විකිපීඩියා:කෝපි කඩේ (ප්‍රතිපත්ති)/Archive 1

විකිපීඩියා වෙතින්

Catalan Culture Challenge[සංස්කරණය]

I apologize if this message is not in your language. Please help translate it.

The Catalan-speaking world... Want to find out more? From March 16 to April 15 we will organise the Catalan Culture Challenge, a Wikipedia editing contest in which victory will go to those who start and improve the greatest number of articles about 50 key figures of Catalan culture. You can take part by creating or expanding articles on these people in your native language (or any other one you speak). It would be lovely to have you on board. :-)

We look forward to seeing you!

Amical Wikimedia--Kippelboy (talk) 06:02, 16 මාර්තු 2014 (යූටීසී)[reply]

No one needs free knowledge in Esperanto[සංස්කරණය]

There is a current discussion on German Wikipedia on a decision of Asaf Bartov, Head of WMF Grants and Global South Partnerships, Wikimedia Foundation, who rejected a request for funding a proposal from wikipedians from eowiki one year ago with the explanation the existence, cultivation, and growth of the Esperanto Wikipedia does not advance our educational mission. No one needs free knowledge in Esperanto. On meta there has also started a discussion about that decision. --Holder (talk) 10:47, 5 මැයි 2014 (යූටීසී)[reply]

Help for translate[සංස්කරණය]

Hello and sorry for writing in English. Can anyone help me translate a small article (2 paragraphs) from English to your language and create the article in your wiki? Please, fell free to answer in my talk page in your wiki anytime. Thanks! Xaris333 (talk) 02:30, 13 අගෝස්තු 2014 (යූටීසී)[reply]

English Redirects[සංස්කරණය]

I personally believe it's nice to have redirect pages with English title for our normal pages. Since we are still halfway to maturity with regard the technology that can help most of us when trying to locate articles. What do you think about this? --Lee (talk) 16:37, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

ඔව්. මේක ගැන මමත් හිතුවා. මෙන්න මේ වගේ අවස්ථාවක් හිතන්න. පරිශීලකයෙක් විකියට එනවා සිංහල ටයිප් කරන්න බෑ. නමුත් පරිගණකයට සිංහල ස්ථාපිත කරලා තියෙන්නේ. දැන් මෙයාට සිංහල අකුරු කියවන්න පුලුවන්. නමුත් විකියේ සෙවීමක් කරනකොට පොඩි ප්‍රශ්ණයක් එනවා ටයිප් කරන්න බැරි හින්දා. නමුත් එයාට පුලුවන් මෙහෙම කරන්න. Sri Lanka කියලා සෙවීමක් කරන්න. අපි විකියේ ලිපියක් හදනවා Sri Lanka ලෙස මාතෘකාව දාලා. ඒක යළි යොමු කරනවා ශ්‍රී ලංකාව කියන ලිපියට. දැනටමත් ලිපි බොහෝමයක් තියෙනවා මෙහෙම හදපුවා. මම කැමැතියි මේ වැඩේට. අනිත් අය මොකද කියන්නේ? -- බිඟුවා සාකච්ඡාව 06:53, 3 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
කවුරුවත් සද්ද නෑනේ. තව කරුණක් එක් කරන්න තියෙනවා. අපි ඉංග්‍රීසියෙන් ලිපි පරිවර්ථනය කරනකොට හරියමට තේරුම දෙන වචනය හමබ නොවෙන්න පුලුවන්. ඒ කියන්නේ අපි ඒ වචනයට සිංහල වචන් කිහිපයක් භාවිතා වෙන්න පුලුවන්. නැත්නම් නියම තේරුම භාවිතා නොකොට වෙනම වචනයක් කතා කිරීමේදී භාවිතා වෙන්න පුලුවන්. එතකොට පරිශීලකයාට මේ කියන ඉංග්‍රීසි නැවත යොමු කිරීම උදව්වක් වෙනවා එයා ඉංග්‍රීසි වචනය දන්නවානම්. -- බිඟුවා සාකච්ඡාව 02:31, 6 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
පරිගණකයේ සිංහල ඇතත්,නැතත් විකියට ආවම Install Sinhala Fonts කියන පණිවිඩය ලැබෙනවා නේද? අනික සිංහල යතුරුකරණය දන්නෙ නැති අයට සිංග්ලිෂ් ශ්‍රිතය ‍විකියට එක් කරන්න කියලත් මම Leeට කිව්‍වා. ඉදින් තවදුරටත් ඉංග්‍රීසි මාතෘකා තියාගන්න ඕන නෑ නේද?--තඹරු විජේසේකර සාකච්ඡාව 04:18, 6 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
හැම තැනදීම ඉංග්‍රීසි redirects අවශ්‍ය වන්නේ නැහැ. උදා. කව්රුවත් Morathiha ඉංග්‍රීසියෙන් search කරන එකක් නැහැනේ. ඒ ඒ අවස්තාව අනුව පමණක් තියාගත්තොත් සුදුසුයි.--Chanaka L (talk) 05:44, 6 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
නෑ තඹරු, ඒක හරි යන්නේ නෑ. මොකද මේ ප්‍රශ්නය ගැන Singhalawap ජිම්බෝ එක්ක කතා කරලා තිබ්බා. අපිට උපතින්ම සිංහල සපෝට් කරන වින්ඩෝස් ඕනෑ කියන එක. අලුත්ම එකෙත් පොඩි බග් එකක් තියෙනවා. මේ ගැන ජිම්බෝ "බිල් ග්‍රේට්ස්" එක්ක මේ අවුරුද්ද අන්තිමේදී කතා කරන බවත් කියලා තියෙනවා. ඒක ඉතින් කවදා කෙරෙයිද දන්නේ නෑ. තවම ගොඩාක් අය භාවිතා කරන්නේ windows XP. ඉතින් ඒක හින්දා අපිට සිද්ද වෙනවා සිංහල install කරන්න. නියම ඕනෑකම තියෙන කෙනෙක් ආවොත් සිංහල දාගෙන කියවන්න ලියන්න ගනීවි. නමුත් අපි පරිශීලකයින්ට පහසු වෙන්න කටයුතු කරන්න ඕනෑ. user-friendly නැති උනාම පරිශීලකයින් භාවිතයෙන් ඈත් වෙනවා. අපි මේ කරන උත්සාහයේ නියම ප්‍රයෝජනය ගන්න එන කෙනාට පහසුවෙන් සොයා ගන්න,කියවන්න මං පෙත් හදන්න ඕනෑ. මේ යළි යොමුකිරීම් තිබුනා කියලා විකිය කැත වෙන්නේ නෑනේ. Chanakal, ඔබ හරි. හැම එකටම ඕනෑ නෑ. නමුත් තිබ්බට කමකුත් නෑ නේද? (වෙන කරන්න වැඩක් ඇත්තෙම නැත්නම් කෙනෙක්ට පුලුවන් ඔය වැඩේ කරන්න ඔය එක එක්කෙනාගේ වැරදි හොය හොය ඉන්නේ නැතුව) -- බිඟුවා සාකච්ඡාව 08:48, 6 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
කමක් නෑ කියල අනවශ්‍ය ඒවා තියන් හිටියොත්, delete ප්‍රවර්ගයට එකතු වී ඇති ලිපි ගොන්න කන්දක් තරමට විශාල වෙයි. දැනට නියමිත වැඩේ දැන්ම ඉවර කරොත් කාටත් පහසුයි. වැදගත් ස්ථාන නාම, සිංහලෙන් වඩා නුහුරු තාක්ෂණ වචන උදා. GPRS වගේ හැරෙන්න අනෙක්වා මකන වනම් හොඳයි--Chanaka L (talk) 11:24, 6 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
දෙමළ, හින්දි, උර්දු වගේ අපේ කලාපයේ භාෂා වලටත් මේ ප්‍රශ්නයම තියෙන්න ඇති. ඒ ගොල්ල මොකද කලේ කියල ඒ විකිපීඩියා බැලුවොත් හොඳයි කියල මම හිතනව. හැකිතාක් සිංහලකරණය වූ විකිපීඩියාවකට මම කැමතියි. අප ආකර්ෂණය කරන්න ඕන ඉංග්‍රීසි බැරි සිංහල පුළුවන් අයව මිස අනෙත් පැත්තට නොවෙයි කියලත් මට හිතෙනව. --චතුනි අලහප්පෙරුම (talk) 13:16, 6 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
ඉංග්‍රීසි විකිපීඩියාවෙත් වෙනස් භාෂා redirects තියෙනවා. ඒ නිසා මම හිතනවා අපි මේවා මකන්න ඔනෙ නෑ කියල. From now on redirect pages in English text unless there is another valid reason, will not be accepted as Candidates for speedy deletion, therefore should not be tagged for speedy deletion. --Lee (talk) 04:51, 11 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
Yes redirects with English titles is good.Because,
(1) People may face with situations where they cannot find a sinhala keyboard or a sinhala transliteration engine,
(2) People may find it impossible to find the exact sinhala word for what they are searching for (for and example take Nano technology, the sinhala word for nano is "නිනිති" and how many people know that?)
(3) Even if the Sinhala name is known it might be forgotten by the user
(4) MOST words/terms in the field of Science are English therefore it would be much easier to find these in Sinhala wikipedia if there are English re directs
(5) All the scientific names of living things are in English therefore much easier to find the common name via the scientific name (which I believe would be through a re direct as well)And there may be more reasons as well.These are what I see.
So I see no reason in deleting redirects with English titles. --Shane44 (talk) 05:44, 19 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
ඔව් මේක ඇත්තටම හොඳ අදහසක්. නව ලිපියක් නිර්මාණය කල විට මෙන්ම පවතින ලිපි සඳහාද ඉංග්‍රීසි නැවත යොමුකිරීම් යෙදීම වැදගත් වනු ඇති. තවමත් අප අතර සිංහල යතුරු ලියනය කල නොහැකි/නොකරන/එය කෙසේ කල හැකිදැයි හඳුනා නොගත් පරිශීලකයන් සිටින බැවිනි.--Randeerjayasekara (talk) 17:51, 19 ඔක්තොම්බර් 2014 (යූටීසී)

මේ වාගේ හොද අදහස් ක්‍රියාත්මක කරමු. සමහර 'මකන්ඩම දගලන' අයට ඊට වඩා වැදගත් 'මැරෙනකොටත් මතක්වෙන' අපායට නොයන නව ලිපි ලිවීම, සංස්කරණය වැනි යහපතෙහි යෙදීමට දෙවියන්ගේ මගපෙන්වීම ලැබේවා.--raju (talk) 06:44, 17 ජනවාරි 2015 (යූටීසී)[reply]

අප කලාපයේ අනෙකුත් භාෂා වල විකිපීඩියාවන්හී මෙවැනි දේ භාවිතා වෙනවාද? --- Shwetha (talk) 07:04, 17 ජනවාරි 2015 (යූටීසී)[reply]

ලිපි ශීර්ෂ මකා දැමීම[සංස්කරණය]

සිංහල විකිපීඩියාවේ, ලිපියේ මාතෘකාව ඉංග්‍රීසියෙන් ලියා ඇති සහ එය පසුව සිංහල ලිපියකට හරවා යවා ඇති අවස්ථා දකින්නට ලැබෙනවා. උදාහරණයක් ලෙස Eye --> ඇස වෙත හරවා යවා ඇත. මෙලෙස ඇති පිටුවල මකා දැමීමට යෝජිතය ලෙස නම් කර ඇත.

  • මෙවැනි පිටු මකා දැමිය යුතුයිද ?
  • තිබෙන ආකාරයෙන් තිබිය යුතුද?
  • වෙනස්ක් කළ යුතුද?

--asiri (talk) 13:04, 18 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

නැවත යොමු කිරීම් තිබීම ගැටලුවක් ලෙස පෙනෙන්නේ නෑ. නැවත යොමුකිරීම නිවැරදිව ක්‍රියාත්මක වීම පිණිස {{මකන්න}} ටැගය ගලවා දමමු. (මීට කලින් මාතෘකාවේදී මේ ගැන නේද අපි කතා කලේ.) අනවශ්‍ය යොමු කිරීම් මකා දැමීම ගැටලුවක් නෙමෙයි. සමහර ලිපි, සබැඳි ලිපි ගැන නොසිතා මකන්නට යෝජනා කර ඇති බැවින් ප්‍රවේශමෙන් මැකිය යුතු බව මතක් කරන්නත් කැමතියි. -- බිඟුවා සාකච්ඡාව 14:20, 18 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
මෙතන මෙහෙම දෙයකුත් තියෙනවා. සිංහල හෝ ඉංග්‍රීසි හෝ අනියම් මාතෘකා වලින් නිවැරැදි මාතෘකා වලට යන්නාවූ ආකාරයට (දිශාවට) සැමවිටම යළි යොමු වීම වැදගත් යැයි සිතෙනවා. මොකද සමහර දේවල් වලට ලිපියේ නම භාවිතා කරනවා. එතකොට වැරැදි සිංහල මාතෘකාවක් සහිත ලිපිය පළමුව පැමිණි නිසා නියම හා නිවැරැදි මාතෘකාව එම වැරැදි මාතෘකා සහිත ලිපියට යළියොමු කලහොත් එය නිවැරැදි දේ නොවන බවයි මගේ අදහස. මේ ගැන කතා බහ කලොත් අගෙයි. ස්තූතියි. -- Srimalpunchi (talk) 14:37, 18 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
ඔව්, බිඟුවා කිවුව විදිහට මැකිය යුතුය කියා තිබෙන ටැග් ගලවා හරවා යැවීම කළ හැකිය. ඒක කාලයක් ගත්තත්, වටිනා වැඩක්. සමහරුන් පිටුව හිස් කර මැකිය යුතුය කියා ටැග් කර ඇති අවස්ථා තිබුනා. මීට කලිනුත් මට බිඟුවා මතක් කළා.ස්තූතියි! ශ්‍රීමාල් පැවසන දේ හරි. මේ වැඩේ පරිස්සමෙන් කළ යුතුයි. උදාහරණ කීපයක් පෙන්වන්නම්, ඒ වගේම අදහස් කීපයක් යෝජනා කරන්නම්. කොහොම හරි, අපි මේ පිළිබඳ සම්මතයකට ආවොත්. අපිට අනාගතයේ වැඩ පහසුවෙයි.

පිටු නෙමකා සිදු කරණ හරවා යැවීම් ( ඉංග්‍රීසියෙන් මාතෘකාව ඇති)

  • රටක, ප්‍රසිද්ධ නගරක නමක් ඇති විට ( Japan --> ජපානය, Tokyo --> ටෝකියෝ)
  • ප්‍රසිද්ධ පුද්ගලයකුගේ නමක් ඇති විට( Barack Obama --> බැරක් ඔබාමා)
  • තාක්ෂණික හෝ විද්‍යාත්මක වචන හෝ නාමකරණ ඇතිවිට ( Ubuntu --> උබුන්ටු, Linux --> ලිනක්ස්, Na/ Sodium --> සෝඩියම් -->ලුණු)
  • ....අදහස් එකතු/අඩු කරන්න....

පිටු මකා දැමීම (ඉංග්‍රීසි මාතෘකා ඇති)

  • පලකට නැති Transliteration ( Salalihinya, Durakathanaya) Except valuable & names/ Products
  • හිස් පිටු
  • ....අදහස් එකතු/අඩු කරන්න....—Preceding unsigned comment added by Asiri wiki (talkcontribs) 06:27, 19 සැප්තැම්බර් 2010
I don't agree with the transliterations must be deleted policy. Unless a redirect page contains something weird we shouldn't delete them. We must always make it easy for someone to locate information in our Wikipedia. I may be wrong. But that's my belief. --Lee (talk) 17:27, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

ඒක වචන සහ බහු වචන[සංස්කරණය]

ලිපිවල නම් පැවතිය යුත්තේ කෙසේද? ඒක වචනයෙන්ද නැත්නම් බහු වචනයෙන්ද? මම එක ලිපියක් අභ්‍යාවකාශ ෂටල වෙතට ගෙන ගියා, හැබැයි මට හරියටම sure නෑ හරි නම අභ්‍යාවකාශ ෂටලද නැත්නම් අභ්‍යාවකාශ ෂටලයද කියලා. ඔබේ අදහස් දැනගන්න කැමතියි. --Lee (talk) 14:13, 4 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

ඒක වචන. විශ්වකෝෂ, ශබ්දකෝෂ සම්ප්‍රාදාය එයයි, භාෂාව සිංහල හෝ ඉංග්‍රීසි හෝ උනත්.--Chanaka L (talk) 14:22, 4 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
Article title format මෙන්න මේකයි ඉංග්‍රීසි විකියේ අර්ථ කථනය. මේකේ විදියට නම් ඒකවචන තමා තියෙන්න ඕනෑ. මේ ගැන මම මීට කලින් පරිශීලකයින් කිහිප දෙනෙක් එක්කම සාකච්ඡා කරලා තියෙනවා. අපිට පොඩි ගැටලු වගයක් තියෙනවා සිංහලට එනකොට. දැන් බලන්න bus කියන එක. මේකේ සිංහල වචනය බසයද? බස් එකද? නැත්නම් වඩා ගැලපෙන්නේ නිකම්ම බස් කියන එකද? මේ එක්කම ලිපියේ අන්තර්ගතයත් පොඩ්ඩක් වෙනස් වෙන්න වෙනවා. අපි විකියට ගන්න ඕනෑ වැඩිපුරම සමාජය භාවිතා කරන එක නේද? අනිත් එක සිංහලේ තියෙනවනේ ලියන්න එක විධියකුයි කතාකරන්න එක විධියකුයි. කියන කොට වැඩියෙන්ම කියැවෙන්නේ බස් එක කියලා. නමුත් ලියනකොට බසය නේද යොදා ගන්නේ? සිංහල විකියේ සම්මතය මොකද්ද වෙන්න ඕනෑ කියලා අපි අදහසකට එන්න ඕනෑ. නැත්නම් තව කල් ගියාම තවත් පැටලෙනවා. -- බිඟුවා සාකච්ඡාව 14:52, 4 ඔක්තෝබර්2010 (යූටීසී)
බොහෝ අවස්ථා වලදී සිංහලයේ මූලික වචනය බහු වචනයයි. ඒක වචනය හැදෙන්නෙ බහු වචනය මත.(ඉංග්‍රීසියෙදිනම් සැමවිටම වෙන්නෙ මේකෙ අනික්පැත්ත). [පරිශීලක:බිඟුවා]] ගත් නිදසුන ගත්තොත් 'බස් තමයි විකි ලිපියේ මාතෘකාව වියයුත්තේ. මම කිහිපයක් මතක්කරන්නද? ම්..ම්...ම්...ම්... පොල්, මල්, ශාක, කාර්, කළු ගල්, දිය ඇලි, සපත්තු. මේවගේ ඒක වචනය සිංලෙන් මාතෘකාවකට ගත්තෙත් දෙන්නෙ නිශ්විත එකක් (නිදසුන-ඒක වචනය ගැලපෙන අවස්ථා කීපයක් බලමු. සමනලයා, බල්ලා, ඔසරිය, ගුවන්විදුලිය. ලියාගෙන යද්දි තමයි තේරෙන්නෙ. ලයිස්තු දෙකම දිගයි. දැඩි සම්මතයකට එනන්න බැහැ. අදාල වචනයට වඩාම ගැලපෙන යෙදුම case by case තීරනය කරමු. දෙකම ගැලපෙනව වගේනම් බහු වචනය ගමු. Singhalawap (talk) 18:48, 4 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
මෙහිදී Singhalawap වෙත අනුගාමී වෙමි. මා ද සිතනා පරිදි අප මෙය භාවිතා කළ යුත්තේ අවස්ථානුකූලව බව යි. --තඹරු විජේසේකර සාකච්ඡාව 06:28, 5 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
අපි නිදසුන් කිහිපයක් ගෙන බලමු.
  • අක්ෂර ක්‍රම යන්න යම් දේවල් කණ්ඩායමක් (මෙහිදී අක්ෂර ලියන ආකාර කිහිපයක්) ගැන ලිපියකි. මෙම ලිපියට අක්ෂර ක්‍රමය යැයි නම් තැබුවොත් වැරැදියි. ලිපිය අක්ෂර ක්‍රම කිහිපයක් ගැන මිස අක්ෂර ක්‍රම එකක් ගැන නොවෙයි. මෙයින් පිළිබිඹු වන්නේ යම් දේවල් කණ්ඩායමක් ගැන ලියවෙන ලිපි වල මාතෘකාව බහු වචනයෙන් යෙදිය යුතු බවය. හැබැයි මෙහෙම දෙයක්ද ඇත. ලිපිය අක්ෂර ක්‍රම කිහිපයක් ගැන වුවද, ලිපියෙහි වැදගත්ම කොටස වන හැඳින්වීමෙහි පළමු වාක්‍යයෙහි හැකි පළමු අවස්ථාවෙහිදී සාම්ප්‍රදායික ලෙසින් මාතෘකාව තදකුරු වලින් දැක්වීමේදී අක්ෂර ක්‍රම වනාහී යනුවෙන් නොව අක්ෂර ක්‍රමයක් යනු ලෙසින් ඇරඹී ඇත. ඒ ඒ මාතෘකාවෙහි සැටියට මෙය යෙදෙයි. යම් දේවල් කණ්ඩායමක් ගැන ලියවෙන තවත් ලිපියක් වන උඩරට නැටුම් යන ලිපියෙහි පළමු වාක්‍යයෙහි මාතෘකාව තදකුරු වලින් දැක්වීමේදී උඩරට නැටුම් යනුවෙන් දැක්වේ.
  • නිත්‍ය බහු වචන තිබේ නම් ඒවා ගැන ලිපි වල මාතෘකා බහු වචනයෙන් විය යුතුයි. නිදසුන් ලෙසින් එළවළු වර්ග, කතරගම දෙවියෝ, දැක්විය හැක.
  • මේ හැර අනෙක් බොහෝ සිංහල ලිපි මාතෘකා ඒක වචනයෙන් දැක්විය හැක.
ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කිරීමේදී ප්‍රවේශම් විය යුතුයි. ඉංග්‍රීසි නිත්‍ය බහු වචන සිංහලෙන් ඒක වචන විය හැක. en:scissors යන්න සිංහලෙන් කතුර ලෙසට පරිවර්තනය කල හැක.
පොල් යන්න බහු වචන පදයක් නොවේ. එම ශාකයට කියන නමයි. පොල් ගස, පොල් මල, පොල් ගෙඩිය, පොල් ලෙල්ල, පොල් හනස්ස, පොල් කඳ ආදි වශයෙන් ඒක වචන මාතෘකා භාවිතා කල හැක. මල (හෝ පුෂ්පය), ශාකය (හෝ ගස), කාරය, කළු ගල, දිය ඇල්ල, සපත්තුව යන මාතෘකා නිවැරැදි සිංහල මාතෘකා වන අතර ඒක වචන වෙති. ලංකාවේ දිය ඇලි, කාන්තා සපත්තු, පැරැණි කාර් වර්ග, පතනශීලි ශාක යන මාතෘකාද නිවැරැදි වන අතර ලිපියෙහි අන්තර්ගතය පරිදී බහු වචනයෙන් යෙදිය හැක.
සිංහල භාෂාවේ භාවිතය අනිවාර්යයෙන්ම ඉංග්‍රීසියට ප්‍රතිවිරුද්ධය යන්න මිථ්‍යාවකි. ---චතුනි අලහප්පෙරුම/Chathuni Alahapperuma (talk) 16:10, 5 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

නිවැරදි නම කුමක්ද?[සංස්කරණය]

ඉංග්‍රීසි විකිපීඩියාවේ ඇති Sri Lanka national cricket team ලිපිය සඳහා නිවැරදි සිංහල නම කුමක්ද?

මගේනම් වැඩි කැමැත්ත ඉරිකෑලි, කොමා නොමැති සිංහල වචනයක් භාවිතා වෙනවානම්. අනික් අය මොකද හිතන්නේ? --Lee (talk) 13:55, 11 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

මා ද ඔබට එකඟ වෙමි. මෙහිදී අපට යළි යොමුවක් භාවිතා කළ හැකියි නේද?--තඹරු විජේසේකර සාකච්ඡාව 14:10, 11 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
මෙම කරුණ ගැන අප කතා කළ යුතුමයි. ගොඩාක් තැන්වල මේ විදියට යොදාගෙන තියෙනවා. ශ්‍රී ලංකාවේ... හෝ ශ්‍රී ලංකා... කියලා ලිපියට යොදන එක ගැලපෙනවා කියන එකයි මගේ මතය. මේක පාඩුව වෙන්නේ සෙවීමක් කරන අවස්ථාවකදී. ශ්‍රී කියලා සටහන් කරපු ගමන්ම ලොකු ලිස්ට් එකක් එනවා. නමුත් මාතෘකාව යොදන්න ඕනෑ වැඩි භාවිතය පදනම් කරගෙන නේද? -- බිඟුවා සාකච්ඡාව 14:53, 11 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
ඔව් තඹරු, යළි යොමු භාවිතා කළ හැකියි. හැබයි ලිපිය තිබිය යුත්තේ ගැලපෙන නිවැරදි විශ්වකෝෂ ලිපි නාමයෙන්, යළි යොමුව අනෙක් ඕනෑම ක්‍රමයකට තියෙන්න පුළුවන්. බිඟුවා පෙන්වාදුන් සෙවීමක් කරන විට එන පාඩුවත් එතකොට මගඇරෙනවා නේද?--Lee (talk) 16:32, 12 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]


මම හිතන විදියට ජාතික ක්‍රිකට් කණ්ඩායම - ශ්‍රී ලංකා වැනි අයුරින් ලිපි සිරස මුලින්ම යෙදුවෙ මම. ඒ අවුරුදු ගණනකට කලින්. ඒකට හේතු වුනේ User:බිඟුවා කියපු ශ්‍රී කියලා සටහන් කරපු ගමන්ම ලොකු ලිස්ට් එකක් එන හේතුව. දැනට (බොහෝවිට තවත් අනාදිමත් කාලයකටත්) Si.wiki ලිපි බොහොමයක් ( Felide හදපු ලිපි කෑලි ඇරුනම) ශ්‍රී ලංකාව හෝ සිංහල සම්බන්ධ ලිපි. මේ ගැන ටික කලක් වාද විවාද තිබුනා, ඒත් පස්සේ මෙ ක්‍රමය නිතර භාවිතා උනා. මේ ගැටළුවට Lee කියන යළි යොමුවක් භාවිතය හොඳ විඳුමක්. මම යළි යොමු යෝජනාවට එකඟයි. Singhalawap (talk) 13:43, 16 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

පූසා හෝ බළලා[සංස්කරණය]

මෙලෙස හෝ යෙදූ ලිපි ගැන ඔබේ අදහස කුමක්ද? මගේ අදහස නම් හෝ යන්න ඕනෑ නෑ කියන එකයි. උදාහරණයකට අපි පූසා කියලා ලිපියක් හදලා අනිත් නමට යළි යොමුවක් දාන්න පුලුවන්. නමුත් මෙහිදී ගැටළුව වන්නේ මොකද්ද අපි ප්‍රධාන ලිපිය කර ගන්න ඕනෑ කියන එකයි. පූසාද බළලාද? මොකද්ද ප්‍රතිපත්තිය? වැඩි භාවිතය? ලියන භාෂාව? නිවැරදි වචනය? .... -- බිඟුවා සාකච්ඡාව 15:13, 11 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

බිඟුවා කියන කතාවට මමත් එකඟයි."හෝ", "හෙවත්" වැනි වචන මාතෘකාවක නොතිබිය යුතුයි යන්න මගේ අදහස. අපි ප්‍රමුඛතාවය දිය යුත්තේ නිවැරදි වචනය, ලියන භාෂාව සහ වැඩි භාවිතය යන පිළිවෙළ හොඳයි කියලා මට හිතෙන්නේ. අනික් අය මොකද කියන්නේ?--Lee (talk) 16:04, 11 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
ඔව්. කොහොමත් එක නමක් යටතේ ලිපිය තියෙද්දී අනිකෙන් redirect තියෙන නිසා "හෝ" වගේ යෙදුම් දාන්න ඕනේ නෑ. අනික මම හිතන්නේ නෑ කව්රුවත් "හෝ" "හෙවත්" වගේ වචනත් එක්ක search කරනවා කියල . වචන දෙක වෙන වෙනම search කරනවා මිසක්. නිවැරදි වචනය, ලියන භාෂාව සහ වැඩි භාවිතය පිළිවෙලත් හොඳයි.--Shane44 (talk) 16:18, 11 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]


හෝ දාපු ලිපි නම් මට හොයගන්න බැරි වුනා. බළලා හෙවත් පූසා කියලා එකක් නම් මම හැදුවා. බළලා කියලා search කලත් පූසා කියලා search කලත් බළලා හෙවත් පූසා ලිපියට redirect වෙන්නයි හැදුවෙ. හෙවත් දාපු ලිපි තවන් 1ක් හෝ දෙකක් මම හැදුවා. මට මතක තාත්තා හෙවත් අප්පච්චී විතරයි.

  • නිවැරදි වචනය, ලියන භාෂාව සහ වැඩි භාවිතය සංකල්පයක් විදියට හොඳයි ඒත් ඔය 3 වෙනස් 3ක් උනොත් මොනවද කරන්නෙ.
  • නිවැරදි වචනය කුමක්ද කියලා කවුද අන්තිම තීරනේ දෙන්නෙ.
  • ලියන භාෂාව සහ වැඩි භාවිතය සිංහලේ බොහෝවිට දෙකක්.
  • තාත්තා, අප්පච්චී වගේ එකක වැඩි භාවිතය හොයන්නෙ කොහෙමද? (පිං සිද්ධ වෙයි google search එකේ results count එකෙන් කියන මෝඩ උත්තරේ නං දෙන්න එපා)
  • සිංහලේ මුල හෙල බස. ඒත් පස්සෙ සකු (සංස්කෘත) සහ පාලි වදන් එකතු වෙලා මිශ්‍ර සිංහලක් හැදුනා. ඒත් ඒ වචන බොහෙමයක් රැඳුනේ සාමාන්‍ය මිනිස්සු අතරට නොයන විශයානුබද්ධ පොත්වල. සාමාන්‍ය පොත් වලට ගිය වචන උනත් කතාකරන බසට ආවෙ නැහැ. හෙල හවුලෙ (මුනිදාස කුමාරතුංග, සුන්ල් සාන්ත, අහුබුදු, ආදීන්) අය කොහොමත් ලියන්නෙ කථා කරන හෙල බසින් විතරයි.
  • ලිපි 99.99% කටම තනි වචන රීතිය හරි. ඒත් විශේෂ අවස්ථා තියනවා. ඒ වචන බොහෝවිට බහුල සහ හදවතට සමීප වදන්. වතුර හෙවත් ජලය හොඳ නිදසුනක්.
  • තනි වචනයක් දාන්න ගියොත් Edit conflicts හුඟක් එයි. අනවශ්‍ය ගැටුම් ඇතිවෙයි. දැනට සිංහල විකිපීඩියාවෙ තියන ගැටළු වැඩිත් එක්ක. හිත් රිදීම්, අඩු පාරක් තෝරාගමු.
Singhalawap (talk) 19:09, 11 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
හරි වචනය මොකද්ද කියලා තීරණය ගන්නේ අපිමයි. ඒක නිසා අපිම සාකච්ඡා කරලා අවසාන උත්තරයකට එන්න ඕනෑ. ඒ නිසා තමන්ගේ හිතුමනාපෙට ලිපි ගෙන යන්න එපා. ඉස්සරලා සංවාදයක් අරඹන්න. සමහර දේවල් හරිම පැහැදිළියි ගෙන යන්න ඕනෑ කියලා. නමුත් මේවගේ අවස්ථාවලදී ප්‍රජා සම්මුතියට ඉඩ දෙන්න. බහුතරයට හිස නමන්න. එහෙමයි මේක වෙන්න ඕනෑ නේද? වතුර හෙවත් ජලය ගැන කියනවා නම් අපිට ජලය භාවිතා කරන්න පුලුවන්. ඒකේ ගැටලුවක් තියෙනවනම් සංවාදයක් අරඹන්න තියෙන්නේ. එහෙමයි විකිය ගොඩ නැගෙන්න ඕනෑ කියලා මං හිතන්නේ. තනිමතේට වැඩ කරන්න ගියාමයි කේස් වෙන්නේ. මේකයි මගේ අදහස. -- බිඟුවා සාකච්ඡාව 04:21, 12 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
Agreed with බිඟුවා, Lee, Shane44 but not with Singhalawap. මීමා (talk) 08:52, 12 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
මොකද්ද අවසාන තීරණය? අදහස් දක්වපු බහුතරය හෙවත් ඉවත් කරන්න කැමතියි වගෙයි. -- බිඟුවා සාකච්ඡාව 06:58, 29 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
මගේ අවබොධයට අනුව විකිපීඩියාවෙ අවසන් තීරණ නැහැ. ඔනෑම තිරණයක් ගන්න පුළුවං. පස්සෙ ආයෙ වෙනස් කරන්නත් පුළුවං. අනික අතේ ඇඟිලි ගානටත් අඩු ක්‍රියාකාරීන් ඉන්න වෙලාවක ගන්න තීරණ සැබෑ විකි සමාජයක් ගොඩනැගුනම වලංගු නෑ. රටේ මත බහුතරයකට මෙහි නියෝජනයක් නෑ. තාම වැඩිය කවුරුත් සිංහල විකිපීඩියාව දන්නෙත් නෑ. මමනං ලූලා නැති වලේ කණයෙක් විතරයි. මට අවශ්‍ය මෙතනට නියම ලූල්ලු එන ක්‍රමයක් හදන්න.
බහුතරය විකිපීඩියාවෙ උත්තරීතරය නෙමෙයි. ඉංග්‍රීසි විකියෙ What_Wikipedia_is_not#Wikipedia_is_not_a_democracy කියවන්න.
Singhalawap (talk) 08:55, 30 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
මං කියන්නම් වැඩක් ? අපි මේ නම් දෙකේ ආර්ටිකල් වල නම් මාරු කරන / නොකරන වැඩේ ගැන පස්සේ සාකච්චා කරලා විසඳුමකට එමු. Singhalawapකියන කතාවෙත් ඇත්තක් තියෙනවා. හැමතිස්සෙම බහුතරය හරි නෑ නේ. මේ ආර්ටිකල් මොන නමෙන් සර්ච් කලත් එන නිසා, වැඩේ එච්චර බරපතල තත්වෙක නෑ නේ. අපි මුලින් ෆෙලිඩේ හදල ගිය සබ් ආර්ටිකල් ටික එක්කහු කරලා ඒ වැඩේ ක්ලියර් කරගෙන මේක ගැන කතාකරමුද? එතකොට තව අලුත් පරිශිලකයොත් අපිත් එක්ක ඉඳියි කියල හිතනවා. මේ සමහර මාතෘකා සර්ච් කරලා එන සබ් ආර්ටිකල් ගොන්න දැක්කම මගේ ඔලුවත් එක්ක රිදෙනවා ! කට්ටිය මොකද කියන්නේ ? --Shane44 (talk) 15:26, 30 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

{{UOC}} සම්බන්ධව[සංස්කරණය]

{{UOC}} සම්බන්ධව ගැටලුවක් තිබේ. මෙය භාවිතා කර/ඇතුළත් කර ඇති පිංතූරවල ප්‍රකාශන හිමිකම් ගැන සඳහනක් නොදකිමි. කුමක් කරමුද? බොහො පිංතූර විස්තර නොමැතිව උඩුගත කර ඇත. ප්‍රවර්ගය:කොළඹ විශ්වවිද්‍යාලයය රූප මෙය බලන්න. -- බිඟුවා සාකච්ඡාව</ස්පන්></සුප්>

මෙම ගොනු තුලට {{GFDL}} සැකිල්ල බහා ඇති අතර එය නිවැරදි නොවේ. අපි කුමක් කරමුද? -- බිඟුවා සාකච්ඡාව 04:05, 27 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]