විකිපීඩියා:සිංහල බසට පරිවර්තනය විය යුතු පිටු

විකිපීඩියා වෙතින්
(විකිපීඩියා:Pages needing translation into English වෙතින් යළි-යොමු කරන ලදි)

මෙම පිටුව සිංහල විකිපීඩියාවේ ඇති වෙනත් බසින් ඇති ලිපි විකිපීඩියා:මකාදැමුම සඳහා ලිපි හි ලැයිස්තුගත කිරීමට පෙර ඒවා පරිවර්ථනය කල හැකිදැයි සලකා බැලීම සඳහා වේ. If someone speaks the language the article is written in and can state that it is not worth translating, the item should be moved to AfD or tagged with {{prod}}.

පිවිතුරු කිරීමකට තවදුරටත් ලක් විය යුතු පරිවර්තිත පිටු[සංස්කරණය]

මෙයද බලන්න: ප්‍රවර්ගය:රළු පරිවර්තන සහ ප්‍රවර්ගය:පරිවර්තනයෙන් පසු පිවිතුරු කල යුතු විකිපීඩියා ලිපි

ලැයිස්තුගත කොට ඇති පිටු ‍"බොහෝ ලෙසින් නිමවා ඇති" මුත් ද්වී-භාෂික යමෙකුගේ අවධානයට ලක් විය යුතුය. කරුණාකර {{පිවිතුරුකිරීම-පරිවර්තනය}} සටහන ලිපිය තුල භාවිතා කරන්න.

කැනඩාව[සංස්කරණය]

මෙම ලිපි‍යෙහි මුල් භාෂාව ඉංග්‍රීසි වේ. ඉංග්‍රීසි ලිපියෙහි තිබූ සැකිල්ල අනුගමනය නොකිරීම නිසා පරිවර්තිත ලිපියෙහි මුල් ඡේදයෙහි ඇති දත්ත පාඨකයාට කිසිම ප්‍රයෝජනයක් නොමැති අවුල් ජාලයක් බවට පත් වී ඇත. එහි වුවද පරිවර්තන නිසි පරිදී සිදු වී නොමැත. නිදසුනක් වශයෙන් අගනුවර ලෙස දක්වා ඇත්තේ බටාවා වන අතර එය ඔටාවා ලෙසින් නිවැරැදි විය යුතුය. තක්සේරුව යන පදය වෙනුවට වැරැදි තක්සේරැව යන පදය යොදා ඇත.

ඊලග ඡේදයෙහි හැම වදනක්ම පාහේ වැරැදි අයුරින් යොදා ඇත. නිදසුන් වශයෙන් කැන්ඩා, උතුරැ, ඇහරිකාව, නැගනෙහිර, අත්ලාන්තක්, දෙසම, අක්ටික්, දෝශය, පිටිහි, ඇමහරිකාවේ, ඇබිරජිනල් ජලයා, අත්ලාන්තයන් තකිරය, ප්‍රනිද්ගිකයන්, බෙස්මිනිස්ටර්, නීතයානුකූල දැක්විය හැක.

ලිපිය අග ඉංග්‍රීසි බසින් දක්වා තිබූ පරිවර්තකගේ නම සහ සබැඳි ආයතන කිහිපයක නම් සහිත අයිතිවාසිකම් සටහන මකා දැමුවේ එවැනි දෑ බහාලීම විකිපීඩියා සම්ප්‍රදායට අනුකූල නොවන බැවිනි. චතුනි අලහප්පෙරුම 19:32, 27 අප්‍රේල් 2010 (යූටීසී)Reply[reply]

කැමරෑන්[සංස්කරණය]

මෙම ලිපි‍යෙහි මුල් භාෂාව ඉංග්‍රීසි වේ.

ලිපි ශීර්ෂය කැමරූන් විය යුතු අතර එය සාවද්‍ය ලෙසින් කැමරෑන් ලෙසින් දක්වා ඇත.

ඉංග්‍රීසි ලිපියෙහි en:Template:Infobox Country හි තිබූ දත්ත සැකිල්ල:තොරතුරුකොටුව රට තුලට බහා ලීම අනුගමනය නොකිරීම නිසා පරිවර්තිත ලිපියෙහි මුල් ඡේදයෙහි ඇති දත්ත පාඨකයාට කිසිම ප්‍රයෝජනයක් නොමැති අවුල් ජාලයක් බවට පත් වී ඇත. එහි වුවද පරිවර්තන නිසි පරිදී සිදු වී නොමැත. නිදසුනක් වශයෙන් තක්සේරුව යන පදය වෙනුවට වැරැදි තක්සේරැව යන පදය යොදා ඇත.

ඊලග ඡේදයෙහි බෙහෝ වදන් වැරැදි අයුරින් යොදා ඇත. නිදසුන් වශයෙන් කැමරෑන් , බටහරි, නොන්ගෝ, වෙරලතිරය, අලගා‍ධයේ, නොසකට, සාගරයටත, ප්‍රතිරෑපය, භූගෝලිය, හදුන්වයි, කදු, කැඹරැන්, සංගිතයට, ක්ණ්ඩායවමද, භාශාවන්, අත්ත, දිලිදු දැක්විය හැක.

ලිපිය අග ඉංග්‍රීසි බසින් දක්වා තිබූ පරිවර්තකගේ නම සහ සබැඳි ආයතන කිහිපයක නම් සහිත අයිතිවාසිකම් සටහන මකා දැමුවේ එවැනි දෑ බහාලීම විකිපීඩියා සම්ප්‍රදායට අනුකූල නොවන බැවිනි.

ඉංග්‍රීසි ලිපියෙහි මුල් කොටස වන හැඳින්වීම හෝ සම්පූර්ණයෙන් පරිවර්තනය වූවා නම් පාඨකයාට ප්‍රයෝජනයක් ලබා දෙනු ඇත. එනමුදු ඡේද දෙකක් පරිවර්තනය වීමේදී වී ඇති වැරැදි සමුදාය ගත් කල තවද පරිවර්තනයන් මෙම පරිශීලක අතින් නොවන්නේ නම් මැනැවි යයි සිතෙයි. චතුනි අලහප්පෙරුම 20:12, 27 අප්‍රේල් 2010 (යූටීසී)Reply[reply]

නිදහස් අන්තර්ගතය[සංස්කරණය]

මෙම ලිපියෙහි භාෂාව unknown වෙයි. Tharumaxx (talk) 07:55, 28 ජනවාරි 2018 (යූටීසී)Reply[reply]

Wikipedia Zero[සංස්කරණය]

මෙම ලිපියෙහි භාෂාව ඉංග්‍රීසි වෙයි. ලිපිය සම්පූර්ණයෙන් පාහේ ඉංග්‍රීසි භාෂාවෙන් යුක්තයි. එම නිසා පරිවර්තනය අවැසි වේ L Manju (talk) 03:59, 29 අප්‍රේල් 2017 (යූටීසී)Reply[reply]

ඉංජිනේරු පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය[සංස්කරණය]

මෙම ලිපියෙහි භාෂාව ඉංග්‍රීසි වෙයි. Lee (talk) 08:16, 3 ජූලි 2014 (යූටීසී)Reply[reply]

කැමබෝඩියාව[සංස්කරණය]

මෙම ලිපි‍යෙහි මුල් භාෂාව ඉංග්‍රීසි වේ. ලිපි ශීර්ෂය කාම්බෝජය හෝ කැම්බෝඩියාව හෝ විය යුතු අතර එය සාවද්‍ය ලෙසින් කැමබෝඩියාව ලෙසින් දක්වා ඇත.
ඉංග්‍රීසි ලිපියෙහි en:Template:Infobox Country හි තිබූ දත්ත සැකිල්ල:තොරතුරුකොටුව රට තුලට බහා ලීම අනුගමනය නොකිරීම නිසා පරිවර්තිත ලිපියෙහි මුල් ඡේදයෙහි ඇති දත්ත පාඨකයාට කිසිම ප්‍රයෝජනයක් නොමැති අවුල් ජාලයක් බවට පත් වී ඇත. එහි වුවද පරිවර්තන නිසි පරිදී සිදු වී නොමැත. නිදසුනක් වශයෙන් අගනුවර දක්වා ඇත්තේ ක්නොම් පෙනේ වශයයෙන් වුවද එය ඇත්ත වශයෙන්ම නොම් පෙන් විය යුතුය. Monarchy යන ඉංග්‍රීසි පදය රාජාණ්ඩුව ලෙසින් පරිවර්තනය විය යුතුව තිබුණද එය මොනාචි ලෙසින් අර්ථ ශුන්‍ය පදයක් භාවිත කොට දක්වා ඇත. තක්සේරුව යන පදය වෙනුවට වැරැදි තක්සේරැව යන පදය යොදා ඇත.
ඊලග ඡේදයෙහි බෙහෝ වදන් වැරැදි අයුරින් යොදා ඇත. නිදසුන් වශයෙන් කොම්බිජියා, තාලියලන්තය, උතුරැ, ගංගයෙන්, කාම්බෝජියෙහි, ව්‍යවස්ථාචදායක, කොම්පෙන්, ගොලතම , නර්මාන්න, කාම්බෝජියාවේ, නිෂ්පාදයට, කායි‍බොජියානු, විදේශියයන්, ගරාන, වර්ධයේ, තිවහාසි ක, ගාස්, තනිජ, නැතිවි, ගැඹුරැ දැක්විය හැක.
ලිපිය අග ඉංග්‍රීසි බසින් දක්වා තිබූ පරිවර්තකගේ නම සහ සබැඳි ආයතන කිහිපයක නම් සහිත අයිතිවාසිකම් සටහන මකා දැමුවේ එවැනි දෑ බහාලීම විකිපීඩියා සම්ප්‍රදායට අනුකූල නොවන බැවිනි.
ඉංග්‍රීසි ලිපියෙහි මුල් කොටස වන හැඳින්වීම හෝ සම්පූර්ණයෙන් පරිවර්තනය වූවා නම් පාඨකයාට ප්‍රයෝජනයක් ලබා දෙනු ඇත. එනමුදු ඡේද දෙකක් පරිවර්තනය වීමේදී වී ඇති වැරැදි සමුදාය ගත් කල තවද පරිවර්තනයන් මෙම පරිශීලක අතින් නොවන්නේ නම් මැනැවි යයි සිතෙයි. චතුනි අලහප්පෙරුම 03:35, 28 අප්‍රේල් 2010 (යූටීසී)Reply[reply]

බ්‍රසීලය[සංස්කරණය]

මෙම ලිපි‍යෙහි මුල් භාෂාව ඉංග්‍රීසි වේ.
ඉංග්‍රීසි ලිපියෙහි en:Template:Infobox Country හි තිබූ දත්ත සැකිල්ල:තොරතුරුකොටුව රට තුලට බහා ලීම අනුගමනය නොකිරීම නිසා පරිවර්තිත ලිපියෙහි මුල් ඡේදයෙහි ඇති දත්ත පාඨකයාට කිසිම ප්‍රයෝජනයක් නොමැති අවුල් ජාලයක් බවට පත් වී ඇත. එහි වුවද පරිවර්තන නිසි පරිදී සිදු වී නොමැත. නිදසුනක් වශයෙන් අගනුවර දක්වා ඇත්තේ යොවුන්ඩ් වශයයෙන් වුවද එය ඇත්ත වශයෙන්ම බ්‍රසීලියා විය යුතුය. විශාලතම නගරය දක්වා ඇත්තේ සාඩ් පෝලෝ ලෙසින් වුවද එය සාඕ පෝලෝ විය යුතුය. මීට අමතරව ඒකබාද්ධ, කාල මණ්ලය, මං තීරැව, දුරකථ සංකේතය, ඔකතොම්බර් වැනි අර්ථ ශුන්‍ය අසිංහල පද භාවිත කොට දක්වා ඇත. තක්සේරුව යන පදය වෙනුවට වැරැදි තක්සේරැව යන පදය යොදා ඇත.
ඊලග ඡේදයෙහි බෙහෝ වදන් වැරැදි අයුරින් යොදා ඇත. නිදසුන් වශයෙන් නිලවශයෙන්, බ්‍රසිල, සමුහාණ්ඩුසනිධානය, බ්‍රසලයට, තිරයන්, උතුරැ, බෙනුසුවේලා, ගුආනා, වයාබ, බොපිවියාථ, පේරැ, පැරගුවායි, උරැගුවායි දැක්විය හැක.
ලිපිය අග ඉංග්‍රීසි බසින් දක්වා තිබූ පරිවර්තකගේ නම සහ සබැඳි ආයතන කිහිපයක නම් සහිත අයිතිවාසිකම් සටහන මකා දැමුවේ එවැනි දෑ බහාලීම විකිපීඩියා සම්ප්‍රදායට අනුකූල නොවන බැවිනි.
ඉංග්‍රීසි ලිපියෙහි මුල් කොටස වන හැඳින්වීම හෝ සම්පූර්ණයෙන් පරිවර්තනය වූවා නම් පාඨකයාට ප්‍රයෝජනයක් ලබා දෙනු ඇත. එනමුදු ඡේද දෙකක් පරිවර්තනය වීමේදී වී ඇති වැරැදි සමුදාය ගත් කල තවද පරිවර්තනයන් මෙම පරිශීලක අතින් නොවන්නේ නම් මැනැවි යයි සිතෙයි. චතුනි අලහප්පෙරුම 04:07, 28 අප්‍රේල් 2010 (යූටීසී)Reply[reply]

ට්‍රාන්සිස්ටරය[සංස්කරණය]

මෙම ලිපි‍යෙහි මුල් භාෂාව ඉංග්‍රීසි වේ. ලිපිය මැද Dinesharino ගේ අත්සන සහිතව ඔහු/ඇය විසින් තබා තිබූ සටහන් ඉවත් කලෙමි. සිංහල විකිපීඩියාව ක්‍රීඩා පිටියක් නොවන බව දත මනාය. පරිවර්තනයට දායක වූ පරිශීලකයන් විෂය දැනුමෙන් පිරිපුන්ව සිටින්නේ නම් මෙවැනි කාර්යයක් සාර්ථක වනු ඇත. Field Effects Transistor යන්නට සිංහල වදන නොදැන සිටි බවක් පෙනේ. පරිවර්තන‍ය විගසින් සම්පූර්ණ කරන්නේ නම් මැනවි.
වගී , ෙබල්් ලැබ්්, වීලීයමීෙසා්්ක්්ලී ෙජා්්න්්බාඩින්්, ෙවා්්ල්්ටර්් බැටන්්, විදාඥයින්්, තිෙදනා, එකතුෙවනි, ආදි අසිංහල පද දක්නට ඇත. -- චතුනි අලහප්පෙරුම 05:30, 28 අප්‍රේල් 2010 (යූටීසී)Reply[reply]

බොලිවියාව[සංස්කරණය]

මෙම ලිපි‍යෙහි මුල් භාෂාව ඉංග්‍රීසි වේ.
ඉංග්‍රීසි ලිපියෙහි en:Template:Infobox Country හි තිබූ දත්ත සැකිල්ල:තොරතුරුකොටුව රට තුලට බහා ලීම අනුගමනය නොකිරීම නිසා පරිවර්තිත ලිපියෙහි මුල් ඡේදයෙහි ඇති දත්ත පාඨකයාට කිසිම ප්‍රයෝජනයක් නොමැති අවුල් ජාලයක් බවට පත් වී ඇත. එහි වුවද පරිවර්තන නිසි පරිදී සිදු වී නොමැත. නිදසුනක් වශයෙන් seat of government යන්න ආණ්ඩු පක්ෂය ලෙසින් පරිවර්තනය වීම සාවද්‍යයි. මෙහි seat යන්නෙහි අර්ථය පිහිටි ස්ථානය යනුවෙනි. Vice President යන්න උප නගරාධිපති ලෙසින් පරිවර්තනය වී ඇති මුත් එය උප ජනාධිපති විය යුතුයි. මීට අමතරව බොහෝඅර්ථ ශුන්‍ය අසිංහල පද භාවිත කොට දක්වා ඇත. තක්සේරුව යන පදය වෙනුවට වැරැදි තක්සේරැව යන පදය යොදා ඇත.
ඊලග ඡේදයෙහි බෙහෝ වදන් වැරැදි අයුරින් යොදා ඇත. නිදසුන් වශයෙන් බොල්වියාව, බොල්වියානු, හදුන්වන, ඇරිකා, උතුරැ, ඩිලි, පේරැ, බොල්ජියානු, ඉන්නා, ගොලනම, ස්පැනිෂ්, පේරා, හදුන්වනු, ජේරැ, රජ්‍යය, අවුරැදු, සිහිවීඹ, අස්ධාවරභාවය දැක්විය හැක.
ලිපිය අග ඉංග්‍රීසි බසින් දක්වා තිබූ පරිවර්තකගේ නම සහ සබැඳි ආයතන කිහිපයක නම් සහිත අයිතිවාසිකම් සටහන මකා දැමුවේ එවැනි දෑ බහාලීම විකිපීඩියා සම්ප්‍රදායට අනුකූල නොවන බැවිනි.
ඉංග්‍රීසි ලිපියෙහි මුල් කොටස වන හැඳින්වීම හෝ සම්පූර්ණයෙන් පරිවර්තනය වූවා නම් පාඨකයාට ප්‍රයෝජනයක් ලබා දෙනු ඇත. එනමුදු ඡේද දෙකක් පරිවර්තනය වීමේදී වී ඇති වැරැදි සමුදාය ගත් කල තවද පරිවර්තනයන් මෙම පරිශීලක අතින් නොවන්නේ නම් මැනැවි යයි සිතෙයි. චතුනි අලහප්පෙරුම 15:26, 28 අප්‍රේල් 2010 (යූටීසී)Reply[reply]

බහරේන්[සංස්කරණය]

මෙම ලිපි‍යෙහි මුල් භාෂාව ඉංග්‍රීසි වේ.
ඉංග්‍රීසි ලිපියෙහි en:Template:Infobox Country හි තිබූ දත්ත සැකිල්ල:තොරතුරුකොටුව රට තුලට බහා ලීම අනුගමනය නොකිරීම නිසා පරිවර්තිත ලිපියෙහි මුල් ඡේදයෙහි ඇති දත්ත පාඨකයාට කිසිම ප්‍රයෝජනයක් නොමැති අවුල් ජාලයක් බවට පත් වී ඇත. එහි වුවද පරිවර්තන නිසි පරිදී සිදු වී නොමැත. භාවිත කොට ඇති බොහෝඅර්ථ ශුන්‍ය අසිංහල පද අතර ජනගහනණය, කාල මණ්ලය, මං තීරැව, දුරකථ සංකේතය වේ. තක්සේරුව යන පදය වෙනුවට වැරැදි තක්සේරැව යන පදය යොදා ඇත.
ඊලග ඡේදයෙහි බෙහෝ වදන් වැරැදි අයුරින් යොදා ඇත. නිදසුන් වශයෙන් හදුන්වනු, බාහරේන්, පස්සියානු, බහරෙන්, එා, ඉතිරිකිම්, මුරැජාන්, වනි දැක්විය හැක.
ලිපිය අග ඉංග්‍රීසි බසින් දක්වා තිබූ පරිවර්තකගේ නම සහ සබැඳි ආයතන කිහිපයක නම් සහිත අයිතිවාසිකම් සටහන මකා දැමුවේ එවැනි දෑ බහාලීම විකිපීඩියා සම්ප්‍රදායට අනුකූල නොවන බැවිනි.
ඉංග්‍රීසි ලිපියෙහි මුල් කොටස වන හැඳින්වීම හෝ සම්පූර්ණයෙන් පරිවර්තනය වී ඇති මුත් එයින් පාඨකයාට ප්‍රයෝජනයක් ලබා ගනු නොහැකිව ඇත. ඡේද දෙකක් පරිවර්තනය වීමේදී වී ඇති වැරැදි සමුදාය ගත් කල තවද පරිවර්තනයන් මෙම පරිශීලක අතින් නොවන්නේ නම් මැනැවි යයි සිතෙයි. චතුනි අලහප්පෙරුම 17:45, 28 අප්‍රේල් 2010 (යූටීසී)Reply[reply]

රොජර් ෆෙඩරර්[සංස්කරණය]

මෙම ලිපි‍යෙහි මුල් භාෂාව ඉංග්‍රීසි වේ.
ඉංග්‍රීසි ලිපියෙහි en:Template:Infobox Tennis player හි තිබූ දත්ත සුදුසු සිංහල සැකිල්ලක් තුලට බහා ලීම අනුගමනය නොකිරීම නිසා පරිවර්තිත ලිපියෙහි මුල් ඡේදයෙහි ඇති දත්ත පාඨකයාට කිසිම ප්‍රයෝජනයක් නොමැති අවුල් ජාලයක් බවට පත් වී ඇත. එසේ නොකොට Info box අන්තිමට යථාවත් කළේ (2008.04.28) වැනි අර්ථ ශුන්‍ය ඛණ්ඩ ඇතුළු කොට ඇත.
මුල් ඉංග්‍රීසි ලිපියෙහි දක්නට ලැබූ කිසිදු සබැඳියක් ඊලග ඡේදයෙහි දක්නට නොමැති බැවින් මෙය අනාථ ලිපියක් බවට පත්ව ඇත.
ලිපිය අග ඉංග්‍රීසි බසින් දක්වා තිබූ පරිවර්තකගේ නම සහ සබැඳි ආයතන කිහිපයක නම් සහිත අයිතිවාසිකම් සටහන මකා දැමුවේ එවැනි දෑ බහාලීම විකිපීඩියා සම්ප්‍රදායට අනුකූල නොවන බැවිනි.
විකි සම්ප්‍රදාය අනව යමින් ඉංග්‍රීසි ලිපියෙහි මුල් කොටස වන හැඳින්වීම හෝ සම්පූර්ණයෙන් පරිවර්තනයවී තිබූයේ නම් එයින් පාඨකයාට ප්‍රයෝජනයක් ලබා ගනු හැකිවනු ඇත.
මුළු ලිපිය විගසින් පරිවර්තනය කෙරුම සිදු කල මනාය. චතුනි අලහප්පෙරුම 14:34, 1 මැයි 2010 (යූටීසී)Reply[reply]

ක්‍රීඩා සමාජ[සංස්කරණය]

මෙම ලිපි‍යෙහි මුල් භාෂාව ඉංග්‍රීසි වේ. අසිංහල පද පරිවර්තනය තුල දක්නට ඇත. නිදසුන් වශයෙන් උදාහරන , බාස්කට් බෝල, සමාන්‍යයෙන්, ඔවුන්ගෙ දැක්විය හැක.
මුල් ඉංග්‍රීසි ලිපියෙහි දක්නට ලැබූ කිසිදු සබැඳියක් ලිපියෙහි දක්නට නොමැති බැවින් මෙය අනාථ ලිපියක් බවට පත්ව ඇත.
ලිපිය අග ඉංග්‍රීසි බසින් දක්වා තිබූ පරිවර්තකගේ නම සහ සබැඳි ආයතන කිහිපයක නම් සහිත අයිතිවාසිකම් සටහන මකා දැමුවේ එවැනි දෑ බහාලීම විකිපීඩියා සම්ප්‍රදායට අනුකූල නොවන බැවිනි.
මුළු ලිපිය විගසින් පරිවර්තනය කෙරුම සිදු කල මනාය.
රූප ඒවායේ විස්තරද සහිතව අන්තර්ගත කල යුතුය චතුනි අලහප්පෙරුම 14:45, 1 මැයි 2010 (යූටීසී)Reply[reply]

කුරානය - නිරැක්ති ශාස්ත්‍රය සහ ආර්ථය[සංස්කරණය]

මෙම ලිපි‍යෙහි මුල් භාෂාව ඉංග්‍රීසි වේ. මුල් ඉංග්‍රීසි ලිපියෙන් කුඩා කොටසකි. පාඨකයාට ඉතා අල්ප ප්‍රයෝජනයක් දෙයි. පරිවර්තනයෙහි බොහෝ අසිංහල පද ඇත. නිදසුන් වශයෙන් ඇතකි, එවැකි, ග්‍රන්ට්, බොහේ යන කිහිපයක් දැක්විය හැක. මුල් ලිපියෙහි කිසිම සබැඳියක් පරිවර්තනයෙහි භාවිතා කර නොමැති නිසා පරිවර්තනය විසින් අනාථ ලිපියක් නිපයා ඇත. මුල් ලිපියෙහි කිසිදු රූපයක් භාවිතා කොට නොමැත. ලිපි කොටස තුල Qur'an යන වදනෙහි වචනාර්ථය පිලිබඳ වුවද එම ඉංග්‍රීසි වදන විවිධ වූ ආකාර කිහිපයකින් සිංහලෙන් ලියා දක්වා ඇත. මෙම අඩුපාඩු සකසා මුළු ලිපිය පරිවර්තනය කෙරෙන තුරු පාඨකයාට කිසිදු ප්‍රයෝජනයක් නොමැත.
ලිපිය අග ඉංග්‍රීසි බසින් දක්වා තිබූ පරිවර්තකගේ නම සහ සබැඳි ආයතන කිහිපයක නම් සහිත අයිතිවාසිකම් සටහන මකා දැමුවේ එවැනි දෑ බහාලීම විකිපීඩියා සම්ප්‍රදායට අනුකූල නොවන බැවිනි. චතුනි අලහප්පෙරුම 16:57, 1 මැයි 2010 (යූටීසී)Reply[reply]

ජන ජීවිතය සංස්කෘතිය කුරි - ආනයන[සංස්කරණය]

මෙම ලිපි‍යෙහි මුල් භාෂාව ඉංග්‍රීසි වේ. මුල් ඉංග්‍රීසි ලිපියෙන් කුඩා කොටසකි. පාඨකයාට ඉතා අල්ප ප්‍රයෝජනයක් දෙයි. පරිවර්තනයෙහි බොහෝ අසිංහල පද ඇත. නිදසුන් වශයෙන් මුස්ලිම්වරැ, සිතින , කොළෙසීම , කරීම කරැණක්, නවුවත් යන කිහිපයක් දැක්විය හැක. මුල් ලිපියෙහි කිසිම සබැඳියක් පරිවර්තනයෙහි භාවිතා කර නොමැති නිසා පරිවර්තනය විසින් අනාථ ලිපියක් නිපයා ඇත. මුල් ලිපියෙහි කිසිදු රූපයක් භාවිතා කොට නොමැත. ලිපි කොටස තුල Qur'an යන ඉංග්‍රීසි වදන විවිධ වූ ආකාර කිහිපයකින් සිංහලෙන් ලියා දක්වා ඇත. මෙසේ ලිය දැක්වීම සමහරවිට ඉස්ලාම් දහමට නිගා දෙවන්නක් විය හැක. මෙම අඩුපාඩු සකසා මුළු ලිපිය පරිවර්තනය කෙරෙන තුරු පාඨකයාට කිසිදු ප්‍රයෝජනයක් නොමැත.
ලිපිය අග ඉංග්‍රීසි බසින් දක්වා තිබූ පරිවර්තකගේ නම සහ සබැඳි ආයතන කිහිපයක නම් සහිත අයිතිවාසිකම් සටහන මකා දැමුවේ එවැනි දෑ බහාලීම විකිපීඩියා සම්ප්‍රදායට අනුකූල නොවන බැවිනි. චතුනි අලහප්පෙරුම 17:28, 1 මැයි 2010 (යූටීසී)Reply[reply]

අල් - කුර් ආනය[සංස්කරණය]

මෙම ලිපි‍යෙහි මුල් භාෂාව ඉංග්‍රීසි වේ. මෙම ලිපිය මුල් ඉංග්‍රීසි ලිපියෙන් කුඩා කොටසකි. පාඨකයාට ඉතා අල්ප ප්‍රයෝජනයක් දෙයි. පරිවර්තනයෙහි බොහෝ අසිංහල පද ඇත. නිදසුන් වශයෙන් ිනර්මාණය, දුර්මතවට, හැකකේ, මුද්ලිම් සංවර්ධණය, සරසිවයේ, මහාචාර්යවරකු, මහාචදාර්ය, සංවර්දනය, සාහිකයයේ, සාහික්‍ය යන කිහිපයක් දැක්විය හැක. මුල් ලිපියෙහි කිසිම සබැඳියක් පරිවර්තනයෙහි භාවිතා කර නොමැති නිසා පරිවර්තනය විසින් අනාථ ලිපියක් නිපයා ඇත. මුල් ලිපියෙහි කිසිදු රූපයක් භාවිතා කොට නොමැත. ලිපි කොටස තුල Qur'an යන ඉංග්‍රීසි වදන විවිධ වූ ආකාර කිහිපයකින් සිංහලෙන් ලියා දක්වා ඇත. මෙසේ ලිය දැක්වීම සමහරවිට ඉස්ලාම් දහමට නිගා දෙවන්නක් විය හැක. මෙම අඩුපාඩු සකසා මුළු ලිපිය පරිවර්තනය කෙරෙන තුරු පාඨකයාට කිසිදු ප්‍රයෝජනයක් නොමැත.
ලිපිය අග ඉංග්‍රීසි බසින් දක්වා තිබූ පරිවර්තකගේ නම සහ සබැඳි ආයතන කිහිපයක නම් සහිත අයිතිවාසිකම් සටහන මකා දැමුවේ එවැනි දෑ බහාලීම විකිපීඩියා සම්ප්‍රදායට අනුකූල නොවන බැවිනි. චතුනි අලහප්පෙරුම 17:39, 1 මැයි 2010 (යූටීසී)Reply[reply]

පරිවර්තනය ඇවැසි ලිපි[සංස්කරණය]

සුභාස් චන්ද්‍රබෝස්[සංස්කරණය]

මෙම ලිපියෙහි භාෂාව unknown වෙයි. ශ්වෙත (talk) 06:33, 20 දෙසැම්බර් 2013 (යූටීසී)Reply[reply]

1940 දශකයේ ශ්‍රී ලංකාවේ චිත්‍රපට නාමාවලිය[සංස්කරණය]

මෙම ලිපියෙහි භාෂාව ඉංග්‍රීසි වෙයි. ශ්වෙත (talk) 07:47, 20 දෙසැම්බර් 2013 (යූටීසී)Reply[reply]

1950 දශකයේ ලංකාවේ චිත්‍රපට ලැයිස්තුව[සංස්කරණය]

මෙම ලිපියෙහි භාෂාව ඉංග්‍රීසි වෙයි. මෙම ලිපියෙහි පරිවර්තනය අරඹා ඇතත් අවසන් කොට නොමැත. ශ්වෙත (talk) 08:17, 20 දෙසැම්බර් 2013 (යූටීසී)Reply[reply]