හෙන්රි ස්ටීල් ඕල්කට්

විකිපීඩියා වෙතින්
හෙන්රි ස්ටීල් ඕල්කට්
ක'නල් හෙන්රි ස්ටීල් ඕල්කට්
දේශීය නම
හෙන්රි ස්ටීල් ඕල්කට්
උපත02 අගෝස්තු 1832
මිය යාම17 පෙබරවාරි 1907 (aged 74)
ජාතිකත්වයඅමෙරිකානු
අධ්‍යාපනයCity College of New York
Columbia University
රැකියාවහමුදා නිලධාරී
Journalist
Lawyer
සංගණ්‍ය වන්නේRevival of Buddhism
Theosophical Society
American Civil War
කලත්‍රයා(යන්)Mary Epplee Morgan
ආගමබුද්ධාගම

කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් (2 අගෝස්තු 1832 - 17 පෙබරවාරි 1907) ඇමෙරිකානු හමුදා නිලධාරියෙකු, මාධ්යවේදී, නීතිඥ හා සම-නිර්මාතෘ සහ පරමවිඥානාර්ථ සමිතියේ පළමු සභාපති විය.

ඕල්කට් යුරෝපීය සම්භවයක් සහිත පළමු සුප්‍රසිද්ද ඇමරිකානු විය. පරමවිඥානාර්ථ බෞද්ධ සමිති‍ය පිහිටුවීම ඇතුළු ඕල්කට්තුමාගේ ආරම්භක කටයුතුවලට පරිවර්තකයා වශයෙන් පමණක් නොව හැකි සෑම ආකාරයකින් ම තරුණ ධර්මපාල සහයෝගය දී ඇත, ඔහුගේ පසුකාලීන ක්රියාවන් බුදු දහම අධ්යයනය පුනරුදයක් නිර්මාණය විය. බටහිරකරණය කාචය හරහා බුදු දහම අර්ථ නිරූපණයට දැරූ ඔහුගේ උත්සාහයන් නිසා ඔහු බුද්ධාගම නවීන කල තැනැත්තෙකු යයි සැලකේ.

ඕල්කට්තුමා ශ්‍රී ලංකාවේ බුදු දහම ප්රධාන පුනර්ජීවන වූ අතර ඔහු තවමත් මෙම ප්රයත්නයන් සඳහා ශ්‍රී ලංකාව තුළ ගෞරවාදරයට පාත්ර වේ. ඕල්කට් ශ්‍රී ලාංකිකයන් "අපේ ස්වාධීනත්වය හා වර්තමාන, ආගමික, ජාතික හා සංස්කෘතික පුනර්ජීවනය පුරෝගාමී වූ අරගලය තුල වීරයෙකු" විසින් කැඳවා තිබේ.

‘උරහිස දක්වා වැටෙන සේ කොටුකර කපන ලද තඹවන් කේෂ කලාපයකින් ද, පුළුල් නළල් තලයෙන් හා උස්වූ නාසයකින්ද, මුහුණ පුරා දික්ව වැඩුණු වටා පතක් වැනි රන්වන් රැවුලකින්ද, ප්‍රමාණවත් ආරෝහ පරිණාහයෙන්ද, ගැඹුරු නිර්භීත කටහඬින් හා තියුණු නේත්‍ර යුග්මයකින්ද හෙබි ඒ ඇමරිකානු ජාතික දර්ශනවාදියා දුටු හැම කෙනෙක්ම ඔහුට වශී වූහ.‘(පූජිත ජීවිත දෙවැනි වෙළුමෙන් උපුටා ගත්තකි)

පණ්ඩිත ගණේගම සරණංකර හිමිපාණන් ලියූ මේ හැඳින්වීමේ වාක්‍ය කියවීමෙන් අප සැමගේ මතකයට එන්නේ අන් කවරක් හෝ නොව අද ( 17 දා) දින 112 වැනි ගුණ සමරුවෙන් පිදුම් ලබන සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමා පිළිබඳවය. එතුමා සකල ලෝක බෞද්ධ ජනතාවට හා විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාවට සුවිශේෂි සෙවයක් ඉටු කළ පිදුම් ලැබිය යුතු යුග පුරුෂයෙකි. මෙම යුග පුරුෂයා අප ගෞරවයෙන් සමරන්නේ දිගු කලක් උදාසීනව නිදා සිටි ජාතියක් අවධි කළ උදාර සෙන්පතියකු ලෙසත්, සම්බුද්ධ සාසනයට හිමි නිසි තැන ලබා දෙන්නට සටන් කළ පුරෝගාමියා ලෙසත් ය. වර්ෂ 1885 දී වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දින රජයේ නිවාඩු දිනයක් බවට පත් කරන්නටත්, එකල පැවැති යටත් විජිත රජය පෙළඹවූ ප්‍රතිසංස්කරණවාදියා ලෙසත්, වර්තමානයේ ලෝකයේ ප්‍රසිද්ධත්වයට පත්ව ඇති බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා ලෙසත්, ආනන්ද, නාලන්දා, මලියදේව, ධර්මපාල, ධර්මරාජ, ගාල්ල මහින්ද, විශාකා, මියුසියස් වැනි බොදු ජාතික විද්‍යා පීඨවල සමාරම්භයකයා ලෙසත් එතුමා කළ සේවය ප්‍රශංසනීයය.

ඕල්කොට්තුමා ඇමරිකානු ජාතිකයෙකි. එහෙත් මෙතුමාගේ පෙළපත ගැන සඳහන් කරන විට එතුමාගේ දෙමවුපියෝ එංගලන්තයේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූවෝ වෙති. සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙස මේ පින්වන්ත කුමාරයා මෙළොව එළිය දුටුවේ ක්‍රි.ව 1832 අගෝස්තු මස 2 වැනිදා ය.

ඇමරිකාවේ සිවිල් යුද්ධයේදි මනා ලෙස යුද කටයුතු කිරීම නිසා කර්නල් පදවියද රජයෙන් පිරිනමනු ලැබීය. ඔහුගේ නිර්භිතකමත් , තියුණු නුවණත් ගැන අවබෝධ කරගත් රජය නාවික හමුදාවේ තිබූ සියලු දූෂණ සොයා බලා වගකිව යුත්තන් නීතියේ රැහැනට ගෙන ඒමේ කටයුතු මොහුට පවරන ලදී. එයද මනා ලෙස ඉටුකළ මෙතුමා කලක් නීතීඥවරයෙකු ලෙසද සේවය කළේය.

උපතින්ම කිතු බැතිමතෙකු වු මෙතුමා හට ඇමරිකාවේදි එදා ලක්දිව මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ පාණදුරාවාදය ගැන ලියවුණු පත්‍රිකාවක් කියවීමට ලැබුණි. මෙතෙක් ලෝකයේ සත්‍ය සොයමින් සිටි මෙතුමන්ට නිර්මල බුදු දහම තුළ ගැබ්ව තිබූ දර්ශනය දැක එම දහම වඩ වඩාත් ගවේෂණය කළේය. මෙහි ප්‍රතිඵලය වූයේ 1880 මැයි මස 17වැනි දින හෙලේනා පී බ්ලෙවෙස්කි මැතිනිය ඇතුළු පිරිසක් සමඟ ගාල්ල වැල්ලවත්තේ විජයානන්ද පිරිවෙනට පැමිණ එහිදී පූජ්‍ය අකිමීමන ධර්මාරාම මහා ස්වාමීන් වහන්සේගෙන් තිසරණ සහිත පංච ශීලය ලබා හදවතින්ම බෞද්ධයෙකු බවට පත්වීමයි.

පූජ්‍ය හික්කඩුවේ ශ්‍රි සුමංගල, පූජ්‍ය මිගෙට්ටුවත්තේ ශ්‍රි ගුණානන්ද, පූජ්‍ය වස්කඩුවේ ශ්‍රි සුභූති ආදි විද්වත් හිමිවරුන්ගේ ඇසුර තුළින් ශ්‍රි ලංකාව් සිංහල බෞද්ධයා වැටි සිටින ප්‍රපාතය දුටු ඕල්කොට්තුමා ඔවුන් එයින් ගොඩ ගැනීමට නම් ස්ථීර එකමුතුවක අවශ්‍යතාවයත්, දීර්ඝ කාලීන එහෙත් කඩිනම් බලවේගයක් ඇති කළ යුතු බවත්, මේ සඳහා අධ්‍යාපනය උපයෝගි කරගෙන බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපනය බෞද්ධ පරිසරයට නැඹුරු කළ යුතු බවත් වටහා ගෙන 1880 ජූනි මස 8 වැනි දින කොළඹ පරම විඥානර්ථ බෞද්ධ සමිතිය පිහිටුවීය.

අනාගත ජාතියක ජීවනාලිය පවතින්නේ වර්තමාන දරුවන්ගේ හැදියාව හා අධ්‍යාපනය මත බව වටහා ගත් මෙතුමා කොළඹ මැලිබන් වීදියේ දෙමහල් ගොඩනැගිල්ලක් මිලට ගෙන පරම විඥාර්ත බෞද්ධ සමාගමේ කාර්යාලය සඳහා යොදා ගත් අතර, පසුව ශිෂ්‍යන් 37 දෙනෙකුගෙන් යුත් ඉංග්‍රීසි පාඨශාලාවක් ඩබ්ලිව්. ලෙට්බීටර් මහතාගේ ප්‍රධානාචාර්ය ධූරයෙන් මෙම ස්ථානයේ ආරම්භ කරන ලදී.

ඉංග්‍රීසි ජාතික ශාස්ත්‍රාචාර්ය ඩබ්ලිව් ලෙට්බීටර් මහතා ක්‍රි.ව 1889 දක්වා නොමිලයේ ඉගැන්වීම් කළ අතර, 1889 න් පසු ප්‍රධානාචාර්ය ධූරයට ඒ.ඊ බුල්ජන්ස් පත්ව ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛයාව වැඩිවන විට ක්‍රි.ව 1895 දි මෙම පාසල මරදානට ගෙන යන ලදි. වත්මන් ආනන්ද විදුහල නමින් බෞද්ධයන්ගේ අග්‍රගණ්‍ය පාඨශාලාව බවට පත්ව ඇත්තේ එදා පිටකොටුව කුඩා ශාලාවක ඕල්කට් තුමාගේ දූරදර්ශි දැක්ම තුළින් පටන් ගත් පාසලයි. සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමාගේ දර්ශනය තව දුරටත් ඉදිරියට ගෙන යමින් තව තවත් පාඨශාලා මහත් බාධක මධ්‍යයේ ආරම්භ කිරීමට කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට හැකිවිය.

ධර්මරාජ විද්‍යාලය පිහිටුවන ලද්දේද ශ්‍රී ලංකාවේ බෞද්ධ පාසල් පිහිටුවීමේ ලා පුරෝගාමී ව කටයුතු කළ බෞද්ධ පරමවිඥානාර්ථ සමාගමේ සමාරම්භකයාද වු හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් ය. බෞද්ධ භික්ෂූන් සහ කතෝලික පියවරුන් අතර 1873දී පැවැත්වුණු පානදුරාවාදයෙහි මුද්‍රණයක් කියැවීමෙන් බුදුදහම කෙරෙහි උපන් ඇල්මෙන් යුතු ව හෙතෙම ලක්දිවට සැපත් විය. ඔහු විසින් පරමවිඥානාර්ථ සමාගමේ ශාඛාවන් පිළිවෙළින් කොළඹ, මහනුවර සහ ගාල්ලේ පිහිටුවන ලදී. මිගෙට්ටුවත්තේ ගුණානන්ද, දොඩන්දූවේ පියරතන, වලානේ ශ්‍රී සිද්ධාර්ථ, රත්ලානේ ධම්මාලෝක වැනි හිමිවරුන්ගේද අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර, මධ්‍යම පළාතේ මුදලිවරයා වූ දොන් අගාරිස් දිවාකර මොහොට්ටිගේ වැනි කැපී පෙනුන ගිහි පුදගලයන්ගේ සහයද මෙහිලා ඔහුට ලැබුණි. ධර්මරාජ විද්‍යාලය පිහිටුවන ලද්දේද ශ්‍රී ලංකාවේ බෞද්ධ පාසල් පිහිටුවීමේ ලා පුරෝගාමී ව කටයුතු කළ බෞද්ධ පරමවිඥානාර්ථ සමාගමේ සමාරම්භකයාද වු හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් ය. බෞද්ධ භික්ෂූන් සහ කතෝලික පියවරුන් අතර 1873දී පැවැත්වුණු පානදුරාවාදයෙහි මුද්‍රණයක් කියැවීමෙන් බුදුදහම කෙරෙහි උපන් ඇල්මෙන් යුතු ව හෙතෙම ලක්දිවට සැපත් විය. ඔහු විසින් පරමවිඥානාර්ථ සමාගමේ ශාඛාවන් පිළිවෙළින් කොළඹ, මහනුවර සහ ගාල්ලේ පිහිටුවන ලදී. මිගෙට්ටුවත්තේ ගුණානන්ද, දොඩන්දූවේ පියරතන, වලානේ ශ්‍රී සිද්ධාර්ථ, රත්ලානේ ධම්මාලෝක වැනි හිමිවරුන්ගේද අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර, මධ්‍යම පළාතේ මුදලිවරයා වූ දොන් අගාරිස් දිවාකර මොහොට්ටිගේ වැනි කැපී පෙනුන ගිහි පුදගලයන්ගේ සහයද මෙහිලා ඔහුට ලැබුණි.

1887දී මහනුවරට පැමිණි ඕල්කට්තුමන් ඉංග්‍රීසි මාධ්‍ය බෞද්ධ පාසලක් පිහිටුවීමට සුමංගල හිමියන්ගේත් එවක මහනුවර මුදලිවරයා ව සිටි ඩී. එම්. අගාරිස්ගේත් සහය පතන ලදී. පැරණි රජමැදුරට මුහුණළා පිහිටි නාථ දේවාලයට යාබද බිම්කඩ විදුහල තැනීමට තෝරාගන්නා ලද නමුත් එහි තිබුණු බෝධි වෘක්ෂය ඊට බාධාවක් විය. එය කපා දැමීම බුදුදහමට නිගරු කිරීමක් ලෙස ඉංග්‍රීසි ආණ්ඩුව සැලකූ අතර අවසර ලබා නොදෙන ලදී. කෙසේනමුත් වඩුගොඩපිටියේ පුංචි කෝරාල එක් රාත්‍රියක එය රහසේ ම කපා ඉවත් කරන ලදී. 

ඉන්පසුව එම බිමෙහි ඉදිකරන ලද ධර්මරාජ විද්‍යාලය 1887 ජුනි 30 වන බ්‍රහස්පතින්දා මහනුවර උසස් බෞද්ධ පාඨශාලාව ( Kandy Buddhist High School ) ලෙස විවෘත කරන ලදී.

වර්තමානයේ දම්රදය මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පවතී

සිංහල බෞද්ධයන්ගේ පිරිහීමට මූලික හේතුව නිසි අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් නොමැති වීම බව ඕල්කට්තුමන් ප්‍රමුඛ පරමවිඥානාර්ථාවිදීන් විසින් හදුනා ගන්නා ලදී. මෙයට හොදම විසදුම ලෙස ඔවුන් දුටුවේ බෞද්ධ අධ්‍යාපන ආයතන පිහිටුවීමයි. ඒ අනුව ධර්මරාජ, ආනන්ද, මලියදේව සහ මහින්ද වැනි පාසල් පිහිටුවන ලදී.

කොළඹ, ආනන්ද, නාලන්දා, ධර්මපාල, කුරුණෑගල මලියදේව, මහනුවර ධර්මරාජ, ගාල්ලේ මහින්ද, කොළඹ විශාකා, මියුසියස්, ගාල්ල සංඝමිත්තා වැනි පාඨශාලාවන් ඇතුළු පාඨශාලා 400 ක් කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ නිර්මාතෘ ඔල්කොට්තුමාගේ දර්ශනයෙන් බිහිවු බව අප සිහිපත් කරන්නේ මහත් ආඩම්බරයෙනි.

මෙතුමා විසින් ආරම්භ කළ සත් ව්‍යාපාරය මල්ඵල ගැන්වී තිබෙනු සියැසින් දැක එයින් අසීමිත ප්‍රිතියට පත් ඕල්කට්තුමා සිය ආචාර්යවරයා වශයෙන් සැලකූ පූජ්‍ය හික්කඩුවේ ශ්‍රි සුමංගල හිමි හමුවේ මෙසේ උදම් ඇණුවේය.

“බිජුවට වපුරන ලදී. ඒවා මහා වෘක්ෂයන් බවට පත්වී මනා සේ ඵල දරයි. මාගේ ආදරණීය ගුරුතුමාණෙනි, අහසේ හෝ පොළොවේ කිසිම බලවේගයකට එය දැන් නවතාලිය නොහැක. එම බීජ මතු මත්තහෙද වැඩෙමින් මහා වෘක්ෂයන් බවට පත්වීඵල දරනු ඇත.“

මෙවන් අනුපමේය යුග මෙහෙවරක් කළ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමා 1907 වර්ෂයේ පෙබරවාරි මස 17 වනි දින පෙරවරුවේ ඉන්දියාවේ අඩියාර්හි පරම විඥානාර්ථ පෙරදිග මූලස්ථානයේදි මෙලොවින් සමු ගත්තේය.

ශාස්ත්‍රපති පණ්ඩිත

ලැගුම්දෙණියේ සුනන්ද හිමි

ඔල්කට්තුමා පිලිබද වැඩිදුර කියවීමට

budusarana/2014/02/06/tmp.asp?ID=fea05 ලිපියට පිවිස‌ෙ න්න..

"https://si.wikipedia.org/w/index.php?title=හෙන්රි_ස්ටීල්_ඕල්කට්&oldid=579542" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි