
1,648,195 km2 (636,372 sq mi) (17th)
• ජලය (%)
1.63 (as of 2015)[6]
ජනගහණය
• 2024 ඇස්තමේන්තුව
Neutral increase 89,705,600[7] (17th)
• ජන ඝණත්වය
55/km2 (142.4/sq mi) (132nd)
දදේනි (ක්‍රශසා)2024 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $1.855 trillion[8] (19th)
• ඒක පුද්ගල
Increase $21,220[8] (78th)
දදේනි (නාමික)2024 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $464,181 billion[8] (34th)
• ඒක පුද්ගල
Increase $5,310[8] (113th)
ගිනි (2019)40.9[9]
මධ්‍යම
මාසද (2022)Increase 0.780[10]
ඉහළ · 78th
ව්‍යවහාර මුදලIranian rial (ریال) (IRR)
වේලා කලාපයUTC+3:30 (IRST)
දින ආකෘතිyyyy/mm/dd (SH)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+98
ISO 3166 codeIR
අන්තර්ජාල TLD

නිල වශයෙන් ඉරාන ඉස්ලාමීය ජනරජය (IRI)[a] ලෙස හැඳින්වෙන සහ පර්සියාව ලෙසින්ද හැඳින්වෙන,[b] , ඉරානය,[c] යනු, බටහිර ආසියාවෙහි රටකි. බටහිරින් ඉරාකයටද, වයඹ දෙසින් තුර්කියට, අසර්බයිජානයට, සහ ආර්මේනියාවටද, උතුරින් කැස්පියන් මුහුදටද, ඊසාන දෙසින් ටර්ක්මෙනිස්තානයටද, නැගෙනහිර දෙසින් ඇෆ්ගනිස්තානයටද, නිරිත දිගින් පකිස්තානයටද, සහ දකුණු දෙසින් ඕමාන් බොක්කට සහ පර්සියානු බොක්කටද එය මායිම්ව ඇත. 1,648,195 km2 (636,372 sq mi) ප්‍රමාණයක භූමිභාගයක් තුල මිලියන 92 කට අධික බහු-වාර්ගික ජනගහනයක් සහිත ඉරානය, භූගෝලීය ප්‍රමාණය අනුව සහ ජනගහනය අනුව යන දෙයාකාරයටම ගෝලීය වශයෙන් 17වන අනුස්ථිතිය හිමි කර ගනියි. [12] එය සමස්ත ආසියාවෙහි හයවන-විශාලතම රට මෙන්ම ලෝකයෙහි වඩාත් කඳු සහිත රටවල් අතරින් එකකි. නිල වශයෙන් ඉස්ලාමීය ජනරජයක් වන ඉරානය, ප්‍රදේශ පහකට සහ පළාත් 31 කට බෙදා ඇත. ටෙහෙරාන් අගනුවර වේ. එහි තෙල් සංචිත වන පෙට්‍රොලියම් සහ ස්වභාවික වායු ලෝක ආර්ථිකයේ විශේෂ බලශක්ති ආරක්ෂණය සහ ලෝක ආර්ථිකයේ විශේෂ තැනක් ගනී. මෙහි පළමුවන රාජධානිය වන එලමයිට් පිහිටුවනු ලැබුවේ ක්‍රි.පූ. 2800 හිය. ඉරානයෙන් මේඩීස් බි.සි.ඊ. 625 න් ඉරානය රාජ්‍යයක් කරන ලදී. පර්ෂියානු වේ පිබිදීමත් සමඟ සාහිත්‍ය දර්ශන විද්‍යාව,ඖෂධ තාරකා විද්‍යාව, ගණිතය සහ සෞන්දර්ය මුස්ලිම් ජනාවාස වල මුලික පද්ධති විය. 1501 දී සෆවිසි රාජ්‍යය පාලනයෙන් නිදහස ලැබීය.1906 දී පර්සියානු ව්‍යවස්ථාදායක විප්ලවීය විසින් රටේ පළමු පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක රාජ තන්ත්‍රයක් ඇතිව නිර්මාණය කළහ. 1976 අප්‍රේල් 01 ඉරාන් විප්ල‍වයෙන් පසු නිල වශයෙන් එය ඉස්ලාමීය සමූහාණ්ඩුවක් විය. ඉරානය UN, NAM,OIC,OPAC සංවිධාන වල නිර්මාතෘ සාමාජිකයකි. ඉරාන දේශපාලන පද්ධතිය 1979 ව්‍යවස්ථාව මත පවතී.

ඉතිහාසය

[සංස්කරණය]

ඉරානය ලොව පැරණිතම ශිෂ්ටාචාරවලින් එකකට හිමිකම් කියයි. ක්‍රි.පූ. 6 වන සියවසේදී මහා සයිිරස් (Cyrus the Great) විසින් පිහිටුවන ලද අකීමෙනිඩ් අධිරාජ්‍යය ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි.

  • ඉස්ලාමීය යුගය: ක්‍රි.ව. 7 වන සියවසේදී පර්සියාව මුස්ලිම්වරුන් විසින් යටත් කර ගැනීමත් සමඟ ඉස්ලාම් දහම ව්‍යාප්ත විය.
  • නූතන යුගය: 1979 දී සිදු වූ ඉරාන විප්ලවය හරහා එතෙක් පැවති රාජාණ්ඩුව අවසන් වී ඉස්ලාමීය ජනරජයක් ස්ථාපිත විය.

භූගෝලීය පිහිටීම

[සංස්කරණය]

ඉරානය උතුරින් කැස්පියන් මුහුදෙන් ද, දකුණින් පර්සියානු බොක්ක සහ ඕමාන් බොක්කෙන් ද මායිම් වේ. එය කඳු පන්තිවලින් බහුල රටකි. සග්‍රොස් කඳු වැටිය සහ අල්බෝර්ස් කඳු වැටිය මෙහි ප්‍රධාන වේ. රටේ මධ්‍යම ප්‍රදේශය ප්‍රධාන වශයෙන් කාන්තාර ලක්ෂණ පෙන්වයි.

ආර්ථිකය

[සංස්කරණය]

ඉරානය ලොව ප්‍රමුඛතම බලශක්ති සැපයුම්කරුවෙකි. ලොව විශාලතම ස්වභාවික වායු සංචිතවලින් එකක් සහ සිව්වන විශාලතම තෙල් සංචිතය ඉරානය සතු වේ.[13] කෘෂිකාර්මික අංශයෙන් පිස්ටාචියෝ (Pistachios), කුංකුම (Saffron) සහ පලතුරු අපනයනය සඳහා ද ඉරානය ප්‍රසිද්ධය.

ජනගහනය සහ සංස්කෘතිය

[සංස්කරණය]

ඉරානයේ බහුතරයක් පර්සියානු ජාතිකයින් වන අතර අසර්බයිජානි, කුර්දි සහ ලූරී වැනි සුළුතර ජන කොටස් ද ජීවත් වෙති. නිල භාෂාව පර්සියානු (Farsi) වේ.

ඉරාන සංස්කෘතිය කලාව, සාහිත්‍යය සහ ගෘහ නිර්මාණ ශිල්පය අතින් ඉතා පොහොසත් ය. පර්සියානු පලස් (Carpets) ලොව පුරා ඉහළ පිළිගැනීමක් ලබා ඇත.

පාලන තන්ත්‍රය

[සංස්කරණය]

ඉරානය සතු වනුයේ සුවිශේෂී දේශපාලන ක්‍රමයකි. මෙහි උත්තරීතර නායකයා (Supreme Leader) සර්ව බලධාරී වන අතර, ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. නීති පද්ධතිය ඉස්ලාමීය ෂරියා නීතිය මත පදනම් වේ.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Jeroen Temperman (2010). State-Religion Relationships and Human Rights Law: Towards a Right to Religiously Neutral Governance. Brill. pp. 87–. ISBN 978-90-04-18148-9. 10 April 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 June 2015. The official motto of Iran is [the] Takbir ('God is the Greatest' or 'God is Great'). Transliteration Allahu Akbar. As referred to in art. 18 of the constitution of Iran (1979). The de facto motto however is: 'Independence, freedom, the Islamic Republic.'
  2. ^ "Iran – Languages". Encyclopedia Britannica (ඉංග්‍රීසි බසින්). 5 May 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 January 2020.
  3. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; AO නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; CIA නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. ^ Tohidi 2009, පිටු අංකය: 300.
  6. ^ "Surface water and surface water change". Organisation for Economic Co-operation and Development (OECD). 24 March 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 October 2020.
  7. ^ "Iran Population (2024) – Worldometer". 23 November 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 30 March 2024.
  8. ^ a b c d "World Economic Outlook Database, April 2024 Edition. (Iran)". International Monetary Fund. 16 April 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 April 2024.
  9. ^ "Gini index". World Bank. 21 July 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 January 2023.
  10. ^ "Human Development Report 2023/24" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. 13 March 2024. p. 289. 13 March 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 13 March 2024.
  11. ^ a b "ඩෙෆිනිෂන් ඔෆ් ඉරාන්". මේරියම් වෙබ්ස්ටර් (ඉංග්‍රීසි බසින්). 24 සැප්තැම්බර් 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 සැප්තැම්බර් 2022.
  12. ^ "ඉරාන් පොපියුලේෂන් (2025)". වර්ල්ඩොමීටර් (ඉංග්‍රීසි බසින්). 23 නොවැම්බර් 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 මැයි 2025.
  13. ^ World Bank Economic Report - Iran (2023)

වැඩිදුර කියවීමට

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]
  1. ^ පර්සියානු: جمهوری اسلامی ایران, romanized: Jomhuri-ye Eslâmi-ye Irân, pronounced [dʒomhuːˈɾiːje eslɒːˈmiːje ʔiːˈɾɒːn] .
  2. ^ ඉංග්‍රීසි: අසන්නi/ˈpɜːrʒə/ PUR-zhə.[11]
  3. ^ ඉංග්‍රීසි: අසන්නi/ɪˈrɑːn/ ih-RAHN හෝ /ɪˈræn/ ih-RAN හෝ /ˈræn/ eye-RAN;[11] පර්සියානු: ایران, romanized: Irân, pronounced [ʔiːˈɾɒːn] .

මූලාශ්‍ර

[සංස්කරණය]

උපුටාදැක්වීම් දෝෂය: <references> හි "AO" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.

උපුටාදැක්වීම් දෝෂය: <references> හි "CIA" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.

භාහිර සබැඳි

[සංස්කරණය]

32°N 53°E / 32°N 53°E / 32; 53

"https://si.wikipedia.org/w/index.php?title=ඉරානය&oldid=783679" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි