විකිපීඩියා:ප්‍රවර්ගීකරණය

විකිපීඩියා වෙතින්

මෙම පිටුව සිංහල විකිපීඩියාවේ ප්‍රවර්ගීකරණය කිරීම් සම්බන්ධයෙන් ඇති මාර්ගෝපදේශයන් සමන්විතය. ප්‍රවර්ගීකරණය ක්‍රියාදාමය, කාරක රීතීන් ආදිය ගැනද කරුණු ඇතුළත්ය.


ප්‍රවර්ගීකරණය ක්‍රියාදාමය[සංස්කරණය]

විකිපීඩියාවේ ප්‍රවර්ගීකරණය ක්‍රියාදාමය ගත්කළ එය පැහැදිළි ලෙස අතු බෙදී වෙන් වුනු දැක්විය නොහැකිය. නමුත් එකිනෙක හරහා යමින් එකිනෙක බැඳුණු අතු සහිත ගසකට උපමා කල හැකිය. එනම් එක් ප්‍රවර්ගයක් තව ප්‍රවර්ගයක උප ප්‍රවර්ගයක් වන අවස්ථාවේදීම පළමු කී ප්‍රවර්ගය දෙවැනි කී ප්‍රවර්ගයේ මව් ප්‍රවර්ගයද විය හැකිය. එම නිසා මෙය මෙම ප්‍රවර්ග රුකෙහි ඇති සංකීර්ණ බව අඩු කිරීමට ප්‍රධාන ප්‍රවර්ගයන් කිහිපයක් උසස්ම තලයේ ප්‍රවර්ගයන් ලෙස නම් කර ඇත. ඒවා ප්‍රවර්ගය:පටුන යන පිටුවේ දැක්වේ. අන් සියළුම ප්‍රවර්ගයන් මෙම ප්‍රවර්ගයන්ට පහලින් දැක්විය යුතුය. එම නිසා මෙම ප්‍රවර්ගයන්ට අයත් නොවන අන් සියළුම ප්‍රවර්ගයන්ට අඩුම වශයෙන් එක් උප ප්‍රවර්ගයක් හෝ තිබිය යුතුය.

ප්‍රධාන වශයෙන් ප්‍රවර්ගයන් වර්ග දෙකක් පවතී.

  • මාතෘකා ප්‍රවර්ග
ප්‍රවර්ගය ඒක වචනයෙන් ලියැවෙයි. විකිපීඩියා ලිපියේ මාතෘකාවට සබැඳෙයි. උදාහරණ ලෙස මාතෘකාවට ශ්‍රී ලංකා ලෙස සම්බන්ධ ලිපි ප්‍රවර්ගය:ශ්‍රී ලංකා යන ප්‍රවර්ගයට අයත් වේ.
  • ලැයිස්තු ප්‍රවර්ග

ප්‍රවර්ගය බහු වචනයෙන් ලියැවෙයි. එක් කුලකයට අයත් එනම් එක් ලැයිස්තුවකට අයත් ලිපි හා බැඳෙයි. උදාහරණ ලෙස ප්‍රවර්ගය:නගර සහ ගම්මාන - ශ්‍රී ලංකා යන ප්‍රවර්ගය තුල මාතෘකාව ලෙස ලංකාවේ නගර ඇතුළත් ලිපි එක් වෙයි.