ස්වාභාවික උපද්‍රව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

සවාභාවික වස්තූන් හා කෘතීම වස්තූන් යන දෙවර්ගයම පරිසරය තුළ තිබෙනවා.ස්වභාවික සම්පත් යනු ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කර ගත් දෑය.ගංඟා,දියඇලි,මුහුදු,ගස්,ගල්,මීට අමතරව තවත් බොහෝ දෑ ස්වභාවික සම්පත් ලෙස හැඳින්විය හැකිය.වැව්,පොකුණු,ගොඩනැගිලි,මාර්ග....යනාදිය කෘතීම සම්පත් වලට උදාහරණ ⁣කිහිපයක් ලෙස ගත හැකිය.

භූ විද්‍යාත්මක  උවදුරු[සංස්කරණය]

හිමධාවය[සංස්කරණය]

විශාල හිම (හෝ ගල්) ස්කන්ධයක් කන්දක හැඩ ප්‍රදේශය හරහා ලිස්ස යාමෙන් හිමධාවයක් ඇතිවේ. [7]  කැටිති ද්‍රව්‍ය වලින් සමන්විත ගුරුත්ව ප්‍රවාහය සඳහා හිමධාවය උදාහරණයක් වේ. හිමධාවයකදී ද්‍රව්‍ය සමුහයක් හෝ විවිධ වර්ග වල ද්‍රව්‍යන්ගේ මිශ්‍රණ සමුහයක් ගුරුත්ව බලය යටතේ වේගයෙන් ඇද වැටීම හෝ ලිස්සා වැටීම සිදුවේ. හිමධාවයන්  බොහෝ විට ප්‍රමාණයෙන් හෝ සිදුවීමෙන් ඇති වන ප්‍රතිවිපාක වල දරුණු බව  මත වර්ග කරනු ලැබේ.

භුමි කම්පාව[සංස්කරණය]

San Francisco was devastated by an earthquake in 1906

භුමි කම්පාවක් යනු භූ කම්පන තරංග විහිදුවන ගබඩා වී ඇති ශක්තිය ක්ෂණිකව නිදහස් වීම නිසා ඇති වන සංසිද්දියකි. පොළව මතු පිටදී භූමිකම්පාවක් භුමිය සෙලවීමක් හෝ විස්ථාපනය වීමක් ලෙස විද්‍යමාන වන අතර; මුහුදු පතුලේදී ඇති වන භූමිකම්පාවක් හේතුවෙන් ඇතිවන ජලය විස්ථාපනය සුනාමි සඳහා ද  හේතු විය හැකිය. ලෝකයේ ඇතිවන බහුතරයක් භූමිකම්පා ( විශාලම ඒවාගෙන් 90% හා 81%) ඇතිවන්නේ 40,000 km දිග , circum-පැසිෆික් භූ කම්පන තීරය හෙවත් පැසිෆික් පලගානෙන් විශාල කොටසක් මායිම් වන  ගිනි පැසිෆික් මුදුව ලෙස හඳුන්වනු ලබන,අශ්ව ලාඩම් හැඩ කලාපය තුලය. සැම දවසකම භූමිකම්පා බොහොමයක් ඇති වන අතර ඉන් සුළුතරයක් පමණක් සැලකිය යුතු හානියක් ඇති කිරීමට තරම් විශාල වේ. 

වෙරළ ඛාදනය[සංස්කරණය]

 වෙරළ ඛාදනය යනු ලෝකයේ වෙරළාශ්‍රිත වෙරළත ඉම ප්‍රාථමිකව උදම් හා කුණාටු සැඩ පහරවල බලපෑම මත  මුහුදු රළ හා දියරලවල් හේතුවෙන් විපර්යාස වීම සහ වෙනස් වීම වේ.වෙරළ ඛාදනය දිගු කාලින ක්‍රියාවලියක් හේතුවෙන් සිදු විය හැකි අතර නිවර්තන කුණාටු හෝ දැඩි කැලබුම් සිදුවීම්  වැනි උපාක්යානරුපි සිදුවීම් මතද ඇති වේ.

ලහර්[සංස්කරණය]

ලහර් යනු ගිනිකඳු පිපිරීම් හා සම්බන්ධ ස්වභාවික සිදුවීමක් වන අතර ග්ලැසියර් ඛාදිත ගිනිකඳු පිපිරීම් වලින් ඇතිවන වේගවත්ව ගිනිකන්දේ එක දිශාවකින් පහලට රූටා වැටෙන  දියවූ අයිස් වලින් ඇති වන මඩ, ගල්,සහ අළු වලින් සමන්විත ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් හා සම්බන්ධ වේ.  මෙම ගලා යාම් තත්පරයක් තුල මුළු නගරයක්ම විනාශ කිරීමට සමත් වන අතර  දහස් ගණනක් මිනිසුන්ගේ ජිවිත අහිමි වීමට  හා බැසෝල්ට් ප්‍රවාහ ඇතිවීම සඳහා ද බලපායි. මෙය ස්වබාවික සිදුවීම් මත රඳවා පවතී.

නාය යැම්[සංස්කරණය]

නාය යැමක් යනු  බෑවුමක් පහලට විශාල වශයෙන් රොන් මඩ විස්ථාපනය වීමයි.

සින්ක් හෝල්[සංස්කරණය]

සින්ක් හොල් යනු  ගුහා වැනි අන්තර්භෞම ව්‍යයුහ බිඳ වැටීමෙන් ඇතිවන මතුපිට භුලක්ෂණ පැතිරීමට නොදී වලක්වනු ලබන අවපාතනයි. මේවා දුර්ලභ වුවත් ක්ෂණිකව ජනාකීර්ණ ප්‍රදේශයක ඇතිවන විශාල සින්ක් හෝල් ගොඩනැගිලි හා අනෙකුත් ව්‍ය්යුහ බිදවැටීමට හේතු වේ .

ගිනිකඳු පිපිරීම්[සංස්කරණය]

Puʻu ʻŌʻō

ගිනිකඳු පිපිරිමක් යනු ගිනිකන්දක් සක්‍රිය වීමේ හා එහි බලශක්තිය නිදහස් කිරීමේ ප්‍රධාන කාරණය වන අතර  පිපිරීම් වල විවිධ වර්ග ඇත.ඒවා  හවායි හි Kilauea වැනි දෛනික කුඩා පිපිරීම් වල සිට Lake Taupo (අවුරුදු 26,500 පෙර  ) සහ Yellowstone Caldera වැනි සුපිරි ගිනිකඳු  වල මෙගා දැවැන්ත පිපිරීම් (අවම ඝන කිලෝමීටර් 1,000 දක්වා ද්‍රව්‍ය විහිදුවන ගිනිකඳු ) දක්වා පරාසයක පවතී. ටෝබා ව්‍යසන න්‍යායට අනුව අවුරුදු 70 සිට 75 දහසකට පෙර , Lake Toba  හි සිදුවූ සුපිරි ගිනිකඳු පිපිරීමකදී  මිනිස් පරිණාමය අවහිර කරමින් මිනිස් ජනගහනය 10,000 හෝ අභිජනන යුගල 1,000 අඩු විය. සමහර පිපිරීම් වලදී ගුවන් යානයක වේගයට වඩා වැඩි වේගයකින් කන්දක පහලට ගමන් කල හැකි අධික උෂ්ණත්වය සහිත අළු වළාකුළු සහ දුමාරයන්වන  යමහල් ගලායැම් ඇති වේ. ශ්‍රී ලංකාවේ ගිනිකඳු නැත.

කාළගුණ විද්‍යාත්මක  උවදුරු[සංස්කරණය]

Young steer after a blizzard, March 1966

හිම කුණාටු[සංස්කරණය]

හිම කුණාටුවක් යනු ඉතා සිතල සහ සුළං සහිත තත්ත්වයන් යටතේ අඩු උෂ්ණත්වය, දැඩි සුළං සහ අධික හිම වැනි ලක්ෂණ සහිතව ඇතිවන  දැඩි හිම කුණාටුවක්  වේ.

නියඟය[සංස්කරණය]

ඉදිරි වර්ෂ තුලදී ගෝලීය උෂ්ණත්වය සහ කාලගුණ වෙනස්වීම් හේතුකොටගෙන ඉතා පුළුල් නියඟයන් ඇති විය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවයි. ඉතා අවම වර්ෂාපතන මට්ටම සහ ඉහල දේශගුණය හේතුවෙන් මෙම පුළුල් නියඟයන් අප්‍රිකානු මහාද්වීපය තුල  ඇති වීමට වැඩි ඉඩක් පවතී.

හිම කුණාටුව[සංස්කරණය]

හිම කුණාටුවක් යනු අකුණු කුණාටුවකදී බිමට වැටීමෙන් ස්ථානයකට හානි කල හැකි වන හිම කැට  නිපදවීමෙන් ඇති වන ස්වභාවික උපද්‍රවයකි. හිමකුණාටු විශේෂයෙන්ම ගොවිපල ක්ෂේස්ත්‍ර වැනසීම , භෝග විනාශය, උපකරණ හානිය සඳහා හේතු වේ.  

තාප තරංග[සංස්කරණය]

තාප තරංග යනු තාපය නිසා ඇතිවන සහ එම ඇති වන ස්ථානයට අන්ත සහ අසාමාන්‍ය බලපෑම් ඇති කරන උපද්‍රවයකි.තාප තරංග ඉතා දුර්ලබ වන අතර, ඒවා ඇති වීම සඳහා උෂ්ණත්ව විපර්යාස,කාටා උෂ්ණත්වමාන සුළං හෝ අනෙකුත් සංසිද්දී වැනි විශේෂ කාලගුණ සිදුවීම් වල සංයුතියක් අවශ්‍ය වේ. මානව ප්‍රේරණ කාලගුණ උෂ්ණතව වැඩිවීම් හෝ stadial සිදුවීම් (අයිස් යුගයේ ග්ලැසියර වීමට විරුද්ධ සිදුවීම් ) හේතුවෙන් ගෝලීය උණුසුම්වීම ඇතිවන දිගු කාලින සිදුවීම් සඳහා ද හැකියාව ඇත.  

සුළි කුණාටුව[සංස්කරණය]

Hurricane Katrina

සුළි , නිවර්තන සුළි කුණාටු , සහ ටයිපුන් යනු මෙම සංසිද්දිය සඳහා යෙදෙන තවත් නම් වන අතර,  ඒවා සාගරය පුරා නිර්මාණය වන සුළි කුණාටු පද්දතියක් වේ.එය ඇතිවන්නේ සාගරයෙන් වාෂ්ප වන ජලය කුණාටුවක් බවට පත්වීමෙන්ය.කොරියෝලිස් ආචරණ හේතුකොටගෙන කුණාටුවක් පැයට මීටර් 74 (119 km/h) වේගයෙන් කැරකිම්ට ලක්වේ.මෙමෙ සිදුවීම සඳහා අත්ලංතික් සහ නැගෙනහිර පැසිෆික් සාගර වල සුළි ලෙස භාවිත වන අතර, ඉන්දියානු සාගරයේ නිවර්තන සුළි කුණාටු ලෙස ද , බටහිර පැසිෆික් සාගරයේ ටයිපුන් ලෙස ද භාවිත වේ.

අයිස් කුණාටු[සංස්කරණය]

වායුගොලිය තත්වයන් නිසා අයිස් පතනය වීමේ කාලගුණ සිදුවීමක් ලෙස අයිස් කුණාටු හැඳින්විය හැක.එය හානි ඇති කරයි.

ටෝනාඩෝ[සංස්කරණය]

ටෝනාඩෝ යනු අකුණු කුණාටු හේතුවෙන් ඇතිවන ස්වභාවක ආපදාවක් වේ. ටෝනාඩෝ ඉතා දරුණු වන අතර 50 mph (80 km/h) සහ 300 mph (480 km/h ) , සහ ඊට වැඩ වැඩි වේගයකින් වුවද හමා යයි. ටෝනාඩෝ වරකට එකක් හෝ supercells හා බැඳුනු විශාල ටෝනාඩෝ අවදානම් කලාප ලෙස  හෝ අකුණු කුණාටු ඇති වන විශාල ප්‍රදශ වල ඇති විය හැක.දිය ගොබ වලාවන් ද අඩු වැසි තත්ත්ව යටතේ නිවර්තන ජලය මත ඇති වන ටෝනාඩෝ වේ.

කාලගුණ වෙනස්වීම්[සංස්කරණය]

කාලගුණ වෙනස්වීම් යනු අනෙකුත් කාලගුණික උපද්‍රව වල අවදානම අඩු හෝ වැඩි වීමට බලපාන දිගු කාලින උපද්‍රවයක් වන අතර සාගර ජල මට්ටම වැඩි වීම හේතුවෙන් දේපොළ අන්තරාවට පත් වේ. එමෙන්ම වාසස්ථාන හානිය නිසා ජෛව වස්තුනට ද උපද්‍රව ඇති කරයි.

අප සුර්ය කුණාටු[සංස්කරණය]

අප සුර්ය කුණාටු මගින්  තාක්ෂණික යටිතල ව්‍යුහ කඩා බිඳ දැමීම හෝ හානි වීම සිදු විය හැකි අතර magnetoception.සහිත විශේෂ අවමංගත වේ.

දිය ගොබ වලාව[සංස්කරණය]

ජලය මත ඇති වන ටෝනාඩෝවකි. Water spout   බලන්න. ශ්‍රී ලංකාවේ දැනට එවැන්නක් ඇති වී නැත

ගංවතුර[සංස්කරණය]

ගංවතුරක් යනු වැවක් වැනි ජල ශරීරයක ජලය සාමාන්‍ය සිමාවට වඩා පිටාර යාම හෝ ගොඩබිම ප්‍රදේශ මත ජලය එකතු වී තිබිමයි.

ලැව්ගිනි[සංස්කරණය]

ලැව්ගිනි යනු සැලසුම් නොකළ හා පාලනය කල නොහැකි ලෙස ඇතිවන ගින්නකි. ලැව්ගිනි ඇතිවීම සඳහා අකුණු සැර වැනි ස්වභාවික සිදුවීම් මෙන්ම මානව ක්‍රියාකාරකම් ද  බලපානු ඇත

රෝග[සංස්කරණය]

රෝග යනු නාගරීකරණය, අඩු සනීපාරක්ෂක පහසුකම් වැනි මානව සාධක නිසා ඇති වන ස්වභාවික උපද්‍රවයක් වේ. මිනිසුන් විශාල ප්‍රමාණයකට වැළඳෙන රෝග වසංගත හෝ රෝග පැතිරීමක් ලෙස හැඳින්විය හැකිය.

සමහර අවස්ථාවලදී රෝග වලට එරහිව කෘත්‍රිමව පවතින ප්‍රතිජීවක ප්‍රතිරෝදය වැනි ආරක්ෂක ක්‍රම අසාර්ථක වීමෙද අවදානමක් පවතී.

බහු-අවදානම් විශ්ලේෂණය[සංස්කරණය]

ඉහත සඳහන් කල සෑම ස්වභාවික උපද්‍රවයක්ම අවකාශය හා ඒවා ඇති වන කාලය, උපද්‍රව සංඛ්‍යාතය , ආපසු ඇතිවීම ,තීව්රතාවය සහ බලපෑම වැනි කරුණු මත විවිධ වෙනස් ලක්ෂණ සහිත වේ.  මෙම සංකීර්ණතා ,  "තනි-අවදානමක්" ඇගයීම සාමාන්‍ය කරන අතර  එක් සුවිශේෂී අවදානම්  වර්ගයක අවදානමක් ඇති වීම සඳහා බලපායි.  මේ උදාහරණ වල උවදුරු බොහෝ විට හුදෙකලා හෝ ස්වාධීන ලෙස සලකනු ලැබේ. සියළුම ස්වාභාවික උපද්‍රව සහ ඒවායේ අන්තර් ක්‍රියාවන්  හෝ අන්තර්සම්බන්දතා හඳුනාගැනීමේ  "බහු අවදානම" මේ සඳහා විකල්පයක් වේ.

එක ස්වභාවික උපද්‍රවයක් පුරණය වන හෝ එකක් හෝ ඊට වැඩි ස්වභාවික උපද්‍රව සඳහා සම්භාවිතා ව වැඩි කරන බොහෝ උදාහරණ  පවතී. උදහරණයක් ලෙස භූමිකම්පාවකින් නාය යමක් පුරණය විය හැකි අතර ලැව්ගින්නක් මගින් අනාගතයේදී ඇති විය හැකි නා ය යාමක සම්භාවිතාවය වැඩි කරයි.ඇතිවිය හැකි සහ අවකාශීය වැදගත්කමක් ඇති ස්වභාවික උපද්‍රව 21 පුරා විස්තරාත්මක සමාලෝචනයකින්   එවැනි අන්තර්ක්‍රියා 90  හඳුනා ගෙන  ඇත.මෙම ස්වභාවික උපද්‍රව සහ anthropic ක්‍රියාවලිය අතර ද අන්තර්ක්‍රියා පවතී.උදාහරණයක් ලෙස  භූගත ජල වියුක්තීකරණය භූගත ජලය හා සම්බන්ධ ගිලා බැසීම් ඇති විය  හැක.

ඕනෑම ප්‍රදේශයක  ඵලදායී අවදානමක් විශ්ලේෂණය කිරීම සඳහා  (උදා, ආපදා අවදානම අවම කිරීමේ කාර්යය සඳහා) ඉතා මැනවින් අදාළ සියලු උවදුරු හා ඒවායේ අන්තර් ක්‍රියාවන්  පිළිබඳ විමර්ෂණයක් ඇතුළත් විය යුතුය.

ජාත්‍යන්තර ව්‍යාපාර[සංස්කරණය]

වර්ෂ 2000 දී, එක්සත් ජාතීන් අන්තරායේ සැබෑ හේතු ආමන්ත්‍රණය  කිරීමට හා සෑම උවදුරකින්ම ඇති විය හැකි මානව, ආර්ථික සහ පාරිසරික හානි අවම කිරීමේ අරමුණ සහිතව ආපදා අවදානම් අවම කිරීමේ වැදගත්කම වැඩි කිරීම සඳහා තිරසාර දියුණු කිරීමේ අනිවාර්ය උපාංගයක් ලෙස  ආපදාවන්ට ප්‍රත්‍යස්ථ ප්‍රජාවක් ඇති කිරීමට ජාත්‍යන්තර  පූර්ව අනතුරු ඇඟවීමේ වැඩ සටහන දියත් කරන ලදී (UNISDR, 2000).  2006-2007 එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ආපදා අවම දිනයේ තේමාව "ආපදා අවම කිරීමේ අධ්‍යාපනය පාසලෙන් ආරම්භ වේ " යන්නයි. රාජ්‍ය ආරක්ෂාව සඳහා වෘත්තිකයන්ගේ පදනම,සියලු දෙනාටම තමන්ගේ මතය ඉදිරිපත් කිරීම සඳහා "ආපදා අවදානම අවම කිරීමේ අධ්‍යාපනය පාසලේ අරඹයි" යනුවෙන් ජාත්‍යන්තර  විවෘත රචනා හෝ ලිඛිත තරඟයක් පවත්වන ලදී.  

මෙයද බලන්න[සංස්කරණය]

  • Act of God
  • Risks to civilization, humans and planet Earth
  • List of environmental disasters
  • Ten Threats identified by the United Nations
  • Emergency management
  • Civil defense
  • Disaster relief
  • Disaster risk reduction
  • Standardized Natural Hazards Disclosure Statement
  • Social vulnerability

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ස්වාභාවික_උපද්‍රව&oldid=436691" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි