Jump to content

සෝමාවතිය ජාතික උද්‍යානය

විකිපීඩියා වෙතින්
සෝමාවතිය ජාතික උද්‍යානය
IUCN category II (national park)
Map showing the location of සෝමාවතිය ජාතික උද්‍යානය
Map showing the location of සෝමාවතිය ජාතික උද්‍යානය
සෝමාවතිය ජාතික උද්‍යානය Location
පිහිටුමNorth Central and Eastern Provinces, Sri Lanka
සමීපතම නගරයකදුරුවෙල
ඛණ්ඩාංක8°07′15″N 81°10′08″E / 8.12083°N 81.16889°E / 8.12083; 81.16889ඛණ්ඩාංක: 8°07′15″N 81°10′08″E / 8.12083°N 81.16889°E / 8.12083; 81.16889
වර්ග ප්‍රමාණය37,645.5 hectares (145.350 sq mi)[1]
සංස්ථාපනය1966 (Sanctuary)
1986 (National park)
පාලක ස්ථිතියDepartment of Wildlife Conservation


උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එගොඩපත්තු සහ මැදපත්තුවල කොටසට හා නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොඩ්ඩියාර්පත්තුවට අයත් සෝමාවතිය ජාතික වනෝද්‍යානය වර්ග සැතපුම් 81.3 ක විශාලත්වයෙන් යුතුවෙයි.

මෙම ජාතික වනෝද්‍යානය 1986 සැප්තැම්බර් 12 වෙනිදා ප්‍රකාශයට පත්කොට තිබෙයි. මෙම ජාතික වනෝද්‍යානය පිහිටුවීමේ මූලික අරමුණ වී මහවැලි ගංගාව ආශ්‍රිත මෙම ප්‍රදේශයේ ගැවසෙන අලි ඇතුන්ගේ ආරක්ෂාව වෘක්ෂලතා ආදියෙහි පැවත්ම තහවුරු කිරීම වෙයි. මෙම වනෝද්‍යානය වසරේ වැඩි කාලයක් වියළි කාළගුණික තත්වයක් පෙන්නුම් කලද මහවැලි ගංගාවේ ඩෙල්ටා ප්‍රදේශය තුළ පිහිටීම නිසා සරුසාර මෙන්ම වර්ෂා කාලයේ ගංවතුර තර්ජනයටද ලක්වෙයි.

ඓතිහාසික මෙන්ම පූජනීය සෝමාවතිය චෛත්‍ය ප්‍රමුඛ පුදබිම පිහිටා ඇත්තේද මෙම වනෝද්‍යානය තුළවෙයි.මෙම වනෝද්‍යානය තුළ අඩම්පනාරු, මදුර ආරු, වෙරුගල් ආරු ආදී අතු ගංගා ආශ්‍රිතව තැනුනු විල්ලු විස්සක් පමණ පිහිටා තිබෙයි.

මෙවැනි පාරිසරික , ඓතිහාසික හා සෞන්දර්යාත්මක වටිනාකමෙන් යුතු සෝමාවතිය ජාතික වනෝද්‍යානය ආරක්ෂා කරගනිමින් ඉහලම සංචාරක ආකර්ශනයක් දිනාගත හැකි අයුරින් සංචාරක ප්‍රවර්ධන සැලසුම් රාශියක් හිටපු මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජනගත කළ " අනාගත පොළොන්නරුව - පස් අවුරුදු සංවර්ධන සැලස්ම " තුළ අන්තර්ගත කොට තිබීම අගය කළ යුතු කටයුත්තකි.

  1. දිනේෂර#2020|06|01#..
  1. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Department of Survey නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි