ශ්‍රී ලංකාවේ රක්ෂිත වර්ග
වනජීවීන් සුරැකීම පිලිබඳව ප්‍රෞඩ ඉතිහාසයක් ලංකාවට ඇත. වසර 2200කට පෙර ලොව පලමු අභය භූමිය දේවානම්පිය තිස්ස රජු විසින් මිහින්තලේ ප්‍රදේශයේ ස්ථාපනය කරන ලදී.එමෙන්ම මහා වංශයට අනුව දොලොස්වන සියවසේ රජකල නිස්සංකමල්ල රජු අනුරාධපුර නගරයේ සිට යොදන් 7කින් ආවරණය වන භූමි ප්‍රදේශයේ සතුන් මැරීම තහනම් කරමින් රාජාඥාවක් නිකුත්කල බව සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ රක්ෂිත වර්ග ගණනාවක් ඇත. මේවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරිපාලනය වේ. Biodiversity Clearing House සංවිධානයට අනුව ලංකාවේ රක්ෂිත ප්‍රදේශ 501ක ප්‍රමාණයක් ඇත[1]. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රක්ෂිත වනාන්තර 32ක් නම්කොට ඇති අතර, ලෝක උරුමයක් ලෙස නම්කල සිංහරාජය හා රක්ෂිත වනයක් වන නකල්ස් රක්ෂත ප්‍රදේශයද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ.[2]
ලංකාවේ රක්ෂිත දැඩි ස්වාභාවික රක්ෂිත, ජාතික වනෝද්‍යාන, ස්වාභාවික රක්ෂිත, වන පිවිසුම්, හා අභය භූමි ලෙස වර්ගකල හැකියි. මීට අමතරව සමුද්‍ර රක්ෂිත හා වන අලි කළමණාකරන පෙදෙස් යනුවෙන් අලුත් රක්ෂිත හඳුන්වාදී ඇත.
දැඩි ස්වාභාවික රක්ෂිත
[සංස්කරණය]සත්ව සහ ශාක විශේෂයන් අවම බලපෑමක් යටතේ බෝවීම මඟින් එම විශේෂිතයන් මිහිපිටින් වඳවී යාම තුරන් කිරීම සදහා ස්වභාවික පරිසරයක් සපයන විද්‍යාත්මක පර්යේෂණ සදහා යෝග්‍ය පහසුකම් ඇති භූමි දැඩි ස්වභාවික රක්ෂිත ලෙස ප්‍රකාශිතය. දැඩි ස්වභාවික රක්ෂිත පූර්ණ ස්වභාවික පද්ධති ලෙස ආරක්ෂා කෙරේ. එබැවින් දැඩි ස්වභාවික රක්ෂිත තුළ මිනිස් ක්‍රියාකාරකම් වලට අවසර ලබා නොදේ. එනමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ පර්යේෂණ ක්‍රියාකාරකම් කිරීමට හැක. ශ්‍රී ලංකාවේ දැඩි රක්‍ෂිත ලෙස නම්කර ඇති ස්වාභාවික ප්‍රදේශ 3ක් ඇත.[3]
දැඩි ස්වභාව රක්ෂිතය | ප්‍රකාශිත දිනය | වපසරිය (හෙක්) |
හක්ගල | 1938.02.25 | 1142.00 |
යාල | 1938.03.01 | 28905.00 |
රිටිගල | 1941.11.07 | 1528.00 |
ජාතික වනෝද්‍යාන
[සංස්කරණය]ජාතික වනෝද්‍යාන යනු ශ්‍රී ලංකාවේ ආරක්ෂා කල යුතු වන පංති වන අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබයි. ජාතික වනෝද්‍යාන 1937 අංක 2 දරණ සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත මඟින් පාලනය කරනු ලබන අතර, අමාත්‍යංශ නියෝගයෙන් එය සෑදිම, සංශෝධනය හෝ අහෝසි කිරීම කළ හැක. ජාතික වනෝද්‍යාන තුළ ඇති මුළු භූමිය රාජ්‍ය අයිතිය යටත් වේ. ජාතික වනෝද්‍යාන තුළ තහනම් කර ඇති ක්‍රියාකාරකම් වන්නේ වන සතුන් දඩයම් කිරීම හෝ මරා දැමීම හෝ ඉවත් කිරීම, කුරුල්ලන් සහ උරගයන්ගේ බිත්තර හෝ කූඩු විනාශ කිරීම, වනසතුන්ට බාධා කිරීම, කිසිම සතෙකු බෝ කිරීමට මැදිහත් වීම, කිසියම් ශාකයක් විනාශ කිරීම හෝ හානි කිරීම, වගා හෝ පතල් හෝ වෙනත් අරමුණු සඳහා ඉඩම් කට්ටි කිරීම, වෙඩි තැබීම හෝ ගිනි තැබීම, සත්ව හා ශාක ජීවිත වලට හානි කිරීම සඳහා කිසියම් උගුලක් හෝ පුපුරන ද්‍රව්‍ය හෝ වස යෙදීම වේ. වෘක්ෂලතා හා සතුන් නිරීක්ෂණය කිරීම සඳහා ජාතික වනෝද්‍යාන වලට බලපත්‍රයක් ඇතුව අමුත්තන්ට පිවිසිය හැක. මේ වන විට දැනට ජාතික වනෝද්‍යාන 26 ක් වර්ග කිලෝමීටර 5,734 ක් ආවරණය කරයි.
ජාතික උද්‍යානය | වර්ග ප්‍රමාණය
|
නම්කල දිනය |
---|---|---|
යාල | 97,880.7 | |
විල්පත්තු | 131,667.1 | |
ගල් ඔය | 25,900.0 | |
කුමන | 18,148.2 | |
උඩවලව | 30,821.0 | |
ලාහුගල කිතුලාන | 1,554.0 | |
මාදුරු ඔය | 58,849.6 | |
වස්ගමුව | 37,062.9 | |
ජලගැලුම් නිම්න | 17,350.0 | |
සෝමාවතිය | 39,645.5 | |
හෝටන් තැන්න | 3,159.8 | |
බූන්දල | 6,216.0 | |
ලුනුගම්වෙහෙර | 23,498.8 | |
මින්නේරිය | 8,889.4 | |
කවුඩුල්ල | 6,900 | |
හික්කඩුව | 101.6 | |
පරවි දූව | 471.4 | |
හොරගොල්ල | 13.3 | |
ගැල්වේස්ලෑන්ඩ්ස් | 26.7 | |
අංගම්මැඩිල්ල | 7,528.9 | |
හොරව්පතාන | 2570 | |
උස්සන්ගොඩ | 349.077 | |
මඩු පාර | 16367.36 | |
චුන්ඩිකුලම | 19565.33 | |
ආදම්ගේ පාලම | 18990.00 | |
ඩෙල්ෆ් | 1846.28 |
ස්වාභාවික රක්ෂිත
[සංස්කරණය]ස්වභාවික රක්ෂිත හා දැඩි රක්ෂිත අතර ඇති වෙනස නම් පාරම්පරිකව එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට සිය කටයුතු (යම් සීමා වලට යටත්ව) කරගෙන යාමට ඉඩ ලැබීමයි. ස්වභාව රක්ෂිතයන්හි වන ජීවීන් නැරඹීමට සහ අධ්‍යයනයට සාමාන්‍ය සංචාරකයන්ට අවසර ලබාදී නැත. එනමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අධීක්ෂණය යටතේ විද්‍යාත්මක අධ්‍යයන උනන්දු කෙරේ. ශ්‍රී ලංකාවේ ආරක්ෂිත කලාප පද්ධතියට ස්වභාව රක්ෂිතද ඇතුළත්ය.[4]
ස්වභාව රක්ෂිතය | ප්‍රකාශිත දිනය | වපසරිය (හෙක්) |
වැටහිරකන්ද | 2002.06.07 | 3229.00 |
මින්නේරිය-ගිරිතලේ | ||
යාල කලාප 1 | 1988.02.12 | 7529.10 |
යාල කලාප 2 | 1993.06.25 | 1924.00 |
යාල කලාප 3 | 1995.07.07 | 4745.00 |
යාල කලාප 4 | 1997.09.01 | 8336.00 |
ත්‍රිකෝණමඩු | 1986.10.24 | 25019.00 |
ගංඟාධාර | 1991.07.31 | 824.00 |
සමනල අඩවිය | 2007.09.21 | 12979.00 |
නාගර් කොවිල් | 2016.03.01 | 7882.00 |
වෙඩිතලතීවු | 2016.03.01 | 29180.00 |
වන පිවිසුම
[සංස්කරණය]මිනිස් ක්‍රියාකරකම්, ගම්මාන, මහා මාර්ග හෝ ගොවිබිම් නිසා වෙන්ව ඇති වන අඩවි දෙකක සත්වයින්ට ආරක්ෂිතව එහා මෙහා යාම සඳහා පිහිටුවන ලද වන තීරුවකට වන පිවිසුමක් ලෙස හඳුන්වයි. ලංකාවේ ස්ථාපනය කර ඇති එකම වන පිවිසුම මින්නේරිය, කවුඩුල්ල වන පිවිසුම වන අතර එය කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ස්ථාපනය කරන ලදී. මින්නේරිය ජාතික වනෝදයානය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යානය අතර අලි ඇතුන්ට ගමන් කිරීම සඳහා මෙම මින්නේරිය, කවුඩුල්ල වන පිවිසුම පිහිටුවන ලදී.
අභය භූමි
[සංස්කරණය]නූතන නීතිමය අර්ථදැක්වීමට අනුව අභයභූමියක් (sanctuary) වන-රක්ශිතයකින් (nature reserve) හෝ වනෝද්‍යානයකින් (national park) වෙනස්වනවා. අභයභූමියක සතුන්මැරීම, කැලෑ කැපීම තහනම් වුවත් මහජනතාවට එය තුල ජීවත්වීමේ අයිතිය තිබෙනවා. ශ්‍රී ලංකාවේ අභයභූමි 64ක් ප්‍රකාශයට පත්කොට තිබෙනවා.[5]
අභයභූමිය | ස්ථාපනය කරන ලද දිනය | වපරිසය හෙක්ටාර |
වික්ටෝරියා රන්දෙනිගල රන්ටැඹේ | 1987.01.30 | 42,087.30 |
වැලිපාර | 1992.04.03 | 30,669.90 |
සමනල අඩවිය | 1940.10.25 | 22,379.10 |
කහල පල්ලෙකැලේ | 1989.07.01 | 21,690.00 |
ත්‍රිකුණාමලය නාවික කඳවුර Naval Headworks | 1963.06.21 | 18,130.00 |
සේරුවිල අලෙයි | 1970.10.09 | 15,540.00 |
ගල්ඔය - ගිනිකොණ | 1954.02.12 | 15,281.00 |
ඇලහැර ගිරිතලේ | 2000.01.13 | 14,035.20 |
ගල්ඔය - ඊසාන | 1954.02.12 | 12,432.00 |
සේනානායක සමුද්‍රය | 1954.02.12 | 9,324.00 |
කුඩුබිගල-පානම | 2006.02.20 | 6,534.00 |
පදවිවැව | 1963.06.21 | 6,475.00 |
සීගිරිය | 1990.01.26 | 5,099.00 |
වවුනිකුලම් | 1963.06.21 | 4,856.20 |
වන්කැලෙයි | 2008.09.08 | 4,839.00 |
යෝධ වැව | 1954.09.24 | 4,330.10 |
වීරවිල තිස්ස | 1938.05.27 | 4,164.20 |
අනුරාධපුරය | 1938.05.27 | 3,500.50 |
විල්මාන්න | 2006.06.30 | 3,340.00 |
දහයියාගල | 2002.06.07 | 2,685.07 |
කලමැටිය | 1984.06.28 | 2,525.20 |
මාඳුගඟ | 2006.07.17 | 2,300.00 |
තබ්බෝව | 2002.07.19 | 2,193.31 |
කෝකිලායි | 1951.05.18 | 1,995.00 |
රාවණා ඇල්ල | 1979.05.18 | 1,932.00 |
බුද්දන්ගල | 1974.11.01 | 1,841.30 |
පොළොන්නරුව | 1938.05.27 | 1,521.60 |
තෙල්වත්ත | 1938.02.25 | 1,424.05 |
ආනවිලින්දාව | 1997.06.11 | 1,397.00 |
මාදම්පාවිල | 2007.09.21 | 1,217.75 |
නිමලාව | 1993.02.18 | 1,065.80 |
උඩවත්තකැලේ | 1938.07.29 | 1,041.20 |
මුතුරාජ වෙල I | 1996.10.31 | 1,028.60 |
කටගමුව | 1938.05.27 | 1,003.60 |
මිහින්තලේ | 1938.05.27 | 999.60 |
මදුනාගල | 1993.06.30 | 995.20 |
කතරගම | 1938.05.27 | 837.70 |
උතුරු විල්පත්තුව | 1938.02.25 | 632.00 |
සගමම් | 1963.06.21 | 616.40 |
මහකන්දරාව වැව | 1966.12.09 | 519.33 |
කිඹුල්වාන ඔය | 1963.06.21 | 492.10 |
ශ්‍රී ජයවර්ධනපුරය | 1985.01.09 | 449.20 |
බෙල්ලන්විල අත්තිඩිය | 1990.07.25 | 372.00 |
කිරල කැලේ | 2003.09.08 | 310.00 |
රැකව | 2006.05.25 | 271.00 |
මුතුරාජ වෙලII | 1996.10.31 | 256.80 |
ගොඩවාය | 2006.05.25 | 232.00 |
පරපුදුව මෙහෙණි දූපත Parapuduwa Nuns' Island | 1988.08.17 | 189.60 |
එළුවිල යාය | 2003.09.11 | 186.00 |
රූමස්සල | 2003.01.03 | 170.70 |
වෙල්හිල්ල කටගිල්ල | 1949.02.18 | 134.30 |
තන්ගමලෙයි | 1938.05.27 | 131.50 |
කෑගල්ල -කුරුලු කැලේ | 1941.03.14 | 113.30 |
රත්ගම කලපුව අභයභූමිය | 1988.08.17 |
101.58 |
ලොකුසෝබර දිවයින Great Sober Island | 1963.06.21 | 64.70 |
ගැල්වේස්ලෑන්ඩ් | 1938.05.27 | 56.60 |
මා ඉඹුල්කන්ද-නිට්ටඹුව | 1972.10.31 | 23.50 |
හොන්ඩුව දිවයින | 1973.11.19 | 8.50 |
කුඩාසෝබර දිවයින Little Sober Island | 1963.06.21 | 6.50 |
කිරමඔය | 2004.10.06 | 5.00 |
රොක් අයිලන්ඩ්-අම්බලන්ගොඩ | 1940.10.25 | 1.20 |
මදින් දූව | 1980.06.06 | 0.80 |
ගොඩවාය | 2006.05.25 | - |
රැකව | 2006.05.25 | - |
බෝගහපිටිය (යෝජිත ) |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ සංරක්ෂිත පිටපත, https://forestdept.gov.lk/index.php/en/, ප්‍රතිෂ්ඨාපනය 2020-08-30
- ^ සංරක්ෂිත පිටපත, https://forestdept.gov.lk/index.php/en/, ප්‍රතිෂ්ඨාපනය 2020-08-30
- ^ http://www.dwc.gov.lk/Aoldsite/index.php/si/2013-01-28-06-40-44
- ^ http://www.dwc.gov.lk/Aoldsite/index.php/si/2013-01-28-06-42-15
- ^ http://www.dwc.gov.lk/Aoldsite/index.php/si/2013-01-23-05-44-14/2013-01-23-05-52-58